55

ආයෙත් මකුළු දැල් කඩලා එලියට ගමු නේද මේක.....


මේ බ්ලොග් එක ඔයාලට මතකද? අර පිස්සු නටපු සයිබර් සැණකෙලිය ගැන ඔයාලව දැනුවත් කලේ.... ඉතින් මේ බ්ලොග් එක වල් වැදෙන්න දෙන්න හොද නෑ.. එදා සිහිනය සාර්ථකව සැබෑ කරගත්තා වගේම ඔන්න කට්ටිය තවත් සුපිරි වැඩක් දෙන්නයි ලෑස්ති වෙලා ඉන්නේ....


මේක සංවිධානය කරන්නේ අළුත් බ්ලොග් කරුවෝ ටික.. අපි පිටිපස්සෙන් ඉඳන් දිරිය හා උපදෙස් දෙන එක විතරයි කරන්නේ.. ඉතින් අපි කරනවටත් වඩා හොදට මේ වැඩේ සංවිධානය කරන බවක් තමයි පේන්නේ...  


දැන් මොකක්ද මේ කරන්න යන්නේ නේද? තවම කියන්න බෑ කියන්නේ.... ඒත් මම පොඩි ඉඟියක් දෙන්නම්... 2011 දෙසැම්බර් මාසේ 10 වෙනිදා බ්ලොග් ලියන හැමෝම නිදහස්ව තියාගන්න...... එදාට ආයෙත් සුපිරි විනෝදයක් ලබන්නට සෙට් වෙමු... 


විදේශගතව ඉන්න අයට දැනගන්න තමයි මේ දවස කලින් දැම්මේ... ඔන්න ලංකාවට එනවානම් ඒ දවස් වෙද්දි පය තියන්න ලැහැස්ති වෙන්න....
26

සයිබර් සිහින උළෙල පිළිබඳ අදහස් 217 ක්

මතකද ලියාදිංචි වෙනවිට අපි ඇහැව්වා ඔබෙන් මේ පිළිබඳ ඔබේ අදහස..... බලන්න පොඩ්ඩක් ඔබේ අදහසත් පහළ තියනවද කියලා .......


1 hoda wedak
2 very good idea
3 niyama wedak..ela
4 Good collective effort
5 niyama wadak
6 maru
7 බලමු හොඳඳ කියල ඔය කියන තරම් . . . .
8 A Great work
9 gr8 wrk
10 නියම වැඩක්. එල.
11 ela kiyanne kiyala wadak na.., kohoo!!! kohoo!!!
12 සයිබරය එක් කිරිමට ගත් හොඳ උත්සහයක්.සුභ පැතුම්
13 fun wenna hodai.. ;;;;)
14 hodai. fun wenna puluwanne. ;)
15 fun wenna hoda awasthawak kiyala hithanawa.
16 godak hodai
17 hodai
18 hodai
19 hodai kiyala hithanawa..
20 hodai kiyala hithenawaaaa..
21 යාළුවෙකුට :D
22 හොඳ වැඩක් . ඇවිල්ලා සතුටු වෙලා යන අය විතරක් එනවනම් හොඳයි. කාපු පතේ පහරන්න ඉන්නවනම් නොඑන තරමට හොඳයි.
23 It is a good work which is doing for good reason.
24 ela kiri wadak...bonnath dunnoth hodai
25 ela ela..
26 ඉතා වැදගත් අවස්ථාවක්
27 ela wadak
28 fine, gut have to check it
29 ඉතාමත් ඉහළින් අගය කරන අතර සහභාගී වීමට අපේක්ෂා වෙන් පසුවෙමි. මේ සඳහා කැපවී සිටින සහෝදර කැලට ඉත සිතින් සුභ පතමි.
30 Iwara unama kiyannam
31 ඇවිත් බලලම කියන්නං. ;)
32 good
33 maxxa.....great work....
34 its good i hope join and hav a fun
35 මගෙ ඊමේල් එක වැඩ නෑ ලින්ක් එක සහන්ගෙ එකට සෙන්ඩ් කරන්න.
36 sirama siraa...idea ekak..
37 Fun.....Api Aniwa Me Festival Ekata Enawa....
38 Wonderful...Apith Me Festival Ekata Enna Asawen Inne...Thanx...
39 ඉතාමත් හොද වැඩක්.
40 නියමයි
41 එන්න පුලුවන් තරන් try කරනවා
42 Grate Work !
43 this is a great work, thank u all
44 this is a great work, thank u all
45 this is a grea work.thank you all
46 ela.. :D (singlish walin mewwaa kolaata sorry wenta oena.....)
47 මගේ අදහස් මම පිටට නොදෙමි.
48 good
49 "දිලුම් වෙනුවෙන් අපි.." වගේම කට්ටිය එක්ක එකතු වෙලා නොදන්න කට්ටිය අඳුරගන්නත් එපැයි..
50 එළ වැඩක්.අපේ බ්ලොග් ලියන අයියලා අක්කලා අඳුන ගන්න හොඳ චාන්ස් එකක්...සංවිධානය කලාට බොහොම ස්තුතියි.
51 good
52 නියමයි
53 pattama pattayi.......oiiiiii..!!
54 වැඩේ නම් පන්කාදුයි.........
55 Excellent work!
56 awith ma kiyannam
57 හොඳා......................යි. :)
58 maru wadak....
59 අන්තර්ජාලය හරහා එකතු වී සිටින අපේ අයට හොද හමුවක් වේවි ...විශේෂයෙන් බ්ලොග්කරණයේ නියැලී සිටින අය වෙනුවෙන් .......
60 aththatama harima apuru addakeemak.godak kamathie windaganna
61 ගොඩක් හොද වැඩසටහනක් බ්ලොග් සෙට් එකේ එකමුතුව ඇතිකිරීම ඉක්මනින් සිද්දවිය යුතුව තිබුනු අවධියක මෙවැනි කටයුත්තක් සංවිධානය වීම ඉතා අනර්ගයි කියල හිතෙනවා.. සුභපැතුම්..
62 good for fun
63 asa hithenawa balanna
64 niyamai
65 elama kiri wadak tama itin...set eka hamba wenawane tawa monawada...
66 පට්ටම පට්ට නියම අවස්තාවක් වේවි. මගේ පළමු අවස්තාව බ්ලොග් අවකාශයේ වැඩකට එකතු වෙන්ඩ යන, ඉලංදාරියාවත් ඉක්මනටම සුව කරගන්ඩ හැකි වේවා. කියලා ප්‍රාර්ථනා කරනවා.
67 brrrr
68 හොඳ අදහසක්. මේ වගේ උත්සවයක් මං හිතන්නෙ පළමුවෙනි පාරටයි පවත්වන්නෙ මං හිතන්නෙ
69 මම බ්ලොග් කියවන කෙනෙක්. ඇත්තටම හරිම සතුටුයි මම ආස කරන බ්ලොග් ලියන අයව හමුවෙන්න පුලූවන් වෙන එක ගැන.
70 good work and keep going
71 :)
72 සයිබරයේ සාමාජිකයන් මෙසේ එකතුවෙන අවස්ථාවක් සංවිධානය කිරීම ගැන මගේ හද පිරි ස්තූතිය.
73 නියම වැඩක්
74 නියම වැඩකි
75 I'm really happy to participate event like this
76 ඉතා හොදයි
77 නියම වැඩක් අනිවාර්යයෙන්ම එනවා.........
78 එලද බ්‍රා
79 idea is good... have to come and see to give some comments.....
80 නියමයි
81 මැක්සා වැඩක්. මේ වගේ idea 1k ඇතිවුන එකත් ලොකූ දෙයක්
82 හොඳ වැඩසටහනක් වේවි කියා හිතනවා
83 Maru wadak
84 good..we must to help survival our brother...
85 its great event for blogers
86 නියමයි.... නියම වැඩක්.... අපිට එක්වෙන්න හොද අවස්ථාවක්.
87 good
88 ඉතාම හොද වැඩක් අගය කරන්න ඕන වැඩක් මේකෙන් අපේ ඉලන්ධාරියටත් උදව් කරන්න පුළුවන්
89 ශා..... ගොඩාක් හොද වැඩක් කාලෙකට පස්සේ දකින්න හම්බවුනේ.... තාරුණ්‍යටම ගැලපෙන එළ වැඩක් කිව්වනම් නිවරදියි..... සතුටුයි....
90 hmmm....apita kawadamath muhunata muhuna muna nogasunu yaluwao set 1k muna gahaenna puluwan wewi......
91 cyber අවකාශය යෙන්, භූමි අවකාශය වෙත පැමිනීමට දරණ උත්සාහය පිළිබද අවංක ස්තූතිය ....
92 ඉතාමත් හොඳ වැඩක්. කට්ටියගේ සුහදතාව වැඩි කරන්න මේ වගේ වැඩ තමයි කරන්න ඕන. පුටුවල වාඩි වෙලා දේශන ඇහුවට වැඩක් වෙන්නෙ නෑ.
93 niyama samaja sat karayak.
94 ඇවිල්ලම තමයි බලන්න ඕනේ. "බ්ලොග් අවකාශයේ මිතුරෝ" පිටුවෙ ඉන්න කට්ටියගෙ වැඩ බැලුවහමනම් තේරෙන්නෙ නියමෙටම තියේයි කියල.......
95 hondayi =)
96 maxza
97 ‍අදහස් කිව්වේ?? ආ.. දවල් කෑමද ? :D
98 අදහස් දක්වන්න තම තාම දන්නේ නැත්තේ ම්ම්ම්ම්ම්ම්........................ පුලුවන් උපරිම සහය දෙන්න මම එනවා මේක නම් සුපිරිම වැඩක් වෙයි කියලා මට හිතෙනවා.... අම්මරුවෙන් ගලපගෙන ලිව්වේ ජය වේවා...........................!!!
99 කට්ටියවම අදුරගන්න, විනොද වෙන්න හොද දෙයක් කියලා හිතනවා
100 good but must have some restrictions..
101 gud
122 good event
123 I think its very good thing....
124 good work & wish to success this
125 අකුරු වලින් හඳුනාගත් සහෝදරයින් රොත්තක් ඇස් දෙකෙන් දකින්න වාසනාව ලබාදෙන ඔබට ස්තූතියි.
126 ඉතාමත් හොඳයි....ඉලංදාරියා වෙනුවෙන් කළ පෞද්ගලික මුදල් ආධාරයට අමතරව තව තවත් උදව් කිරීමට ලැබෙන බැවින් තවත් සතුටුයි.
127 සිරා වැඩක්. කට්ටියට නිකන් කතා කර කර ඉන්නවට වඩා ආතල් එකක් ගන්න තියෙන නියම චාන්ස් එකක්!
128 Good Task ,Let's See on Location
129 MARUMA WEDAK..
130 එල , සිරා වැඩක්. බ්ලොග් ලියන , කියවන අපි හැමොටම සෙට් වෙන්න බොහොම හොද අවස්තාවක්.
131 හොද වැඩක්..මගෙ සහය නිරතුරුව අපෙ ඉලන්දාරියට
132 maru....
133 its cool
134 හොඳා හොඳා....
135 this is a good work
136 ආතල් ඈ...
137 හොඳ අදහසක්...
138 එළස්..
139 වැඩේ එල ....
140 Let's make an Eco-Friendly event for greater good!
141 new idea., all the best.
142 ජීවිතේ අපිට උදා කර ගත නොහැකි යැයි සිතෙන සිතුවිලි සැබෑ වෙන්නෙ නොසිතූ වෙලාවක... බ්ලොග් ලියන කියවන, සින්ඩි පවත්වාගෙන යන, මූණුපොතේ ජීවත් වෙන, කොටින්ම කියනවනම් අන්තර් ජාලය ජීවිතේ කරගත්ත අපි, මූණට මූණ හම්බෙන්නයි යන්නේ.......
143 මම හිතනවා ගොඩාක් සර්ථක වැඩ පිලිවේලක් වගේම නොදැකපු යාහළුවො සමග ගොඩාක් දේ කතාකිරිමටත්.අපගේ සහායොගි තාවය වර්ධනය කර ගැනිමට පුළුවන.
144 පට්ට ඉතින්.. කියන්න වදන් නැ.
145 අදහස් මෙතන කියන්න ගියොත් උඹලට ලැජ්ජා හිතෙයි..ඒක හින්දා මම ප්‍රයිවෙට් එකේ කියන්නං. හැබැයි පුතෝ මේක දැම්මට මට හරියටම එන්න වෙයිද දන්නේ නැහැ.ඒත් වැරදිලා හරි මට එන්න හම්බ උනොත් තොපි මාව ඇතුලට නොගෙන ඉඳලා..මට තද වෙලා ඔකේ ඉන්න උන් ටික එළියට අරගෙන පාරේ අවුරුදු උත්සව දාන්න මට ඒ හැටි ආසාවක් නැති හින්දා ඕන්න ඔහේ මේක එවනවා.මගේ නම ඉහළින්ම ලිස්ට් එකට දාලා ඌ එන්නේ නැත කියලා ලියලා තියපං....(අඩේ මේක කියවන්නේ මොකාද බං..?)
146 hadhawathin sathutu wana athara sihina bakmaha ulela sarthaka ekak nowanu aethi bawa kathawak pawathiii
147 good
148 Cyber සිහින බක් මහ උලෙල පිලිබද නිවෑරදි තොරතුරක් දෑන ගෑනීමට කෑමති.මේ පිලිබද වෑඩි යමක් මා නොදන්නා නිසා දෑනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි .
149 හොඳයි ..ඇවිල්ලාම බලන්න ඕනේ.
150 නියමම වැඩක්. ඇවිල්ලාම කියන්නම්කෝ ඉතුරු ටික
151 bohoma honda wedak cyber awakashayen mohothakata midi, cyber awakashaye mithuran ek wana welawak agei.
152 Good work
153 hoda wedak
154 මක්කක් දොඩඩන්නද මන්දා........
155 Ela wedak.
156 හොද වැඩක්.. අපිටත් කරන්න පුලුවන් උදව්වක් කරන්නම්. සවුන්ඩ් කරන්න කෙනෙක් තාම නැත්තම් කියන්න.. උදව් කරන්නම්.!
157 මොනා කියන්නද ආයෙ, පික්සු හැදිලා හොඳවෙලා ආයෙ හැදෙනවා අෆ්ෆා ;)
158 ෆට්ට වැඩක්.... එන්ජෝයි කොරමු
159 i think this will be an awsome experience ..
160 ඇත්තට මේක හොද දෙයක් අපිට ඇවිල්ලා අපේ සිංහල බ්ලොග්කරුවනුත් හදුනාගෙන සතු‍ටුවෙලා පිනකුත් කරගන්න මේක හොද අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ අනිවරයෙන්ම මම එනවා මේකට..
161 එල කිරි වැඩක්. මේකත් එක්ක තියන අනිත් අරමුණ ඊටත් වඩා එලකිරිය
162 Gooooooood
163 මුහුනු පොතින් හමුවු කිසිදිනෙක නොදුටු සොදුරු මිතුරු මිතුරියන් හමුවන සොදුරු දිනයක් වෙවි.සුභ පතුම්!
164 Excellent
165 extrovert Work
166 එන උන් ගැන දුකයි. මගෙන් මොනවා කියවෙයිද කියලා!
167 නියමයි මේ වගේ එකකින් බ්ලොග් ලියන අයගේ අදහස් හුවමාරැ කරගන්න ඉතාමත් හොද තැනක් නියමෙම තමා
168 කලිනුත් කිව්වෙ එල කියල. ආයි මොනවද ඕං.. :p
169 කික්ම තමා!
170 එකම ඊමේල් එකෙන් දෙපාරක් දාන්න පුළුවන්ද බැලුවේ
171 හොඳ වැඩක් .. නියමයි
172 ගොඩාක් වටිනවා..ආසාවෙන් ඉන්නේ සහභාගී වෙන්න..සයිබර් අවකශයේ හමු වුනු අපි ඇත්ත ලෝකේදි හම්බ වෙන එක ගැන පුදුම සතුටක් දැනෙනවා..
173 niyamai!godak honda deyak!!
174 මුහුණු පොතේ යාලුවන්ට, බ්ලොග් ලියන අපේම සහෝදර සහෝදරියන්ට එකතු වෙන්න දැනහඳුන ගන්න ඒ වගේම අපේ දිලුම් සහෝදරයට උදව් කරන්න මේක හොඳ අවස්ථාවක්
175 ඇවිල්ලම කියන්නම්?
176 සුබපැතුම්
177 elaaaaaaaaaaaaaaaaaa
178 We are looking forward to meet our cyber friends...
179 එදාට දිලුමව පරිස්සම් කරහල්ලා.. අභියා දිලුමත් එක්ක තරහෙන් ඉන්නෙ :D:D:D
180 ela
181 මීට කලින් සහභාගී වී නොමැත, ඇවිත බැලීම වටී... ජය..
182 very good idea.
183 නන්දෙස සිටින සියලුම බ්ලොග් මිතුරන් ගේ සමගිය නැවතත් ප්‍රදර්ශනය කරන්න පුලුවන් අවස්තාවක්.. හරිම සතුටුයි.
184 nothing
185 test
186 වැඩේ හොඳයි කියල හිතනව....
187 මගෙත් එක්ක එන කෙනා දවල් වී පැමිනෙන බැවින් ගේට්ටුව ලගදී නතරකර නොගන්න.. නැත්නම් ගෙට් එකේ ඉන්න දෙන්නාව තමා අල්ලගන්නේ.. :P අවුරුදු උත්සවේට ජයවේවා..!
188 ඒක එදාට ඇවිල්ලම කියඤ්ඤං
189 වැපා ඇතුලු සංවිධායක මන්ඩලයට ජය වේවා...
190 අලේ මුං හීන දැකලා අපිට වද දෙනවා.....
191 කොල්ලගෙයි බල්ලාගෙයි එකම කමෙන්ට් එක.. "මැක්සා" තමා තිං :P අහ් මේ කියන්ටෝන මට ගශ් නගින්ට නම් බැ ඕං.. උඩ වැඩ අකැපයි.. බිම ඉදිං තමා අනික් එව්වා කරතැහැකි :P
192 Good Idea
193 වැඩේ හොදයි එහෙනම් ජයවේවා කිව්ව _________________ නිර්මාංශික කවුරුවත් නම් එන්නෙ නෑ..හැබැයි අපිනම් හොදට කන බොන උදවිය ; )
194 නියමයි
195 පට්ට් පජාත කුජීත වැඩක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ඒත් මම නම් මේ වැඩේට කැමතියි...
196 හොඳ වැඩක්
197 හොඳට තියෙ.....වි....නෙ....ඇවිල්ලම බලමුකො
198 හරි අපූරු සුන්දර වැඩක්. ජයවේවා...
199 හොද වැඩක්
200 එලකිරි වගේ තමයි.
201 නියම වෑඩක් ජයවෙවා!!!!!!
202 good job abhee aiya...
203 ෆට්ට්ය....
204 නොදන්නා කස්ටිය දැනගන්නත් දන්නා කස්ටිය තවත් හොදින් හදුනා ගැනීමත් හොදම වැඩ පිලිවෙලක්
205 නොදන්නා කස්ටිය දැනගන්නත් දන්නා කස්ටිය තවත් හොදින් හදුනා ගැනීමත් හොදම වැඩ පිලිවෙලක්
206 නියම වැඩක්... නියම ඔලුවක් තියන මනුස්සයෙකුගේ වැදගත් අදහසක්
207 ජය! හෑකි හෑම උදව්වම දෙමි
208 ඉතාම හොද වැඩක් විශේශයෙන් ම දිලුම් ගේ වැඩේටත් මෙයින් සහයෝගයක් ලැබෙන න්නිසා. ඉදිරියට සුභ පැතුම්!
209 අපිත් එනෝ
210 අදහස් නම් අප්‍රමාණව ඇත.... :D
211 කියලා වැඩක් නෑ , සුපිරිම වැඩක්
212 great
213 maru set wela fun ekak gamu.
214 very good
215 එලම තමා. ගොටක් අය පිටරට වල ඉඳනුත් ඇවිත් තියෙනවා. අභියාගේ හීනෙට අපිත් ඉන්නවා.
216 අගනා කාර්යයක්. සුබපැතුම්.
217 හොදයි........... නියමයි.................
218 excellant
219 අති විශිෂ්ඨයි කොල්ලනේ
220 elaa niyama wedakk
221 none
222 ජීවිතේ මතක හිටින සතුටක් ලබන දවසක් වේවි. එදාට වැඩිම සතුටක් ලබන්නෙ මං කියල මට හිතෙනවා. ඒක එදාට එන හැමෝගෙම පොදු සිතුවිල්ලක් වෙන්න පුළුවන් එක වෙනම කතාවක්. මේ කටයුත්ත උපරිම සාර්ථක වෙන්න සුබ පතනවා.. :-)
223 මොනවා කියන්නද, නියම වැඩක්..!
224 එලම කිරි
225 එලම වැඩක්.ඉතුරු වෙන සල්ලි ඉලන්දාරි අයියගේ සැත්කමට යොදවන එකත් ගොඩාක් පිං වැඩක්.
226 බොහෝම හොඳ වැඩක් :)
227 නියම වෑඩක්, යලුවො අදුන ගන්න, එතනින් එහාට තවත් යමක් කරන්න හොද මූලාරන්බයක්,, නියමයි
228 test
229 එල වැඩක් :P
230 maxxxaaaa................
231 මම නම් හරියට දන්නේ නෑ මේ මොකක්ද කියලා ඒත් හොදයි වගේ පේනවා
232 මැක්සා වැඩක්. කට්ටිය සෙට් වෙන්න
233 එල.... සිරා වැඩක්... :D
234 වැදගත් කර්තව්‍යයක්. සාර්ථක වීම පිණිස අපේ උපරිම සහාය.
235 හොද අවස්ථාවක් බ්ලොග් ලියන අයට එකතු වෙන්න
236 වැපාගෙන් තමයි අහන්න වෙන්නේ.... :D
237 මොනා කියන්නද අප්පා. ගේට්‍ටුවෙ නම් ඉන්නෙ පන්ඩිතයො දෙන්නෙක්ලු නේද? ;-)
8

සයිබර් සිහිණ උළෙලට එන හැමටම........ මෙන්න සියළු තොරතුරු......



සයිබරයේ සිහින උළෙලට තව දින තුනයි..... එදා මෙදාතුර මුහුණට මුහුණ මුණ  නොගැසුන යාළු මිත්‍රයෝ රාශියක් එකතු වෙනවා එදාට... මේ වෙද්දිත් සයිබර් අවකාශය හරහා ඒ සඳහා අති විශාල ප්‍රමාණයක් පැමිණීම ස්ථිර කරලා තියෙනවා.... දැනටමත් අපේ දත්ත ගබඩාවෙහි එන අය ලෙස 389 දෙනෙක් සටහන්.... ඒ නිසාම අපි මුලින් කිවූ පරිදිම අප්‍රේල් 1 දින මධ්‍යම රාත්‍රී 12ට සයිබර් අවකාශයේ පෝරමය ඉවත් කරන්නට කටයුතු කරනවා.. ඒ නිසාම දැනටත් පැමිනීම සටහන් නොකල යමෙක් වෙත්නම් හැකි ඉක්මනින් ගොස් ඔබේ පැමිනීම අපට දන්වන්න. එහෙනම් ආරම්භ කරමු.. මෙන්න සිහින උළෙලේ සියළු විස්තර.....

ඇතුළුවීම : 
          පැමිණීම අප වෙත දන්වපු හැම දෙනෙක් වෙතම ස්ථිර කිරීමේ විද්‍යුත් ලිපියක් අප විසින් යවා තිබෙනවා... එහි ඔබට පමණක් අනන්‍ය වූ රහස්‍ය අංකයක් ඇතුලත්.... තවමත් ඔබට එය ලැබී නැත්නම් හෝ මග හැරී නැත්නම් Inbox හා Spam පරීක්ෂා කරන්න... එසේ නොමැතිනම් 0718689555 අංකයෙන් නිශාන්ත මහතා අමතන්න... එම අංකය ඔබ විසින් එදින දොරටුවට ඉදිරිපත් නොකලහොත් සයිබර් අවකාශයේ සිහින උළෙලට ඇතුල්වීමට කිසිදු අවසරයක් නොලැබෙනු ඇති... අනවශ්‍ය පුද්ගලයින්ගේ පැමිණීම වැලැක්වීම සඳහා හා ඔබ අප කාගේත් ආරක්ශාව සඳහා ගත් මෙම ක්‍රියා මාර්ගයට ඔබගේ පූර්ණ සහයෝගය අපි අපේක්ශා කරනවා..... ඔබේ රහස්‍ය අංක ආරම්භා වී ඇත්තේ 1000 කියන අංකයෙන්... ඔබගේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා 

   1000 සිට 1100 දක්වා...

   1101 සිට 1200 දක්වා...

   1201 සිට ඉදිරියට 

 වශයෙන් කවුන්ටර තුනක් එදිනට ඔබට දකින්නට තිබේවි... ඒ අනුව අදාල කවුන්ටරය වෙත ගොස්  ඔබගේ ප්‍රවේශ පත්‍රය රැගෙන සයිබරයේ සිහිනය උළෙලේ සුන්දරත්වය විදීමට සැරසෙන්න වේවි....

ප්‍රධාන ආරාධිතයින් :

 ශ්‍රී ලංකා පොලීසියේ කොළඹ දිසාවේ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීරයන් සයිබරයේ සිහින උළෙලෙහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතයි...

 මීට අමතරව ඔබ අප නිතරම සයිබර් අවකාශයේ දකින අපේම ජේ‍ය්ෂ්ඨයින් තිදෙනෙකුටත් මේ සඳහා අප ආරාධනා කලා..... පහත නම් කියවෙන්නේ අපේ ලොකු අයියලා තුන් දෙනාගේ...

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ බ්ලොග් රචකයෙක් වන ඉන්ද්‍රනාථ තේනුවරයන්,

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ විද්‍යුත් ඉංජිනේරු හි. මු. ආරියවංශයන්,

ප්‍රවීන රූ රටා සැකසුම් නිර්මාණවේදී සහ ඡායාරූප ශිල්පී චින්තක අබේරත්නයන්.

ඉතින් මේ විද්වතුන්ගේ පැමිනීමත් ඔබ අප හැමට වැදගත් වේවි එදිනට....

තරඟ සහ න්‍යාය පත්‍රය :

  මේ පිළිබඳ සියළු විස්තර බලා ගැනීම සඳහා මෙතනින් යන්න...

ආහාර පාන සහ ජලය :

සහභාගී වන සැමට දිවා අහාරය ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති අතර ඒ සමඟ මිලි ලීටර් 500ක් පානීය ජලය අඩංගු බෝතලයක්ද ඔබට ලැබෙනු ඇත. මීට අමතරව වන පානීය ජල අවශ්‍යතා සඳහා පිරිසිදු වතුර ටැංකියක්ද පිටියෙහි ස්ථාන ගත කිරීමට සංවිධායකයින් ක්‍රියා කර ඇත.  හවස් වරුව තුළ දී මනරම් කේක් සංග්‍රහයක්ද භුක්ති විදීමට ඔබට හැකිවනු ඇති.
අයකිරීම් :

සහභාගී වන හැමගෙන් රුපියල් 100.00 ක මුදලක් අය කරනු ලබන අතර එය සම්පූර්ණයෙන්ම බැර වනුයේ දිළුම් සුවපත් කිරීමේ සද්කාර්යයටයි.....

 මීට අමතරව දිළුම් සුවපත් කරගැනීමට ඔබටත් දායක වීම පිණිස ආධාර එකතු කිරීමේ පෙට්ටියක් උත්සව භූමියේ තබා ඇති අතර, ඒ සඳහා ආධාර කරණ සියළුම දෙනාට අරුනි ශෙපීරෝ සොයුරිය විසින් රචිත ග්‍රන්ථ නොමිලයේ ලැබෙනු ඇත...

 ඒ වගේම ප්‍රවීණ මනෝවිද්‍යා ලේඛක සුමනදාස සමරසිංහ ශූරීන්ගේ  මිනිස් සිතේ හාස්කම්, ඉලක්කය හඹායන චිත්ත බලය, නොවරදින එකම මඟ වැනි ජනප්‍රිය මනෝ විද්‍යාත්මක පොත් එදින මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

විනය :

උළෙල පැවැත්වෙන කාලය තුල මත්පැන් දුම්වැටි භාවිතය ඉතා දැඩිව තහනම් වන අතර, ඔබ විසින් කලහකාරී ලෙස හැසිරුනහොත් සිහින උළෙල පවත්වන පරිශ්‍රයෙන් ඔබ ඉවත් කිරීමට සිදු වන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව තිබේ... 

සංගීත සැඳෑව :

පස්වරු දෙකේ සිට පස්වරු හතර වනතුරු ඩීජේ සංගීතයත් සමඟ මුසුවීමට ඔබට පහසුකම් සලසා ඇති අතර විනෝද වීමට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇත.

එහෙනම් හැමෝම එන්න.... එකතුවෙලා විනෝද වෙලා දිගු ගමනක් යන්නට මුල පුරමු......

ගමන් මාර්ගය 



6

පරිසර හිතකාමී සිහින සයිබර් සැණකෙළියක් ..... මේ අනාගත ලෝකය වෙනුවෙන් ඔබේ පියවරයි...

මිනිසා හැමදාමත් දැනුම සොයා යන අනවරත ගමනක යෙදුනේ... ඒත් කවදා හෝ ඔබට සිතුනාද, මනුෂ්‍ය වර්ගයා ශතවර්ෂ ගණනාවක් අත්පත්කරගන්නට තැත් දැරූ ඒ ඥානය, කොයි තරම් අපූරුවට සොබාදම් මව සුසිනිඳු මල් පෙත්තක, උදෑසන වැටෙන පිණි බිඳුවක, දැනෙන නොදැනෙන ලෙසින් හමායන සුළං රැල්ලක සඟවලා තියෙනවද කියලා... ඔබට... කවදා හෝ ඔබට දැනිලා තියෙනවද ඇගේ අපරිමිත ආදරය... ඈ ඒ නොමසුරුව ලබාදුන් ආදරය වෙනුවෙන් ඔබත් මමත් මොනවද පෙරළා ඇයට ලබාදීලා තියෙන්නේ? සොබාදම් මව තුළ ඇති අපූර්ව සමතුලිතතාවය ඇයට අහිමි කලේ ඇගේම දරුවන්, මිනිස්සු... ඔබත් මමත් අයත්වන මනුෂ්‍ය වර්ගයා...

මේ වෙනකොට ලෝකයේ විවිධ තරුණ කණ්ඩායම් පරිසරය, මිහිතලය, සොබාදහම රැක ගැනීම වෙනුවෙන් සටන් වදිනවා... ඒ හා සම්බන්ධ උප සංස්කෘතීන් පවා බිහිවී තිබෙනවා... දැන් මේ කථාව කොතනින් කොහොමද සයිබරයේ සිහින බක්මහ උළෙලට සම්බන්ධ වෙන්නේ? සයිබර් අවකාශයෙන් මෙතෙක් දැන හඳුනාගෙන සිටි ආදරණීය මිතුරු මිතුරියන් රැසක් එක් වෙන මේ සුවිශේෂී අවස්ථාව සොබාදහම වෙනුවෙනුත් ඔබට යමක් කරන්නට හැකියාව ඇති අවස්ථාව කරගත්තොත්... එදිනට හිත් තුළින් ගලායන සතුට, ආදරය තවත් තලයකට ගෙනගොස් පරිසරය සමඟත් බෙදාහදා ගන්නට ඔබට හැකියාවක් තියෙනවා නම්... ඔබ, මම අප හැමගේම ජීවිතවලට නැවුම් අත්දැකීමක් එක් කරනා මේ සුවිශේෂී අවස්ථාව මිහිතලය රැකගැනීම වෙනුවෙන් ඔබට කරනට හැකි වැඩකොටසක එක් පියවරක් වේ නම්... එදින පරිසර හිතකාමී දිනයක් ලෙස සමරන්නට උත්සාහ ගන්නට අපට පිළිවනි නම්... ඒකයි මේ කථාවේ සම්බන්ධය.

අප්‍රේල් තුන්වන දින අපගේ සිහින සැණකෙළිය පරිසර හිතකාමී සුහද හමුවක් කරගැන්මට අපහසු නැහැ. ඒ සඳහා වැදගත් වනු ඇති උපදෙස් කිහිපයක් මේ.

කපු හෝ කපු මිශ්‍රිත ඇඳුම් කොයි තරම් පරිසර හිතකාමීද සහ කොයි තරම් සුවදායකද කියන එක ගැන ඔබට හොඳ වැටහීමක් ඇති. මතක තියාගන්න, "ඉරට හැතැප්මයි" කියන කතාව මේ දිනවල අර්ථවත් කියමනක්! 
අප පරිසරය හා සම්බන්ධ වන්නේත්, පරිසරය දූෂ්‍ය කරන්නේත් බොහෝවිට අප නොහිතන නොසිතන තැන්වලින්. ඔබ ගෙදරින් පිටවීමට පළමුව මතක ඇතිව සියළු විද්‍යුත් උවාරණ විසන්ධි කිරීම, පරිසර හිතකාමී අදහසක් වගේම හොඳ පිරිමැසුම් සැලසුමක්. 
පොදු ප්‍රවාහන මාධ්‍ය ගැන කොයි වගේ ආකල්ප අපේ හිත්වල තිබුනත් සමහර වෙලාවට ඒක එකම විකල්පය වෙනවා. එදිනට අපි හැමදෙනාටම පොදු ප්‍රවාහන මාධ්‍යයක් යොදාගන්න හැකිනම් වටිනවා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික වාහනයක් භාවිතා කරනවා නම් තවත් මිතුරු මිතුරියන් කීප දෙනෙක්ට ගමන් පහසුව සැලසීම, මිතුරුකම වර්ධනය වෙන්නට වගේම පරිසරය වෙනුවෙනුත් හොඳ ඉදිරි පියවරක් වෙනවා.
ජලය නැතිව ලෝකයේ රටවල මිනිසුන් දුක් විඳිනවා, උත්සව පරිශ්‍රය තුළ අනවශ්‍ය ලෙස ජලය නාස්ති නොකරන්නට සිහි තබාගන්න. ජල කරාම නිසි ලෙස වසා තබන්න. ජලය පිරිමසිමු, අනවශ්‍ය ජල නාස්තියෙන් වළකිමු.

පොලිතීන් සහ ප්ලාස්ටික් මඟින් පරිසරයට මඟින් සිදුවන හානිය නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකියි. එනිසා ප්ලාස්ටික් සහ පොලිතින් උත්සව පරිශ්‍රයට ගෙන නෝඒම සහ ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය උත්සව පරිශ්‍රයට මුදා නොහැරීම ඔබට කළ හැකි ඉහළම පරිසර හිතකාමී ක්‍රියාවක්. මඳක් නිර්මාණශීලී වන්න. ප්ලාස්ටික් සහ පොලිතින් වලට ආදේශක සොයාගැනීම අපහසු කාර්‍යයක් නොවෙයි.

ඔබ කසල නියමිත පරිදි බැහැර කරනවාද කියා කවුරුවත් ඔබ දෙස බලාසිටින්නේ නැහැ. එනමුත් එය ඔබ සහ ඔබගේ හෘදය සාක්ෂිය අතර ගනුදෙණුවක්. ඔබ ඉවත ලන කසල හෝ අපද්‍රව්‍ය ඔබ සමඟින්ම තබාගන්න, නියමිත පරිදි කසල බඳුනක් හමුවූ විට ඔබට ඒවා ඉවතලන්නට හැකියි.
ලෝකයේ හැම මොහොතකම ආහාර නැතිව මිනිසුන් මියයනවා. ඒ බව මතක තබාගන්න. ආහාර අපතේ නොහරින්න. ආහාර ඉතිරි වේ නම් එය වෙනත් කෙනෙකු හා බෙදාහදාගන්න, එසේ නොමැතිනම් කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිනි නිවීමට එය අවස්ථාවක් කරගන්න.

ගහක් නසන්නට මොහොතකට වඩා ගත නොවුනත් ගහක් හදන්නට සමහරවිට තවත් ජීවිතකාලයක් වැය වෙනවා. උත්සව පරිශ්‍රයේ ගහකොළ, වෘක්ෂලතාදියට හානි පැමිණවීමෙන් වලකිමු.
උත්සව පරිශ්‍රයේ සිටිනා සියළුම සත්වයන්ට සමාන ගෞරවයෙන් සලකන්න.මේ කුලකයට ඔබත්, එදිනට ඔබ හා එක්වෙන ඔබගේ මිතුරු මිතුරියන් ද ඇතුළත්. හඳුනන නාඳුනන කිසිම ප්‍රාණියෙක් තමන්ව අගෞරවයට ලක්කරනවාට හෝ නිසි සැලකිල්ල නොදක්වනවාට කැමති නැහැ.

එදින පරිසර හිතකාමී සුහද හමුවක් කරන්නට ඔබගේ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ඔබ ගැනම අභිමානවත් වන්න, ඒ ගැන ඔබ වටා සිටින්නන් දැනුවත් කරන්න, පණිවුඩය පතුරුවා හරින්න.

අප්‍රේල් මාසයේ තුන්වෙනිදා හමුවෙන ඔබත් මමත් මිතුරන්, වඩා ලස්සන ලෝකයක් වෙනුවෙන් සිහින දකින, සහෝදර බැඳීමකින් එක් වුනු, එකම අදහසක කොටස් කරුවන් වුනු වෙනස් වෙනස් මිනිසුන්...සොබාදහමට ප්‍රේම කරන්නට, ඇයව සුවපත් කරන්නට ඔබ තබන මේ පියවර අනාගතයේ බිහිවන සුන්දර ලෝකයක පළමු පියසටහන් වනු ඇති... ඔබ එදින හමුවීම අවසන, ආත්ම තෘප්තියක සුන්දර සටහන් සිතේ දරාගෙන ආපසු යනු ඇති... මේ පියවර, සයිබර් අවකාශයෙන් මිතුදම් සඳහා අඩිතාලම දමා සහෝදර සහෝදරියන් වුනු ඔබේත් මගේත් ජීවිත මෙතැන් සිට වෙනස් කරනු ඇති... ඔබ සුරකින්නේ අප හැමගේම මවයි... මේ අභිමානවත්, තෘප්තිමත් හැඟීම ඔබේත් මගේත් වෑයමේ ප්‍රතිඵලයයි...

Forget not that the earth delights to feel your bare feet and the winds long to play with your hair.  ~Kahlil Gibran

ලියා එව්වේ ~ හිපියා
ස්තුතිය: ​​​Dee
7

රියල්ම තරඟ අවස්තාවක්...

සුපිරි තරු පායන්නේ රූප පෙට්ටියේ විතරද ? පරිගණක තිරයෙන් එකතු වූ සොඳුරු සිත් අතරෙන් සිහින කුමරෙකු කුමරියක බිහි නොවනු ඇතිද ?

මේ රියෑලිටි අත්දෑකීමක් නොවේ...රියල්ම තරඟ අවස්තාවක්... අපහාස උපහාස නැති , විනෝදාත්මක ඉවෙන්ට් එකක්.  පුංචි මිනිසුන් වුනු අපේ ලොකු අරමුණක්... ඉතින් ලෑජ්ජාවක් කුමටද ? හෑමදාම සිතින් බොහෝ ලං වූ අපි අපිම නෙව මේ ... නගාලාට විශේශයෙන් ලියන්නේ.... එක මයික් එකක් මගෙ අතේ... කාටවත් මඩ අපහාස උපහාස වෙන්ට ඉඩක් නැත.. අපේ පුංචි ඉසවුවට සහභාගිත්වය සනාථ කර අපිට සහයෝගය දෙන්න...

සිහින සයිබර් සෑනකෙලියේ විනෝදයට එකතු වෙන්න... සිහින කුමරා කුමරියට ලියාපදිංචි වී එදාට අපිත් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න එකතු වෙන්න. එච්චරයි. පංච කල්‍යාණියන් හොයා කරන මහ මෙහෙයුමක් නෙමෙයි මේ. 'රෙදි හැට්ට සරොම් ඕනේ නැත... කවි කියන්ට නටන්ට ගයන්ට කියා වේදිකාවේ කරදර නොකරමු... :) හුදෙක් සුහද රසාස්වාදනීය ඉසවුවක් මිස පෙර හෝ පසු මඩ ගැසීමක් නැත...

එකතු වෙන්න...

ඔන්න ගිහින් කියවන්න තරඟ විස්තර...
http://cyberfestival.blogspot.com/2011/03/blog-post_23.html

හා දැන් ඉතින් ලැජ්ජ නොවී මේකෙ රෙජිස්ටර් වෙනවද තරහ නැතුව ? :)
https://spreadsheets.google.com/embeddedform?formkey=dEJkZ3ZTcFl3LWU1TWpnQ3owS3JLbUE6MQ

අනේ නගෝ , අක්කෝ.. ඔය හැටි සීරියස් ගන්න එපා ඉතින්. හා දැන් හොඳ ලමයි වගේ මේකෙ ලියාපදිංචි වෙන්න... :) 



 ලියා එවුවේ - ජීවිතේ මල්
23

සයිබ‍රයේ සිහින කුම‍රා සහා කුම‍රිය

කම්පියුටර් මොනිටරයේ අඟල් ගානකට කොටු වෙලා ඩිජිටල් අකුරු වලින් හිත් ලන් කරගත්ත යහලු යෙහෙලියන්ට සැබෑවටම එකතු වෙලා විනෝද වෙන්න අවස්තාවක් ඇවිත්. ඒ තමයි සයිබර් සිහින බක්මහා උළෙල. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 3 වෙනිදා තිඹීරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්තාවට් එක්ක එකතු වෙන්න පුලුවන්කම තියෙනවා. කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. දැන්ම මෙතනට ගිහින් ඔයාලා එනවා කියලා ලියාපඳිංචි වෙන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න. ඇලුත්වීමේ ටිකට් පත පුංචිම පුංචි රුපියල් 100ක් විතරයි. නමුත් ඒ 100ට හිලවු විදියට ලැබෙන දේවල් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි. නොදුටු මිතුරි මිතුරියන් එක්ක එකතු වෙලා, තරඟ වලට සහභාගී වෙලා, අපි දෙන රසවත් දිවා අහාරය භුක්ති විඳලා, ඩීජේ සංගීතයට නටලා විනෝද වෙන්න හම්බ වෙනවද කවදාවත් රුපියල් 100කට.

එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. අවුරුදු උත්සවයක් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නෙ මොකද්ද?
අවුරුදු කුමාරයා, අවුරුදු කුමාරි.
ඔව්. අවුරුදු කුමාරයාවයි අවුරුදු කුමාරයි තෝරන්නෙ නැති අවුරුදු උත්සවයක් තියෙනවද? ඔන්න ඒ නිසා අපිත් සූදානම් සයිබර් සිහින බක්මහ උළෙලෙදි ඒ විශේෂ තරඟයටත් ප්‍රධාන තැනක් දෙන්න. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. ඒක නිකම් වෙනසක් නෙවෙයි සුවිශේෂි වෙනසක්. මොකද මේ මුලු උත්සවයම සුවිශේෂියිනෙ. අපි තෝරන්නෙ නිකම්ම නිකම් අවුරුදු කුමාරයා, කුමාරි නෙවෙයි. ඒ වගේම තරඟය පවත්වන රටාවෙත් ලොකූ වෙනසක් තියෙනවා. හරි හරි. කලබල නොවී ඉන්නකො. මන් මේ හදන්නෙ දැන් ඒ ගැන සේරම පැහැදිලි කරන්න තමයි.

අවුරුදු කුමාරයා, කුමාරි කිව්ව ගමන් මතකෙට එන්නෙ බතික් කමීසයයි සරමයි ඇඳගත්ත කොල්ලන්වයි, රෙද්ද හැට්ට ඇඳගත්ත කෙල්ලන්වයිනෙ. ඒක තමා සාම්ප්‍රධායිකව ඒ තරඟය පවත්වාගෙන ආ විදිය. ඒත් මෙතන ඊට වෙනස්. අන්න ඒකයි මන් කිව්වෙ මේක ඉතා සුවිශේෂියි කියලා.
අපි තෝරන්නෙ සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. ඉතින් සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙට ඉදිරිපත් වීම ගැන ඔබ දෙවරක් සිතාබැලීම අවශ්‍ය වන්නෙ නෑ. ඔබට අවශ්‍ය එකම සුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා ඒ ගැන කිසිම විටක බිය යුතු නෑ. මන් මුලින්ම කිව්වනෙ. මේක සාම්ප්‍රධායික අවුරුදු කුමර කුමාරි තරඟයක් නෙවෙයි. මේක ඉතම සරලයි. නමුත් අවසානයේදී ජයග්‍රාහකයින්ට අත් වෙන කීර්තියනම් සුලුපටු නැහැ. කවුද අකමැති සයිබරයේ සිහින කුමරා වෙන්න. එතකොට සයිබරයේ සිහින කුමරිය විදියට කිරුලු පලඳින්න.

මේක ඔයාලට හම්බ වෙන ඉතාම දුර්ලභ අවස්තාවක්. ආයේ මේ වගේ අවස්තා නොලැබෙන්නත් පුලුවනි. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.
දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?
ඔයාලට ඔය වගේ ගැටලුවක් එන්න පුලුවන්. ඉන්න මන් කියන්නම්. මෙහෙමයි අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙ පොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.


තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැනත් මන් පොඩ්ඩක් කියන්නම්.
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට 4කින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ.
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.

ඔන්න ඔහොමයි ත‍රඟය පැවැත්වෙන්නෙ. තරඟයෙන් ජයග්‍රහණය කරන වාසනාවන්තයාට හා වාසනාවන්තියට වරම් ලැබෙනවා පළමු වතාවට සයිබරයේ සිහින කුමරා හා සයිබරයේ සිහින කුමරිය වශෙයෙන් කිරුලු දරන්නට.
එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්න එන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.

පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී, හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම ත‍රඟය පිලිබඳ යම් ගැටලුවක් වෙතොත් පහත දුරකතන අංකයට අමතන්න.
අනුරාධ - 0775691443
35

අවුරුදු උත්සවය ගැන ගොඩාක් දේවල් දැන ගන්න එන්න..........

ශ්‍රී ලාංකික සයිබර් අවකාෂය තුල උදාවන අති සුන්දරම දිනය ලෙස එළි බැසීමට මග බල බලා සිටින සයිබරයේ සිහින උළෙල පිළිබඳව වැඩි විස්තර ඔබට කියන්නයි මේ අපි සූදානම් වෙන්නේ..... පසුගිය දින කිහිපය තුල අප වෙත පැමිණි දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි වගේම ෆේස්බූක් පණිවිඩ තුලින් ද සයිබර් සිහින උළෙල පිළිබඳව ඔබ තුල වූ උනන්දුව ඉතා පැහැදිලිව අපි දැක්කා.... ඔබ දක්වන ඒ උනන්දුව ඇත්තටම අපිට ශක්තියක්.... හරි අපි කෙළින්ම කතාවට එමු......


2011 වසරේ මාර්තු මස 16 දින අපි ඔබ වෙනුවෙන් වූ ආකෘති පත්‍රයක් සයිබර් අවකාශය පුරා විහිදුවා හැරියා.... එහි ප්‍රථිපල අපි සිතුවාටත් වඩා ඉතා දුර ගිහින් තිබෙන බවක් තමයි අපට පෙනෙන්නේ.... අද 21 වනදා...... දින පහක් ඇතුලත සයිබර් සිහින උළෙලට පැමිනීම ස්ථිර කල සහෝදර සහෝදරයින් 211ක් මේ වෙනකොටත් ලියාපදිංචි වී අවසන්.... ඔබත් තවම ඒ සදහා ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියා පදිංචි වන්න... හේතුව වන්නේ එම ලියාපදිංචි වීම ස්ථිර නොකර සිටින කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩාංගනය තුලට පැමිනීමට කිසිදු අවස්ථාවක් සංවිධායක මණ්ඩලය විසින් ලබා නොදීමයි.... එබැවින් ඔබ වෙත ලබා දෙන රහස්‍ය අංකයට අදාලව ඔබ විසින් ලබාදුන් තොරතුරු පැවසීමෙන් ඔබට සයිබරයේ සිහිණ සැණකෙලියේ කිමිදෙන්නෙකු බවට පත්විය හැකියි...... ඉතින් සයිබරයේ සිහින උළෙලේ ඔබ පුල පුලා බලා සිටින තොරතුරු මෙන්න......



දිනය සහ වෙලාව :


2011 අප්‍රේල් මස තුන්වන ඉරුදින පෙරවරු 09.30 සිට දවස පුරා


ස්ථානය :


හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය, කොළඹ 05. (තිඹීරිගස්යාය.)



පැමිණීම


සයිබර් අවකාශය පුරා පතුරවා ඇති ආකෘති පත්‍රය පුරවා එවීමෙන් හා ඒ සමගම ඔබගේ විද්‍යුත් ලිපිනයට එන ලිපියෙන් එම පැමිනීම ස්ථිර කරන්න... ඒ සමගම ඔබට රහස්‍ය අංකයක් ලබා ගත හැකියි.... එම අංකය එදින දොරටුවට ඉදිරිපත් කිරීමෙන් ඔබගේ ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකියි...



අය කිරීම්


ඇතුල් වන සියළුම දෙනාගෙන් රුපියල් සියයක (රු.100.00) මුදලක් අය කෙරේ.... 


(මීට අමතරව දිලුම් හෙවත් අපේ ඉලංදාරියාට ආධාර පිණිස තබා ඇති අධාර පෙට්ටියට ඔබට හැකි පමණින් දායකත්වය ලබා දෙන්නේ නම් ඉතා කෘතඥ වෙමු... මේ සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන සැමට අපගේ ආදරණීය සොයුරියක් වන අරුණි ශෙපීරෝ සොයුරිය විසින් රචිත වටිනා ග්‍රන්ථයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.)



පහසුකම්


දිවා ආහාරය සමගින් මිලිලීටර් 500 වතුර බෝතලයක්  සහභාගී වන සැමට ම සැපයීමට බලාපොරොත්තු වෙමු.


හවස දෙකට ඔබගේ විඩාව නිවීම සඳහා කේක් සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතව ඇත.. ( මේ සඳහා පූර්ණ අනුග්‍රහය අරුණි ශෙපීරො සොයුරියගෙනි..)


වටිනා අවස්ථා


ප්‍රවීණ මනෝවිද්‍යා ලේඛක සුමනදාස සමරසිංහ ශූරීන්ගේ  මිනිස් සිතේ හාස්කම්, ඉලක්කය හඹායන චිත්ත බලය, නොවරදින එකම මඟ වැනි ජනප්‍රිය මනෝ විද්‍යාත්මක පොත් එදින මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.



ලොතරැයි දිනුම් ඇදීම :


වටිනා ත්‍යාග රැසක් ඔබට හිමි කරගැනීමේ අවස්ථා මෙයින් උදාවෙනු ඇත.




පැවැත්වෙන ක්‍රීඩා : 


මීටර් 100 ගැහැණු (කේවල)
මීටර් 100 පිරිමි (කේවල)

බෑලුම පෑගීම

බනිස් කෑමේ තරඟය (කේවල)
විල්බැරෝ රේස් (යුගල)

සංගීත තොප්පි තරඟය (කේවල)

පත්තර පිටුව මත නැටීම (නර්තන අංගයකි) (යුගල)
අලියාට ඇස තැබීම (කේවල)

තුන් පා දිවීම (යුගල)
 

බැලුම් පිපිරවීම (කේවල)
අවුරුදු කුමරිය තේරීම (කේවල)

කණා මුට්ටි බිඳීම (කේවල)

ලබුගෙඩියේ ඇට ගනන් කිරීම
පෙට්ටියේ රහස

සැගවුනු අමුත්තා සෙවීම

යෝගට් කැවීම (යුගල)
කඹ ඇදීම (සමූහ)

අවුරුදු කුමාරයා තේරීම (කේවල)
 



ත්‍යාග


සෑම තරගයකම ප්‍රථම ස්ථාන දිනන ජයග්‍රාහකයන්ට පමනක් සරසවි පොත් හලෙන් රුපියල් 500.00ක ත්‍යාග වවුචර හිමි වෙනු ඇති..



සුහද හමුව :


ඩීජේ සංගීතයත් සමඟ පස්වරු දෙකට ඇරඹෙනවා ඇත...


ඉහත කරුණු සංවිධායක මණ්ඩලයේ අදහස පරිදි යම් යම් වෙනස්වීම් වලට භාජනය කරණු ලබන අතර සිහින උළෙලේ සියළු අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වේ.....


පොලිතීන් හා ප්ලාස්ටික් උපකරණ සිහින උළෙල පරිශ්‍රයට ගෙන ඒමෙන් වැලකී සිටින ලෙසට මෙන්ම සියළු අපද්‍රව්‍ය සුදුසු තැන් වලට බැහැර කිරීමටද ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස මෙම කර්තව්‍යය අවසන් කිරීමට ඔබ දක්වන සහයෝගය ඉතා අඟේ කොට සලකමු.




එහෙමනම් අප්‍රෙල් තුන් වෙනිදා මුණ ගැසෙමු.... ඊට කලින් බ්ලොග් අවකාශයේදී මුණ ගැසෙමු... 
8

සතුටු වෙමුද එකතු වෙලා......

ගහපං යකෝ...
මොකටද බොල ගහන්නේ....
ගහපිය.. වමට.....
නෑ නෑ.... එපා එපා... දැන් වරෙන් දකුණට...
දකුණට වැඩී බං.. ටිකක් ඉස්සරහට පලයන්..
දැන් කැරකියන්..
ඔහෙට නෙමේ බං... දකුනට කැරකියන්
පිස්සුද බොල.. වමට කැරකියන්..
ආහ්.. කැරකුනා වැඩී බොල.. චුට්ටක් දකුනට හැරීයන්..
වැඩී වැඩී.. වමට...... වමට.....
ආහ්.. දැන් ඔලුව උඩ....
වැටෙයි යකෝ... දැන් ඔලුව උඩමයි.........
අඩේ ගහපං......... ගහපං......
එපා එපා.. පස්සට වරෙන්..
නෑ බං.. ඔහොම ගහපං..
අඩේ.. ගහපං.. හුරේ...........................
ගැහුවා නේද බොල..
නිල් වතුර හැම තැනම.. මදෑ කොලෑ ඉතින්....



එන්න අපේ අවුරුද්දට.. බිදිමි බිදිමු කනා මුට්ටි
ඇස තබබින් අලියා මැදට - හූ කියන්න ව‍ටේ ඉදන්
එක්රොක් වී දවස පුරා - සිනා සලා සතුටු වෙලා
අවුරුදු සිරි එකතු විලා - සතුටු වෙමුද එකතු වෙලා......


ලි
යා එවුවේ - පසන් මධුරංග
28

එන්න.... රොත්ත පිටින් චට්නි හදන් එන්න..............



පුංචි කාලයක් යටපත් වෙලා තිබුනු සොඳුරු සිහිනය ආයෙමත් පෙනෙන්න පටන් අරගෙන.. සිහිනය දකින්න හරියටම දවස් 18යි.... කට්ටිය දුවගෙන එන්න.... අපේ සිහින බක්මහ උළෙලට ගොඩ වදින්න... දැන් කියන්න යන්නේ ඒ ගැන සම්පූර්ණ විස්තරය....

ඔක්කොටම කලින් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වෙන්න.... 




ඊට පස්සේ ඔබට විද්‍යුත් තැපෑලෙන් එන අංකය කොහෙ හරි ලියාගන්න, නැත්නම් සේව් කරගන්න... මොකද ඒ අංකය මත තමයි ඔබට එහි පිවිසීම තීරණය කරන්න වෙන්නේ.... අපි කරන අහිංසක වෑයම සාමකාමීව ඉටු කර ගැනීම සඳහා ගත්තා වූ මේ ප්‍රයත්නයට ඔබේ සහයෝගය ඉතා ඉහලින් අපි බලාපොරොත්තු වෙනවා...

මෙන්න අනෙක් කාරණය... ඔබ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටි පරිදි තම තමන්ගේ බ්ලොග් වල පල කිරීමට බැනර් එකක් ලබා දෙන්න සංවිධායක කමිටුව තීරණය කරලා තියෙන්නේ.... පහත කෝඩ් එකෙන් එම බැනරය ඔබේ බ්ලොග් අඩවියට ගැලපෙන ප්‍රමාණයට අනුව ඇතුලත් කරගන්නට පුළුවන්..... එය ඇතුලත් කිරීමෙනුත් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්නට පුළුවන්....


සාමාන්‍ය ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber.jpg" border="0"></a>


මධ්‍යම ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber250.jpg" width="250" height="311" border="0"></a>

අහ්...අමතක උන තවත් කාරණයක් තියෙනවා... ඒ තමයි අපිට අනුග්‍රාහක මහතුන් සොයන එක.. ප්‍රධාන අනුග්‍රහය රුපියල් 100000.00ටත් සම අනුග්‍රාහකත්වය රුපියල් 25000.00 ටත් මිළ නියම වෙලා තියෙනවා... ඒ වගේම ප්‍රචාරක බැනර රුපියල් 10000.00 ක අය කිරීමකින් පසු ප්‍රදර්ශනය කරන්නයි සූදානම් වෙන්නේ.... තම තම හැකි පමණින් දෙන ප්‍රදානයන්ද භාර ගැනීමට අවශ්‍ය කටයුතුත් අප සලස්වා තිබෙනවා.. අවශ්‍ය ලියකියවිලි කලින් දන්වා තිබූ දුරකතන වලට ඇමතීමෙන් ලබාගත හැකිවේවි... මේ සමගම කිව යුතු තවත් දෙයක් තියෙනවා... මේ එකතු වෙන මුදලින් අපේ මේ සිහින බක්මහ උළෙලට අවැසි වියදම් දැරුවාට පසුව ඉතිරිවන සම්පූර්ණ මුදල සිහින බක්මහ උළෙලේ  සුපින්බර අරමුණ වන දිලුම්ගේ (ඉලංදාරියාගේ) ශළ්‍යකර්මය වෙනුවෙන් ලබාදෙන්නට තීරණය කර තිබෙනවා....

එහෙමනම් අද කිවයුතු ටික අවසන්.... අවුරුදු ක්‍රීඩා කරලා ඩීජේ සංගීතයට නටලා කවදාවත් නොදැකපු අපි අඳුරගෙන විනෝදයෙන් දවස ගෙවන්න ඔබත් පැමිනෙයි කියලා අපි විශ්වාස කරනවා.. අද පටන් දින දෙකකට වරක් සයිබරයේ සිහින බක් මහ උළෙලෙහි නිළ බ්ලොග් අඩවිය වන මෙම අඩවිය යාවත්කාලීන වේවි... සෝදිසියෙන් ඉන්න.... ජීවිතයේ අමතක නොවන තවත් දිනයකට පා නගන්න සූදානම් වෙන්න.... 


Back to Top