41

මෙන්න ඇරඹුනා...... සයිබර් සිහින කුමරා/ කුමරිය තරඟයේ ලියාපදිංචිය ඇරඹුනා.....



රටේ එක එක පැතිවල ඉලා අකුරු වලින් විතරක් කතාබහ කරපු යාළුවන්ට ඇත්තටම එකතු වෙලා විනෝද වෙන්න අවස්ථාවක් ඇවිත්. ගිය අවුරුද්දේ වගේම මේ වතාවෙත් සයිබර් සිහින බක්මහා උළෙල පවත්වන්න කටයුතු කාරණා සිද්ධ වේගනයි යන්නේ. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 22 වෙනිදා වැල්ලවත්ත ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්ථාවට එකතු වෙන්න පුලුවන්කම තියෙනවා.
කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. ඔය බ්ලොග් එකේ දකුණූ පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන. අන්න ඒ අක්කගෙ රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි මෙවුව එකක් දේවි. අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න.
එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම්කරලා තියෙනවා.
ඒ අතරින් දන්නවනේ අපිට ගොඩක්ම විශේෂ තරඟය. ඔව්...සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. දැනටමත් බ්ලොග් පෝස්ට් වල, මූනු පොතේ හැමතැනම දැන්වීම් අලවලා. ආරංචි විදියට හැමෝම බලාගෙන ඉන්නේ ලියාපදිංචිය විවෘත කරනකම්.
හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්න. මේ තමයි තරඟය පැවැත්වෙන හැටි. සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙටඉදිරිපත් වීම ගැන ඔබ දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබට අවශ්‍ය එකමසුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැන ආයෙත් පොඩ්ඩක් මතක් කළොත්.....
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට කිහිපයකින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ. 
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
තරඟය ජයග්‍රහණය කරන තරුණයා සහ තරුණිය සිංහල බ්ලොග් අවකාශයේ "සයිබර් සිහින කුමරා" සහ "සයිබර් සිහින කුමරිය" විදියට අභිෂේක ලබනවා. ඒ විතරක් නෙමෙයි තෑගි බෝග රාශියකුත් එක්ක. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.

දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?

අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙපොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්නඑන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.


පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී,හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

24

ඔන්න හීනෙ හැබෑ වෙන්නයි යන්නෙ.....





ඔන්න සයිබර් සැනකෙලියේ සියලු  වැඩකටයුතු මේ දවස්වල  එකසියගානට කෙරීගෙන  යනවා...  ඒත් සමහරු සැරින් සැරේ විපරම් කරනවා කෝ ඒත් ඉතිං වැඩි සද්ද බද්දයක් නෑ නේද කියල...

ඔය කලින් වැඩි වැඩියෙන් සද්දෙ දානවට වඩා වැඩියත්ම සද්දෙ දාන්න තියෙන්නෙ ඉතිං එදාටනෙ... එදාටම ඇවිල්ල වැල්ලවත්ත හෙලවෙන්න සද්දයක් දාමු අපි ඔක්කොමල... ....

සද්ද බද්ද දාන්න එදාට ස්තීරවම එන කට්ටිය කවුද කියල කල් ඇතුව දන්වල තියෙනවනම් සංවිධායක මන්ඩලේට ගොඩක් පහසුයි...

ගිය සැරේ සයිබර් උළෙලට සහභාගි වෙච්ච අය දන්නව ඇතිනෙ කොහොමද වැඩේ සිද්ද වෙන්නෙ කියල...

දන්නෙ නැති අයටත්  එක්ක ඕන්න කියන්නම්...


සයිබර් බක් මහ උළෙලට එන කට්ටිය හැමෝම ඊට කලින් ඒ සදහා ලියාපදිංචි වෙන්න ඕනෙ...  ඒකට ඉතිං මහ ලොකු වැඩක් නෑ.. පුංචි දෙයයි කරන්න තියෙන්නෙ...

ඔය බ්ලොග් එකේ දකුණූ පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන... අන්න ඒ අක්කගෙ රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි මෙවුව එකක් දේවි...

කරන්න තියෙන්නෙ අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන එකයි...

එච්චරයි ඉතිං....

සිහිනෙ සබෑ කරගන්න සද්දයක් බද්දයක් දාල විනෝද වෙන්නෙ... එහෙනම් අප්‍රේල් 22 දට සෙට්වෙමු...

ආ.. ඊට කලින් තම තමන්ගෙ බ්ලොග් එක හරහා මේ ගැන අනිත් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා හොදේ.... :)



සයිබර් සිහින උළෙලට ජයවේවා..... !!!

20/04/2012 පෙර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
20

විශේෂ නිවේදනයයි - සයිබර් සිහින උළෙල නිර්මාණ තරඟය… සයිබර් අවකාශයේ සියලුම නිර්මාණ කරුවන් වෙත


 සයිබර් සිහින බක්මහ උළෙලට සමගාමිව පවත්වනු ලබන නිර්මාණ තරඟය පිළිඹඳව ඔබ සැම මේ වනවිටත් දැනුවත්වී හමාරය..  ඒ සඳහා නිර්මාණ වලින් දායකත්වය දැක්වූ ඔබ සැමට බෙහෙවින් ස්තුතී.

  නිර්මාණ තරඟයේ ගුනාත්මක භාවය නැන්වීම සඳහා සංවිධායක මණ්ඩලය විසින් ගන්නා ලද නව තරඟ කොන්දෙසි කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මේම තීරණ හේතුවෙන් කිසියම් විදිහකින් නිර්මාණ කරුවකු අපහසුතාවයකට ලක්වී ඇත්නම් ඒ පිලිඹඳව සංවිධායක මන්ඩලය සමාව ඉල්ලා සිටින අතර බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ඔබ විසින් එවනු ලබන නව නිර්මාණ මින් පසු එවිය යුත්තේ සයිබර් සැනකෙලියට අයත් නිල ඉමෙල් ලිපිනය වෙතය. [ Facebook වෙත එවන්නට එපා ]

දැනටමත් ඔබ විසින් Face book වෙත එවනු ලැබූ ඔබගේ නිර්මාණය කරුණාකර සිහින උළෙල නිල ඉමෙල් ලිපිනය වෙත යොමු කරන්න.

සිහින උළෙල ඉමෙල් ලිපිනය  - cybernewyearfestival2011@gmail.com

තරග කොන්දේසි

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය.(යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරගෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2-ඕනෑම  මාතෘකාවක් යටතේ තරග වැදිමට අවස්ථාවක් ඔබට ඇත.

3-එක් තරග කරුවෙකු විසින් එක් නිර්මාණයක් පමණක් එවිමට කටයුතු කරන්න.

4-සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

5.තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.

ඔබ සැමගේ සාධාරනත්වය සලකා බලා නිර්මාණ වලට ලයික් කිරිමක් මගින් ලැබෙන ජන්දය වෙනුවට 

නිර්මාණ තීරක මණ්ඩලයක් වෙතට යොමුකර හොඳම නිර්මාණය තෙරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ 

නිර්මාණ තීරක මණ්ඩලය ලෙස 


  • Mr.  හෂීත අබේවර්ධන 
  • Mr.  එම්.ඩීන් [ ගල්මල්  ]
  • Mr. ඩබ්. ඒ . පී.  නිශාන්ත (වැප්)






කටයුතු කරනු ඇත.

සියලූම නිර්මාණ බාරගන්නා අවසන් දිනය 15/04/2012 වේ


17

මේ අවුරුදු කාලේ..හිනා වෙයන් රාලේ..ඩිස්ප්ලේ නැති මොනිටර් එක වාගේ..ලාල..ලාල..ලා.සයිබර් යායට උඩින් අපේ අවුරුද්ද...


අපි පොඩිකාලේ කොච්චර ආසද සෙල්ලම් කරන්ඩ...දැන් එහේම නෑ කියනව නෙමෙයි....මට තාම මතකයි අම්මල තාත්තලා ඉවසන්ඩ බැරි  තැන අපට තරවටු කරනව කොච්චරවත් සෙල්ලම මයි... පොතේ පතේ වැඩක් ඇත්තේම නෑ කියල..

ඔයාලටත් මතක ඇති නොවැ...

හෑබැ ඉස්කොලේ පලවෙනි වාරේ ඉවරවෙලා ලැබෙන මුල්ම නිවාඩුව තමා අවුරුදු නිවාඩුව...

මේ කාලේට නම් ලොකු ඈයො වැඩිය බලකරන්නෑ සෙල්ලම වැඩී කියල මොකෑ අලුත් අවුරුද්ද කියන්නේ ඒයාලත් හරි හරියට සතුටු වෙන කාලයක් නොවෑ....

ඉතින් අපේ සයිබර්යායේ ඉන්න කොල්ලො කෙල්ලොත් ගියවර වගේම මෙවරත් අවුරුදු මංගල්‍යය ඉහලින් සමරන්නට තමයි මේ සුදානම.

ඒ ලස්සන මොහොත උදාකරගන්න බර කරට අරන් කටයුතු කරන ඔයාලගෙම සහුර්ධයන්ට එක් වෙන්නට ඔබත් කැමතිනම් [ සංවිධාන කටයුතු සඳහා කැමති ඔබ සැම]

එන්න...

ලබන සෙනසුරාදා ඒ කිව්වේ 2012/03/10 වෙනිදා...

සවස 2.30 ට.

විහාරමහාදේවී උද්‍යානයට.

// විහාරමහාදෙවි උද්‍යානයේ..කොළඹ නගරසභා ප්‍රරිශ්‍රය ඉදිරිපස දොරටුව අසල ප්‍රධාන බුධ්ධ ප්‍රතිමාව ඉදිරිපසට//

ගියවර සිහිනය සැබැකරවන්නට මුල්‍ය ශක්තිය දුන්න..

ඒ බරෙන් අපව නිදහස් කරපු ඔයාලට..

මේවරත් ඒබර පටවන්නට අපේ සුදානමක් නැති උනත්...

අපට ශක්තියක් වන්නට ඔබ හැමවිටම සුදානම් බව අපි දන්නව...

එසේ අපිට හයියක් වෙන්න ඔබ කැමතිනම්…… 

ඔබේ සහයොගය පොදුවෙ කමෙන්ටුවකින් හෝ..

අපේ ඊමෙල් ලිපිනයට // cybernewyearfestival2011@gmail.com //   දන්වන මෙන්...

සහොදරත්වයෙන් ඉල්ලා සිටිමු.


ඒ වගේම පොඩි උදව්වක් ඉල්ලන්න අවශ්‍ය කණ්ඩායමකුත් ඉන්නවා...


ඒ තමයි සින්ඩි පවත්වාගෙන යන අය....


ඔබගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අපේ සංවිධායක මණ්ඩලයට එක් 


කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා..... 


ඔහුගේ හෝ ඇයගේ විස්තර  cybernewyearfestival2011@gmail.com


කියන විද්‍යුත් ලිපිනයට. 


යොමු කරන ලෙසද සියළු සිණ්ඩි හිමිකරුවන්ගෙන්, 


ඉල්ලා සිටින්නේ බොහොම කාරුණිකව... 
36

හැමෝමල එන්ඩෝ..... මෙන්න සයිබර් සිහින උළෙලේ ප්‍රථම තරගය ඇරඹුනා.....!!!



බක් මහ උළල තියෙන්නෙ අප්‍රේල් 22 දා...  ඒත් පලවෙනි තරගය ඔන්න අද පටං ගන්නවා.... ....

කට්ටිය බලනව ඇති ඒ කොහොමද  කියල...  ඒ  ඉතිං මෙන්න මෙහෙමයි...

මේක වුරුදු උත්සවයක් උනත් සංවිධානය වෙන්නෙ සයිබර් අවකාශය හරහා...  මේකට එන්න සයිබර් අවකාශයෙ මිතුරෝ... ඉතිං
මේක සාම්ප්‍රධායික  අවුරුදු උත්සවයක තියෙන ක්‍රමයට ටිකක් වෙනස් අවුරුදු උත්සවයක්... ...  අපේ කම රැකගෙන අලුත් දේ අරගෙන  කියල අර කවුද කියනවනෙ... අන්න එහෙමයි...

  බ්ලොග් අවකාශෙ උදවිය කියන්නෙ ඉතිං ලියන්න  කියන්න පුලුවන් උදවියනෙ... ඒක නිසා අනිත් තරඟ වගේ නෙවෙයි මේක බොහෝ දෙනෙක්ට සහාගී වෙන්න පුලුවන්...

මෙන්න මේකයි තරගෙ... 

තමන්ගෙම කියල සඳැසක් ,නිසදෙසක් , කතාවක් , චිත්‍රයක්, සිංදුවක්, නාට්‍යයි... මේ ඕනෙම දෙයක් මේ තරගය සඳහා වලංගුයි...

කරන්න තියෙන්නෙ තමන්ගෙ නිර්මාණය  මේ තරගය සදහාම විවෘත මූණූ පොතේ මෙන්න මේ ගෲපියේ  පලකරණ එකයි.... එක් අයෙක්ට ඕනෑම නිර්මාන සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නත් පුලුවන්..

ජයග්‍රාහකයා තෝරන්නෙ ලැබෙන වැඩිම ලයික් ප්‍රමාණය මගින්...  ජයක්ග්‍රාහකයාට 22 දා බක්මහ උළෙලේදි තෑගි ලැබේවි....

එහෙනං කට්ටියට තියෙන්නෙ   සයිබර් බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා සැකසූ ගෲපියට එකතුවෙලා තමන්ගෙ කියල කැමති මාද්‍යකින් නිර්මාණයක් කරල දාන එකයි....  දාල විතරක් මදි අනිත් අයගෙ නිර්මාණත් කියවල බලන්න.. මෙහි තරග කරුවනුත්...  විනිසුරු මඩුල්ලත් අපිමයි....

කට්ටිය නිර්මාණ දාගෙන දින ගැන ගැන ඉන්න අවුරුදු උත්සවේට... .. දින ගනින්න ලේසිම විදිය තමයි ඊලට  මේ  කියන්න හදන්නෙත්... දැක්කමෙ සයිබර් සැනකෙලි බ්ලොග් එකේ දකුණූ පැත්තෙ උඩ කෙලවර... අන්න ඒ විජෙට්ටුවට දාගෙන අවුරුදු උත්සවේට පොඩි සප් එක්ක් දෙන ගමන් තමන්ටත් අවුරුදු උත්සවේට තියෙන  දින ගාන මැනගන්න පුලුවන්...

මෙන්න කෝඩ් එක..

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=10,0,0,0" width="300" height="400" id="Timer" align="middle">
<param name="allowScriptAccess" value="sameDomain" />
<param name="allowFullScreen" value="false" />
<param name="movie" value="Timer.swf" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><embed src="http://www.bdnmv.com/cyber%20festival/Timer.swf" quality="high" wmode="transparent" width="300" height="400" name="Timer" align="middle" allowscriptaccess="sameDomain" allowfullscreen="false" type="application/x-shockwave-flash" pluginspage="http://www.adobe.com/go/getflashplayer" />
</embed></a></object>


දන්නෙ නැති අයට දාගන්න හැටිත් කියන්නම්...

අලුත් බ්ලොගර් ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන අයට..
ඩෑෂ් බෝඩ් එකේ Layout එකට ගිහින් එතන Add a Gadget තේරුවාම එන ලැයිස්තුවෙන් HTML/JavaScript කියන එක ‍තෝරගන්න ඕනි. ඊට පස්සෙ Content කියන තැනට සම්පූර්ණ කෝඩ් එක කොපි කරලා සේව් කරන්න.. වැඩේ ගොඩ..

පරණ ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන අය Layout වෙනුවට Design කියන එක ‍තෝරගන්න.. අනිත් එව්වා එහෙමමයි

මේකෙ අර  300 සහ 400 කියන අගයන් වෙනස් කරලා තම තමන්ගෙ බ්ලොග් එකට ගැළපෙන ගානට පළල උස වෙනස් කරගන්න පුලුවන්

 පළල සහ උස අතර අනුපාතය 3:4 පවත්වාගැනීමෙන් කොලිටිය එසේම තබාගත පුලුවන්.... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...


එහෙනං විජිට් එකත් දාගෙන ... තරගෙට නිර්මානෙකුත් කරලා දාලා... විජිට් එකේ තියෙන දින ගානත් ගැනගෙන ඉන්න.....



අප්‍රේල් 22දෙවනිදා කට්ටියම සෙට් වෙමු...
Back to Top