6

පරිසර හිතකාමී සිහින සයිබර් සැණකෙළියක් ..... මේ අනාගත ලෝකය වෙනුවෙන් ඔබේ පියවරයි...

මිනිසා හැමදාමත් දැනුම සොයා යන අනවරත ගමනක යෙදුනේ... ඒත් කවදා හෝ ඔබට සිතුනාද, මනුෂ්‍ය වර්ගයා ශතවර්ෂ ගණනාවක් අත්පත්කරගන්නට තැත් දැරූ ඒ ඥානය, කොයි තරම් අපූරුවට සොබාදම් මව සුසිනිඳු මල් පෙත්තක, උදෑසන වැටෙන පිණි බිඳුවක, දැනෙන නොදැනෙන ලෙසින් හමායන සුළං රැල්ලක සඟවලා තියෙනවද කියලා... ඔබට... කවදා හෝ ඔබට දැනිලා තියෙනවද ඇගේ අපරිමිත ආදරය... ඈ ඒ නොමසුරුව ලබාදුන් ආදරය වෙනුවෙන් ඔබත් මමත් මොනවද පෙරළා ඇයට ලබාදීලා තියෙන්නේ? සොබාදම් මව තුළ ඇති අපූර්ව සමතුලිතතාවය ඇයට අහිමි කලේ ඇගේම දරුවන්, මිනිස්සු... ඔබත් මමත් අයත්වන මනුෂ්‍ය වර්ගයා...

මේ වෙනකොට ලෝකයේ විවිධ තරුණ කණ්ඩායම් පරිසරය, මිහිතලය, සොබාදහම රැක ගැනීම වෙනුවෙන් සටන් වදිනවා... ඒ හා සම්බන්ධ උප සංස්කෘතීන් පවා බිහිවී තිබෙනවා... දැන් මේ කථාව කොතනින් කොහොමද සයිබරයේ සිහින බක්මහ උළෙලට සම්බන්ධ වෙන්නේ? සයිබර් අවකාශයෙන් මෙතෙක් දැන හඳුනාගෙන සිටි ආදරණීය මිතුරු මිතුරියන් රැසක් එක් වෙන මේ සුවිශේෂී අවස්ථාව සොබාදහම වෙනුවෙනුත් ඔබට යමක් කරන්නට හැකියාව ඇති අවස්ථාව කරගත්තොත්... එදිනට හිත් තුළින් ගලායන සතුට, ආදරය තවත් තලයකට ගෙනගොස් පරිසරය සමඟත් බෙදාහදා ගන්නට ඔබට හැකියාවක් තියෙනවා නම්... ඔබ, මම අප හැමගේම ජීවිතවලට නැවුම් අත්දැකීමක් එක් කරනා මේ සුවිශේෂී අවස්ථාව මිහිතලය රැකගැනීම වෙනුවෙන් ඔබට කරනට හැකි වැඩකොටසක එක් පියවරක් වේ නම්... එදින පරිසර හිතකාමී දිනයක් ලෙස සමරන්නට උත්සාහ ගන්නට අපට පිළිවනි නම්... ඒකයි මේ කථාවේ සම්බන්ධය.

අප්‍රේල් තුන්වන දින අපගේ සිහින සැණකෙළිය පරිසර හිතකාමී සුහද හමුවක් කරගැන්මට අපහසු නැහැ. ඒ සඳහා වැදගත් වනු ඇති උපදෙස් කිහිපයක් මේ.

කපු හෝ කපු මිශ්‍රිත ඇඳුම් කොයි තරම් පරිසර හිතකාමීද සහ කොයි තරම් සුවදායකද කියන එක ගැන ඔබට හොඳ වැටහීමක් ඇති. මතක තියාගන්න, "ඉරට හැතැප්මයි" කියන කතාව මේ දිනවල අර්ථවත් කියමනක්! 
අප පරිසරය හා සම්බන්ධ වන්නේත්, පරිසරය දූෂ්‍ය කරන්නේත් බොහෝවිට අප නොහිතන නොසිතන තැන්වලින්. ඔබ ගෙදරින් පිටවීමට පළමුව මතක ඇතිව සියළු විද්‍යුත් උවාරණ විසන්ධි කිරීම, පරිසර හිතකාමී අදහසක් වගේම හොඳ පිරිමැසුම් සැලසුමක්. 
පොදු ප්‍රවාහන මාධ්‍ය ගැන කොයි වගේ ආකල්ප අපේ හිත්වල තිබුනත් සමහර වෙලාවට ඒක එකම විකල්පය වෙනවා. එදිනට අපි හැමදෙනාටම පොදු ප්‍රවාහන මාධ්‍යයක් යොදාගන්න හැකිනම් වටිනවා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික වාහනයක් භාවිතා කරනවා නම් තවත් මිතුරු මිතුරියන් කීප දෙනෙක්ට ගමන් පහසුව සැලසීම, මිතුරුකම වර්ධනය වෙන්නට වගේම පරිසරය වෙනුවෙනුත් හොඳ ඉදිරි පියවරක් වෙනවා.
ජලය නැතිව ලෝකයේ රටවල මිනිසුන් දුක් විඳිනවා, උත්සව පරිශ්‍රය තුළ අනවශ්‍ය ලෙස ජලය නාස්ති නොකරන්නට සිහි තබාගන්න. ජල කරාම නිසි ලෙස වසා තබන්න. ජලය පිරිමසිමු, අනවශ්‍ය ජල නාස්තියෙන් වළකිමු.

පොලිතීන් සහ ප්ලාස්ටික් මඟින් පරිසරයට මඟින් සිදුවන හානිය නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකියි. එනිසා ප්ලාස්ටික් සහ පොලිතින් උත්සව පරිශ්‍රයට ගෙන නෝඒම සහ ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය උත්සව පරිශ්‍රයට මුදා නොහැරීම ඔබට කළ හැකි ඉහළම පරිසර හිතකාමී ක්‍රියාවක්. මඳක් නිර්මාණශීලී වන්න. ප්ලාස්ටික් සහ පොලිතින් වලට ආදේශක සොයාගැනීම අපහසු කාර්‍යයක් නොවෙයි.

ඔබ කසල නියමිත පරිදි බැහැර කරනවාද කියා කවුරුවත් ඔබ දෙස බලාසිටින්නේ නැහැ. එනමුත් එය ඔබ සහ ඔබගේ හෘදය සාක්ෂිය අතර ගනුදෙණුවක්. ඔබ ඉවත ලන කසල හෝ අපද්‍රව්‍ය ඔබ සමඟින්ම තබාගන්න, නියමිත පරිදි කසල බඳුනක් හමුවූ විට ඔබට ඒවා ඉවතලන්නට හැකියි.
ලෝකයේ හැම මොහොතකම ආහාර නැතිව මිනිසුන් මියයනවා. ඒ බව මතක තබාගන්න. ආහාර අපතේ නොහරින්න. ආහාර ඉතිරි වේ නම් එය වෙනත් කෙනෙකු හා බෙදාහදාගන්න, එසේ නොමැතිනම් කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිනි නිවීමට එය අවස්ථාවක් කරගන්න.

ගහක් නසන්නට මොහොතකට වඩා ගත නොවුනත් ගහක් හදන්නට සමහරවිට තවත් ජීවිතකාලයක් වැය වෙනවා. උත්සව පරිශ්‍රයේ ගහකොළ, වෘක්ෂලතාදියට හානි පැමිණවීමෙන් වලකිමු.
උත්සව පරිශ්‍රයේ සිටිනා සියළුම සත්වයන්ට සමාන ගෞරවයෙන් සලකන්න.මේ කුලකයට ඔබත්, එදිනට ඔබ හා එක්වෙන ඔබගේ මිතුරු මිතුරියන් ද ඇතුළත්. හඳුනන නාඳුනන කිසිම ප්‍රාණියෙක් තමන්ව අගෞරවයට ලක්කරනවාට හෝ නිසි සැලකිල්ල නොදක්වනවාට කැමති නැහැ.

එදින පරිසර හිතකාමී සුහද හමුවක් කරන්නට ඔබගේ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ඔබ ගැනම අභිමානවත් වන්න, ඒ ගැන ඔබ වටා සිටින්නන් දැනුවත් කරන්න, පණිවුඩය පතුරුවා හරින්න.

අප්‍රේල් මාසයේ තුන්වෙනිදා හමුවෙන ඔබත් මමත් මිතුරන්, වඩා ලස්සන ලෝකයක් වෙනුවෙන් සිහින දකින, සහෝදර බැඳීමකින් එක් වුනු, එකම අදහසක කොටස් කරුවන් වුනු වෙනස් වෙනස් මිනිසුන්...සොබාදහමට ප්‍රේම කරන්නට, ඇයව සුවපත් කරන්නට ඔබ තබන මේ පියවර අනාගතයේ බිහිවන සුන්දර ලෝකයක පළමු පියසටහන් වනු ඇති... ඔබ එදින හමුවීම අවසන, ආත්ම තෘප්තියක සුන්දර සටහන් සිතේ දරාගෙන ආපසු යනු ඇති... මේ පියවර, සයිබර් අවකාශයෙන් මිතුදම් සඳහා අඩිතාලම දමා සහෝදර සහෝදරියන් වුනු ඔබේත් මගේත් ජීවිත මෙතැන් සිට වෙනස් කරනු ඇති... ඔබ සුරකින්නේ අප හැමගේම මවයි... මේ අභිමානවත්, තෘප්තිමත් හැඟීම ඔබේත් මගේත් වෑයමේ ප්‍රතිඵලයයි...

Forget not that the earth delights to feel your bare feet and the winds long to play with your hair.  ~Kahlil Gibran

ලියා එව්වේ ~ හිපියා
ස්තුතිය: ​​​Dee
7

රියල්ම තරඟ අවස්තාවක්...

සුපිරි තරු පායන්නේ රූප පෙට්ටියේ විතරද ? පරිගණක තිරයෙන් එකතු වූ සොඳුරු සිත් අතරෙන් සිහින කුමරෙකු කුමරියක බිහි නොවනු ඇතිද ?

මේ රියෑලිටි අත්දෑකීමක් නොවේ...රියල්ම තරඟ අවස්තාවක්... අපහාස උපහාස නැති , විනෝදාත්මක ඉවෙන්ට් එකක්.  පුංචි මිනිසුන් වුනු අපේ ලොකු අරමුණක්... ඉතින් ලෑජ්ජාවක් කුමටද ? හෑමදාම සිතින් බොහෝ ලං වූ අපි අපිම නෙව මේ ... නගාලාට විශේශයෙන් ලියන්නේ.... එක මයික් එකක් මගෙ අතේ... කාටවත් මඩ අපහාස උපහාස වෙන්ට ඉඩක් නැත.. අපේ පුංචි ඉසවුවට සහභාගිත්වය සනාථ කර අපිට සහයෝගය දෙන්න...

සිහින සයිබර් සෑනකෙලියේ විනෝදයට එකතු වෙන්න... සිහින කුමරා කුමරියට ලියාපදිංචි වී එදාට අපිත් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න එකතු වෙන්න. එච්චරයි. පංච කල්‍යාණියන් හොයා කරන මහ මෙහෙයුමක් නෙමෙයි මේ. 'රෙදි හැට්ට සරොම් ඕනේ නැත... කවි කියන්ට නටන්ට ගයන්ට කියා වේදිකාවේ කරදර නොකරමු... :) හුදෙක් සුහද රසාස්වාදනීය ඉසවුවක් මිස පෙර හෝ පසු මඩ ගැසීමක් නැත...

එකතු වෙන්න...

ඔන්න ගිහින් කියවන්න තරඟ විස්තර...
http://cyberfestival.blogspot.com/2011/03/blog-post_23.html

හා දැන් ඉතින් ලැජ්ජ නොවී මේකෙ රෙජිස්ටර් වෙනවද තරහ නැතුව ? :)
https://spreadsheets.google.com/embeddedform?formkey=dEJkZ3ZTcFl3LWU1TWpnQ3owS3JLbUE6MQ

අනේ නගෝ , අක්කෝ.. ඔය හැටි සීරියස් ගන්න එපා ඉතින්. හා දැන් හොඳ ලමයි වගේ මේකෙ ලියාපදිංචි වෙන්න... :) 



 ලියා එවුවේ - ජීවිතේ මල්
23

සයිබ‍රයේ සිහින කුම‍රා සහා කුම‍රිය

කම්පියුටර් මොනිටරයේ අඟල් ගානකට කොටු වෙලා ඩිජිටල් අකුරු වලින් හිත් ලන් කරගත්ත යහලු යෙහෙලියන්ට සැබෑවටම එකතු වෙලා විනෝද වෙන්න අවස්තාවක් ඇවිත්. ඒ තමයි සයිබර් සිහින බක්මහා උළෙල. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 3 වෙනිදා තිඹීරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්තාවට් එක්ක එකතු වෙන්න පුලුවන්කම තියෙනවා. කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. දැන්ම මෙතනට ගිහින් ඔයාලා එනවා කියලා ලියාපඳිංචි වෙන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න. ඇලුත්වීමේ ටිකට් පත පුංචිම පුංචි රුපියල් 100ක් විතරයි. නමුත් ඒ 100ට හිලවු විදියට ලැබෙන දේවල් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි. නොදුටු මිතුරි මිතුරියන් එක්ක එකතු වෙලා, තරඟ වලට සහභාගී වෙලා, අපි දෙන රසවත් දිවා අහාරය භුක්ති විඳලා, ඩීජේ සංගීතයට නටලා විනෝද වෙන්න හම්බ වෙනවද කවදාවත් රුපියල් 100කට.

එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම් කරලා තියෙනවා. අවුරුදු උත්සවයක් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නෙ මොකද්ද?
අවුරුදු කුමාරයා, අවුරුදු කුමාරි.
ඔව්. අවුරුදු කුමාරයාවයි අවුරුදු කුමාරයි තෝරන්නෙ නැති අවුරුදු උත්සවයක් තියෙනවද? ඔන්න ඒ නිසා අපිත් සූදානම් සයිබර් සිහින බක්මහ උළෙලෙදි ඒ විශේෂ තරඟයටත් ප්‍රධාන තැනක් දෙන්න. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. ඒක නිකම් වෙනසක් නෙවෙයි සුවිශේෂි වෙනසක්. මොකද මේ මුලු උත්සවයම සුවිශේෂියිනෙ. අපි තෝරන්නෙ නිකම්ම නිකම් අවුරුදු කුමාරයා, කුමාරි නෙවෙයි. ඒ වගේම තරඟය පවත්වන රටාවෙත් ලොකූ වෙනසක් තියෙනවා. හරි හරි. කලබල නොවී ඉන්නකො. මන් මේ හදන්නෙ දැන් ඒ ගැන සේරම පැහැදිලි කරන්න තමයි.

අවුරුදු කුමාරයා, කුමාරි කිව්ව ගමන් මතකෙට එන්නෙ බතික් කමීසයයි සරමයි ඇඳගත්ත කොල්ලන්වයි, රෙද්ද හැට්ට ඇඳගත්ත කෙල්ලන්වයිනෙ. ඒක තමා සාම්ප්‍රධායිකව ඒ තරඟය පවත්වාගෙන ආ විදිය. ඒත් මෙතන ඊට වෙනස්. අන්න ඒකයි මන් කිව්වෙ මේක ඉතා සුවිශේෂියි කියලා.
අපි තෝරන්නෙ සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. ඉතින් සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙට ඉදිරිපත් වීම ගැන ඔබ දෙවරක් සිතාබැලීම අවශ්‍ය වන්නෙ නෑ. ඔබට අවශ්‍ය එකම සුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා ඒ ගැන කිසිම විටක බිය යුතු නෑ. මන් මුලින්ම කිව්වනෙ. මේක සාම්ප්‍රධායික අවුරුදු කුමර කුමාරි තරඟයක් නෙවෙයි. මේක ඉතම සරලයි. නමුත් අවසානයේදී ජයග්‍රාහකයින්ට අත් වෙන කීර්තියනම් සුලුපටු නැහැ. කවුද අකමැති සයිබරයේ සිහින කුමරා වෙන්න. එතකොට සයිබරයේ සිහින කුමරිය විදියට කිරුලු පලඳින්න.

මේක ඔයාලට හම්බ වෙන ඉතාම දුර්ලභ අවස්තාවක්. ආයේ මේ වගේ අවස්තා නොලැබෙන්නත් පුලුවනි. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.
දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?
ඔයාලට ඔය වගේ ගැටලුවක් එන්න පුලුවන්. ඉන්න මන් කියන්නම්. මෙහෙමයි අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙ පොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.


තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැනත් මන් පොඩ්ඩක් කියන්නම්.
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට 4කින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ.
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.

ඔන්න ඔහොමයි ත‍රඟය පැවැත්වෙන්නෙ. තරඟයෙන් ජයග්‍රහණය කරන වාසනාවන්තයාට හා වාසනාවන්තියට වරම් ලැබෙනවා පළමු වතාවට සයිබරයේ සිහින කුමරා හා සයිබරයේ සිහින කුමරිය වශෙයෙන් කිරුලු දරන්නට.
එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්න එන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.

පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී, හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම ත‍රඟය පිලිබඳ යම් ගැටලුවක් වෙතොත් පහත දුරකතන අංකයට අමතන්න.
අනුරාධ - 0775691443
35

අවුරුදු උත්සවය ගැන ගොඩාක් දේවල් දැන ගන්න එන්න..........

ශ්‍රී ලාංකික සයිබර් අවකාෂය තුල උදාවන අති සුන්දරම දිනය ලෙස එළි බැසීමට මග බල බලා සිටින සයිබරයේ සිහින උළෙල පිළිබඳව වැඩි විස්තර ඔබට කියන්නයි මේ අපි සූදානම් වෙන්නේ..... පසුගිය දින කිහිපය තුල අප වෙත පැමිණි දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි වගේම ෆේස්බූක් පණිවිඩ තුලින් ද සයිබර් සිහින උළෙල පිළිබඳව ඔබ තුල වූ උනන්දුව ඉතා පැහැදිලිව අපි දැක්කා.... ඔබ දක්වන ඒ උනන්දුව ඇත්තටම අපිට ශක්තියක්.... හරි අපි කෙළින්ම කතාවට එමු......


2011 වසරේ මාර්තු මස 16 දින අපි ඔබ වෙනුවෙන් වූ ආකෘති පත්‍රයක් සයිබර් අවකාශය පුරා විහිදුවා හැරියා.... එහි ප්‍රථිපල අපි සිතුවාටත් වඩා ඉතා දුර ගිහින් තිබෙන බවක් තමයි අපට පෙනෙන්නේ.... අද 21 වනදා...... දින පහක් ඇතුලත සයිබර් සිහින උළෙලට පැමිනීම ස්ථිර කල සහෝදර සහෝදරයින් 211ක් මේ වෙනකොටත් ලියාපදිංචි වී අවසන්.... ඔබත් තවම ඒ සදහා ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියා පදිංචි වන්න... හේතුව වන්නේ එම ලියාපදිංචි වීම ස්ථිර නොකර සිටින කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩාංගනය තුලට පැමිනීමට කිසිදු අවස්ථාවක් සංවිධායක මණ්ඩලය විසින් ලබා නොදීමයි.... එබැවින් ඔබ වෙත ලබා දෙන රහස්‍ය අංකයට අදාලව ඔබ විසින් ලබාදුන් තොරතුරු පැවසීමෙන් ඔබට සයිබරයේ සිහිණ සැණකෙලියේ කිමිදෙන්නෙකු බවට පත්විය හැකියි...... ඉතින් සයිබරයේ සිහින උළෙලේ ඔබ පුල පුලා බලා සිටින තොරතුරු මෙන්න......



දිනය සහ වෙලාව :


2011 අප්‍රේල් මස තුන්වන ඉරුදින පෙරවරු 09.30 සිට දවස පුරා


ස්ථානය :


හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය, කොළඹ 05. (තිඹීරිගස්යාය.)



පැමිණීම


සයිබර් අවකාශය පුරා පතුරවා ඇති ආකෘති පත්‍රය පුරවා එවීමෙන් හා ඒ සමගම ඔබගේ විද්‍යුත් ලිපිනයට එන ලිපියෙන් එම පැමිනීම ස්ථිර කරන්න... ඒ සමගම ඔබට රහස්‍ය අංකයක් ලබා ගත හැකියි.... එම අංකය එදින දොරටුවට ඉදිරිපත් කිරීමෙන් ඔබගේ ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකියි...



අය කිරීම්


ඇතුල් වන සියළුම දෙනාගෙන් රුපියල් සියයක (රු.100.00) මුදලක් අය කෙරේ.... 


(මීට අමතරව දිලුම් හෙවත් අපේ ඉලංදාරියාට ආධාර පිණිස තබා ඇති අධාර පෙට්ටියට ඔබට හැකි පමණින් දායකත්වය ලබා දෙන්නේ නම් ඉතා කෘතඥ වෙමු... මේ සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන සැමට අපගේ ආදරණීය සොයුරියක් වන අරුණි ශෙපීරෝ සොයුරිය විසින් රචිත වටිනා ග්‍රන්ථයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.)



පහසුකම්


දිවා ආහාරය සමගින් මිලිලීටර් 500 වතුර බෝතලයක්  සහභාගී වන සැමට ම සැපයීමට බලාපොරොත්තු වෙමු.


හවස දෙකට ඔබගේ විඩාව නිවීම සඳහා කේක් සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතව ඇත.. ( මේ සඳහා පූර්ණ අනුග්‍රහය අරුණි ශෙපීරො සොයුරියගෙනි..)


වටිනා අවස්ථා


ප්‍රවීණ මනෝවිද්‍යා ලේඛක සුමනදාස සමරසිංහ ශූරීන්ගේ  මිනිස් සිතේ හාස්කම්, ඉලක්කය හඹායන චිත්ත බලය, නොවරදින එකම මඟ වැනි ජනප්‍රිය මනෝ විද්‍යාත්මක පොත් එදින මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.



ලොතරැයි දිනුම් ඇදීම :


වටිනා ත්‍යාග රැසක් ඔබට හිමි කරගැනීමේ අවස්ථා මෙයින් උදාවෙනු ඇත.




පැවැත්වෙන ක්‍රීඩා : 


මීටර් 100 ගැහැණු (කේවල)
මීටර් 100 පිරිමි (කේවල)

බෑලුම පෑගීම

බනිස් කෑමේ තරඟය (කේවල)
විල්බැරෝ රේස් (යුගල)

සංගීත තොප්පි තරඟය (කේවල)

පත්තර පිටුව මත නැටීම (නර්තන අංගයකි) (යුගල)
අලියාට ඇස තැබීම (කේවල)

තුන් පා දිවීම (යුගල)
 

බැලුම් පිපිරවීම (කේවල)
අවුරුදු කුමරිය තේරීම (කේවල)

කණා මුට්ටි බිඳීම (කේවල)

ලබුගෙඩියේ ඇට ගනන් කිරීම
පෙට්ටියේ රහස

සැගවුනු අමුත්තා සෙවීම

යෝගට් කැවීම (යුගල)
කඹ ඇදීම (සමූහ)

අවුරුදු කුමාරයා තේරීම (කේවල)
 



ත්‍යාග


සෑම තරගයකම ප්‍රථම ස්ථාන දිනන ජයග්‍රාහකයන්ට පමනක් සරසවි පොත් හලෙන් රුපියල් 500.00ක ත්‍යාග වවුචර හිමි වෙනු ඇති..



සුහද හමුව :


ඩීජේ සංගීතයත් සමඟ පස්වරු දෙකට ඇරඹෙනවා ඇත...


ඉහත කරුණු සංවිධායක මණ්ඩලයේ අදහස පරිදි යම් යම් වෙනස්වීම් වලට භාජනය කරණු ලබන අතර සිහින උළෙලේ සියළු අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වේ.....


පොලිතීන් හා ප්ලාස්ටික් උපකරණ සිහින උළෙල පරිශ්‍රයට ගෙන ඒමෙන් වැලකී සිටින ලෙසට මෙන්ම සියළු අපද්‍රව්‍ය සුදුසු තැන් වලට බැහැර කිරීමටද ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස මෙම කර්තව්‍යය අවසන් කිරීමට ඔබ දක්වන සහයෝගය ඉතා අඟේ කොට සලකමු.




එහෙමනම් අප්‍රෙල් තුන් වෙනිදා මුණ ගැසෙමු.... ඊට කලින් බ්ලොග් අවකාශයේදී මුණ ගැසෙමු... 
8

සතුටු වෙමුද එකතු වෙලා......

ගහපං යකෝ...
මොකටද බොල ගහන්නේ....
ගහපිය.. වමට.....
නෑ නෑ.... එපා එපා... දැන් වරෙන් දකුණට...
දකුණට වැඩී බං.. ටිකක් ඉස්සරහට පලයන්..
දැන් කැරකියන්..
ඔහෙට නෙමේ බං... දකුනට කැරකියන්
පිස්සුද බොල.. වමට කැරකියන්..
ආහ්.. කැරකුනා වැඩී බොල.. චුට්ටක් දකුනට හැරීයන්..
වැඩී වැඩී.. වමට...... වමට.....
ආහ්.. දැන් ඔලුව උඩ....
වැටෙයි යකෝ... දැන් ඔලුව උඩමයි.........
අඩේ ගහපං......... ගහපං......
එපා එපා.. පස්සට වරෙන්..
නෑ බං.. ඔහොම ගහපං..
අඩේ.. ගහපං.. හුරේ...........................
ගැහුවා නේද බොල..
නිල් වතුර හැම තැනම.. මදෑ කොලෑ ඉතින්....



එන්න අපේ අවුරුද්දට.. බිදිමි බිදිමු කනා මුට්ටි
ඇස තබබින් අලියා මැදට - හූ කියන්න ව‍ටේ ඉදන්
එක්රොක් වී දවස පුරා - සිනා සලා සතුටු වෙලා
අවුරුදු සිරි එකතු විලා - සතුටු වෙමුද එකතු වෙලා......


ලි
යා එවුවේ - පසන් මධුරංග
28

එන්න.... රොත්ත පිටින් චට්නි හදන් එන්න..............



පුංචි කාලයක් යටපත් වෙලා තිබුනු සොඳුරු සිහිනය ආයෙමත් පෙනෙන්න පටන් අරගෙන.. සිහිනය දකින්න හරියටම දවස් 18යි.... කට්ටිය දුවගෙන එන්න.... අපේ සිහින බක්මහ උළෙලට ගොඩ වදින්න... දැන් කියන්න යන්නේ ඒ ගැන සම්පූර්ණ විස්තරය....

ඔක්කොටම කලින් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වෙන්න.... 




ඊට පස්සේ ඔබට විද්‍යුත් තැපෑලෙන් එන අංකය කොහෙ හරි ලියාගන්න, නැත්නම් සේව් කරගන්න... මොකද ඒ අංකය මත තමයි ඔබට එහි පිවිසීම තීරණය කරන්න වෙන්නේ.... අපි කරන අහිංසක වෑයම සාමකාමීව ඉටු කර ගැනීම සඳහා ගත්තා වූ මේ ප්‍රයත්නයට ඔබේ සහයෝගය ඉතා ඉහලින් අපි බලාපොරොත්තු වෙනවා...

මෙන්න අනෙක් කාරණය... ඔබ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටි පරිදි තම තමන්ගේ බ්ලොග් වල පල කිරීමට බැනර් එකක් ලබා දෙන්න සංවිධායක කමිටුව තීරණය කරලා තියෙන්නේ.... පහත කෝඩ් එකෙන් එම බැනරය ඔබේ බ්ලොග් අඩවියට ගැලපෙන ප්‍රමාණයට අනුව ඇතුලත් කරගන්නට පුළුවන්..... එය ඇතුලත් කිරීමෙනුත් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්නට පුළුවන්....


සාමාන්‍ය ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber.jpg" border="0"></a>


මධ්‍යම ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber250.jpg" width="250" height="311" border="0"></a>

අහ්...අමතක උන තවත් කාරණයක් තියෙනවා... ඒ තමයි අපිට අනුග්‍රාහක මහතුන් සොයන එක.. ප්‍රධාන අනුග්‍රහය රුපියල් 100000.00ටත් සම අනුග්‍රාහකත්වය රුපියල් 25000.00 ටත් මිළ නියම වෙලා තියෙනවා... ඒ වගේම ප්‍රචාරක බැනර රුපියල් 10000.00 ක අය කිරීමකින් පසු ප්‍රදර්ශනය කරන්නයි සූදානම් වෙන්නේ.... තම තම හැකි පමණින් දෙන ප්‍රදානයන්ද භාර ගැනීමට අවශ්‍ය කටයුතුත් අප සලස්වා තිබෙනවා.. අවශ්‍ය ලියකියවිලි කලින් දන්වා තිබූ දුරකතන වලට ඇමතීමෙන් ලබාගත හැකිවේවි... මේ සමගම කිව යුතු තවත් දෙයක් තියෙනවා... මේ එකතු වෙන මුදලින් අපේ මේ සිහින බක්මහ උළෙලට අවැසි වියදම් දැරුවාට පසුව ඉතිරිවන සම්පූර්ණ මුදල සිහින බක්මහ උළෙලේ  සුපින්බර අරමුණ වන දිලුම්ගේ (ඉලංදාරියාගේ) ශළ්‍යකර්මය වෙනුවෙන් ලබාදෙන්නට තීරණය කර තිබෙනවා....

එහෙමනම් අද කිවයුතු ටික අවසන්.... අවුරුදු ක්‍රීඩා කරලා ඩීජේ සංගීතයට නටලා කවදාවත් නොදැකපු අපි අඳුරගෙන විනෝදයෙන් දවස ගෙවන්න ඔබත් පැමිනෙයි කියලා අපි විශ්වාස කරනවා.. අද පටන් දින දෙකකට වරක් සයිබරයේ සිහින බක් මහ උළෙලෙහි නිළ බ්ලොග් අඩවිය වන මෙම අඩවිය යාවත්කාලීන වේවි... සෝදිසියෙන් ඉන්න.... ජීවිතයේ අමතක නොවන තවත් දිනයකට පා නගන්න සූදානම් වෙන්න.... 


Back to Top