3

සයිබර් සිහිනය දකින්න සූදානම් ද?

අපි කලින් දවසක කිව්වා වගේම;
 සයිබර් සහෝදරත්වයේ ප්‍රේමනීය ඉසව්ව
සයිබර් සිහින බක්මහ උළෙල 2016 
2016 අප්‍රේල් මාසෙ 30 වෙනි සෙනසුරාදා උදේ 9.00 ට අපිට පුරුදු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දෙ ලැබෙන තෑගි බෝග වලත් පොඩි වෙනසක් තියේවි. එදා කිව්ව විදියටම ටිකක් වෙනස් විදියේ අවුරුදු උත්සවයක් පවත්වන්නයි සංවිධායක මණ්ඩලය සූදානම් වෙන්නෙ.

බ්ලොග්කරුවන්ගේ වැඩක් විදියට 2011 අවුරුද්දෙ පටන්ගත්ත සයිබර් සිහින බක්මහ උළෙල මේ අවුරුද්ද වෙනකොට බ්ලොග් වලින් එහාට ගිහිල්ලා ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන අයත් දායක වෙන අවුරුදු උත්සවයක් බවට පත් වෙලා. ෆේස්බුක් ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන කිහිප දෙනෙකුත්, එදා ඉඳලා සයිබර් සිහින උළෙල යථාර්ථයක් කරන්න වෙහෙසුනු සංවිධායක මණ්ඩලයේ කට්ටියත් එකතු වෙලා තමයි මේ අවුරුද්දෙ අවුරුදු උත්සවය සැළසුම් කරන්නෙ.

එහෙනං මේ කියන්න යන්නෙ කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා. එක්කෝ මේ පෝස්ට් එකේ මෙන්න මෙතන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම සයිබර් සිහින බක්මහ උළෙල නිල ඉවෙන්ට් එකේ tickets available කියන තැන ක්ලික් කරලත් ලියාපදිංචි වෙන්න පුළුවන්. අැයි තව අපේ පේජ් එකේ? ඒකෙ Book Now කියල තියන බොත්තම එබුවත් ලියාපදිංචි වෙන්න පුළුවන්.



අැතුල් වීමේ ගාස්තුව රුපියල් 250 යි. දවල් කෑම වගේම වතුර බෝතලයකුත් ඔබට නොමිලේ ලැබෙනවා. එන්න අදහසක් තියෙනවා නම් ෆෝම් එක පිරවීම වගේම ෆෝම් එක පුරවලත් එන්න විදියක් නැත්නම් දවසකට දෙකකට කලින් දැනුම් දීමත් අපේ වැඩ කටයුතු පහසු කරවනවා. ෆෝම් එක පුරවන්නෙ නැතුව එදාට එන්න හිතං ඉන්න කීප දෙනෙකුට අවස්ථාව තියෙයි. ඒත් කෑම බීම වල අඩුපාඩු වෙන්න පුළුවන් නිසා කලින් ලියාපදිංචි වෙන එක කෝකටත් හොඳයි.

මේ අවුරුද්දෙ සයිබර් සිහින උළෙල ට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය රිදම් FM. අනිත් අනුග්‍රාහක භවතුන් ගැන ඊළඟ පෝස්ට් එකේ කියන්නං. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං cybernewyearfestival2011@gmail.com කියන අපේ නිල ඊ මේල් ලිපිනයට මේලක් එවන්න. නැත්තං පේජ් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. 

තවත් විස්තර එක්ක අායෙත් පෝස්ට් එකකින් හමු වෙමු.

16

මතකද? ......... සයිබර් සිහින බක්මහ උළෙල 2016

අවුරුදු කාලෙ ළඟ ළඟම එනවා. මාර්තු මාසෙ වෙනකොට සිංහල භාෂාවෙන් අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග් ලියන, කියවන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. පහුගිය අවුරුදු පහ තිස්සේ හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ දවසක බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය, සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වුණා. මේ අවුරුද්දෙ අවුරුදු උත්සවේ නැද්ද? මොකද මෙච්චර පරක්කු? එක එක්කෙනා අහනවා. 

නෑ... එහෙම නවත්තන්න පුළුවන් ද? මේ අවුරුද්දෙ හය වෙනි වතාවටත් සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. හැබැයි පුංචි වෙනස්කම් කීපයක් එක්ක. පළවෙනි වෙනස තමයි මේ අවුරුද්දෙ බ්ලොග්කරුවන් විතරක්ම නෙමෙයි සයිබර් සිහින බක්මහ උළෙල වර්ණවත් කරන්නෙ. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි භාවිතා කරන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට දායක වෙන්න පුළුවන්.

තව තව අළුත් වෙනස්කම් ගැන පහු පහු වෙනකොට දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් පාවිච්චි කරන හැමෝම
අපේ්‍රල් මාසෙ 30 වෙනි සෙනසුරාදා 
දිනේ වෙන් කරල තියාගන්න. වසරේ වඩාත් නිර්මාණශීලි අළුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න අදහස් කරනවා නං එදා තමයි දවස.

තවත් විස්තර එක්ක ඉදිරියේදි හමුවෙමු.... 

අපි,
අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය
බ්ලොග් අවකාශයේ මිතුරෝ
cybernewyearfestival2011@gmail.com


Back to Top