Wednesday, March 16, 2011

එන්න.... රොත්ත පිටින් චට්නි හදන් එන්න..............



පුංචි කාලයක් යටපත් වෙලා තිබුනු සොඳුරු සිහිනය ආයෙමත් පෙනෙන්න පටන් අරගෙන.. සිහිනය දකින්න හරියටම දවස් 18යි.... කට්ටිය දුවගෙන එන්න.... අපේ සිහින බක්මහ උළෙලට ගොඩ වදින්න... දැන් කියන්න යන්නේ ඒ ගැන සම්පූර්ණ විස්තරය....

ඔක්කොටම කලින් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වෙන්න.... 




ඊට පස්සේ ඔබට විද්‍යුත් තැපෑලෙන් එන අංකය කොහෙ හරි ලියාගන්න, නැත්නම් සේව් කරගන්න... මොකද ඒ අංකය මත තමයි ඔබට එහි පිවිසීම තීරණය කරන්න වෙන්නේ.... අපි කරන අහිංසක වෑයම සාමකාමීව ඉටු කර ගැනීම සඳහා ගත්තා වූ මේ ප්‍රයත්නයට ඔබේ සහයෝගය ඉතා ඉහලින් අපි බලාපොරොත්තු වෙනවා...

මෙන්න අනෙක් කාරණය... ඔබ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටි පරිදි තම තමන්ගේ බ්ලොග් වල පල කිරීමට බැනර් එකක් ලබා දෙන්න සංවිධායක කමිටුව තීරණය කරලා තියෙන්නේ.... පහත කෝඩ් එකෙන් එම බැනරය ඔබේ බ්ලොග් අඩවියට ගැලපෙන ප්‍රමාණයට අනුව ඇතුලත් කරගන්නට පුළුවන්..... එය ඇතුලත් කිරීමෙනුත් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්නට පුළුවන්....


සාමාන්‍ය ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber.jpg" border="0"></a>


මධ්‍යම ප්‍රමාණය


<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber250.jpg" width="250" height="311" border="0"></a>

අහ්...අමතක උන තවත් කාරණයක් තියෙනවා... ඒ තමයි අපිට අනුග්‍රාහක මහතුන් සොයන එක.. ප්‍රධාන අනුග්‍රහය රුපියල් 100000.00ටත් සම අනුග්‍රාහකත්වය රුපියල් 25000.00 ටත් මිළ නියම වෙලා තියෙනවා... ඒ වගේම ප්‍රචාරක බැනර රුපියල් 10000.00 ක අය කිරීමකින් පසු ප්‍රදර්ශනය කරන්නයි සූදානම් වෙන්නේ.... තම තම හැකි පමණින් දෙන ප්‍රදානයන්ද භාර ගැනීමට අවශ්‍ය කටයුතුත් අප සලස්වා තිබෙනවා.. අවශ්‍ය ලියකියවිලි කලින් දන්වා තිබූ දුරකතන වලට ඇමතීමෙන් ලබාගත හැකිවේවි... මේ සමගම කිව යුතු තවත් දෙයක් තියෙනවා... මේ එකතු වෙන මුදලින් අපේ මේ සිහින බක්මහ උළෙලට අවැසි වියදම් දැරුවාට පසුව ඉතිරිවන සම්පූර්ණ මුදල සිහින බක්මහ උළෙලේ  සුපින්බර අරමුණ වන දිලුම්ගේ (ඉලංදාරියාගේ) ශළ්‍යකර්මය වෙනුවෙන් ලබාදෙන්නට තීරණය කර තිබෙනවා....

එහෙමනම් අද කිවයුතු ටික අවසන්.... අවුරුදු ක්‍රීඩා කරලා ඩීජේ සංගීතයට නටලා කවදාවත් නොදැකපු අපි අඳුරගෙන විනෝදයෙන් දවස ගෙවන්න ඔබත් පැමිනෙයි කියලා අපි විශ්වාස කරනවා.. අද පටන් දින දෙකකට වරක් සයිබරයේ සිහින බක් මහ උළෙලෙහි නිළ බ්ලොග් අඩවිය වන මෙම අඩවිය යාවත්කාලීන වේවි... සෝදිසියෙන් ඉන්න.... ජීවිතයේ අමතක නොවන තවත් දිනයකට පා නගන්න සූදානම් වෙන්න.... 


28 comments:

  1. ඔන්න මමත් මගේ බ්ලොග් එකේ බැනර් පොඩ්ඩක් එල්ලුවා

    ReplyDelete
  2. මමත් බැනර් එක එල්ලුවා අයියා

    ReplyDelete
  3. ඔක්කොටම කලින් මෙතනට ගිහින් ලියාපදිංචි වෙන්න....

    athana tiyna Link aka www.blogger.com na akn Mokda karanna kiynna ?

    ReplyDelete
  4. @ඇනෝ
    ඒක වැරදිමක්..එතන වෙන්න ඔනේ "පහත ෆෝරමයි පුරවන්න" කියන එක

    ReplyDelete
  5. ඕන් මමත් බැනර් එක දැම්මා.
    ඒත් තව දින 18යි කියලනේ තියෙන්නේ . .
    එතකොට හෙට වෙන එකක් දාන්න ඕනද??
    මීට වැඩිය වෙනස් එකක් නිර්මානය කලා නම් හොඳයි.
    තියෙන තැන කන්ටෑක්ට් නම්බර් එහෙම දාලා මොකෙඔ කියන්නේ?

    ReplyDelete
  6. ඒක update වෙනවා දුකා අයියා දවස ගානේ....

    ReplyDelete
  7. ආ එහෙනම් කමක් නෑ
    කොයි එකටත් අර විස්තරත් ඒ ඉමේජ් එකටම දාන්න ඇහැක් නම් හොඳයි නේද

    ReplyDelete
  8. අපි එනවෝ......ජය වේවා!!!

    ReplyDelete
  9. ඔන්න එහෙනම් මමත් දැන්වීම අපේ ගෙදර ඉස්සරහ හැමෝටම පේන්න දැම්මා....

    ජය වේවා...!

    ReplyDelete
  10. මුලින්ම ඔන්න මමත් බැනර් එක ඩදැම්මා.......

    මගෙ සුබපැතුම්.........., වැඩේ එලකිරි වගේ කරන්න ලැබේවා.....................(දිලුම්ගේ/ඉලංදාරියාට) සුවය ලැබේවා.....................
    බුදුසරනයි................ !

    ReplyDelete
  11. මේ... අර මං කැමතිම ඉවෙන්ට් එක තියනවා නේ?

    ReplyDelete
  12. මමත් දැම්මෝ..+ මමත් එනවෝ....

    ReplyDelete
  13. මේ දවස් වල ලියන්නෙ නම් නෑ... බ්ලොග් එක පාලු වෙලා... ඒත් දාන්නම්... අහ් ඒක නෙමෙයි මම නම් එනවා... හික් හික්

    ReplyDelete
  14. ඔන්න මමත් බැනර් කෑල්ලක් එල්ලුවා , මමත් එනෝ

    http://blog-ishara.blogspot.com

    ReplyDelete
  15. ඕක ඉතිං ආයෙත් කියන්න ඕනැයි . . . . එනව තමයි . . . බලමු මොකාද නවත්තන්නෙ කියල . . . .

    ReplyDelete
  16. ඔන්න අයියලා මමත් මගෙ බ්ලොග් එකේ බැනර් එකක් එල්ලුවා...
    අපිත් එනෝ.......

    මෙන්න මගෙ බ්ලොග් පොඩ්ඩ
    http://esinhalayablog.tk/

    ReplyDelete
  17. ඔන්න මාත් බැනර් එක දැම්මෝ... නගරසබාවෙන් කපයිද මන්ද බදු ගෙව්වෙ නෑ කියල.....

    ReplyDelete
  18. පොලිතින් භාවිතය අවම කරනවා නේද..? පොලිස්ටයිරින් කෑම පෙට්ටි, අනෙකුත් ප්ලාස්ටික් කලමනා භාවිතයෙන් වැළකෙන්න කියලා ඉල්ලීමක් කරනවා..

    ReplyDelete
  19. අහ් ඩීගේ යෝජනාව හොඳයි වගේ.
    එකෝ ෆ්‍රෙන්ඩ්ලි අවුරුදු උත්සවයක්!!!
    අනික මොකටද බන් මේ චට්නි හදන් එන්න කියන්නේ??
    කෑම දෙනවා කිව්ව නේද??
    අසාධාරනයිනේ බන් ටිකට් එකටත් සල්ලි අය කරලා තව ගෙදරින් චට්නිත් හදන් එන්න කියන එක.

    ReplyDelete
  20. ඔන්න අයියේ මාත් දැම්මා. අපිත් එනවෝ. www{dot]anythingshan{dot}blogspot{dot}com

    ReplyDelete
  21. onna math banner 1 demmaaaa math enawooooooooo :)

    ReplyDelete
  22. pissu hadenawa.. fit thama... onna math danwa..

    ReplyDelete
  23. මමත් ඔන්න බැනර් එකනම් එල්ලුවා.. පාළුවට ගියපු මගේ බ්ලොග් එකෙන් එකෙක් හරි මේ පැත්තට ආවොත් මට ඒ හොදටෝම ඇති..

    ReplyDelete
  24. පොඩි සීන් එකක්. මට අර කියාපු මේල් එකක් ආවෙ නෑනෙ. ආපහු රෙජිස්ටර් වෙන්නෙ වෙයිද?

    ReplyDelete
  25. හරියෝ හරියෝ. මේල්ලුව ආවෝ........... :D

    ReplyDelete
  26. ඔන්න ඉතින් එහෙනම් මේ අන්තිමයත් එදාට එනවලු ....

    ReplyDelete
  27. මාත් බැනර් එක දැන් දාගන්නම්..මමත් එනවා

    ReplyDelete
  28. heta mama niwadu,hemihita meka kiyawala answr ekak dennam,

    ReplyDelete