මහා සභා රැස්වීමේ වාර්තාව


2012 වාර්ෂික මහා සභා රැස්වීමේ වාර්තාව

2012
දෙසැම්බර් මස 08 වන දින පවත්වන ලද බ්ලොග් අවකාශයේ මිතුරෝ සංගමයේ සංශීප්ත වාර්ථාවයි.

අප සංගමයේ 2012 වර්ශයේ සභාපති වන තරිදු රාජපක්ෂ මහතා ඇතුළු සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙදින පස්වරු 02.00 ට කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ආරම්භ විය.

ප්‍රථමයෙන් සංගමයේ සභාපති රාජපක්ෂ මහතා සභාව අමතා පැමිණි සිටි පිරිස පිළිගෙන සංගමයේ ආරම්භය පිළිබඳව කෙටි හැඳින්විමක් කර සභාව ආරම්භ කර අතර ඉන්පසු සංගමයේ මුද්‍රිත ලේකම් වාර්ථාවක් සභාවට ඉදිරිපත් කර ඇති අතර, නැවත ඒය කියවීමට අවශ්‍ය නොවන බැවින්, එය සභා සම්මත කර ගන්නා ලෙස සභාවට දැනුම් දෙන ලදි.ඒ අනුව, අරුණ හෙට්ටිඅරච්චි මහතාගේ සහ වර්ණා මන්දාකිණි මෙනවියගේ යොජනා ස්ථීරත්වයෙන් එය සභා සම්මත කර ගන්නා ලදී. ඉන්පසු ප්‍රදීප් ගුණරත්න මහතා නැගී සිට විගණක වාර්ථා පිළිබඳව යම් කිසි පැහැදිලි කිරිමක් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර, සංගමයේ භාණ්ඩාගාරික විසින් මුද්‍රණය කරන ලද අයවැය ලේඛණ වාර්ථා සභාව වෙත ඉදිරිපත්කර ඇති බැවින්, එය සභා සම්මත කරන ලෙස ඉල්ලා සිටින ලදි. ඒ අනුව උදිත ඉෂාර මහතා සහ සමින්දික සිරිමන්ත මහතාගේ යොජනා ස්ථීරත්වයෙන් එය සභා සම්මත විය.

ඉන්පසු සභාපති රාජපක්ෂ මහතා විසින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලෙස සභාවට දැනුම් දෙන ලදි. ඒ අනුවබ්ලොග් අවකාශයේ මිතුරෝ සංගමයේ සභාපති ලෙස ප්‍රදීප් ගුණරත්න මහතාගේ නම රාජපක්ෂ මහතා සහ සමින්දික මහතාගේ යොජනා ස්ථීරත්වයෙන්ද, ලේකම් ලෙස සශිනි මදාරා මෙනවියගේ නම ප්‍රදීප් මහතා සහ චතුරිකා මෙනවිය යොජනා ස්ථිරත්වයෙන්ද, භාණ්ඩාගාරික ලෙස චිරාත් ෆොන්සේකා මහතාගේ නම අරුණ මහතාගේ සහ වර්ණා මන්දාකිනි මෙනවියගේ යොජනා ස්ථිරත්වයෙන්ද සභා සම්මත විය. ඊට අමතරව කාරක සභාව සඳහා නිලධාරින් පත්කර ගැනිම සඳහා පහත සඳහන් නම් 05ක් ප්‍රදීප් මහතා විසින් ඉදිරිපත් කළ අතර එය සශිනි මදාරා මෙනවියගේ ස්ථිරත්වයෙන් සම්මත විය. කාරක සභිකයන් 05දෙනා වන්නෙ,

                      වර්ණා මන්දාකිනි   
             දුෂාන්ති නිවර්ථනා
             අරුණ හෙට්ටිආරච්චි
             සමින්දික සිරිමාන්න
                    උදිත් ඉෂාර

නව නිලධාරි මණ්ඩලය
සභාපති             - ප්‍රදීප් ගුණරත්න
ලේකම්             - සශිනි මදාරා
භාන්ඩාගරික      - චිරාත් ෆොන්සෙකා
කාරක සභාව     - වර්ණා මන්දාකිනි
                          දුෂාන්ති නිවර්ථනා
                          අරුණ හෙට්ටිආරච්චි
                          සමින්දික සිරිමාන්න
                          උදිත ඉෂාර

මීලඟට සභාව වෙන්වූයේ යොජනා සහ අදහස් වෙනුවෙනි. ඒ අනුව, පහත සඳහන් ව්‍යවස්ථා සංශෝධනය යසිරු මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර, සමින්දික මහතාගේ ස්ථීරත්වයෙන් සභා සම්මත විය.

ව්‍යවස්ථා සංශෝධන

බ්ලොග් අවකාශයේ මිතුරෝ නිල ලිපිනය පිලිබඳ -
          දැනට ලිපි ලේඛන සහ බැංකු කටයුතු වලදී භාවිතා කරනු ලබන්නෙ 2011 සංවිධායක සොයුරකුගේ ලිපිනය වන අතර ඒ වෙනුවට නව භාණ්ඩාගාරික මහතාගේ ලිපිනය යොදාගැනිමට සියලු දෙනාගේම කැමැත්ත මත තීරණය කරන ලදී.


මිලගට නව යොජනා සහ අදහස් ගනනාවක්ම ඉදිරිපත් වු අතර මේ වන විට උදාසීන වි සිටින බ්ලොග්කරැවන් සදහා ඉක්මනින් සුහද හමුවක් සංවිදානය කිරිම සුදුසු බව යොජනා වු අතර ඉදිරියෙදි ඒ සදහා හැකි ඉකිමනින් පියවර ගතයුතු බවට සභාවේ තිරණය විය තවද දෙවසරක් පුරා පැවත් වු සයිබර් සැනකෙලිය ඉදිරි වර්ෂයේදිද (2013) එලෙසින්ම පැවැත්විමට ඒකමතිකව තිරණය විය.

ඉන් අනතුරුව තරිඳු රාජපක්ෂ මහතා නැගී සිට පසුගිය වර්ෂවල කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සහ ඇතිවූ ගැටළු පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදි.

ඉන් අනතුරුව නව සභාපතිතුමා සභාව අමතමින් පසුගිය කාලය තුල සංගමය මගින් ඉතා විශාල වැඩ කොටසක් කර ඇති බැවින්, නව නිලධාරි මණ්ඩලයද ඒ ආකාරයට ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තුවන බව සඳහන් කලේය

ඉන් අනතුරුව නව ලේකම් සශිනි මදාරා මෙනවිය ස්තුතී කථාව කරන ලද අතර, සභාතොමෝ සතුටින් විසිර ගියහ.


ලේකම්,                                                                              සභාපති
බ්ලොග් අවකාශයේ මිතුරෝ                                      බ්ලොග් අවකාශයේ මිතුරො
  


Back to Top