16

හනික වරෙව් කොල්ලනේ/කෙල්ලනේ... මෙන්න මෙහෙ වරෙව්....

හැමදාම මතක් කරන විදියට අවුරුදු පහක් තිස්සේ සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන කියවන අයගේ නවාතැන වෙච්ච අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ හය වැනි අවුරුද්දටත් පිවිසෙන්නයි සූදානම් වෙන්නෙ. අළුතින් බ්ලොග් ලෝකයට එකතු වෙන සහෝදර සහෝදරියන් එහෙම ඉන්නවනං බලයි මේ මොකක්ද කියලා. අපි කලින් අවුරුදු වල කරපු දේවල් මොනවද කියල දකුණු අත පැත්තෙ තියෙන පරණ බ්ලොග් පෝස්ට් කියෙව්වාම දැන කියාගන්න පුළුවන්. 

මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ 2011 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දකම බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සහෝදර සහෝදරියන්ගේ දාඩිය මහන්සියෙන්. ඉතිං මේ අවුරුද්දෙත් සංවිධායක මණ්ඩලයට එකතු පාදා වෙලා තමන්ගේ ශ්‍ර‍මය දායක කරන ගමන් තමන්ගෙ ජීවිතයට අළුත් අත්දැකීම් සහ කුසලතා ගොන්නක් එකතු කරගන්න කැමති නම් මේ අවස්ථාව ඔබට.
හැබැයි එකක්... මේ අවුරුද්දෙ අපි බ්ලොග්කරුවන්ට විතරක් බ්ලොග් අවකාශයේ මිතුරෝ වැඩසටහන් සීමා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. බ්ලොග් ලියන්නෙ කියවන්නෙ නැති වුනත් ෆේස්බුක් ගෘෘප්, පේජ් වල සාමාජිකයන් සහ ඇඩ්මින්වරුන්ටත් මේ අවුරුද්දේ බ්ලොග් අවකාශයේ මිතුරෝ විවෘතයි.

කරන්න තියෙන්නෙ අපි පහුගිය කාලෙ කරපු කියපු දේවල් බලල, අපේ ව්‍යවස්ථාව, මූල්‍ය ප්‍ර‍කාශන එහෙම කියවලා අළුත් අවුරුද්දේ මේ වැඩේ කරගෙන යන්න තමන් සූදානම් කියල හිතෙනවනං පහළ තියෙන ෆෝම් එක පුරවන එක විතරයි. ඊට පස්සෙ අපි නොවැම්බර් පළවෙනිදා උදේ 10.00 ට විතර කොළඹදි හමුවෙලා ඉස්සරහට කරන්න ඕන දේවල් තීරණය කරමු.
විශේෂයෙන්ම අළුතින් බ්ලොග්කරණයට පිවිසුන නංගිල මල්ලිල ඉන්නවනං එයාලටත් පුළුවන් සංවිධායක මණ්ඩලයට එකතු වෙන්න. හැබැයි මේ වැඩේ වගකීමෙන් කරන්න පුළුවන් කියල හොඳ ආත්ම විශ්වාසයක් තියෙන අය විතරයි. ඔයාලට අවශ්‍ය සහයෝගය, මගපෙන්වීම දෙන්න අත්දැකීම් තියෙන පහුගිය අවුරුදු වල මේ කටයුතු සංවිධානය කරපු බොහෝ දෙනෙක් සූදානමින් ඉන්නවා. ඒ නිසා බය නැතුව වැඩේට බහිමු.

හැමෝටම හැම දේම කරන්න බැරිවෙයි. අපි පුළුවන් විදියට වැඩ බෙදාගෙන කරමු. තමන් භාරගන්න වැඩේ හරියට කරල 2015/2016 අවුරුද්ද බ්ලොග් අවකාශයේ ස්වර්ණමය අවුරුද්ද කරන්න පුළුවන් කොල්ලො කෙල්ලො ටිකක් මේ වැඩේට එකතුවෙයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.
එහෙනං අළුත් අවුරුද්දෙ අළුත් වැඩක් කරමු....

0

චාපා සොයුරියගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතමු...!

2015 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන චාපා උමයංගි සොයුරියගේ ආදරණීය මෑණියන් ඊයේ (14) සවස අභාවප්‍රාප්ත වූ බව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගයෙන් යුතුව සහෘද බ්ලොග්කරුවන් වෙත දැනුම් දී සිටියි.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි එතුමිය පසුගිය කාලය පුරාම වරින් වර මහරගම ජාතික පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටියාය. චාපා සොයුරිය මෙවර සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීමට සිය පූර්ණ දායකත්වය ලබා දුන්නේද මවගේ සියලු ප්‍රතිකාරමය කටයුතු කරගෙන යන අතරතුරදීය.

දැනට එතුමියගේ දේහය පිළියන්දල - සුවාරපොළ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (18) දින සවස 3.00 ට සිදු කිරීමට නියමිතය.

අවමංගල්‍ය නිවස පිළියන්දල - මොරටුව පාරේ සුවාරපොළ හන්දියට පැමිණ සුවාරපොළ හන්දියෙන් දම්පෙ පාරේ මීටර් 100 ක් පමණ යනවිට හමුවේ. පිළියන්දල සිට මොරටුව බස් රථයේ පැමිණෙන්නේ නම් බස් ගාස්තුව රුපියල් 8/= කි. ත්‍රීරෝද රථයක ගමන් කරන්නේ නම් ගාස්තුව රුපියල් 70/= පමණ වේ.

දීර්ඝ කාලයක සිට බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සාමාජිකාවක වන චාපා සොයුරිය වෙත බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගය පළ කර සිටිමු. 

ඇයගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

ඔබට හැකි ආකාරයෙන් අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වන ලෙස දයාබර බ්ලොග් සහෘද ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම අවමංගල්‍යය හේතුවෙන් ජූලි 26 දිනට යෙදී තිබූ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික චාරිකාව කල් දමා ඇති අතර නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
8

ස්තුතියි...!







අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය, ෴ බ්ලොග් අවකාශයේ මිතුරෝ වන අපි ෴ සිංහල බසින් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන්ගේ "මහා මංගල්‍යය" යන විරුදාවලිය ලත් සයිබර් සිහින බක්මහ උළෙල අඛණ්ඩව පස් වන වරටත් සාර්ථකව පවත්වා නිමකරන්නට සමත්වීමු. 

2011 අප්‍රේල් 03 වන දින හෙන්රි පේද්‍රිස් පිටියෙන් පටන් ගත් ගමන මේ තරම් දුරක් එනු ඇතැයි ඒ සඳහා දායක වූ ආදරණීය බ්ලොග් සහෘදයින් එදා සිතන්නට නැතිව ඇති. එහෙත් ඒ ආරම්භකයින්ටත්, එදා මෙදා තුර ඒ සඳහා කැප වී කටයුතු කල සහෘද බ්ලොග්කරුවන්ටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ සිය කෘතවේදීත්වය පළ කර සිටියි. 


පෙර වසර වලදී මෙන්ම 2015 වසරේ සයිබර් සිහින බක්මහ උළෙල ද සිව් මසක මෙහෙයුමක් විය. ජනවාරි මාසයේ ආරම්භ වන මූලික සාකච්ඡා වල සිට තවත් සතියකින් දෙකකින් මූල්‍ය සාරාංශය ඉදිරිපත් කරන මොහොත දක්වා මෙම ක්‍රියාදාමය ඇදී යයි. එහිදී උළෙල සැළසුම් කිරීම, මූල්‍ය දායකත්වයන් ලබාගැනීම, බ්ලොග්කරුවන් ලියාපදිංචි කිරීම, ආහාර පාන සහ තෑගි සූදානම් කිරීම ආදී කටයුතු රැසක් සිදු වේ. ඒ සඳහා නිරන්තර සහයෝගය ලබා දෙන්නේ ආදරණීය බ්ලොග් සහෘදයන්ය. සයිබර් සිහින බක්මහ උළෙල අවසන් ව හෝරා කිහිපයක් ගත ව ඇති මේ මොහොතේ ඔවුන් සිහිපත් කිරීම සංවිධායක මණ්ඩලයේ යුතුකමයි.

මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට මූල්‍ය දායකත්වයන් ලබා දුන් දේවක සඳරුවන් සොයුරා සහ නෙළුම් යාය සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය දැක්වූ Laydeez, චානක ඉලෙක්ට්‍රිකල්ස් - නාවල, සෙන්ට්‍රල් රිකවරීස් - රාජගිරිය සහ රිද්ම කසුන් මහතා ඇතුලු යමං ගෘෘප් කණ්ඩායමටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ ආදර ස්තුතිය පුද කර සිටියි.

එමෙන්ම සයිබර් සිහින බක්මහ උළෙල සඳහා නිල මාධ්‍ය දායකත්වය නිරතුරුව ලබා දෙමින් හා ශබ්ද විකාශන පද්ධති සපයමින් සහයෝගය දක්වන Buzz Radio කණ්ඩායමට ද අපගේ හද පිරි ස්තුතිය පිරිනමනු කැමැත්තෙමු. බස් රේඩියෝවත් බ්ලොග් අවකාශයත් අතර බැඳීම දිනෙන් දින වර්ධනය වේවායි ද ප්‍රාර්ථනා කරමු.

පසුගිය කාලය මුලුල්ලේම වරින් වර විමසමින් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටු කර දුන් හා අද දින (19) උදෑසන සිට පැමිණ විය යුත්ත විමසා බලා ඉටුකරමින් තරඟ සංවිධානය ඇතුලු සියලු කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ටද සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමිවෙයි.


සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බොහෝ දුර බැහැර සිට පැමිණ තරඟ වලට සහභාගී වූ සහ කරදර අඩුපාඩු දරාගනිමින් සියලු කටයුතු වලදී සහයෝගය දැක්වූ අද පැමිණි දයාබර ඔබ නොවන්නට අපගේ මෙම ව්‍යායාමය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. එබැවින් අද දින පැමිණි 100 ක් පමණ වූ සහෘද බ්ලොග්කරුවනි, බ්ලොග් අවකාශයේ මිතුරෝහි අවංක ආදර ස්තුතිය ඔබට පිරිනමමු. 

එමෙන්ම සයිබර් සිහින උළෙල සදාතනික සිහිවටනයක් කරනු පිණිස දිනය ඡායාරූපගත කල බ්ලොග් සහෘදයින්ටත්, නිවේදන කටයුතු වලින් දායක වූ ජනරඟ හා දුලාන් සොහොයුරන්ටත්, නන් අයුරින් දායක වූ සැමටත් ස්තුති කිරීමට ද අප මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම ඔබ ලබාගත් ඡායාරූප පළ කරන ෆේස්බුක් ඇල්බම් සහ බ්ලොග් පෝස්ට් වල ලින්ක් අපගේ නිල ෆේස්බුක් ඉවෙන්ට් එකේ පළ කරන ලෙසත්, ඒවා සියලු දෙනාටම නැරඹිය හැකි (view--> Public) ලෙස සකස් කරන ලෙසත්, ඔබ හැර වෙනත් මිතුරන් ටැග් කිරීමෙන් වලකින ලෙසත්, දයාබර කැමරා ශිල්පීන්ගෙන් හා නරඹන්නන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. සියළුම ඇල්බම්/ බ්ලොග් පෝස්ට් වල ලයිස්තුවක් පසුගිය වසර වලදී මෙන්ම ඉදිරියේදී මෙම බ්ලොග් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා ඇත.

මේ අවසන් දවස නොවේ. මීට වඩා සුන්දර සයිබර් සිහින බක්මහ උළෙලක් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඊට පෙර තවත් බොහෝ බ්ලොග් සුහද හමු සැළසුම් වනු ඇත. ඉදින්, අපි එදාට යලිත් මුණගැසෙමු. එතෙක්....
ඔබට ස්තුතියි....!
4

සයිබර් සිහිනය එළිවෙන්නේ හෙටයි

        ඔන්න සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය24  කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ?

           අවසාන වශයෙන් ඔයාලට මතක් කල යුතු කරුණු කිහිපයක් තියනවා, එ් ටික මතක් කරන්නයි මේ සූදානම.

(1) මීට සුළු මොහොතකට පෙර බක්මහ උළෙල සදහා ලියාපදිංචි වීමට තිබූ ෆෝම් එක වසා දමනු ලැබූ අතර මේ වන විට ලියාපදිංචි වී සිටින සියලුම දෙනාහට තහවුරු කිරීමේ ලිපි යවා අවසන් කර අැත.තහවුරු කිරීමේ ලිපිය ලැබුනු සියළු දෙනාම එහි අැතුලත් අංකය මතක තබාගෙන අා යුතුය.ලියාපදිංචි වීමට නොහැකි වූ අයෙකු සිටීනම් හෙට දින බක්මහ උළෙලට අැතුළුවීමේ දොරටුවේදී ලියාපදිංචි විය හැක.

(2) බක්මහ උළෙලට සහභාගීවන්නන් අවි අායුධ හා මත්පැන් ගෙන එ්මෙන් වැලකිය යුතුය.කිසියම් කරුණක් මත පිරිසක් ගැටුම් අැති කරගතහොත් ඔවුන් උත්සව භූමියෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවන බව මතක් කර සිටිමි.

(3) පස්වරු 5.00 ට අපගේ වැඩසටහන් අවසන් කල යුතු බැවින් නියමිත වෙලාවට (පෙ.ව. 9.00) උත්සවය ආරම්භ කිරීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. පෙරවරු 8.00 සිට ඔබට උත්සව භූමියට පිවිසිය හැකිය.

(4) උත්සව භුමියට පැමිණීමට නොදන්නා කෙනෙකු වෙතොත් ඔවුන් සදහා මාර්ග විස්තරය පහතින් දක්වා අැත.

කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

කියන්න තියන දේවල් ඔච්චරයි, එහෙනම් හෙට සයිබර් සිහින බක්මහ උළෙලේදී හමුවෙමු.
3

කිරි ඉතිරේවා නව වසරේ


          ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර.

         ඔයාල හැමෝම දැනටමත් දන්නවා ඇති මෙවර
සයිබර් සිහින බක්මහ උළෙල කවදා කොතැන පවත්වනවාද යන්න වග, ඒත් මේ මතක් කිරීම සයිබර් සිහින බක්මහ උළෙල පිළිබද නොදන්නා කෙනෙකු වෙතොත් ඔහු හෝ ඇය වෙනුවෙන්මයි.මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන දිනය හා වේලාව වෙන්නෙ අප්‍රියල් මස 19වෙනි ඉරිදා උදේ 9ට, පවත්වන ස්ථානය ගැන කියනවනම් ගොඩක් අයට හුරු පුරුදු තැනක තමයි අපි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්නේ, ඒ කියන්නෙ 2012 සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වූ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණය.කුරේ ක්‍රීඩාංගණයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහලින් තියන ගූගල් මැප් එකේ තියනවා කුරේ ක්‍රීඩාංගණය පිහිටා තිබෙන ස්ථානය.

View Larger Map

       වැල්ලවත්ත HSBC එකට ටිකක් ඉදිරියෙන් තියන Fredrica පාරේ මීටර් 200ක් විතර ගිහින් වමට හැරුනම ක්‍රීඩාංගණයට ඇතුළුවන දොරටුව තියනවා.19 වෙනිදා එනකොට සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි උනාම ඔයාලට ලැබුනු අංකයත් මතක තියාගෙන එන්න.එදිනට බක්මහ උළෙලට ඇතුලත් වීමේදී රු200ක් ගෙවා ප්‍රවේශපතක් මිලදී ගැනීමට සිදුවන අතර එදිනට ඔබට දිවා ආහාරය හා හවසට කෙටි කෑම වේලක් නොමිලේ සපයනු ලැබේ.


       පසුගිය වසර වලදී මෙන්ම මෙවරත් දිවීම, කණා මුට්ටි බිදීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමරා හා කුමරිය වැනි තරග ඉසව් රාශියක් පැවැත්වේ.2015 සයිබර් සිහින අවුරුදු කුමරා හට වටිනා ජංගම දුරකථනයක් හා වටිනා ටීෂර්ට් එකක් ලබාදෙන අතර අවුරුදු කුමරිය හට ලේඩීස් වෙතින් ලබාදෙන ත්‍යාග පාර්සලයක් හා රයිස් කුකරයක් ලබාදෙන බව විශේෂයෙන් මතක් කල යුතුයි.ඊට අමතරව පිරිමි දිවීමේ තරගය සදහා විදුලි පංකාවක්, ගැහැණු දිවීමේ තරගය සදහා රයිස් කුකරයක්, කණා මුට්ටි බිදීම සදහා විදුලි පංකාවක්, බනිස් කෑමේ තරගය සදහා ගෑස් කුකරයක්, බැලුම් පිපිරවීම සදහා ගෑස් කුකරයක් හා අනෙකුත් තරග සදහාද මින් පෙර කිසිදු
සයිබර් සිහින බක්මහ උළෙලක ලබා නොදුන් ඉතා වටිනා ත්‍යාග රැසක් ජයග්‍රාහයන් හට ලබාදෙන බව මතක් කිරීමට කැමතියි.

     තවමත් ඔබ සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි වී නැතිනම් දැන්ම පහතින් දක්වා තිබෙන ෆෝම් එක පුරවා ලියාපදිංචිවන්න.


      එසේම සයිබර් සිහින බක්මහ උළෙල ගැන ඔබේ මිතුරන් දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මුහුණු පොතේ ෂෙයාර් කරන මෙන් හා සයිබර් සිහින බක්මහ උළෙල සදහා නිර්මාණය කරන ලද විජට්ටුව ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කරගන්නා මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.විජට්ටුව සදහා ආදල කෝඩ් එක පහතින් දක්වා ඇත.

<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/2015cyberfestival.swf"></object>

     වෙනදා මෙන්ම මෙවරත් සයිබර් සිහින බක්මහ උළෙලේ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ බස් රේඩියෝව බවත් මතක්කල යුතුමයි.එමෙන්ම ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වූයේ නෙළුම් යාය සංවිධානය, නාවල චානක ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය, රාජගිරියේ සෙන්ට්‍රල් රිකවරීස් ආයතනය, රිද්ම කසුන් මහතා හා දේවක සදරුවන් මහතාය.ඔවුන් සියලු දෙනාම මෙහිදී ස්තූතිපූර්වකව මතක් කල යුතුය.එසේනම් අප්‍රියල් 19 වෙනිදාට හමුවෙමු.
6

සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර

       මේ මාසෙ 1 වෙනිද අපි ඔබට අවස්ථාවක් ලබාදුන්නා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සුදුසු දිනයක් යෝජනා කරන්න කියල, ඉතින් ඔයාල ඒ යෝජනා කරපු දිනයන් වලින් මාර්තු 3න් වැනිදා නැත්තන් ඊයෙ දවස වනවිට වැඩි දෙනාගේ කැමැත්ත වෙලා තිබුනු දිනය "අප්‍රියල් 19"වෙනිදා තමයි සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත්තෙ සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.
      ඊලගට ඔයාලට ප්‍රශ්නයක් ඇති දිනය කිව්වට පවත්වන ස්ථානය කිව්වෙ නෑනෙ කියල, මේ කියන්න යන්නෙ ඒ ගැන තමා.මෙවර බක්මහ උළෙල පවත්වන ස්ථානය අපිට බොහොම හුරුපුරුදු ස්ථානයක්, ඒ මොකද කියනවනම් අපි 2012 වසරේ බක්මහ උළෙල පවත්වපු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයම තමා මෙවරත් තෝරාගත්තේ 2015 සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.

      මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා අප්‍රියල් 19වෙනිද සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගි වෙන සියඵදෙනාම මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 18 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න.


ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 200/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි.

      වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහල තියන සිතියමේ තියනවා කුරේ ක්‍රීඩාංගනය පිහිටා තියන ස්ථනය


View Larger Map
  
සයිබර් සිහින බක්මහ උළෙලේ තවත් අලුත් තොරතුරු රැසක් සමගින් ඉක්මනින් හමුවෙමු.
 

කවදාද හොද?

     අවුරුද්දත් කිට්ටු වේගෙන එනව, ඒත් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන කිසිම ආරංචියක් නැත්තෙ ඇයි කියල ඔයාල බලනවා ඇති.මේ කියන්න යන්නෙ ඒ ගැන තමයි.මේ වන විටත් සංවිධායක මණ්ඩලය බක්මහ උළෙලට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.පසුගිය බක්මහ උළෙලවල් වලදී බක්මහ උළෙල පවත්වන දිනය සංවිධායක මණ්ඩලය තීරණය කලත්, මෙවර පොඩි වෙනසකටත් එක්ක බක්මහ උළෙල පවත්වන දිනය තීරණය කරන්න අවස්ථාව ඔයාලට දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ බොහොම පහසු දෙයක්, පහල තියන ෆෝම් එකේ බක්මහ උළෙල පැවැත්වීමට වඩාත් සුදුසුයි කියල ඔයාලට හිතෙන දිනය තෝරා සබ්මිට් කරන්න.


       ඒ වාගේම තවත් කිවයතු තවත් දෙයක් තියනවා, බක්මහ උලෙල සදහා ත්‍යාග වලින් හෝ මුල්‍යමය අනුග්‍රහයක් ලබාදීමට ඔබ කැමතිනම් ඒ පිළිබද සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීම සදහා cybernewyearfestival2011@gmail.com යන අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න.
 එහෙනම් සයිබර් සිහින බක්මහ උළෙල පිළිබද අලුත්ම විස්තර සමගින් ඉක්මණින්ම හමුවෙමු.
12

සයිබර් සිහින බක්මහ උළෙල 2015


       බ්ලොග් අවකාශයේ මිතුරෝ සහෘද සංසදය විසින් 2011 වසරේ සිට වාර්ෂිකව පවත්වන "සයිබර් සිහින බක්මහ උළෙල" 5වන වරටත් මෙම වසරේ අප්‍රියල් මස තුලදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් මේ වන විටත් අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටිනවා.එම කටයුතු සංවිධානය කිරීම සදහා සයිබර් සිහින බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලයට එක් වීමට බ්ලොග් ලියන කියවන ඔබටත් දැන් අවස්ථාවක් උදාවී තිබෙනවා.පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන බක්මහ උළෙල සාර්ථක කරගැනීමට දායක වෙලා සොදුරු මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්.මෙන්න මේ ෆෝම් එක පෙබරවාරි 25 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න.

 
      බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.
Back to Top