0

චාපා සොයුරියගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතමු...!

2015 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන චාපා උමයංගි සොයුරියගේ ආදරණීය මෑණියන් ඊයේ (14) සවස අභාවප්‍රාප්ත වූ බව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගයෙන් යුතුව සහෘද බ්ලොග්කරුවන් වෙත දැනුම් දී සිටියි.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි එතුමිය පසුගිය කාලය පුරාම වරින් වර මහරගම ජාතික පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටියාය. චාපා සොයුරිය මෙවර සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීමට සිය පූර්ණ දායකත්වය ලබා දුන්නේද මවගේ සියලු ප්‍රතිකාරමය කටයුතු කරගෙන යන අතරතුරදීය.

දැනට එතුමියගේ දේහය පිළියන්දල - සුවාරපොළ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (18) දින සවස 3.00 ට සිදු කිරීමට නියමිතය.

අවමංගල්‍ය නිවස පිළියන්දල - මොරටුව පාරේ සුවාරපොළ හන්දියට පැමිණ සුවාරපොළ හන්දියෙන් දම්පෙ පාරේ මීටර් 100 ක් පමණ යනවිට හමුවේ. පිළියන්දල සිට මොරටුව බස් රථයේ පැමිණෙන්නේ නම් බස් ගාස්තුව රුපියල් 8/= කි. ත්‍රීරෝද රථයක ගමන් කරන්නේ නම් ගාස්තුව රුපියල් 70/= පමණ වේ.

දීර්ඝ කාලයක සිට බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සාමාජිකාවක වන චාපා සොයුරිය වෙත බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගය පළ කර සිටිමු. 

ඇයගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

ඔබට හැකි ආකාරයෙන් අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වන ලෙස දයාබර බ්ලොග් සහෘද ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම අවමංගල්‍යය හේතුවෙන් ජූලි 26 දිනට යෙදී තිබූ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික චාරිකාව කල් දමා ඇති අතර නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
Back to Top