30

ලහි ලහියේ සැළසුම් වෙන බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යයේ අළුත්ම වගතුග

ඔන්න හැමෝම දන්න විදියට මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මතකයිනේ, අපි ගිය සතියේ පොඩි මත විමසුමක් කලා කොහෙද මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල පවත්වන්න වඩාත් සුදුසු කියන එක තීරණය කරන්න. ඔන්න ඔබේ වැඩි ඡන්දයෙන් තේරිලා තියෙන්නේ  
"බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය" 
අනුව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල ප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, කාටත් නිවාඩු දවසේ උදේ 9.00 ඉඳලා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒක එහෙම වුනාට තව සංවිධාන කටයුතු රාශියක් සිදුවෙමිනුයි පවතින්නේ. අපි කලින්ම කිව්වනේ, අපට ඔබගේ සහය අවශ්‍යයි කියලා. ඔන්න දැන් ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන තරඟ ලයිස්තුව.ඔබට මතක නම් මේ තරඟ යෝජනා කලෙත් ඔබමයි. ඉතින් සයිබර් සිහින උළෙල දවසට මේ තරඟ ඉසව් වලින් එකක් හරි කිහිපයක් හරි සංවිධානය කරලා පැවැත්වීමේ වගකීමත් ඔබට භාරගන්න පුළුවන් නම් මේ ඩොක් එකේ ඔබේ විස්තර සඳහන් කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් සංවිධායක මණ්ඩලය විසින් සපයාවි. ඔබට කරන්න තියෙන්නේ එදා දවසේ නියමිත වෙලාවට ඒ අංගය සංවිධානය කරලා පවත්වන එක විතරයි. 

ඒ විතරක් නෙමෙයි, හැම අවුරුද්දෙම මේ තරඟ ඉසව් වල තෑගි වලට දායකත්වය සපයන්නේත් දයාබර ඔබ විසින්. ඔබට පුළුවන් මේ අවුරුද්දෙත් ඒ සඳහා දායක වෙන්න. ඒ සඳහාත් ඔබ කරන්න ඕන අර කලින් දක්වලා තියෙන ඩොක් එකට ගිහින් අදාල තැන ඔබේ විස්තර සටහන් කරන එකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඔබව අමතා වැඩිදුර විස්තර දැනුම් දේවි.


 ඔන්න මේ අවුරුද්දේ තවත් අළුත් වැඩක් කරන්නයි හදන්නේ. නිවේදන කටයුතු වලට දායක වෙන්න කැමති, නිවේදන කුසලතා තියෙන යොවුන් බ්ලොග්කරුවෙක් නම් ඔබට පුළුවන් මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ නිවේදන කටයුතු භාරගන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔබ සතුව තියෙන කුමක් හෝ මයික්‍රෆෝන් එකක් (හෙඩ් සෙට් එකේ, ලැප්ටොප් එකේ වැනි) භාවිතා කරලා අවුරුදු උත්සවයේ ඕනෑම තරඟ ඉසව්වක් පිළිබඳව තත්පර 30 ක හඬ ගොණුවක් සකස් කරලා අපට එවන්න. දන්නවනේ ඊ මේල් ලිපිනය cybernewyearfestival2011@gmail.com. ඊ මේල් එකේ ටයිටල් එක විදියට "සයිබර් සිහින උළෙල 2014 - නිවේදන කටයුතු" කියලා සඳහන් කලොත් එය අපට පහසුවක් වේවි. අතරින් හොඳම කටහඬ දරන හතර දෙනා ප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා නිවේදන කටයුතු මෙහෙයවාවි.මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන බස් රේඩියෝවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ. ඔබ හොඳ දක්ෂතා පෙන්නුවොත් බස් රේඩියෝවට සම්බන්ධ වෙන්න බැරි වෙන එකකුත් නෑ.

අනිත් වැදගත්ම දේ සමරු කලාපය. හැම අවුරුද්දෙම වගේමේ අවුරුද්දෙත් සමරු කලාපය ලහි ලහියේ සකස් වෙමින් පවතිනවා. ඔබ යෝජනා කරපු ආකාරයටම වර්ණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සමරු කලාපයක් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ ව්‍යාපාරය, ඔබේ බ්ලොග් අඩවිය අනෙකුත් බ්ලොග්කරුවන් අතරට ගෙනියන්න සමරු කලාපය මහඟු පිටුවහලක් වේවි. සූදානමින් ඉන්න. මිළ ගණන් ළඟදීම දැනගන්න ලැබේවි.

සයිබර් සිහින බක්මහ උළෙල 2014
අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස


19

මේ සැරේ අවුරුදු උත්සවේ තියෙන්නෙ කොහෙද?

ඔන්න අපි ඊයෙ පෙරේදා කිව්වා වගේ එළඹෙන අප්‍රේල් මාසෙ 20 වැනිදා මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. මෙදා සැරේ අවුරුදු උත්සවයේ බොහෝ දේවල් තීරණය කරන්න උදව් වුනේ දයාබර ඔබ. සමරු කලාපය කෙසේ විය යුතුද? නිර්මාණ තරඟයට ඇතුලත් විය යුතු අංශ මොනවාද? සිහින බක්මහ උළෙලේ පවත්වන තරඟ අංශ මොනවාද? කියන කාරණා වලදි ඔබගේ යෝජනා බොහොමත්ම වැදගත් වුනා.

මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල තියන්න වඩාත්ම සුදුසු කොතනද කියලා තීරණය කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට කරන්න තියෙන්නේ අප විසින් තෝරාගත් පහත දැක්වෙන ක්‍රීඩාංගන දෙක අතරින් ඔබට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, එහෙමත් නැත්නම් ඔබ වඩාත් කැමති ක්‍රීඩාංගය පහලින් දක්වලා තියෙන ෆෝම් එකේ සලකුණු කරන එකයි.

01. බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය
කොළඹ කොටුවේ ඉඳලා එනවා නම් 103,170,171,190, 144 ඕනෑම බස් එකක නැගලා බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව - බොරැල්ල 174 බස් එකේ බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්. 170,171,190 බස් වල එන අයට කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්. ගාළු පාරෙ එන අයට කොල්ලුපිටියෙන් 177 බස් එකේ ඇවිත් රාජගිරියෙන් බැහැලා 174 බස් එකේ නගින්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්.ගාල්ල අධිවේගී මාර්ගයේ එන අයට සහ හයිලෙවල් පාරේ එන අයට කොට්ටාවෙන් 174 බස් එකේ නැගලා බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්.මේ තියෙන්නෙ සිතියම


View Larger Map


02. වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය
මේ 2012 අවුරුදු උත්සවය පවත්වපු ක්‍රීඩාංගනය. මේ තියෙන්නේ එතනට එන විදිය එදා මේ බ්ලොග් අඩවියේ පළ කරපු ආකාරය.
 
කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.


View Larger Map

දැන් කරන්න තියෙන්නේ මේ තැන් දෙකෙන් වඩාත් සුදුසු තැන මෙන්න මේ ෆෝම් එකේ සලකුණු කරන එකයි.





ඔබේ ප්‍රතිචාර මේ සිකුරාදා, ඒ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා උදේ 8.00 ට කලින් ලබා දෙන්න. ඒ අනුව ඔබ වඩාත්ම කැමති ක්‍රීඩාංගනය අපි අවුරුදු උත්සවය වෙනුවෙන් වෙන් කරනවා.

සයිබර් සිහින බක්මහ උළෙලේ මූලික කටයුතු වලට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක්ම තිබෙනවා. සූදානමින් ඉන්න. ඉදිරියේදී විස්තර දැනගන්න ලැබෙයි.
50

සයිබර් සිහින බක්මහ උළෙල මේ පාර තියෙනවාද?

හැම වසරකම බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ ආදරණීය දායකත්වයෙන් පැවැත්වෙන, සහින සයිබර් බක්මහ උළෙල පිළිබඳව දැන් ඔබට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ.. හැම වසරක ලෙසින්ම මෙවරත් එය ඒ අයුරින්ම උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. මේ සූදානම් වෙන්නෙ පළමු වැනි වෙඩි මුරයට..

              2014 අප්‍රේල් මාසෙ 20 වැනිදා ඉරිදා දවස

වෙන කිසිම වැඩක් දා ගන්න නම් එපා. එදාට තමයි මෙවර සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ.තියෙන තැන හෙට අනිද්දට දැනගන්න ලැබේවි.

සයිබර් සිහින බක් මහ උළෙළට සමගාමිව මෙවරත් පැවැත්වෙන නිර්මාණ තරඟය ඔබ හැමටම විවෘතයි. මේ තරඟ අංශ පවත්වන්න කියලා යෝජනා කලේ ඔබමයි. ඒ නිසා හොඳ තරඟයක් දැකගන්න ලැබේවි.

මෙන්න මෙවර තරඟය ගැන සම්පූර්ණ විස්තරය

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතු වන අතර මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ නවයක් (9) යටතේ පවත්වනු ලැබේ.

- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ

- කෙටිකථා

- ගද්‍ය රචනා

- විචාර ලිපි

- චිත්‍ර

- ඡායාරූප

- ගී පද මාලා

- සිනමා විචාර

- කාටුන්

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ සියල්ලටම ඉදිරිපත්විය හැකිය.

5. සෑම අංශයකින්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සයිබර් සිහින බක්මහ උළෙලේදී සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2 සහ 3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ නිල බ්ලොග් අඩවියේ පළ කරනු ලැබේ.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇති බව සලකන්න.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඬුල්ල සතු වේ.

8. අතින් ගෙනැවිත් දෙන නිර්මාණ හැර අනෙකුත් සියළුම නිර්මාණ මෙන්න මේ පෝරමය මගින් ඉදිරිපත් කරන්න පුළුවන්.

9. චිත්‍ර, කාටුන් සහ ඡායාරූප ගෙනැවිත් භාර දීමට හෝ තැපෑලෙන් එවීමට අවශ්‍ය අය වෙතොත් ප්‍රදීප් ගුණරත්න, අංක 88/1, වල්පොල , මුල්ලේරියාව නව නගරය යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය හැකි අතර ඊට පෙර පහත අංක වලට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන්න. 0772099578, 0713556165.

10. චිත්‍ර - මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  18 X 14,

ඡායාරූප කඩදාසිය    :- දිලිසෙන හෝ මැට් කඩදාසි (ඕනෑම කැමරාවකින් ලබාගත් නිර්මාණ වලංගු වේ. ඡායාරූපය පිළිබඳ තොරතුරු ඡායාරූපය සමග ඉදිරිපත් කල යුතුය. උදා: Date taken and location, Dimensions, Camera, ISO, Flash (used or not used), Exposure)

ප‍්‍රමාණය     :- අඟල් 10 × 12

කාටුන් මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  10 X 12

ගද්‍ය රචනා, විචාර ලිපි සහ සිනමා විචාර මුද්‍රිත වචන 3000 කට නොවැඩි විය යුතුය.

11. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මාර්තු 25 වෙනිදා බව සලකන්න.

12. ඔබේ පහසුව සඳහා චිත්‍ර, කාටුන් සහ ඡායරූප වල මෘදු පිටපත් (Sofr copy) පෝරමයට යොමු කරන්නේ නම්, ඒවා ඇගයීමේදී මුද්‍රිත පිටපත් ලෙස ලැබෙන නිර්මාණද සමඟ එකම කැටගරියෙහි ලා ඇගයෙන බවද කරුණාවෙන් සලකන්න.

..............................................




දැන් එහෙම නම් පටන් ගන්නයි තියෙන්නෙ ලහි ලහියේ තරඟ වදින්න...


සිංහල අවුරුද්දෙන් පසුව එළඹෙන අප්‍රේල් 20 වැනිදා...එහෙම නම් කට්ටිය ආයෙත් හමුවෙනවා.. දැන්මම රට රට වල ඉන්න අය නිවාඩු ගන්න දින තීරණය කරගෙන සූදානම් වුණොත් හොඳයි.. 

ඔබ කැමති නම්, සයිබර් සිහින බක්මහ උළෙලට ඔබේ විශේෂ අනුග්‍රහය ලබා දෙන්න. එය විද්‍යුත් ලිපියකින්(cybernewyearfestival2011@gmail.com) අපට දන්වන්න..

පවත්වන තැන, වෙලාව, එන විදිහ, සමරු කලාපය , තරඟ, තරඟ අනුග්‍රහ , මාධ්‍ය අනුග්‍රහ, සහභාගි වීමේ පෝරම සියල්ලම ගැන පිළිවෙලින් පස්සෙන් පස්සට තොරතුරු ලැබෙන තුරු ඉවසගෙන ඉන්න.නිවේදන කටයුතු වලට උනන්දුවක් දක්වන අයත් කටහඬ එහෙම හදාගෙන සූදානමින් හිටියොත් හොඳයි.

තවම කස පුපුරන්න පටන් ගත්තා විතරයි.!! මේ පාර බොහෝ දේවල් වෙනස් වන්නට නියමිතයි කියලයි ආරංචිය... අවධානෙන් ඉන්න..!!






Back to Top