0

2016 සයිබර් සිහින උලෙළ - අය වැය වාර්තාව



සුපුරුදු පරිදි 2016 අවුරුදු උත්සවය බොහෝ දෙනෙකුගේ සහබාගීත්වයෙන් පසුගිය 30 වෙනි ‍දින වැල්ලවත්ත කූරේ  ක්‍රීඩාංගනයේ දි පැවැත්වුණි. එහි අයවැය වර්තාව සහ අනුග්‍රහක දායකත්වය පහත පරිදි වෙයි

අනුග්‍රහක දායකත්වය
1. අන්කොමන් හෝම්සි
2. සිලෝන් බිස්කට් සමාගම
3. ටෙක් සිටි - වවුචර්
4. සමන්මල් - වව්චර්
5. සූදික - වව්චර්
6. රන්දිකා රණවීර/සමරතුංග මහත්මිය/අජිත් ධර්මකීර්ති/තරංගනී රොෂිකා/සුමිත් කළනසිරි/ බුක්යර්බුක් - පොත්
7. නිලංකා - එටිසලාට් මග් සහ ටිෂර්ට්
8. ලිෂාන් - ටිකට් පත්
9. ගයාන් ගුණව්ධන - බැනර්

2016 ඡායාරූප
1. තිසර 
2. ලිෂාන්
3. දර්ශන
4. මාරයා
5. ඔන්ල්
6. සසිඳු

2016 චලනචිත්‍ර
1. ගයාන් 
2. නලින්   නලින්

පැමිණි ඔබට සැමට ස්තුතියි නැවත 2017 මුන ගැසෙමු

‍සයිබර් සිහින මේ අදහස කාගේද?

2016  වසරේ ඔබේ අදහස තවමත් පහතින් දක්නට නොලැබේ නම් දැන්ම මෙතනට ගොස් ඔබේ අදහස හා පැමිණිම ස්තීර කරන්න.

1 මේ සැරේවත් අලුත් ගෑනු ලමයි ටිකක් බැස්සොත් හිටං. අඩු ගානෙ රෙඩ් බුල් නංගිල හරි කමක් නෑ. කෑල්ලක් නැති අපිට ලෑල්ලත් සැපයි මල්ලි :P ඒකයි එන්නෙ
2 වෙන මොනවටද ඉතිං...සයිබරයේ මිතුරන් මහපොළොවේ දී මුණ ගැසීම මිසක...
3 බ්ලොග් ලියන මිතුරන් හමුවීමට.
4 හැමදාම එන නිසා. :P
5 උඹලව බලල යන්න....
6 පත්තෙර්න් දැක්කා, එන්න හිතුනා
7 1. Blog 1k tibba nisa
2. Enna kiyala tiyena nisa
3. Mata oni nisa
4. Yaluwo innawada balanna
Obata sathutuy da dan?
8 aluth yaluwo haduna ganna.. parana yalukan wadi diunu karaganna.. sathuthu wenna.. hithata realx akak ganna.. 
9 ආතල් එකට
10 සුන්දර දවසක් Cyber යාළුවන් සමග ගත කිරීමට
11 යකෝ අපිනේ මේක පටං ගත්තේ... :D
12 කලින් පාර වල ආපු හේතුවම තමා අයියාහ්!!  මෝඩ කම :3
13 සයිබර් අවකශයේ මිතුරන් හඳුනාගෙන ඉදිරියට වඩා යහපත් සමාජ ක්‍රියාකාරීත්වයක්  සඳහා දායක වීමට
14 ගෙදර ඉදලා එපා වෙලා කියපං 
15 වැස්සක් එනවා වැස්සක් එනවා පස්සේ කියන්නං
16 කට්ටිය සෙට්වෙලා ආතල් එකක් ගන්න
17 මිතුරන් වසරකට වරක් හමුවී විනෝද වීමට ඇති අවස්ථාව නිසා
18 මිතුරු මිතුරියන් හමුවීමට ඇති කැමැත්ත නිසා
19 කලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවීම සඳහා...
20 To Enjoy :) 
21 සයිබර් අවකාශයෙන් හදුනා ගත් මිතුරන් සැබැවින් හමුවීමට ;)
22 මිතුරු මිතුරියන් හමුවීම සහ ක්‍රීඩා කිරීම සදහා
23 යාලුවො  ටිකේ මූණ බලාගන්න ;)
24 New experience 
25 මෙේ තෙෙවැනි වර . සුහදත්වය වර්ධනය කරගනැනීමට
26 hemadama ena mama ithin me parath newith kohomada..?? :)
27 With the recomendation of Uchitha Pathum I'd like experience this event
28 ape sahodara mithuran samaga ekvi aurudu samaranna.
29 winoda veemaya. yahaluwan haduna ganeemata
30 To hangout with people.
31 :D :D :D mage yaaluwo okkoma eeke inna nisaa....aayeth eelaga paara awurudu enakam balagena inna bari nisaa :D :D <3
4

6 වෙනි වරටත් මෙවරත් - සිංහල අවුරුදු

2011 වසරේදි අභිත එදිරිසිංහගේ අදහසත් අනුව මුල් වරට ආරම්භ කල සයිබර් සිහින බක් මහ උලෙළේ සයවන දිග හැරුම මෙම මස 30 වන දින වැල්ලවත්ත කුරේ පිට්ටනියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදාන්ම් කර අවසන්ය. මේවන විටත් ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳ සිටින ආයතන හා පුද්ගලයන් පහත පරිදි වෙයි. ඔබත් අපට සහායක් දැක්වීමට කැමති නම් අපව අමතන්න. ඒ සඳහා දක්වන සහයෝගය මුදල්මය හෝ තරඟයක් සඳහා තෑග්ගක් වුවද විය හැක

1. අන්කොමන් හෝම්ස් - http://uncommonhms.com/

2. සමන්මල් මාතර http://www.samanmal.com/ 
3. Ceylon Biscuits Limited http://www.muncheelk.com/

2011 වසරේ සිට ගන්නා ලද සමූහ චායාරූප වල ඔබ සිටින්නේ කුමන වර්ෂ වලද යයි හොඳින් බලන්න 2016 වසරේ සමූහ චායාරූය මග නොහැරගැනීම සඳහා මෙම පෝරමය දැන්ම පුරවන්න. පෝරමයේ ඔබ 100 වැන්නාද  ද, 125ද, 150ද, වන්නේ නම් ඔබට වටිනා තැග්ගක හිමිකරුවෙක් හෝ හිමිකාරියක් විය හැක. (කොන්දේසි සහිතයි)


පහත විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවියේ පලකරමින් අපිට නොමද සහායක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
<a href="http://cyberfestival.blogspot.com/"> <object type="application/x-shockwave-flash" data="http://syndi.lankeeya.lk/2016cyberfestival.swf" width="230" height="300"><param name="allowscriptaccess" value="always" /><param name="menu" value="false" /><param name="wmode" value="transparent" /></object></a>




2011

2012

2013

2014

2015

3

සයිබර් සිහිනය දකින්න සූදානම් ද?

අපි කලින් දවසක කිව්වා වගේම;
 සයිබර් සහෝදරත්වයේ ප්‍රේමනීය ඉසව්ව
සයිබර් සිහින බක්මහ උළෙල 2016 
2016 අප්‍රේල් මාසෙ 30 වෙනි සෙනසුරාදා උදේ 9.00 ට අපිට පුරුදු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දෙ ලැබෙන තෑගි බෝග වලත් පොඩි වෙනසක් තියේවි. එදා කිව්ව විදියටම ටිකක් වෙනස් විදියේ අවුරුදු උත්සවයක් පවත්වන්නයි සංවිධායක මණ්ඩලය සූදානම් වෙන්නෙ.

බ්ලොග්කරුවන්ගේ වැඩක් විදියට 2011 අවුරුද්දෙ පටන්ගත්ත සයිබර් සිහින බක්මහ උළෙල මේ අවුරුද්ද වෙනකොට බ්ලොග් වලින් එහාට ගිහිල්ලා ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන අයත් දායක වෙන අවුරුදු උත්සවයක් බවට පත් වෙලා. ෆේස්බුක් ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන කිහිප දෙනෙකුත්, එදා ඉඳලා සයිබර් සිහින උළෙල යථාර්ථයක් කරන්න වෙහෙසුනු සංවිධායක මණ්ඩලයේ කට්ටියත් එකතු වෙලා තමයි මේ අවුරුද්දෙ අවුරුදු උත්සවය සැළසුම් කරන්නෙ.

එහෙනං මේ කියන්න යන්නෙ කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා. එක්කෝ මේ පෝස්ට් එකේ මෙන්න මෙතන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම සයිබර් සිහින බක්මහ උළෙල නිල ඉවෙන්ට් එකේ tickets available කියන තැන ක්ලික් කරලත් ලියාපදිංචි වෙන්න පුළුවන්. අැයි තව අපේ පේජ් එකේ? ඒකෙ Book Now කියල තියන බොත්තම එබුවත් ලියාපදිංචි වෙන්න පුළුවන්.



අැතුල් වීමේ ගාස්තුව රුපියල් 250 යි. දවල් කෑම වගේම වතුර බෝතලයකුත් ඔබට නොමිලේ ලැබෙනවා. එන්න අදහසක් තියෙනවා නම් ෆෝම් එක පිරවීම වගේම ෆෝම් එක පුරවලත් එන්න විදියක් නැත්නම් දවසකට දෙකකට කලින් දැනුම් දීමත් අපේ වැඩ කටයුතු පහසු කරවනවා. ෆෝම් එක පුරවන්නෙ නැතුව එදාට එන්න හිතං ඉන්න කීප දෙනෙකුට අවස්ථාව තියෙයි. ඒත් කෑම බීම වල අඩුපාඩු වෙන්න පුළුවන් නිසා කලින් ලියාපදිංචි වෙන එක කෝකටත් හොඳයි.

මේ අවුරුද්දෙ සයිබර් සිහින උළෙල ට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය රිදම් FM. අනිත් අනුග්‍රාහක භවතුන් ගැන ඊළඟ පෝස්ට් එකේ කියන්නං. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං cybernewyearfestival2011@gmail.com කියන අපේ නිල ඊ මේල් ලිපිනයට මේලක් එවන්න. නැත්තං පේජ් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. 

තවත් විස්තර එක්ක අායෙත් පෝස්ට් එකකින් හමු වෙමු.

16

මතකද? ......... සයිබර් සිහින බක්මහ උළෙල 2016

අවුරුදු කාලෙ ළඟ ළඟම එනවා. මාර්තු මාසෙ වෙනකොට සිංහල භාෂාවෙන් අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග් ලියන, කියවන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. පහුගිය අවුරුදු පහ තිස්සේ හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ දවසක බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය, සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වුණා. මේ අවුරුද්දෙ අවුරුදු උත්සවේ නැද්ද? මොකද මෙච්චර පරක්කු? එක එක්කෙනා අහනවා. 

නෑ... එහෙම නවත්තන්න පුළුවන් ද? මේ අවුරුද්දෙ හය වෙනි වතාවටත් සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. හැබැයි පුංචි වෙනස්කම් කීපයක් එක්ක. පළවෙනි වෙනස තමයි මේ අවුරුද්දෙ බ්ලොග්කරුවන් විතරක්ම නෙමෙයි සයිබර් සිහින බක්මහ උළෙල වර්ණවත් කරන්නෙ. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි භාවිතා කරන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට දායක වෙන්න පුළුවන්.

තව තව අළුත් වෙනස්කම් ගැන පහු පහු වෙනකොට දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් පාවිච්චි කරන හැමෝම
අපේ්‍රල් මාසෙ 30 වෙනි සෙනසුරාදා 
දිනේ වෙන් කරල තියාගන්න. වසරේ වඩාත් නිර්මාණශීලි අළුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න අදහස් කරනවා නං එදා තමයි දවස.

තවත් විස්තර එක්ක ඉදිරියේදි හමුවෙමු.... 

අපි,
අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය
බ්ලොග් අවකාශයේ මිතුරෝ
cybernewyearfestival2011@gmail.com


Back to Top