0

සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...

මීට අවුරුදු 7 කට කලින් 2011 දි ආරම්භ වුණ සයිබර් සිහින බක්මහ උළෙල ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්ම සයිබර් meetup වලින් එකක්. ඇත්තටම ඒ කාලෙ තිබුණු විශාලම එක. ඉතිං ටිකෙන් ටික කාලය ගත වෙලා අවුරුදු 6 ක් ම සයිබර් සිහින බක්මහ උළෙල ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න අවස්ථාව ලැබුණා. 

2017 අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙලට පොඩි විරාමයක් තිබ්බ නිසා 2018 අවුරුද්දෙ කලින්ටත් වඩා ඉහළින් සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සැළසුමක් තියෙනවා. තියන්නෙ කොහෙද? කවදද? මොනවද කරන්නෙ කියල තවම තීරණය කරල නෑ.

ඔයාටත් හිතෙනව නං මේ පාර මේ වගේ දෙයක් සයිබර් සිහින බක්මහ උළෙලේ වුණොත් හොඳයි කියල හිතෙනවනං ආයෙ හිත හිත ඉන්නෙ නැතුව සයිබර් සිහින උළෙල සංවිධානය කරන්න එකතු වෙන්න. තියෙන්න ඕන සුදුසුකම් තමයි 01) සිංහල බ්ලොග්කරුවෙක් වීම 02) මේ වෙනුවෙන් කැප වෙන්න තියෙන කැමැත්ත. 

වැඩේ වෙන්නෙ මෙහෙමයි. මේ සති අන්තයේ (30) වෙනිදා හවස්වරුවෙ අපි ඉස්සෙල්ලම කොළඹදි හම්බවෙනවා. ඉතුරු කතා බහ ඔක්කොම එදාට. නිකං හරි මේ වැඩේට දායක වෙලා යමක් කරන්න පුලුවන් කියල හිතෙනව නං මෙන්න මේ ෆෝම් එක පුරවල ලියාපදිංචි වෙන්න. අපි ඊ මේල් මගින් කියන්නං තැනයි වෙලාවයි. 

එහෙනං මේ අවුරුද්දෙ අලුත්ම විදියෙ සයිබර් සිහින බක්මහ උළෙලක් එක්ක එකතු වෙමු.

Back to Top