සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...





ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර.
කලින් කිව්වා වගේ ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. 


අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා
උදේ 8.30 පටන් රෑ වෙනකං....

හැමෝටම පුරුදු තැන...

වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේ දී...

සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා...

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 24 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. 

ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. එදාට ඔයා එක්ක තව කවුරුහරි එනවනං ඒ අයටත් වෙන වෙනම ෆෝර්ම් එකක් පුරවන්න.

වැල්ලවත්ත HSBC එකට ටිකක් ඉදිරියෙන් තියන Fredrica පාරේ මීටර් 200ක් විතර ගිහින් වමට හැරුනම ක්‍රීඩාංගණයට ඇතුළුවන දොරටුව තියනවා. 


එහෙනං 27 වෙනිදාට හමුවෙමු. 
0

සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය 2019

බක් මහ උළල තියෙන්නෙ අප්‍රේල් 27 වෙනිදා... ඒත් පලවෙනි තරගය ඔන්න අද පටං ගන්නවා.... ....

ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...

මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් සහ සඳැස්)
කෙටිකථා


cybernewyearfestival2011@gmail.com කියන "බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.

මේ නිර්මාණ ඒ ඒ ක්ෂේත්‍ර වල දැනුමැති සහෘද විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 27 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.....
නිර්මාණ බාරගන්න අන්තිම දවස අප්‍රේල් 18 වෙනිදා.....

එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2019" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා.

මෙන්න තරංග කොන්දේසි....

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය.

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.

5. අංශ දෙකෙන්ම පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.


ඔන්න අද ඉඳලම නිර්මාණ බාරගන්නවා......
Back to Top