ඔන්න කවුරුත් ගම්පහ පැත්තේ ගිහිල්ල අලුත් අවුරුද්දේ අමතක නොවෙන අත්දැකීමක් ලබල ඇවිත් ඉන්න වෙලාවේ තවත් අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ...
මතකයිනේ... 2011 දීත්, 2012 දීත් අපි බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය "සයිබර් සිහින උළෙල" බොහොම සුන්දර විදියට පැවැත්තුවා.
ඔන්න මේ පාරත් සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම එකතුවෙලා තවත් අමතක නොවෙන දවසක් ගත කරන්නයි යන්නේ. ඒ තමයි......
"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013
දවස මතකයිනේ......
2013 අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....
තැන..... කොළඹ....
කොතනද කියල ළඟදීම කියන්නම්...
කොහොම වුනත්, බ්ලොග් ලියන කියවන හැමකෙනෙක්ම එදාට එයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.
දැන් ඉඳලම දිනේ වෙන්කරලා තියාගන්නකෝ. අවුරුද්දට ලංකාවට එන්න හිතාගන ඉන්න එතෙර උදවියත් ඒ දවස අපිත් එක්ක ගත කරනවානම් අපි හැමෝම කැමතියි...
එහෙනම් 2013 "සයිබර් සිහින උළෙල" පළමු තරඟය ආරම්භ කරන්නයි මේ සුදානම....
ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...
මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් ඇතුළුව)
කෙටිකථා
රචනා
සහ
ගී පද රචනා
cybernewyearfestival2011@gmail.com කියන"බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.
මේ නිර්මාණ බ්ලොග්කරුවන් නොවන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 21 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.....
නිර්මාණ බාරගන්න අන්තිම දවස මාර්තු 31 වෙනිදා.....
එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2013" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා.
මෙන්න තරංග කොන්දේසි....
මෙන්න තරංග කොන්දේසි....
1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය. මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ
පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර
දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)
2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා
3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.
4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.
5. අංශ දෙකෙන්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනමනු
ලබන අතර 1,2,3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ සයිබර් සිහින උළෙල සමරු කලාපයේ
පළකරනු ලබයි.
6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.
7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.
තව දෙයක්....එදාට එනවා වගේම මේ කාර්යය සාර්ථක කරගන්න දායක වෙන්නත් හැමකෙනෙක්ටම අපි ආරාධනා කරනවා. මුල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්න කැමති අයට "සයිබර් සිහින උළෙල" වෙනුවෙන් නිර්මාණය වෙන සමරු කලාපයේ දැන්වීමක් පලකිරීම මගින් හරි සෘජුවම "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට මුදල් බර කිරීම මගින් දායක වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රමයෙන් හරි වෙනත් ආකාරයකට හරි උදවු කරන්න කැමති අයට ඒ විදියට උදවු කරන්නත් පුළුවන්. ඔබේ කැමැත්ත සඳහන් කරල cybernewyearfestival2011@gmail.com කියන නිල ඊ මේල් ලිපිනයට ලිව්වොත් හැකි ඉක්මනින් සංවිධායක මණ්ඩලය ඔබව අමතාවී...