22

ස්තුතියි...! නැවත හමුවෙමු...!

සයිබරයේ සිහින උළෙල, සයිබර් සිහින බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් අද දවස පුරා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. සයිබර් සිහින උළෙල වංශකතාවේ සිවුවන සිහින උළෙල වූ මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ බ්ලොග් සුහද හමුව බවට පත්විය. 


සෑම වසරකම මෙන් ජනවාරි මාසයේ සිට කොටසින් කොටස සැලසුම් වූ සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කලහ. ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමි වෙයි. විශේෂයෙන්ම ඕෂනික් ගේම්ස් ආයතනය මගින් දැක්වූ සහයෝගය නොවන්නට බ්ලොග්කරුවන්ගේ ටී ෂර්ට් එකත්, මෙවර සයිබර් සිහින උළෙලේ බොහෝ අංගයනුත් සිහිනයක්ම වීමට ඉඩ තිබිනි. ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ Laydeez ආයතනයටත්, මූල්‍ය අනුග්‍රහයන් දැක්වූ බ්ලොග් සහෘදයන්ටද, සජීවි විකාශන කටයුතු සිදුකල බස් රේඩියෝවටද  බ්ලොග් අවකාශයේ ස්තුතිය හිමි වේ.

ඒ සියල්ලටමත් වැඩියෙන් අද උදේ පාන්දර සිට, ඇතැම් විට ඊයේ සිට බොහෝ දුරබැහැර ගෙවාගෙන සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණ වෙහෙසකර උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ අපගේ සිහිනය සැබෑවක් කරන්නට දායක වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. ඉතා ජනප්‍රිය, පැරණි බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම පළමුවරට මෙවර සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණීම අපට විශාල ශක්තියක් විය.

"අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිනිස" බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කල සයිබර් සිහින බක්මහ උළෙල මෙලෙසින් නිමාවට පත්වන්නේ මිහිමත රෝපනය වූ මිතුදම් සදාතනික මතකයන් බවට පත් කරවමිනි. මේ සහෝදරත්වය සදා බ්ලොග් අවකාශය බබලවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.


යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු.

දයාබර ඔබට ස්තුතියි...!
9

ලබන ඉරිදා මේ වෙලාවට...

මේ දවස් වල සයිබරය පුරාම කතා බහ වෙන්නේ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. ඔන්න ලබන ඉරිදා මේ වෙලාව වෙනකොට අපි හැමෝම ඉන්නේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ. කඹ ඇදීම, කොට්ටා පොරය, ජන ගායනා, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම වගේ තරඟ ඉසව් ගණනාවක් එදාට පවත්වන්න මේ වෙනකොටත් සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.


හැබැයි ඔබ තවමත් ලියාපදිංචි වෙලා නැත්නම් අද හෙටම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. ඊට පස්සෙ ඔයාලට ලියාපදිංචි කිරීමේ ඊ මේල් එකක් ලැබේවි. තවමත් ඒ ඊ මේල් එක නොලැබුණු අයට 15 වෙනිදා වෙනකොට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා බියක් ඇති කරගන්න එපා. ඔබ 15 වෙනිදා වෙනකොට ලියාපදිංචි වුනොත් ඔබ එදාට වැය කරන රුපියල් 200 වගේ තුන් හතර ගුණයක වටිනාකමක් ඔබට ලැබෙනවා කියන එකත් මතක් කරන්න ඕන.

 දන්නවනේ, මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙල සඳහා බස් රේඩියෝ මාධ්‍ය දායකත්වය ලැබෙනවා. හැබැයි මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙලේ පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ Ocenic Games ආයතනය. ඔවුන් ශ්‍රී ලංකාවේ අළුතින්ම බිහි වන ආයතනයක් ලෙස අපට දක්වන සහයෝගය කොහෙත්ම අමතක කරන්න බැහැ. 

මෙන්න ඕෂනික් ගේම්ස් ලාංඡන. මේවා ඔබේ දෑසට හුරුද බලන්න.





 අපගේ අනුග්‍රාහක භවතුන් වෙනුවෙන් මෙන්න මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් එය ඔවුන් වෙනුවෙන් දක්වන විශාල අනුග්‍රහයක් වේවි. 
<object width="280" height="125" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/ocnc.swf"></object>

ඒ විතරක් නෙමෙයි. තවත් ආරංචියක් කියන්න තියෙනවා. මෙදා අවුරුද්දේ සයිබර් සිහින කුමරිය බවට පත්වෙන තරුණියට රුපියල් 2500 ක් වටිනා මෙන්න මේ ආභරණ කට්ටලය පිරිනමන්න Laydeez සූදානමින් ඉන්නවා.


බලමුකො කව්ද මේ තෑග්ග දිනාගන්න වාසනාවන්තිය කියලා. 

ඒ විතරක් නෙමෙයි. මෙදා සැරේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් මීමුරේ හොලිඩේ රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව මීමුරේ සුන්දර ගම්මානයේ දින දෙකක් ගත කරන්න අවස්ථාව ලබාදෙන්න සූදානමින් ඉන්නවා. කව්ද කැමති තමන්ගේ ශක්තිය උරගා බලන්න?

එහෙම නම් තව සතියකින් හමුවෙමු.

එතෙක් බ්ලොග් අවකාශයේ මිතුරෝ ප්‍රාර්ථනය, ලබන්නා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා...! යන්නයි.
10

තව හරියටම සති දෙකයි.

හැම කෙනෙක්ම දන්න විදියට 2014 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස" කියන තේමාවෙන් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, ඒ කියන්නේ අද ඉඳලා ගෙවෙන 14 වෙනි දවසේ බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

එදාට මොනවද වෙන්නේ?
හැමදාම වගේ අළුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වන විනෝද ක්‍රීඩා රැසක්ම මෙවරත් සංවිධානය කරලා තියෙනවා. දුවන පනින තරඟ වගේම, බනිස් කෑම, කණා මුට්ටි බිඳීම වගේ අවුරුද්දටම ආවේනික තරඟත් පැවැත්වීමට නියමිතයි. යොවුන් ඔබ පුල පුලා බලා සිටින සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තෝරන්නත් ලහි ලහියේ කටයුතු සූදානම් වෙනවා. 

ඊට අමතරව අවකාශයේදි හමුවුන මිතුරු මිතුරියන් මිහිමතදි ඇත්තටම හම්බ වෙලා කතාබහ කරන්නත්, හිතමිතුරුකම් අළුත් කරගන්නත් අවස්ථාව තියෙනවා. මතකයිනේ, හැන්දෑවෙ පවත්වන ජනගායනා තරඟය. ඒකටත් සහභාගී වෙන්න පුළුවන්.

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ බස් රේඩියෝව. ඊට අමතරව  මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.  

හැබැයි ඊට කලින්...

මෙන්න මේ ෆෝම් එක පුළුවන් තරම් ඉක්මනට පුරවලා සයිබර් සිහින උළෙලට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. මේ අවුරුද්දේ අවුරුදු උත්සවේදි ඔබ පුදුමයට පත් කරවන සිහිවටනය ලැබෙන්නේ අප්‍රේල් 15 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන අයට විතරයි. ඔබ දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඔබගේ ලියාපදිංචි අංකය සහ විස්තර ඉදිරි දින කිහිපයේදි ඊ මේල් මගින් ලැබේවි. සයිබර් සිහින බක්මහ උළෙල දවසට දිවා ආහාර ඇතුළු වියදම් වෙනුවෙන් ඔබට රුපියල් 200 ක ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවන්න සිදු වෙනවා.



තවත් එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි අපේ සයිබර් සිහින උළෙල ගැන සහ අපේ අනුග්‍රාහක භවතුන් පිළිබඳ දැනුවත් කරන පුංචි විජට් දෙකක් ඔබේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න කියන ඉල්ලීම. ඔබේ බ්ලොග් අඩවියට යන එන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට පාර කියන්න ඒක හොඳ අවස්ථාවක් වේවි. මෙන්න විජට් දෙක. ඒවා බ්ලොග් අඩවියට එකතු කරගන්න හැටි දැනගන්න අවශ්‍ය නම් මෙතනින් දැනගන්න පුළුවන්. 




<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>  

 
<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙනම්, අප්‍රේල් 20 හමුවෙමු... යන්න කලින් අපේ ෆේස්බුක් ඉවෙන්ට් එකටත් ගොඩ වෙලා යන්න.

37

අවුරුදු උත්සවයට සූදානම්ද?

ඔන්න අද අප්‍රේල් පළවෙනිදා, මෝඩයින්ගේ දවසේ බ්ලොග් අවකාශයේ මිතුරෝ හදන්නේ ඔයාලව මෝඩයා කරන්න නම් නෙමෙයි. අපි කවුරුත් පුල පුලා බලා ඉන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන අළුත්ම තොරතුරු කිහිපයක් කියන්න. 

හැමෝම දන්න විදියට සයිබර් සිහින බක්මහ උළෙලේ පළමු තරඟය, නිර්මාණ තරඟය අවසන් වුනා. අවාසනාවට සමහර තරඟ ඉසව් වලට නිර්මාණ ලැබුනේ නැති නිසා ඒ තරඟ ඉසව් අවලංගු කරන්න වුනා කියලා නිර්මාණ තරඟයේ සංවිධායකයින් කියනවා. නමුත් නිර්මාණ ඉදිරිපත් වුන තරඟ වලින් ජයග්‍රහණය ලබන අය අවුරුදු උත්සවය දවසට ප්‍රකාශයට පත් කරනවා.


කීප දෙනෙක්ම ඇහුවා මොකද මේ සැරේ අවුරුදු උත්සවය ගැන සද්දයක් නැත්තෙ කියලා. දෙගිඩියාවෙන් ඉන්න එපා. පහුගිය අවුරුදු වල වගේම, සමහරවිට ඊටත් වඩා වින්දනීය සයිබර් සිහින බක්මහ උළෙලක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතිනවා. අප්‍රේල් මාසෙ 20 වෙනිදා හරියටම උදේ 9.00 ට බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙනවා. මතකයිනේ තේමාව "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 10 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. 
ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 350/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ ඒ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එදාට ඔබට ලැබෙන බව නම් සහතිකයි.


 ඒ විතරක් නෙමෙයි. මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ සමරු කලාපය මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. දන්නවනේ, මේ පාර සමරු කලාපය වර්ණයෙන් මුද්‍රිත පත්‍රිකාවක් විදියටයි සකස් වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳව සහෘද බ්ලොග්කරුවන් දැනුවත් කරන්න කැමතිනම් සමරු කලාපයේ දැන්වීමක් පළ කරන්න ඔබටත් පුළුවන්. මෙන්න තියෙනවා විස්තරය. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දැන්වීම ඔබ කැමති ආකාරයකට ලබා දීලා තියෙන ප්‍රමාණයට අනුව සකස් කරලා අප්‍රේල් 5 වෙනිදාට කලින් cybernewyearfestival2011@gmail.com අපේ ඊ මේල් ලිපිනයට එවීමයි. ඊට පස්සේ ඒ සඳහා වන ගෙවීම් සිදු කරන ආකාරය ගැන ඔබට ඊ මේල් මගින් දන්වන්න කටයුතු කරනවා.


1 - මුළු පැත්තක් - ප්‍රමාණය 290mm x 100mm - රු 5000/=
2 - පැති භාගයක් - ප්‍රමාණය 145mm x 100mm - රු 2500/=
3 - පැති කාලක් - ප්‍රමාණය 72mm x 100mm - රු 1000/=
4 - පැති ⅛ ක් - ප්‍රමාණය 72mm x 50mm - රු 500/=

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ  නිල මාධ්‍ය සහකරු වශයෙන් කටයුතු කරන්නේ බස් රේඩියෝව. මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. 


එහෙමනම් අප්‍රේල් 20 වෙනිදාට හමුවෙමු. ඊට කලින් ෆෝම් එක පුරවලා ලියාපදිංචි වෙන්න. සමරු කලාපය ගැනත් මතකයිනේ.  

 ඡායාරූප - වෙනිවැල්, ජේ ඩී, අනුෂ්ක (2013 සයිබර් සිහින බක්මහ උළෙල)

ප.ලි. - මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අනුග්‍රාහකත්වය දරන Oceanic Games ආයතනය එදින සහභාගීවන්නන්ගේ වියදම් වලින් කොටසක් ද ආවරණය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඇතුලත්වීමේ ගාස්තුව රු 200/= ලෙස සංශෝධනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කලා.
Back to Top