35

අවුරුදු උත්සවය ගැන ගොඩාක් දේවල් දැන ගන්න එන්න..........

ශ්‍රී ලාංකික සයිබර් අවකාෂය තුල උදාවන අති සුන්දරම දිනය ලෙස එළි බැසීමට මග බල බලා සිටින සයිබරයේ සිහින උළෙල පිළිබඳව වැඩි විස්තර ඔබට කියන්නයි මේ අපි සූදානම් වෙන්නේ..... පසුගිය දින කිහිපය තුල අප වෙත පැමිණි දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි වගේම ෆේස්බූක් පණිවිඩ තුලින් ද සයිබර් සිහින උළෙල පිළිබඳව ඔබ තුල වූ උනන්දුව ඉතා පැහැදිලිව අපි දැක්කා.... ඔබ දක්වන ඒ උනන්දුව ඇත්තටම අපිට ශක්තියක්.... හරි අපි කෙළින්ම කතාවට එමු......


2011 වසරේ මාර්තු මස 16 දින අපි ඔබ වෙනුවෙන් වූ ආකෘති පත්‍රයක් සයිබර් අවකාශය පුරා විහිදුවා හැරියා.... එහි ප්‍රථිපල අපි සිතුවාටත් වඩා ඉතා දුර ගිහින් තිබෙන බවක් තමයි අපට පෙනෙන්නේ.... අද 21 වනදා...... දින පහක් ඇතුලත සයිබර් සිහින උළෙලට පැමිනීම ස්ථිර කල සහෝදර සහෝදරයින් 211ක් මේ වෙනකොටත් ලියාපදිංචි වී අවසන්.... ඔබත් තවම ඒ සදහා ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියා පදිංචි වන්න... හේතුව වන්නේ එම ලියාපදිංචි වීම ස්ථිර නොකර සිටින කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩාංගනය තුලට පැමිනීමට කිසිදු අවස්ථාවක් සංවිධායක මණ්ඩලය විසින් ලබා නොදීමයි.... එබැවින් ඔබ වෙත ලබා දෙන රහස්‍ය අංකයට අදාලව ඔබ විසින් ලබාදුන් තොරතුරු පැවසීමෙන් ඔබට සයිබරයේ සිහිණ සැණකෙලියේ කිමිදෙන්නෙකු බවට පත්විය හැකියි...... ඉතින් සයිබරයේ සිහින උළෙලේ ඔබ පුල පුලා බලා සිටින තොරතුරු මෙන්න......



දිනය සහ වෙලාව :


2011 අප්‍රේල් මස තුන්වන ඉරුදින පෙරවරු 09.30 සිට දවස පුරා


ස්ථානය :


හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය, කොළඹ 05. (තිඹීරිගස්යාය.)



පැමිණීම


සයිබර් අවකාශය පුරා පතුරවා ඇති ආකෘති පත්‍රය පුරවා එවීමෙන් හා ඒ සමගම ඔබගේ විද්‍යුත් ලිපිනයට එන ලිපියෙන් එම පැමිනීම ස්ථිර කරන්න... ඒ සමගම ඔබට රහස්‍ය අංකයක් ලබා ගත හැකියි.... එම අංකය එදින දොරටුවට ඉදිරිපත් කිරීමෙන් ඔබගේ ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකියි...



අය කිරීම්


ඇතුල් වන සියළුම දෙනාගෙන් රුපියල් සියයක (රු.100.00) මුදලක් අය කෙරේ.... 


(මීට අමතරව දිලුම් හෙවත් අපේ ඉලංදාරියාට ආධාර පිණිස තබා ඇති අධාර පෙට්ටියට ඔබට හැකි පමණින් දායකත්වය ලබා දෙන්නේ නම් ඉතා කෘතඥ වෙමු... මේ සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන සැමට අපගේ ආදරණීය සොයුරියක් වන අරුණි ශෙපීරෝ සොයුරිය විසින් රචිත වටිනා ග්‍රන්ථයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.)



පහසුකම්


දිවා ආහාරය සමගින් මිලිලීටර් 500 වතුර බෝතලයක්  සහභාගී වන සැමට ම සැපයීමට බලාපොරොත්තු වෙමු.


හවස දෙකට ඔබගේ විඩාව නිවීම සඳහා කේක් සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතව ඇත.. ( මේ සඳහා පූර්ණ අනුග්‍රහය අරුණි ශෙපීරො සොයුරියගෙනි..)


වටිනා අවස්ථා


ප්‍රවීණ මනෝවිද්‍යා ලේඛක සුමනදාස සමරසිංහ ශූරීන්ගේ  මිනිස් සිතේ හාස්කම්, ඉලක්කය හඹායන චිත්ත බලය, නොවරදින එකම මඟ වැනි ජනප්‍රිය මනෝ විද්‍යාත්මක පොත් එදින මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.



ලොතරැයි දිනුම් ඇදීම :


වටිනා ත්‍යාග රැසක් ඔබට හිමි කරගැනීමේ අවස්ථා මෙයින් උදාවෙනු ඇත.




පැවැත්වෙන ක්‍රීඩා : 


මීටර් 100 ගැහැණු (කේවල)
මීටර් 100 පිරිමි (කේවල)

බෑලුම පෑගීම

බනිස් කෑමේ තරඟය (කේවල)
විල්බැරෝ රේස් (යුගල)

සංගීත තොප්පි තරඟය (කේවල)

පත්තර පිටුව මත නැටීම (නර්තන අංගයකි) (යුගල)
අලියාට ඇස තැබීම (කේවල)

තුන් පා දිවීම (යුගල)
 

බැලුම් පිපිරවීම (කේවල)
අවුරුදු කුමරිය තේරීම (කේවල)

කණා මුට්ටි බිඳීම (කේවල)

ලබුගෙඩියේ ඇට ගනන් කිරීම
පෙට්ටියේ රහස

සැගවුනු අමුත්තා සෙවීම

යෝගට් කැවීම (යුගල)
කඹ ඇදීම (සමූහ)

අවුරුදු කුමාරයා තේරීම (කේවල)
 



ත්‍යාග


සෑම තරගයකම ප්‍රථම ස්ථාන දිනන ජයග්‍රාහකයන්ට පමනක් සරසවි පොත් හලෙන් රුපියල් 500.00ක ත්‍යාග වවුචර හිමි වෙනු ඇති..



සුහද හමුව :


ඩීජේ සංගීතයත් සමඟ පස්වරු දෙකට ඇරඹෙනවා ඇත...


ඉහත කරුණු සංවිධායක මණ්ඩලයේ අදහස පරිදි යම් යම් වෙනස්වීම් වලට භාජනය කරණු ලබන අතර සිහින උළෙලේ සියළු අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වේ.....


පොලිතීන් හා ප්ලාස්ටික් උපකරණ සිහින උළෙල පරිශ්‍රයට ගෙන ඒමෙන් වැලකී සිටින ලෙසට මෙන්ම සියළු අපද්‍රව්‍ය සුදුසු තැන් වලට බැහැර කිරීමටද ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස මෙම කර්තව්‍යය අවසන් කිරීමට ඔබ දක්වන සහයෝගය ඉතා අඟේ කොට සලකමු.




එහෙමනම් අප්‍රෙල් තුන් වෙනිදා මුණ ගැසෙමු.... ඊට කලින් බ්ලොග් අවකාශයේදී මුණ ගැසෙමු... 

35 comments:

Unknown said...

හුරේ බනිස් කන්න පුලුවන් නම් ඔනේ තැනක එනවා ! :ඩී
මෙතන පොඩි පුරස්නයක් තියෙනවා. දැන් දෙන වතුර බොතලේ ප්ලාස්ටික් බොතලයක් නෙමේද? O.o

anyway හදවතින්ම සුබ පතනවා ! වැඩේ සාර්තක වෙන්න කියලා. අපිත් එනවා එදාට

Anonymous said...

අපේ සුභ පැතුම්...! ඔබ සැමට ජය ශ්‍රී!!

Anonymous said...

හොද කොල්ලෝ ටික‍කගේ හොද වැඩක්.. මේ වෙනුවෙන්ම නිල බිලොග් අඩවියක් ආරම්භකලොත් හොදයි නේද? එතකොට කාටත් විස්තර ලේසියෙන් බලා ගන්න පුඵවන්.. තියන ‍දවසට පැයෙන් පැයට ජායාරූප යාවත් කාලීන කරන්න..

පූසා said...

ඔය යුගල තරඟ වලට ගන්නේ ගැහැණු-පිරිමි යුගල විතරද? එහෙමනම් මම දැම්ම පාර්ට්නර් කෙනෙක් හොයා ගන්න ඕනේ :D

gayan asanka said...

ela ela.. good luck ..

දනුෂිකා සෙව්වන්දි said...

මගේ සුභ පැතුම්................................

Thusitha (දිමා) said...

ජය වේවා...

මාරයාගේ හෝරාව said...

මෙම අවුරුදු උත්සවයට ඇතුලත් කර ඇති සියවම ඉසව් මාහට කිසිදු අපහසුවකින් තොරව ජයගත හැකි ඒවා වීම පිළිබඳව මාගේ බලවත් විරෝධය..
එබැවින් කරණාකර මාහට ජයගැනීමට අපහසු වෙතැයි සිතිය හැකි ලොකුම බොරුව කීම වැනි අංගයක්ද ඇතුලත් කරන මෙන් වහාම දන්වා සිටිමි...

රංග - මගේ ලෝකය said...

මාරයා : උඹ තමා සැඟවුන අමුත්තා. උඹට තියෙන්නෙ කාටවත් අහුවෙන්නෙ නැතුව හැංගිලා ඉන්න එක.

මාරයාගේ හෝරාව said...

හරි හරි මං ඒක කරන්නං..කොහොමත් එදාට මට ටිකක් හැංගිලා තමයි ඉන් වෙන්නේ..නැත්තං ගැණු ළමයි ටික වට වෙලා මට නෙලනවා ආයේ ඒකේ දෙකක් නැහැ...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අපිත් එනෝ............

Unknown said...

ඕන්න පොඩි මහත්තයත් එහෙනං එන්ට තීරනේ කොලා හරිය....

Anonymous said...

පොඩි සීන් එකක්. මට අර කියාපු මේල් එකක් ආවෙ නෑනෙ. ආපහු රෙජිස්ටර් වෙන්නෙ වෙයිද?

ඉලංදාරියා said...

දෙවනි Anonymous මේ ඒ නිල බ්ලොග් අඩවිය තමයි..

වැප් said...

@නවම්

ඒ මෙයිල් එක බලන්න ස්පැම් වෙලාද කියලා .....

එහෙමත් වෙලා නැත්නම් අයේ එවන්න එපා .... අපි තව මෙයිල් එකක් එවන්නම් ....

පූසා said...

ඔව් ලොකුම බොරුව තරඟේ තියන්නම ඕනේ. මොකද මේ අවුරුදු උත්සවේ ගැන දැන ගත්තු දවසේ ඉඳන්මයි මම බොරුවක් ලෑස්ති කරන්නේ. ඒ තරඟේ නැති වුනොත් මගේ බොරුව අපතේ යනවා :D

Ishara ( DarKneT ) said...

ඔක්කොම මීටර් හැබැයි "තුන් පා දිවීම (යුගල)" එක තේරුනේ නෑ වගේ :D

මකුළුවා..... said...

අයියා ගමන් මාර්ගයත් පොඩ්ඩක් විස්තර ඇතුව කියනවද?මට වැඩිය කොළඹ පාරවල් පුරුදු නෑ.....

Shaminda Ekanayaka said...

අපිත් එනව ඕං ඈ ......

priyantha said...

@ මකුළුවා
ගමන් මාර්ගය ඉදිරි කාලයේදී විස්තර ඇතුව දන්වන්න අපි කටයුතු කරනවා

Anonymous said...

meeewaaa sallllii kada gannna weda....
meee thun lookeee mona AURUDU UTHSAWEEDA sallli aragena ethulata demmme...
methana wanchawak siddda wenawa...
kauru kauruth parisssam wena eka hondai...

SAIBAR SENAKELIYA kiyala sallli kada gannna thenak...

Anonymous said...

meee wage deewal karannna oneee sallli aragena newei...
miniusungee hith sathuta karana deyak...
ewa sallli walata karannne neee kawadawathmaaa...
HIK HIK HIK...

Anonymous said...

මනුස්සයෙක් හොඳ වැඩක් කරන්න ගියාම ඒකට අකුල් හෙලන එක සිංහල ගතියනේ. ඔයා නෑවිත් ඉන්න ඇනෝ, එන අය එයි.

ඩීජේ වලට තෑගි වලට දවල් කෑමට සල්ලි දෙන්නේ පොලෝසියෙන්ද? හම්බ උන ආධාර ඇරෙන්න ඉතුරු දේවල් කරන්න වෙන්නෙ ටිකට් වල සල්ලි වලිනුත් එක්ක.

මොන අවුරුදු උත්සවේද දවල්ට කෑම දුන්නෙ?

- රංග (ලොග් වෙන්න කම්මැලියි)

Anonymous said...

පලවෙනි ඇනෝ: දෙවනි ඇනෝත් උඹමනේ: ඉතින් ඔයාට දුකයි ද බබා. බබා වෙනින් හොඳ අවුරුදු උත්සවයක් තෝරගෙන දවල් කෑමත් කාලා, බීමත් බීලා, තවත් මනුස්සයෙක්ට උදව්වක් විදිහට ඉතුරු වෙන ඔක්කොම සල්ලි ටිකත් දෙන පිංකමටත් දායක වෙලා එන්න. එතකොට බබාට සතුටුනේ බබා. බබා තාම වැඩිලා නැති නිසා වෙන්නැති බබාගේ බබා මොලේට මෙහෙම අදහස් එන්නේ බබා. ඇනෝ කමෙන්ට් දැම්මත් බබා සැබෑ වේසෙන් ඇවිත් මේවා බලනවා ඇතිනේ බබා. දැන් බබාට දුක හිතෙයි. දුක හිතුනට කමක් නෑ තාත්තට පෙන්නන්නෙපා. එතකොට ඒ මනුස්සයටත් දුක හිතෙයිනේ බබා "මේ වගේ ලොන්තයෙක්වද මම හැදුවේ?" කියලා. එනිසා බබාම මේක බලලා සතුටු වෙලා ඉන්න බබා. උම්මා බබා!

Anonymous said...

සයිබර් සැනකෙලියට බැනල කමෙන්‍ටු දෙකක් දාපු ඇනෝ : උඹ වගේ උන්ට රුපියල් 100 ට බත් සහ ආතල් නෙමේ දෙන්න ඕනෙ තණකොල.

උඹ නමින් එනව නම් උඹගෙන් අඩුවෙන් චාජ් කරයි කරන උන්. මොකද බත් වලට වඩා තණකොල ලාභ නිසා.

jhothishalanka said...

අවුරුදු උත්සවයකින් සතුට, විනෝදය ලැබෙනවා වගේම එකිනෙකා අතර සම්බන්ධතාවත් වැඩි දියුණු වෙනවා.රු 100 ක් කියන්නේ මහ ලොකු මුදලක්ද?ඕක අරගෙන සංවිධානය කරන අය තට්ටු ගෙවල් හදන්නද?අනික මේක ලාභ උපයන්න කරන වැඩක් නෙවෙයි කියලා මේ වැඩේ විවේචනය කරපු ඇනෝට තේරෙන්නෙ නැද්ද?ඒ ඇනෝට බනින්න අනිත් එකාලත් ඇනෝල වගේ එන එකනෙ ඉවසන්න බැරි.

නිසල් said...

මමත් එන්නනම් කැමති ඒත් මම අදුනන කවුරුත් නැ වගේ

Abeetha Edirisinghe said...

අදුරගන්න තමයි එන්න ඕන නිසල්.... අපිත් මේ එන හැමෝම අදුරන්නෙ නෑ.. භය වෙන්න එපා...

නිසල් said...

එනව එනවා එදාට හම්බවෙමු :)

නෙරංජි සුලක්ඛනා said...

මමත් එනවා.....මම නම් ටිකක් අය අඳුනනවා.....ඉතින් එදාට හමුවෙමු.... :)මම නෙරංජි

ariyawansa himu said...

මාව අඳුනන කට්ටිය එදාට මට උම්ම දෙන්න හොඳේ,,,

sudharshana said...

මාත් එනෝ... (තනියම නම් නෙවෙයි)

අලුත් කොල්ලා | The New Guy said...

කාරුණික ඉල්ලීමයි.....

ඉවර උනහම ඡායාරූප ටිකක් සයිබර් අවකාශෙට දාන්ට ඇහැකිද??

http://aluthkolla.blogspot.com

දිලාන් said...

ශා නියම වැඩක්.මට එන්න විදියක් නැනේ. මගේ සුභ පැතුම!!

priyantha said...

@ Anonymous
ඔන්න අපි අවුරුදු උත්සවය පැවැත්වූවා. සල්ලිත් ගත්තා. ඒ සල්ලි වලට කරන දේත් ප්‍රසිද්ධියේම කීවා. සල්ලි ලැබුන හැටි. ඇයි ටිකට් දුන්නේ. ඒ ආදායමට මොනවද උනේ කියල එදින පැමිණි සියලු දෙනා ඉදිරියේ ප්‍රසිද්ධියේම කීවා. ඊයේ (03) වෙනිදා ඔබ ආවනම් ඒ රුපියල් 100 ටිකට් වලින් ලැබූ ආදායම හා ඒ මුදල බැරවූයේ මොන අරමුණක් වෙනුවෙන්ද යන්න දකින්න ලැබෙන්න ඇති. මම ඔබේ කමෙන්ට් එකට පිළිතුරු නොදී සිටියේ මේ දිනය එළඹෙන තෙක්. දැන් ඔබම ඔබට බුද්ධියක් ඇතිනම් එය යන්තම් හො පාවිච්චි කර බලන්න ඇයි මේ සඳහා පොඩි 100ක් ගත්තේ කියා.

Post a Comment

Back to Top