ව්‍යවස්ථාව


බ්ලොග් අවකාශයේ මිතුරො - ව්‍යවස්ථා මාලාව

1) රීතිය - සංගමයේ නාමය
                බ්ලොග් අවකාශයේ මිතුරෝ

2) රීතිය - සංගමයේ පරමාර්ථ

  • සමාජීය සුබසාධන කටයුතු වල නිරත වීම
  • ජාතික උත්සව පැවැත්වීම
  • වර්ෂ අවසාන සාද පැවැත්වීම
  • දැනුම මිනුම වැඩි කිරිම සඳහා දෙශන පැවැත්වීම
  • ගුවන්විදුලි, රුපවාහිනි වැඩසටහන් පරිඝනක වැඩසටහන් සංවිධානය කිරිම
  • වෙදිකා නාට්‍ය, චිත්‍රපට, සංගීත වැඩසටහන්, ලොතරැයි ආදිය මගින් අරමුදල් සම්පාදනය කිරිමේ කටයුතු
  •  සංගමයේ උත්සව අවස්ථාවලට සමාජිකත්වයේ පවුලේ සමාජිකයින් සහභාගී කර ගැනිම


3) රීතිය - සාමාජිකත්වය

සයිබර් අවකාශ්‍යයේ සැරිසරන ඔනෑම පුද්ගලයකුට සමාජිකත්වය විවෘත වන අතර සංගමයේ ගරු ලේකම් තුමාගෙන් ගන්නා ලද ඉල්ලුම් පත්‍රයක් හෝ අප බ්ලොග් අඩවියේහි     සඳහන්   පොරමය සම්පූර්ණ කර, ගරු ලේකම් තුමා වෙත ඉදිරිපත් කිරිමෙන් සාමාජිකත්වය ලබා ගතහැක.
(මුල්‍යමය කටයුතු කිරිමේ පහසුව උදෙසා පමනක් මෙම රීතිය ඇතුලත් කොට ඇති බව කරුනාවෙන් සලකන්න)

4) රීතිය - සාමාජික ගාස්තු

විශේෂිත වු සාමාජික ගාස්තුවක් සංගමය අයකරනු නොලැබේ. සංගමයේ තීරණය මත මෙය කාලීනව වෙනස් වියහැක.

5) රීතිය - සංගම් අරමුදල

  • සංගමයේ අවශ‍යතා වෙනුවෙන් සංගමය ගන්නා තීරන මත ජාතික ඉතිරිකිරිමේ බැංකුව, ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව එක් එක් ගිණුම් ක්‍රම පවත්වා ගෙන යායුතුව ඇත.
  • සංගමයේ මුදල් වර්ධනය කර ගැනිම සඳහා නොයෙක් අරමුදල් සම්පාදනය කර ගැනිමේ විවිධ ක්‍රම උපයෝගි කර ගතහැක.
  • සංගමය සඳහා ලැබෙන අරමුදල් පරිත්‍යාග සහ ආධාර වෙනුවෙන් ගරු භාණ්ඩාගාරික තැන විසින් ලිඛීත සටහන් කාලීනව සංගමය වෙත ඉදිරිපත් කලයුතුව ඇත.
  • සංගමයේ සියලූම අරමුදල් සම්බන්ධව ගරු භාණ්ඩාගාරික සම්පූර්ණයෙන් වග කිවයුතු අතර, පාලන කමිටුවේ අනුමැතිය නොමැතිව ගරු භාණ්ඩාගාරික ලඟ කිසිම මුදලක් තබා ගත නොහැක.
  • සංගමයේ ගිණුම් පරිහරණය ගරු භාණ්ඩාගාරිකගේ අනිවාර්ය අත්සනින් සහ ගරු සභාපති/ ගරු ලේකම්ගේ විකල්ප අත්සනින් කලයුතුය. ගරු භාණ්ඩාගාරික නොමැති අවස්ථාවලදී ගරු උප භාණ්ඩාගාරිකට බලය පැවරේ.
  • සංගමයේ මුදල් වර්ෂය ජනවාරි 01 දින පටන් ගෙන දෙසැම්බර් 31 වැනි දින අවසන් වියයුතුය.


6) රීතිය - විධායක සභාව

  • සංගමයේ මහ සභා රැස්වීමේදී තොරා පත් කරනු ලබන පහත සඳහන් නිලධාරීන් හෙන් විධායක සභාව සමන්විත වේ.

               ගරු සභාපති            ගරු උප සභාපතී
               ගරු ලේකම්            ගරු උප ලේකම්
               ගරු භාණ්ඩාගාරික  ගරු උප භාණ්ඩාගාරික
               කාරක සභිකයන් 05 දෙනෙක්

  • සංගමයේ වැඩ කටයුතු පහසුවෙන් හා සාර්ථකව ක්‍රියාත්මක කිරිම සඳහා තවත් නිලධාරින් හෝ ඒ ඒ විෂය්‍යන් භාරව සංවිධායක වරයකු ඇතුළු අනු කාරක සභාවක් පත් කර ගත හැකිවනු ඇත.
  • විධායක සභාවේ නිලධාරින් ඇතුළු කාරක සභිකයන් සාධාරණ හේතුවක් නොමැතිව රැස්වීම් වාර 3 කට සහභාගී නොවුනහොත් විධායක සභාවේ නිලධාරි භාවය අහිමි වේ.
  • සංවත්සරික රැස්වීමකදි පත් කර ගන්නා විධායක සභාව ඊලඟ සංවත්සරික රැස්විම පවත්වන කාලය දක්වා සිය නිලතලවල කටයුතු කරනු ඇත.
  • විධායක සභාවේ ගනපූර්ණය සඳහා 7 දෙනෙකු සිටිය යුතුය. පුර්ව කල්දිමකින් තොරව හදිසි විධායක රැස්වීම් පැවැත්විය හැක.
  • විධායක සභාවේ සෑම තිරණයක්ම වැඩි ජන්දයෙන් කලයුතු අතර, සභාපති වරයා චන්දය දිමෙන් වැලකිය යුතුය. සමාන ජන්ද ගණනක් ඉදිරිපත් වූ විට තිරණ ගැනීම සඳහා සභාපතිගේ ජන්දය පාවිච්චි කිරිමට පිළිවන.
  • නිලධාරි මණ්ඩලයේ හෝ කාරක සභිකයන් ගේ පුරප්පාඩු ඊලඟ සංවත්සරික රැස්වීම තෙක් තාවකාලිකව පිරවිය හැකිය. 


7) රිතීය - සමිතියේ මහ සභා රැස්විම

  •  සංගමයේ මුදල් වර්ෂය අවසන්වී මාස දෙකක් ගතවීමට පෙර මහ සභා රැස්විමක් පැවැත්විය යුතුය.
  • නව විධායක සභාවේ ලේකම් වරයා ඇතුළු නිලධාරි මණ්ඩලය වෙත අහෝසී කරන ලද විධායක සභාවේ ලේකම් වරයා ඇතුළු නිලධාරින් මණ්ඩලය විසින් සංගමයට අයත්ව තිබූ සියලුම මුල්‍ය හා මුල්‍ය නොවන වටිනාකමින් යුත් සියලූම දෑ නව ලේකම් වරයා ඇතුළු විධායක සභාවට භාර දිය යුතුව ඇත.
  •  වාර්ෂිකව මහ සභා රැස්විමක් පැවැත්වෙන දිනය, ස්ථානය සාමාජිකයින් වෙත එම දිනයට දෙසතියකට පෙර ලිඛිතව දැනුම් දිය යුතුය. මාස තුනකට වරක් මහා සභා රැස්විමක් පැවැත්විය යුතුය. වාර්ෂික මහා සභා රැස්විමක් හෝ මහා සභා රැස්විමක් පැවැත්විමට අවම වශයෙන් සතියකට පෙර සමාජික අදහස් හා යොජනා ගරු ලේකම් වරයා වෙත ඉදිරිපත් කල හැක.  
  • පසුගිය වර්ෂයේ වාර්ෂික වාර්ථාවද, ගරු භාණ්ඩාගාරික විසින් පිළියෙල කර ගත් විගණක නිලධාරින් විසින් පරික්ෂා කරන ලද වාර්ෂික ගිණුම් වාර්ථාවද ඇතුළුව සංගමයට අයත් සියලූම වාර්ථා වාර්ෂික මහ සභා රැස්විම පැවැත්විමට නියමිත දිනට සතියකට පෙර සාමාජිකයින් වෙත ලබා දිය යුතුය.
  • සංගමයට සතු සියලූම වාර්ථා යාවත්කාලිනව පවත්වා ගෙන යෑමේ වගකිම, ගරු ලේකම් වෙත පැවරෙන කාරිය වන අතර, ඔහු නොමැති අවස්ථාවල මෙම කාර්ය උප ලේකම් වරයා විසින් ඉටු කරනවා ඇත.


8) රිතීය - ව්‍යවස්ථාව හා ව්‍යවස්තා සංශෝධනය

  •  විධායක සභාවට පාලන කටයුතු පහසු කිරිම සඳහාත් නීතිගරුක, අවංක, යුක්ති සහගත සෑම සමාජිකයකුටම පොදුවූ සුබ සාධක මෙහෙවරක් ඉටුකිරිම සඳහාත් යොග්‍ය වන පරිදි ව්‍යවස්ථාවක් සකස් කර ගතයුතුය.
  • සංගමය තුල ක්‍රියාත්මක වන මෙම ව්‍යවස්ථාව කාලානුරූපව වෙනස් කිරිම හෝ අතුරු ව්‍යවස්ථා නිකුත් කිරිම කලහැක. සංගමයේ 2/3 කට නොවැඩි සමාජික කැමැත්ත මත මහා සභා රැස්විමක් තුලින් ව්‍යවස්ථාවේ සියලූම සංශෝධන සිදු කර ගෙන සභා සම්මත කර ගතයුතුය. සංශෝධන සිදු කිරිමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව හෝ අතුරු ව්‍යවස්ථාවේ පිටපත් සියලූම සමාජිකත්වය වෙත යොමුකල යුතුව ඇත. සංගමයේ ගරු ලේකම් වරයා මෙම කටයුතු භාරව ක්‍රියා කරනු ඇත.
  • විධායක සභාවක් තෝරා පත් කර ගැනිමට පෙර හෝ පසුව ප්‍රථම මහ සභාවක් තුල සාමාජිකත්වය විසින් නම් කරන ලද 07 දෙනෙකුට නොවැඩි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පත් කලයුතුය. මෙම මණ්ඩලය විසින් සකස් කරන ලද සංගමයේ ව්‍යවස්ථාව සංශොධනය සඳහා පලමුව විධායක සභාවටත්, දෙවනුව සියලූම සාමාජිකත්වයටත් ලබා දිය යුතුය.    

 



Back to Top