45

කට්ටියම සෙට්වෙමුද.............?



 මේ සයිබර් යායේ කරග්ගහන ඔන පොට්ටයේක්..හෑ...වැරදුනාවත්ද...

ඔය හැමොම දන්නව නොවැ..

බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්‍රිඩාංගනයේදී දැවැන්ත සයිබර් සිහින බක්මහ උළෙල 

පවත්වන්ඩයි යන්නේ කියල...


මේ වැඩේ සිද්දවෙන්නේ සයිබර් යායේ හැමොගෙම ශක්තියෙන්..

ඉතින් මේ කියන්ඩ යන්නේ වැදගත් කාරණයක් ගැන හොඩුවාවක්...

සයිබර් යායේ ඉන්න අපේ පැරණීම ඇත්තො ආරම්භකරපු මේ සිහින උළෙල.... අතී සාර්ථක කරගන්ඩ 

මෙදා සැරේ බර කරටගන්ඩ ඔනෑ නවක ඔබයි...

ඔන්න මේක හොඳැ චාන්ස් එකක් අලුත් කොල්ලන්ට කෙල්ලන්ට වැඩ පෙන්නන්ට...

එහෙනම් ඔං .......වගකීමක් අරන් වැඩපෙන්නන්ට කැමති හැමොම

පුලුවන් තරම් ඉක්මනට තමන්ගේ කැමැත්තත් එක්කම තමන්ගේ ඊමෙල් ලිපිනය සටහන් කරල පහලින් කොමෙන්ටුවක් දාන්ඩො..

..මොකැ අපායට යතත් කලින් යන්ඩ කියනව නොවෑ...

ඔන්න අපේ පෑරණීම අයියල අක්කලා....වැඩේ ගැන සෙවිල්ලේන් ඉන්නේ..කන්ඩායම සීරුවේන්.....

තවත් සුවිශේෂ අරාධනාවක් තිබෙනව..

ඒ අපේ සියලුම සින්ඩීකේටරයන්හි..පරිපාලක සහුර්ධයන්ටයි....

ඔබ සැමගේ සින්ඩීකේටර නියොජයන වන පරිදි එක් නියොජිතයකු බැගින් සයිබර් සිහින බක්මහ උළේල 2012

සාර්ථක කරගැනිම සඳහා සංවිධාන ශක්තියට දායකත්වයෙන් එක්කරන මෙන්ද ඉලාසිටිමු. ඒ සඳහා 

ඔහුගේ හෝ ඇයගේ ඊමෙල් ලිපිනයද සමගින් කොමෙන්ටුවක් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමු.
38

ඉතිං ඊට පස්සෙ....



ඔන්න ගිය අවුරුද්දෙ පටන් කිසි හැල හොල්මනක් නැතුව ජරා වාසවෙලා තිබුණ සයිබර් සැණකෙළිය බ්ලොගේ මකුණුදැල් කඩල පාවිච්චියට සුදුසු තත්වෙට ගේන්න සයිබර් ශ්‍රමදානයක් තිබුනනෙ.. හතර වටෙන්ම කට්ටිය ඇවිත් වැඩේට ෆුල් සප් එක දුන්නා... දැන් මේක ආයෙ තියෙන්නෙ ඔය බැබළි බැබළි... ඉතිං ඊට පස්සෙ මොකද වෙන්නෙ.... ??

දැන් ඉතිං ශුද්‍ධ පවිත්‍ර කරල අරගත්තෙ නිකන් නෙවෙයි... ඊට පස්සෙ වෙන වැඩේ තමයි මේ කියන්න යන්නෙ..අර කලිනුත් කිවුව එක්ක දඩාර ආතල් එකක් ගන්න කරණ 
දඩාර වැඩක්  .....


ඔන්න එහෙනම්
සයිබර් ශ්‍රමදානයට  ෆුල් සප් එක දුන්න අයගෙ පුණ්‍යකර්මය හේතුකොටගෙන දඩාර වැඩේ නිලවශයෙන් ප්‍රකාශකොරන්නයි මේ සූදානම...

මොකද්ද මේ දඩාර වැඩේ...

ඔවු ගොඩක් දෙනා හිතපු විදියට සයිබර් වාසී සියලු දෙනාගෙ මහා සිහිනය...

                   "සයිබර් සිහින බක්මහ උලල 2012"


කාලයක ඉදල කණින් කොනින් ඇහුණ විදියටම 2012 අවුරුද්දෙ බක් මාසයේ 22 වන ඉරිදා දිනයේදි උදෑසන 9.00 සිට හවස 4.00 දක්වා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ
පවත්වන්න සියල සූදානම්....

සුපුරුදු අවුරුදු ක්‍රීඩා රැසක් එක්ක නුපුරුදු නව අවුරුදු ක්‍රීඩාත් එදාට තියෙනවා.....

තව මේ පාර සයිබර් සැනලෙකෙළිට සමගාමීව සමාජ සේවා සත්කාරෙකුත් ක්‍රියාත්මකයි...


එහෙනම් අප්‍රේල් 22 දාට තියෙන සියලුම වැඩ-පල පැත්තකට දාල රැකි-රක්ෂා වලින් නිවාඩු අරගෙන, පිට-රට ඉන්න අය අවුල්-වියවුල් ලිහාගෙන පවුල්-පන්සල් පිටින් සයිබරයෙ යහළු-යෙහෙළියො මුණගැහිලා කතා-බස් කරලා දැන-අඳුනගෙන විහිළු-තහළු කරලා විනෝද වෙන්න සැදී -පැහැදී සිටින්න...



මෙකී-නොකී සියලුම වැඩ-කිඩ වල වත-ගොත අද-හෙටම තවත් පෝටුවකින්.......!!!


මේ බ්ලොගය තමන්ගෙ බ්ලොග් රෝලට දාගන්නත් අමතක් කරන්න එපා.....!!!
Back to Top