12

සයිබර් සිහින බක්මහ උළෙල 2015


       බ්ලොග් අවකාශයේ මිතුරෝ සහෘද සංසදය විසින් 2011 වසරේ සිට වාර්ෂිකව පවත්වන "සයිබර් සිහින බක්මහ උළෙල" 5වන වරටත් මෙම වසරේ අප්‍රියල් මස තුලදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් මේ වන විටත් අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටිනවා.එම කටයුතු සංවිධානය කිරීම සදහා සයිබර් සිහින බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලයට එක් වීමට බ්ලොග් ලියන කියවන ඔබටත් දැන් අවස්ථාවක් උදාවී තිබෙනවා.පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන බක්මහ උළෙල සාර්ථක කරගැනීමට දායක වෙලා සොදුරු මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්.මෙන්න මේ ෆෝම් එක පෙබරවාරි 25 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න.

 
      බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.

12 comments:

අටම්පහුර said...

අනේ මචංලා බැහැලා සප් එක දෙන්ඩ හැටියක් නං නැ , එදාට එන්නං බොලාව බලලා යන්ඩ

එල ද බ්‍රා මෙන්ඩා said...

ඇවිල්ලා යන්න එනවා.

Raj said...

වැඩේ වෙනවද මරුනේ..!!!

ෂා වදන් said...

එමු එමු ..මේ පාරත්

coolchiran said...

එනවෝ.....

Ajith Dharma. said...

බොහොම හොඳ අදහසක්. අපේ නෙලුම් යායේ සම්මාන උලෙල තියනවා මාර්තු මාසේ 26. කරුණාකරලා ඒකටත් එන්න. ඒ අතරම නෙළුම් යාය සහෘද සමුහයෙන් හැකි උපකාරයක් කරන්නම් ඔබලාගේ මේ හොඳ වැඩේට.

අටම්පහුර said...

@ Ajith Dharma

කොහෙද එ්ක තියෙන්නේ කීයටද

Mahesh WIckramathunga said...

බ්ලොග් ලෝකෙට අළුත්.. ඒත් එනවා අනිවාර්යෙන්ම..

Ajith Dharma. said...

@අටම්පහුර දැනට තියන් ලෑස්ති කරලා තියෙන්නේ
Center for Media Development Auditorium
Department of Government Information
No. 163, Kirulapona Avenue,
Colombo 05
කියන තැන. හවස 2.00 ට.

නාඩියා නාඩිරත්න said...

නෑවිත් කොහොමද! ;)

සඳ වෙන් වී said...

දවසක්

ස්ථානයක්

වෙන කර ගෙනෙයි දැන්

රූපේ said...

අදයි දැක්කේ... දැන් පරක්කු වැඩි ද?

Post a Comment

Back to Top