6

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකේ අලුත්ම විස්තර

දැන් අපි හැමෝම දන්නවනේ මේ 27 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන ඉරිදා දවසේ බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක ඔගනයිස් කරලා තියනවා කියන එක. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අයට ඊමේල් එකක් ලැබිල ඇති. කීපදෙනෙක්ම ගමන් වියදම බැංකුවේ තැන්පත් කරලත් ඉවරයි. ඒ වුනාට කාටත් දැනගන්න මෙන්න විස්තරේ.

ට්‍රිප් එක යන බස් එක ජුලි 27 වෙනිදා උදේ 6 ට මාලබේ නගරයට එනවා. එතනින් බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, හරහා කොටුව දුම්රිය ස්ථානයට එනවා. උදේ 6.30 ඉඳල 7.00 වෙනකං බස් එක එතන තියනවා. ඊට පස්සේ 138 බස් මාර්ගය ඔස්සේ කොට්ටාවට ගිහින් එතනින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. කොටුව දුම්රිය ස්ථානයට හරි බස් එක යන ගමන් මාර්ගයේ තැනකට හරි ඇවිත් ඔබට ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. 


බස් එකේ ගමන යන අයට බස් ගාස්තු සහ කෑම වියදම වශයෙන් රුපියල් 800/= ක මුදලක් වැය වෙනවා. ඒ මුදල හෙට දවස ඇතුලත ලංකා බැංකුවේ ජාඇල ශාඛාවේ අංක 75995235 දරන A.L.S.N. Amarashinge (සසිඳු නිර්මාල්) මහතාගේ ගිණුමට තැන්පත් කරලා එහි රිසිට්පත අපට ඊමේල් කලොත් ඒක සංවිධාන කටයුතු වලට විශාල පහසුවක්. (මේ බව ලියාපදිංචි වුන අයට ඊමේල් මගින් දන්වලයි තියෙන්නේ). ඒ වගේම තමන් ගමනට සම්බන්ධ වෙන තැන ගැනත් ඊමේල් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. 

ගමන් ගාස්තුව හෙට දවසේ තැන්පත් කරන්න අපහසු නම් ඒ බවත් ගමනට සම්බන්ධ වන ස්ථානයත් සඳහන් කරලා ඔබ ගමනට සහභාගී වන බව තහවුරු කිරීමේ ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ගාල්ලට එන අය උදේ 8.30 වෙද්දී ගාල්ල බස් නැවතුම්පල අසලට ආවොත් ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අය ආහාර සඳහා රුපියල් 300 ක මුදලක් ගෙවන්න වෙනවා. කොහොම වුනත් ගාල්ලට එන අයත් ඔබගේ පැමිණීම ඊමේල් මගින් තහවුරු කරනවානම් අපිට පහසුවක්.

ගමන අවසන් කරලා හවස 5.30 - 6.00 වෙනකොට අපි ආපහු කොළඹ කොටුවට එනවා. ඒ නිසා ගෙදර යන්න පරක්කු වෙන එකක් නෑ.
එහෙමනම් 27 වෙනිදට හමුවෙමු.
නිල ඊමේල් ලිපිනය - cybernewyearfestival2011@gmail.com
ෆේස්බුක් ඉවෙන්ට් එක - https://www.facebook.com/events/1455674778022140

6 comments:

Unknown said...

සල්ලි එදාට දුන්නොත් මොකද සීන් එක :/

සයිබර් සැණකෙළිය said...

එදාට දෙන්න පුළුවන්. ඔයා බස් එකට නගින තැනයි, සල්ලි දෙන්නේ එදාට කියන එකයි කියල ඊමේල් එකක් එවන්න.

Priyanka said...

එළ එළ
නෑමක් තියෙන්නෙ ඒ කියන්නෙ..
:-)

ආචාර්ය Weerakoon said...

මම අද නෙහ් දන්නේ :'(

Unknown said...

අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
ekathuwa.org

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

Unknown said...

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

Post a Comment

Back to Top