65

හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න සුදානම....

ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ විස්තර...

බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, 

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 

2013 සයිබර් සිහින බක්මහ උළෙල , 

අප්‍රේල් මාසෙ 21 වෙනිදා ( කාටත් පහසු නිවාඩු ඉරිදා දවසෙ)

උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු, 

මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී 

පැවැත්වෙනවා. 



උළෙලට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 200ක ප්‍රවේශ පතක් නිකුත් කෙරෙන අතර, සහභාගි වන සැමටම දිවා ආහාරය සහ සමරු කලාපයේ පිටපතක් ලබා දෙන්න දැනටමත් සංවිධායක මණ්ඩලය තීරණය කරලයි තිබෙන්නෙ. සමරු කලාපයේ ඔබගේ දැන්වීමක් පලකරවා ගැනීමට කැමති අය මාර්තු 31 වෙනිදට කලින් අපිට ඊමේල් එකක් එවන්න.

cybernewyearfestival2011@gmail.com

තරඟ ඉසව් බොහෝමයක් ඔබ වෙනුවෙන්ම අපි නිර්මාණය කරලා තියෙනවා. සුපුරුදු විදිහටම කණාමුට්ටි බිඳීම මෙවරත් තියෙනවා ඔන්න. බඩගිනිකාරයන්ගේ තරඟය වන බනිස් කෑමේ ඉසව්වට මෙවරත් සෑහෙන දෙනෙක් එයි කියලා අපි හිතනවා. අවුරුදු උත්සවයේ නැතිවම බැරි අලියාට ඇහැ තැබීම සහ සැඟවුණ අමුත්තා හෙවීමත් මෙවර බක්මහ උළෙලේ විශේෂ තැනක් ගනී කියලා අපි හිතනවා. 

වේගය ගැන හැමදාම බැනුම් අහන  අන්තර්ජාලයේ වේගවත්ම තරුණයා හා තරුණිය හොයන්න මෙවරත් මීටර් 100 කාන්තා පිරිමි තරඟ දෙකම ඔන්න තියෙනවා. දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න. ඇයි යෝගට් කැවීමේ තරඟයත් මේ පාර තියෙනවා. බැලුම් පුපුරවන්න කැමති අය දැන්මම පුහුණුවීම් පටන් ගන්න.


වසරේ සමබරම කෙනා තෝරන්න, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දුවන තරඟය මෙවරත් තියෙනවා. සංගීත තොප්පි තරඟය සහ කඹ  ඇඳීම මේ පාරත් අවුරුදු උත්සවයේ සතුට සමගිය වැඩි කරයි කියලා හිතනවා. 

ඒ එක්ක හඳුන්වා දෙන අලුත්ම තරඟ ඉසව්ව තමයි ජන ගායනා තරඟය. දැන්ම ඉඳන්ම පුරුදු වුණොත්, හොඳම ජන ගායනවාව ඉදිරිපත් කරන්න පුළුවන් වේවි ඔබට එදාට.. ඔබේම ලේඛන හැකියාවන් මැන බලන නිර්මාණ තරඟයේ ප්‍රතිඵලත් සිහින උළෙල දවසෙම ලබා දෙන්න සංවිධායක මඩුල්ල කටයුතු කරනවා.


බ්ලොග් අවකාශයේ මිතුරෝ ටී ෂර්ට් එක අවුරුදු උත්සවයට සමගාමීව නිර්මාණය කෙරෙනවා. ඉන් ලැබෙන ආදායමක් වෙතොත් එය, යොදවන්නේ 2013 වසරේ ඉදිරියට කිරීමට නියමිත සමාජ සත්කාරයටයි. ඔබත් ටී ෂර්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඉක්මනට මේ ෆෝරම් එක පුරවන්න. කොලර් සහිත සුදු පාට ටී ෂර්ට් එකක බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරපු ටී ෂර්ට් එකක් තමයි නිර්මාණය වෙන්නේ.

කට්ටියම බලාගෙන ඉන්න දෙයක් අපි අතින් කියවුණේ නෑ නේද? හරි හරි අපි දන්නවා.. 2013 සයිබර් සිහින කුමරිය සහ කුමරු මෙවරත් අභිෂේක ලබනවා. ඒ සඳහා තරඟයට ඉදිරිපත්වෙන්න පුලුවන් වයස අවුරුදු 30 ට අඩු අවිවාහක ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට. ඔබ තරඟයට ඉදිරිපත් වෙනවා නම් මේ අයැදුම්පත පුරවන්න.


උත්සවයට එන හැමෝම, සංවිධායක මණ්ඩලයේ පහසුව පිණිස මෙම අයැදුම් පත පුරවන්න. එය කළමානාකාරීත්වයට මනා රුකුලක් වේවි. 

මහර ගම තරුණ සේවා සභා පිටියට එන විදිහ

කොළඹ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහින් 138 බස් එකක නැගල මහරගම නගරයෙන් බහින්න. වෙන පළාත් වලින් එන අයට මගපෙන්වීමක් ඉදිරියේදී කරනවා. 

තැන හොයාගන්න හරි ලේසි.


View Larger Map
එහෙනම්, ඔබ හැමෝම එයි කියලා අපි මග බලාගෙන ඉන්නවා.

බ්ලොග් ලියන අය, කියවන අය, ලියන්න හිතාගෙන ඉන්න අය, ලියලා ඇති වෙලා ඉන්න අය, පරණ අය, අලුත් අය... 

සයිබර් ලෝකයේ ලොකු පොඩි හැමෝම

ලයික් වලින් කමෙන්ට් වලින් මිදිලා, ඇත්තටම කතා කරන සුන්දර දවසක් දකිමු. 

රට ගිය ඇත්තොත්, අවුරුද්දට ගම රට එන්න දැන්ම ටිකට් බුක් කරන්න. 

පරණ තරහ මරහ තිබුණා නම් ඒ ඔක්කොම අමතක කරලා, 

2013 සිහින බක්මහ උළෙලෙදි අපි හැමෝම අලුත් වෙමු. 

ඊට කලින් මෙන්න මේ බොත්තම ඔබල සයිබර් සිහින උළෙලේ විජට් එක ඔයාලගේ බ්ලොග් එකෙත් එල්ලගන්න. ඒක ඔයාලගේ බ්ලොග් එක කියවන අයට හොඳ පණිවිඩයක් වගේම සයිබර් සිහින උළෙල ගැන හොඳ ප්‍රචාරයක් වෙයි.











හෝ HTML/JavaScript විජේට්ටුව මගින් බ්ලොග් එකට ඇතුල් කිරීමට









මේ සැරේ සයිබර් සිහින උළෙලට ශ්‍රමයෙන් උදවු කරන්න කැමති තරුණ බ්ලොග්කරුවන්ටයි මේ ආරාධනය. ඔබේ විස්තර සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග අපට ඉක්මනට ඊමේල් කරන්න.

cybernewyearfestival2011@gmail.com

එහෙනං අප්‍රියෙල් මාසේ 21 වෙනි ඉරිදට හදිගැහෙමු...

65 comments:

Shammi said...

මේ ෆෝර්ම් එක කලිනුත් පිරෙව්වනේ.. O.o

Anonymous said...

ඔයා පිරෙව්වට අපි පිරෙවවේ නැනේ

සයිබර් සැණකෙළිය said...

ටී ෂර්ට් එකට ෆෝම් එක එක සැරයක් පිරෙව්වම ඇති.

සයිබර් සැණකෙළිය said...

ඒකනේ. ඉක්මනට පුරවන්න.

sAm (සෑම්) said...

ඇඩ් එකට සල්ලි ?

සයිබර් සැණකෙළිය said...

මේල් එකක් එවල ඇති. බලන්න.

Praසන්ன said...

මේ ගමන එන්න පහසු පොට් එකකනෙ තියෙන්නෙ. එන්න බලාපොරොත්තු වෙනව.

නොහික්මුණු ඇස said...

අනේ ෆෝරම් නම් පුරවන්න තමයි කම්මලිම වැඩේ අප්පා

සුදු මහත්තයා said...

මම එන්න උත්සාහ කොරනවා.. හැබෑටම ඔය ෆෝරම් එක පුරවන්නම ඕනිද :(

සමී said...

එනො එනෝ :)

සමී said...

ගම්පහ පැත්තෙ ඉන්න අය සෙට් වෙලා යනො නං මට කියන්ඩෝ

Manasindiviyata said...

අැඩ් ඒකට සල්ලී දලා තිෙයන්ෙන්

සයිබර් සැණකෙළිය said...

ඒක සංවිධාන කටයුතු වලට පහසුවක්

සයිබර් සැණකෙළිය said...

විස්තර දන්වලා අපිට ඊමේල් එකක් එවන්න. ස්තුතියි.

කස්ස said...

අපිත් එන්න හිතාගෙන ඉන්නෙ මේ පාර...

samakayawate said...

ඔයාටත් එක්කම උඩ එක්කෙනෙක් පුරවලා තියෙන්නේ.

samakayawate said...

අපි ඒ පැත්තෙං තමා එන්නේ..

samakayawate said...

සුදු මහත්තයෝ වරේං අදුන ගන්න ආසයි.

නොහික්මුණු ඇස said...

එයාලටත් එක්ක මට පුරවන්න වෙයිද දන්නේ නැහැ අයියේ :D

නාඩියා නාඩිරත්න said...

//දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න.//
ඉන්න බලන්න හොයා ගන්න... ;)

නිහඬ සිතිවිලි (Indrachapa) said...

SET වෙමු SET වෙමු... තාම කාවවත් දැකලවත් නැහැනේ... නුදුටු මිතුරෝ.. ;)

Aruni Shapiro said...

ටී ෂර්ට් එකක් මෙහාට ගෙන්න ගන්න පුලුවන් වෙයි ද?

සයිබර් සැණකෙළිය said...

අක්කේ, ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න විස්තර කියන්න. නැත්නම් අපේ ඊමේල් එකට මේල් එකක් එවන්න.

Shammi said...

මල වදේ,, බොට ආයේ කියන්න බැ,, එනවා නම් එනවා නැතිනම් ඒත් එනවා,,ගණූදෙනු වගයක් තියනවා බේරගන්න..

ප්‍රනීත් ධනුශ්ක said...

මේ පාර ලේසියෙන්ම එන්න පුළුවන් තැනක තියෙන්නේ..බ්ලොග් ලියන එක මග හැරිලා තිබුනත් අනිවා එනවා මේ ගමන නන් ...

Unknown said...

මම ආවොත් පොඩි එකා වගේ පේයි නේද්?එන්නත් ආසයි.ඒත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ

බට්ටි said...

ඔන්න මාත් බැනර් එක එල්ල ගත්තා...

ශානි said...

මාත් එක්ක තව එක්කෙනෙක් එනවනම් ෆෝම් එක දෙපාරක් පුරවන්න ඕනි ද

Skyman125 said...

අන්තිම පේලියේ සැට් එකම සැට් වෙනවා....

ඒක නෙවෙයි.... එන ගානටද පෝම් එක පුරවන්ඩ ඕන, නැත්නම් කැම ඕන ගානටද?

The තරුවා said...

අඩේ එල

සයිබර් සැණකෙළිය said...

කණ්ඩායමක් විදියට එනවානම් අපිට එන ගණන දන්වල මේල් එකක් එවන්න. එතකොට ෆෝම් එක පුරවන්න ඕනේ නෑ.

සයිබර් සැණකෙළිය said...

ඔව්

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි

සයිබර් සැණකෙළිය said...

ලජ්ජා වෙන්නේ ඇයි? එන්න එන්න

සයිබර් සැණකෙළිය said...

එන්න එන්න

Randike Mendis said...

අපිත් ගම්පහින්..එදාටනම් මම ජපුරේ ඉන්නේ ඒ නිසා එතනින්ම සෙට් වෙන්න පුලුවන්..(
ආවොත් හොයන් වරෙන් මම සෝනාර්..අන්තිම පේළියේ)

Randike Mendis said...

අඩේ මම මේක පිරෙව්වා නේ..මමත් අන්තිම පේළිය හරහා අයදුම් කරන්නෙක්.

Randike Mendis said...

අඩේ මම මේක පිරෙව්වා නේ..මමත් අන්තිම පේළිය හරහා අයදුම් කරන්නෙක්.

Lahiru Palihawadana said...

මචන් කොට්ටාවෙ ඉදන් එන්නෙ කොහොමද?? අඩේ දන්නෙ නෑ නෙ?

දුකා said...

මගේ නිවාඩුව ඉවර වෙලා ආපහු යන්න තියෙන්නේ 21. .

ඒක නිසා එන එක සුවර් නෑ.

පුලුවන් උනොත් එයාපෝර්ට් යන ගමන් විනාඩි පහකට විතර ඔලුව දාලා යන්න එන්නම්.

Unknown said...

මේ මේ කෝමත් යන්න කලින් පිට කෝට්ටෙට එනවානෙ.... මහරගමට ඇවිත් නොගියොත් අපි ආයෙ තරහම වෙනවා අයියා එක්ක.. අනේ!!! කට්ටියම එයා පෝට් යනවා නම්.. අපේ විරුල් පැංචාව එක්ක එන්ඩ.. කාලෙකින් දැක්කෙ නෑ...

Unknown said...

@ නාඩියා...උසට හරියන කෙනෙක් හොයා ගන්ඩ.. තිබ්බා.. සුදා ආවනං!!

Unknown said...

ඔයාට කවුරුත් රිප්ලයි කරලා නෑ.. මෙන්න මං කළා.. හම්!!

වර්ණා said...

මමත් එනෝ :)

ශානි said...

මමත් පිරෙව්වානේ මොකද කරන්නේ

සයිබර් සැණකෙළිය said...

ඒ වුනාට කමක් නෑ. අපි මේ ෆෝම් එක දැම්මේ දල වශයෙන් එන ගණන දැනගන්න. වැඩි වුනාට කමක් නෑ.

පවනි said...

අපිත් ගමපහින් තමයි යන්නෙ නම්.. එන අය ඉන්නව නම් සෙට් වෙමු... නලීන් මහප්පෙ අපි ගම්පහින් සෙට් වෙලා යමු එහෙනම්.. හැබැයි ඕන් මාව පරිස්සමින් එක්කන් ගිහින් එක්කන් එන්ටත් ඕනෙ...

පවනි said...

ආහ්... හුඟ කාලෙකට පස්සෙ මගෙ මැණිකව හම්බ වෙන්නත් පුලුවන් එහෙනම්...

පවනි said...

අම්මියෝ... එදාට හරියට වැඩ තියෙයි නේද?
;)

Anonymous said...

ekane :)

ස්කූබි ඩූ. said...

මේ හුනා...මමත් එනො ඈ

ka2e said...

ඇයි මේ මම ඉන්නේ.......... ආයේ නලින් මහප්පා මොකටද? මාත් ගම්5න් සෙට් වෙනෝ............

චම්ලි කරුණාසේකර | Chamli Karunasekara said...

බ්ලොග් ලියන්නෙ නම් නෑ, ඒ උනාට බ්ලොග් බලනවා, අපිට එන්න අවසරයිද? :D
ටී ෂර්ට් එක ගන්නේ කොහොමද? එදාටද නැත්නම් ඊට කලින් ගන්න පුලුවන්ද?

හිරු said...

30ට නම් අඩුයි... ඒත් අවිවාහක....???? හයියෝ......

හි හි....

මේ ෆොම් පුරවන්න බෑ මගේ ඒම ෂුවර් නැති නිසා... ටී ෂර්ට් එකක් වැඩිපුර අරන් එන්න.. ආවොත් ගන්න බැරියැ... හි හි&&&

Anonymous said...

එදාට එන්න පුළුවන්.

Unknown said...

hule man enawa kattiya parissmin inna

චතුර විජේකෝන් said...

අහෝ දුකකි එන්ට වෙන්නෙ නෑ.. ෆෝම් එකත් පිරෙවුවා.. පස්සෙයි මතක් වුණේ.. ලබන අවුරුද්දෙවත් බලමු.. සුබ අලුත් අවුරුද්දක් වේවා..

එන්න බැරි ඇයි කියලා මෙතන ලීවා.. අමනාපයක් හිතන්ට එපා හොඳේ.. මගේ කෑම එක ඕර්ඩර් කරන්න එපා කියන්ටයි මේ කමෙන්ටුව දැම්මේ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හිරු පායයි මහරගමට 21 වන දා... :D

නොහික්මුණු ඇස said...

ඇයි ඌට විතරක් :/

නොහික්මුණු ඇස said...

අනේ එපා තෝ නම්

හිම හංසි said...

ඊ මේල් එකක් එව්වා ටි ෂර්ට් එක ගැන අහලා .රිප්ලයි කරන්නෝ.
හිම හංසි

Unknown said...

t shirt eka kiyak wenawada ????

ශානි said...

සුදා අඩි 4යි නේ උස ඒකයි

Cyber Hiru said...

අපිනම් ඔය ලග පාතක නෙමෙ kandy... එත් එන්න try එකක් දෙනවො... :-D

aa said...

මටනම් මේ සැරේ එන්න බැරි වෙයි ගෙදරින් අවුල මචංස

Post a Comment

Back to Top