21

කට්ටියම ලෑස්තියි නේද? අවුරුදු උත්සවේ ළඟ ලඟම එනවා...

ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්න 2013 අවුරුද්දේ "සයිබර් සිහින බක්මහ උළෙල" ළඟ ලඟම එනවා.

දවස මතකයිනේ.
අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....
තැන.....
හැමෝටම යන්න එන්න පුළුවන් තැනක්...

මහරගම ජාතික තරුණසේවා සභා ක්‍රීඩාංගනය

වෙලාව....
උදේ 9.00 ට...

"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013 


පරණ කට්ටියයි අලුත් කට්ටියයි හැමෝම එදාට ඇවිත් ඉඳියි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.

සියලු පහසුකම් සහිතව ක්‍රීඩා පිටිය වෙන් කරලා දුන්නේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට බ්ලොග් අවකාශයේ මිතුරෝ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

එදාට ඇවිත් විතරක් මදි. ඊට කලින් කරන්න දේවල් ටිකකුත් තියනවා. 

පලවෙනි එක තමයි නිර්මාණ තරඟය. නිර්මාණ භාරගැනීම මේ මාසේ (මාර්තු) 15 වෙනිදායින් අවසන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඔබේ නිර්මාණය එවන්න.

ඊළඟ කාරණය තමයි අනුග්‍රහය දැක්වීම. මේ වෙනකොටත් සමහර තෑගී වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන්න අපේ සහෝදර බ්ලොග්කරුවන් කැමැත්ත පලකරලා තියනවා. නමුත් තවදුරටත් සයිබර් සිහින උළෙලට සහයෝගය දක්වන්න ඔබට පුළුවන්. මුදලින් සහ ශ්‍රමයෙන්.

ඒ වගේම සමරු කලාපයට දායකත්වය ලබා දෙන්නත් පුළුවන්. ඒකට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 30 වෙනිදා වෙනකම් විතරයි. ඔබගේ දායකත්වය ලබාදෙන්න කැමැත්ත පළකරපු අයට සංවිධායක මණ්ඩලයෙන් ඊමේල් ලිපියක් ලැබුනේ නැත්නම් අපගේ නිල ඊමේල් ලිපිනයට ඊයක් එවන්න.


cybernewyearfestival2011@gmail.com





අවසාන වශයෙන් අලුත්ම කාරණය. ඒ තමයි මෙවර සයිබර් සිහින උළෙලට සමගාමීව ටී ෂර්ට් එකක් මුද්‍රණය කරන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියනවා. කොලරය සහිත සුදු පාට ටී ෂර්ට් එකේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරන්න තමයි අදහස් කරන්නේ. එකක් සඳහා රුපියල් 1000 කට අසන්න මුදලක් වැය වේවි. 

නමුත් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අවම වශයෙන් 50 දෙනෙක්වත් ටී ෂර්ට් මිලදී ගන්නවානම් විතරයි. ඒ නිසා ඔබත් ටී ෂර්ට් එකක් මිලදී ගැනීමට අදහස් කරනවානම් මේ ෆෝරමය පුරවල ඔබේ කැමැත්ත පලකරන්න.

ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා සහ සයිබර් සිහින උළෙලට දායකත්වය ලබා දෙන්න කැමතිනම් ඒ ගැනත් බ්ලොග් අවකාශයේ මිතුරෝ නිල ඊමේල් ලිපිනයට ඊයක් මගින් දැනුම් දෙන්න.
cybernewyearfestival2011@gmail.com

එහෙනම් අප්‍රේල් 21 වෙනිදට හමුවෙමු. ලෑස්ති වෙලා ඉන්නකෝ... ඔය සයුරෙන් එතෙර ඉන්න කට්ටිය දැන්මම ටිකට් වෙන්කරගත්තොත් හොඳයි නේද....?

21 comments:

රත්ගමයා said...

ටීශර්ට් එකේ සාම්පල් බලන්න බැරිය?

Unknown said...

පාළන අධිකාරියෙ අවසරය ලැබෙන්න එපැ මොනා කරන්නත් :\

MR. KING said...

සේම් ක්වෙශ්ෂන් හියර්.. :)

බට්ටා said...

මම හිතන්නෙ මේ සැරේ නං මට ශ්‍රම දායකත්වයෙන් සහය වෙන්න පුලුවන්.. මේ සැරේ තැන එළනේ.. දුරත් නෑ.. ගෙදර වගේ පුරුදු තැන :D
හරි දැන් මොකද්ද මට කරන්න කියන්නේ?

sAm (සෑම්) said...

All the Best !

රයිටර් said...

එලම කිරි.. ටී එකේ වැඩේ පට්ට.. ටී එකක් ගන්න ඕනි

ටික්කා said...

t shirt eka post karana gaanath ekkama kiwwanam mehetama..ganta oni ekak mata honde..subha saha jaya..

දේව් ගේ අඩවිය said...

සුභ පැතුම්........

හසරැල් said...

අයි ඔල්සෝ

Shammi said...

same here ^_^

දුකා said...

සුභ පැතුම් . !

Raj said...

මෙදා සැරෙනම් අවුරුදු උත්සවේ බලන්න මාත් එනවා හැබැයි බලන්න හරිය ජය..!

Manasindiviyata said...
රාමා said...

අතපසු වූ කටයුත්තක් ගැන ඊයක් එව්වා. කරුණාකර මගේ ගැටළු වලට පැහැදිලි කිරීමක් එවන්නේනම් ස්තුතිවන්ත වෙමි.

වර්ණා said...

ඉක්මනට එක පෙන්නන්න කටයුතු කරන්නම්

කැකිරිහේනේ බඩු ලාල් said...

ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

ස්තූතියි,

මම ඔබේ හිතවත් අභීත

Unknown said...

මම අද සල්ලි දානවා........ පිටු බාගෙකට..

ගවේෂක said...

අපිත් ෆුල් සප් එක දෙනවෝ...All the best!!!

Harshan jayalath said...

api enooo

ලොකු අයියාගේ කාමරේ said...

මාත් එන්නොනේ...!!! :) හුරේ

මනස්ගාත සටහන්කරු said...

බටිටාත් ඉන්නෙ මහරගම ද?

Post a Comment

Back to Top