30

බ්ලොග් අවකාශයේ මිතුරෝ ඉදිරි වසරේ නියමුවන් ඔබද....?

සිංහල බ්ලොග්කරණය.... ඒ තරම්ම අළුත් දෙයක් නෙමෙයි. තමන්ගෙ හිත් වල මැවෙන කවි, කතා, අත්දැකීම්, දැනුම අන්තර්ජාලයේ ලියා පල කිරීම ආරම්භ වුනේ සිංහල යුනිකේත භාවිතයට පැමිණි මුල් කාලයේදිමයි. පොතක පතක, එහෙමත් නැත්නම් කඩදාසි කෑල්ලක ලියන්න පුරුදු වෙලා හිටපු දේවල් පරිගණකය ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඇහින් දැකපු නැති, කතා කරලා නැති කෙනෙක්ට හරි කියවන්න පුළුවන් විදියට පල කරන්න ලැබීම නිර්මාණකරනයේ යෙදුන අයට ගොඩක් වටිනා දෙයක් වුනා. තවත් සමහර උදවිය තමන් දන්න දේ කවදාවත් හම්බවෙලා නැති අයට නිර්ලෝභීව බෙදලා දුන්නා.

දවසින් දවස සිංහලෙන් පල වෙන බ්ලොග් අඩවි ප්‍රමාණය වැඩි වෙද්දි විවිධ සුහද හමු, සාකච්ඡා, සංගම් බිහිවෙන්න පටන්ගත්තා. ඒ අතරතුර පරිගණක තිරය මත මැවෙන අකුරු වලින් පමණක් හඳුනාගෙන හිටපු බ්ලොග්කරුවන් තත්‍ය ලෝකයේදී හමුවෙන්න, කතාකරන්න විතරක් නෙමෙයි පෙම්බඳින්නත් පටන්ගත්තා. ඔය විදියට දවසින් දවස පළල් වුනු සිංහල බ්ලොග් අවකාශය තුල බ්ලොග් අවකාශයේ මිතුරෝ බිහිවෙන්නේ 2011 අවුරුද්දෙ මුල්කාලෙ.



2011 සයිබර් සිහින උළෙලත් එක්ක ආරම්භ වුනු මේ සහෝදරත්වය දිළුම්ට සවන් ලබාදීමේ ඉඳලා ජෙරූෂා දියණිය සුවපත් කිරීම දක්වා සුවිශාල සමාජ මෙහෙවරක් කරන්නට සංවිධානය වුනා. එදා ආරම්භක සංවිධායක මණ්ඩලය ඒ වෙනුවෙන් කළ කැපකිරීම් තුලින් පන්නරය ලබමින් තවත් සුහද හමු ගණනාවක් ඒ වසර තුල පවත්වා අන්‍යොන්‍ය සහෝදරත්වය වර්ධනය කරගන්නට තරම් අපේ බ්ලොග්කරුවන් ශක්තිමත් වුනා.

ඊට පස්සෙ 2012 ජනවාරි මාසෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ තවදුරටත් ඉදිරියට යන්න පටන්ගත්තා. පැරණි කණ්ඩායමේ සහයෝගයෙන් හා තම කණ්ඩායම තුල පැවති කැපවීම හා අධිෂ්ඨානය තුලින් “විශ්වයක් මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනීය කූටප්‍රාප්තිය - සයිබර් සිහින උළෙල 2012 ලොව පුරා විසිරුණු බ්ලොග්කරුවන් හා එක්ව අති සාර්ථකව පවත්වන්නට 2012 සංවිධායක මණ්ඩලයට හැකි වුනා.



ටික කාලයක නිහැඞියාවකට පස්සෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ “දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!” කියන තේමාවෙන් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ තමයි අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයට පුස්තකාල පොත් ලබාදීමේ වැඩසටහන. සිංහල බ්ලොග් අවකාශයේ ඔබ්සවර් - සනත් විජේවර්ධනයන් සිහිපත් කරමින් ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලයට පොත් 500කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරිමත් එක්ක 2012 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික වැඩසටහන් අවසන් වෙන්නේ අළුත් අවුරුද්දෙ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ ඉදිරියටත් ගමන් කරන්නට අවශ්‍ය වටපිටාව සකසා දෙමින්.



පසුගිය වසර මුළුල්ලේ Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.



ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.


පසුගිය දෙවසර තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිංහල බ්ලොග්කරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් ඉදිරි වසරේ නවමු වැඩසටහන් සංවිධානය කරමින් පවත්වන්නටත් ඔබට හැකිනම් අප සොයන්නේ ඔබයි.



සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?



එහෙමනම් ඔබේ තහවුරුකිරීම ලැබෙනකම් බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාගෙන ඉන්නවා....

30 comments:

නද්යා නෙරංජි සුලක්ඛනා said...

මේ වැඩේ නම් නියමයි. අපිත් අහලින් පහලින් සහයෝගයක් දෙන්නම්..

හිරු said...

මතක ගොඩක් ගේන ෆොටෝ දෙකක් තියෙනවා..
ඔය එකකටවත් සම්බන්ධ නොවුනට ඉතිං හැම දෙයක්ම වගේ අහලා දැනගෙන නම් තියෙනවා... පෝරමය පුරවන්න නම් වෙන්නෙ නෑ ... ඒත් ඉතිං කරන්න පුළුවන් අනිත් දේවලින් සම්බන්ධ වෙන්නම්කෝ...

වර්ණා said...

හරිම සතුටුයි :)
හැමවෙලේම මගෙනුත් සහයෝගය

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි...! ෆෝම් එක පුරවලා සංවිධායක මණ්ඩලයට එකතු වෙන්න.

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි...! අළුත් සංවිධායක මණ්ඩලයේදි හමුවෙමු.

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි...! හැම කෙනෙක්ගෙන්ම ලැබෙන පුංචි සහයෝගයත් වැදගත්.

silentsahan said...

hodai hodai wade hodai...
suba pathanawa..

හසරැල් said...

ඇත්තටම මට තියෙන ගැටළුවක් තමා මං බ්ලොග් විතරක් ලියන එක ,කොටින්ම මට facebook එකවුන්ට් එකක්වත් නැහැ ,ඉතින් මට කට්ටිය සෙට්වෙනවා අඩුයි ,යහපත් කටයුත්තක් ඇතොත් දායක වෙන්නම්

සිරාගෙ කාමරේ said...

වැඩේ ලස්සනයි... අතිසාර්ථක වෙන්න කියලා පතනවා... ඊළග වසරේදි ඉසිඹුවක් නැති නිසාම මට මේ කණ්ඩායමට එක් වෙන්න අපහසුයි...

වීපොකුරෙ වීයා said...

මටත් එකතු වෙන්න අමාරු උනත්, ආසාවෙන් බලාඉන්නෙ.

රතී, said...

ඔන්න මමත් ටච් එක්ක දුන්නා

Shanaka Kumara said...

අපිත් සපෝට් එක දෙන්නම් ... තියෙන දේවල් ගැන අපිවත් දැනුවත් කරන්න

Skyman125 said...

වැඩි හරියක් ඉන්නෙ හඳේ හින්දා මෙහෙයුම් මැදිරියට ගොඩවෙන්න ඉස්පාසුවක් නෑ... ඒත් ස්කයියෝ මෙන්න මේක කරපන් කිව්වාම මගේ ෆෙරාරි රථයෙන් එතන ඇති. මුදල් සහ ශ්‍රමය ඔනම විදිහට දෙන්නම්. ඒත් කාලය තමා නැත්තේ...

ඕනෙම හදිසියකට... skyman125@facebook.com

සයිබර් සැණකෙළිය said...

බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය දක්වන්න ඔබ බ්ලොග් විතරක් ලියන එක ප්‍රමාණවත්. යම් ආකාරයට දායකත්වයක් දක්වන්න පුළුවන්කමක්, කැමැත්තක් තියෙනවානම් අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතියි...!

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි සිරා. මං හිතන්නේ ඔබ එකතු වෙලා තිබුනා. ජය...!

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි. ඔබේ අදහස් වුනත් වැදගත්.

සයිබර් සැණකෙළිය said...

එහෙනම් ළගදිම හමුවෙලා කතා කරමු.

සයිබර් සැණකෙළිය said...

පුළුවන්කමක් තියෙනවානම් ෆෝම් එක පුරවලා අපිත් එක්ක එකතු වෙන්න.

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි. ෆෝම් එක පුරවලා වෙනත් අදහස් තීරුවෙ ඔය කාරණය ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට ටක් ගාලා උවමනාවකදි කතා කරන්න පුළුවන්. ස්තුතියි...!

සුදු මහත්තයා said...

මමනං ඒ ලෙවෙල් කට මුල තියන් ඉන්නේ.. ම්ම්ම්.. සහයෝගය දෙන්නම්.. අපි ඉතින් පොඩි ළමයි නිසා.. මුදල් හදල් නම්. දෙන්න අමරුයි.. ශ්‍රම දායකත්වය .. උපරිමයෙන්ම..

නාඩියා නාඩිරත්න said...

අනිවා සපෝට් එක දෙනවා ඈ!

සයිබර් සැණකෙළිය said...

ෆෝම් එක නම් පුරවලා තිබුනෙ නෑ මං හිතන්නේ. ස්තුතියි...!

සයිබර් සැණකෙළිය said...

ඒ හොදටම ඇති. අධ්‍යාපන කටයුතු වලටත් මුල් තැන දෙන්න අවශ්‍යයි. ස්තුතියි...!

බණ්ඩා... said...

පුලුවන් හැම විදිහටම උදවු කරනවා..

ජය..

සයිබර් සැණකෙළිය said...

ස්තුතියි...! ළගදිම හමුවෙලා කතා කරමු....

ආගන්තුක යා said...

අනිවා.. !!!

පියුම් said...

ඉදිරියට සුභ පැතුම්. ජය!

හිස් අහස said...

අපිත් හැකි උපරිම විදිහට උදවු කරන්නම්කෝ ..

කෝරලේ මහත්තයා said...

කෝ ෆෝම් එක රෙස්පොන්ඩ් කරන්නේ නැහැනේ
කෝරලේ වලව්ව

සයිබර් සැණකෙළිය said...

නව වසරේ සංවිධායක මණ්ඩලය තේරී පත්වී අවසන් යාළුවා. ඒ නිසා ෆෝම් එක අපි ඉවත් කලා.

Post a Comment

Back to Top