30

කට්ටියම එන්ඩෝ.... අපේ අවුරුදු උත්සවේ පටන්ගන්නයි යන්නේ....




ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ හතර වටේ ඉන්න බ්ලොග් ලියන කියවන හැමෝම බලාගෙන උන්න අපේ හීනය, සයිබර් සිහින බක්මහ උළෙල පටන්ගන්න හරියටම තියෙන්නේ අපේ එක අතක තියෙන ඇඟිලි ගානටත් අඩු දවස් ගනනක්. අප්‍රියෙල් 22 වෙනි ඉරිදා අපි හැමෝටම මතක හිටින දවසක් බවට පත්කරන්න ඔයා මේ ලිපිය කියවන මේ මොහොතෙත් අපේ සංවිධායක මණ්ඩලය වෙහෙස මහන්සි වෙනවා. විශේෂයෙන්ම තරඟ, තෑගි, සමරු කළාපය, කෑම බීම මේ හැමදෙයක්ම ලහි ලහියේ සූදානම් වෙනවා. ඉරිදා උදේ පාන්දරින්ම වැල්ලවත්තට එන්න දත කට මැදගෙන සූදානම් වෙලා ඉන්න ඔයාලව පිළිගන්න කුරේ ක්‍රිඩාංගනය බොහොම ආසාවෙන් සැදී පැහැදී ඉන්නවා කියලයි ආරංචිය.

ලෝකෙ තැන් තැන් වලට වෙලා පරිඝණක ඉස්සරහ ඉඳගෙන ලියපු, අනිත් අය ලියන දේවල් කියවපු, අපිට හිතෙන දේවල් ලියලා එයාලව දිරිමත් කරවපු හැම කෙනෙක්ටම ඇත්තටම හම්බ වෙලා කතාකරන්න, හිතවත්කම් අළුත් කරගන්න සූදානම් කරපු මේ ලස්සන දවස තවත් ලස්සන කරන්න විනෝද ක්‍රීඩා රාශියක් සැළසුම් කරලා.




 බනිස් කෑම, යෝගට් කැවීම වගේ කන බොන තරඟ වගේම කණා මුට්ටිය බිඳීම, අලියට ඇහැ තැබීම, සැඟවුන අමුත්තා වගේ සාම්ප්‍රදායික අවුරුදු  ක්‍රීඩා  රාශියකුත් පැවැත්වෙනවා. ඇයි අපි මාස ගනනක ඉඳලා ඊමේල් වලින්, මූනුපොතේ, ගූගල් වල වගේම බස් රේඩියෝ එකෙත් කතාබහ කරපු සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තරඟය... ඒකත් පවත්වන්න සියළු කටයුතු සූදානම්. එදාට සිහින කුමරා කුමරිය වෙන්න හිතාගෙන ඉන්න අයට ෆේෂල් එකක් එහෙම දාගන්න දැන් කාලෙ හරි ඔන්න. ලේසි පහසු වැඩක්යැ බ්ලොග් අවකාශයේ සිහින කුමරා නැත්නම් කුමරිය විදියට අභිෂේක ලබන එක,සයිබර් සිහින කුමරා, කුමරිය තරගෙට ඉදිරිපත් වෙන්න එහෙම ඉන්නවානම් මෙන්න මේක* පුරවන්නකෝ. ඔය අතරෙදි බොහොම සාමකාමීව මීට මාසෙකට විතර කලින් පටන්ගත්ත ඔන්ලයින් තරඟයේ ප්‍රතිඵලත් එදාට එලිදක්වනවලුනේ.


බැළුම් පිපිරවීම, තුන් පා දිවීම, සංගීත තොප්පි තරඟය, මීටර් 100, සැඟවුන පෙට්ටියේ රහස ආදී මෙකී නොකී විනෝද  ක්‍රීඩා  වලට සහභාගී වෙන්නත් ඒවා බලලා රසවිඳින්නත් ඔයාලා එන්න ඕන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට. 


කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).  

මේ ටික කිව්වේ නොදන්න අයට. ගහ දන්නා අයට කොළ කඩාපාන්න ඕනේ නෑනේ.

එහෙනම් 22 වෙනිදා උදේ 9.00ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදි හමුවෙමු. 

පොඩ්ඩක් ඉන්න....... 

දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව

තවම සයිබර් සිහින උළෙලට ලියාපදිංචි වෙලා නැත්නම් මේ වම් පැත්තේ වැඳගෙන ඉන්න අක්කා කෙනෙක්ගේ පින්තූරෙ උඩ ක්ලික් කලාම ලැබෙන මෙව්වා එක පුරවලා දීලා යන්න. අප්‍රියෙල් 18 වෙනකන් රෙජිස්ටර් වෙන්න පුලුවන්

මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා. 

ඒ වගේම අපේ සමරු කලාපයට සම්බන්ධ වෙලා අවුරුදු උළෙලට ශක්තියක් වෙන්ඩ කැමති බ්ලොග් සහෘදයින්ට මෙන්නම් මේ පාරේ ගියහම තොරතුරු දැනගෙන... අපව දැනුවත් කරන්නත් පුලුවනි 18 වෙනිදා වෙනකම්.

එසේම ගියවර මෙන් මෙවරද සියලූම අයවැය තොරතුරු විනිවිද භාවයකින් යුක්තව ඔබ සියලු දෙනා වෙත ඉදිරිපත්කරන අතරම.දැනට යොජනාවෙලා තියෙන  සමාජ සේවා ව්‍යාපෘතීන් න් අපගේ ශක්ති ප්‍රමානයෙන් කලහැකි ව්‍යාපෘතීය සයිබර් සිහින උළෙල පැවැත්වෙන අවස්ථාවෙදී ඔබ සැමගේ සහභාගීත්වයේන් තීරණය කිරිමටද බලාපොරොත්තු වෙනවා.

ඒවගේම වැදගත්ම කාරනය මත්පැන් මත්ද්‍රව‍ය ක්‍රිඩාංගනය ඇතුලට ගෙන ඒම සම්පූර්නයෙන්ම තහනම්.


දිවා ආහාරය සඳහා ඔබගෙන් රුපියල් 100 ක් වැනි සුලු මුදලක් පමනක් අය කරනු ලැබේ...

හරි ඔන්න අපි හැමොම අප්‍රියෙල් 22 දා උදේ 9 ට සයිබර් සිහින උළලේදි මුනගැහෙමු...





30 comments:

ස්කූබි ඩූ. said...

කොට්ට පොර ගහන්න එහෙම නැතෙයි..

ගුණේ අයියා said...

තවමත් ලිපඳිංචි වෙන්න පුලුවන්ද

Pradeep Gunarathna said...

පුළුවන්...

වර්ණා said...

මම එන්නේ අලියට ඇහැ තියන්න :)

ඊ මේල් කවිකාරි said...

ක්‍රීඩාංගනයට ඇතුල්වන ගේට්ටුව ඇත්තේ මොන පාරෙද?

නෙරංජි සුලක්ඛනා said...

අප නං.. එන්නෙ තරඟ කරුවන්ට අප්පුඩි ගහන්ඩ... හිතුණොත් බනිස් කෑමට යනවා..

සයිබර් සැණකෙළිය said...

ඉහල තියෙන පිංතුරේ ලොකු කරල බලන්න පාර දක්වන ඊතලයක් සලකුනු කරල ඇති

නාකියා said...

අයදුම් පත්‍රය පිරවීමෙන් තොරව පැමිණියහොත් සංවිධායක මණ්ඩලයට විදීමට සිදුවන අපහසුතාවය ඉතා බරපතල ගනයේ එකක්ද??

˙٠•♥ එක් සිතක් ♥•٠˙ said...

අපිත් එන්න කැමතියි . ඒත් දර වැඩියි. :(

Pradeep Gunarathna said...

ඔව්. දිවා ආහාරය ලබාදීමට නොහැකි වේ. අනික උත්සව භූමියට ඇතුළු කර නොගැනීමට ඉඩ ඇත.

කිරිපුතා said...

දර වැඩි උනාට කමක් නෑ. කොහොමහරි එන්ඩෝ.

කාව්‍යා said...

ගමන විශ්වාස නැති නිස මම ලියාපදිංචි උනේ නෑ නිකමට හරි එදාට ආවොත් අපිව බාර ගන්නෙ නැද්ද? කෑමනම් නැත්තත් කමක් නෑ අනේ ගේට්ටුවෙන් ඇතුලටවත් ගනන්කෝ

හිතහොඳ පිස්සා said...

ඔන්න එහෙනම් අපිත් එනෝ.......

Janaranga Wijaindu Dewasurendra said...

වැඩක් නෑ බන්...අලියට ඇහැ තිව්වට වැඩක් නෑ උගේ ඇහේ සුද ඇවිත්

Janaranga Wijaindu Dewasurendra said...

මේ සැරේ බනිස් නැති නිසා මාළුපාන් දෙන්න හදන්නේ...

Janaranga Wijaindu Dewasurendra said...

නාකියා දුර ඉඳන් එන එකා නිසා කව්රුහරි ඕකට නවාතැන් දුන්නනම් නරකද 21 රෑට

Janaranga Wijaindu Dewasurendra said...

හා හා කොහොමහරි එන්නකෝ...අම්මගෙන් පර්මිෂන් ගන්න අමාරුද..එහෙනම් අම්මත් එක්කගෙනම් එන්න අවුරුදු කුමාර් තරඟෙ තියනවා කිව්වම අම්මා පැනලා ඒවි

Janaranga Wijaindu Dewasurendra said...

එහෙනම් මම එන්නේ නෑ

said...

ග්‍රවුන්ඩ් එක ගාව හෝ ග්‍රවුන්ඩ් එක ඇතුලට අරන් හරි වාහන නවත්තන්න ඉඩ තියෙනවද ඒ හරියේ

වර්ණා said...

හෆොයි :පි

ගුණේ අයියා said...

පාර දෙපස ඉඩ ඇත හැබැයි පොඩි වාහන විතරයි බස් ලොරි ලොන් වෙහිකල් බැ

කාව්‍යා said...

අම්මත් එක්ක නෙවේ අනේ මම එනවනම් එන්නේ මගේ අයිති කාරයත් එක්ක

මකුළුවා..... said...

එළ මම මේ අහන්න ගියා විතරයි කොහොමද එන්නේ කියලා?

Bunny said...

මතක ඇතිව පාර පනිද්දි පාර දෙපැත්ත පැනලා පනින්න..!!

Mr.Sithi said...

thama reg number 1k awe natho... kawadda awanne...? :o

නාකියා said...

@ ප්‍රදීප්-කෑම නම් අහල පහල කඩේකින් හරි කන්න පුළුවන්නේ නේද? ඒක නම් එච්චරම ගැටළුවක් නෙමේ.. ඇතුල් වීමට අවසර නොදීම නම් ගැටළුවක්.. ඒ ගැන ටිකක් සළකලා බලන්න..
@ජනරග- ස්තූතියි මල්ලි සැලකිල්ලට... :)
එත් 22 වෙන කම්ම එන එක මට ෂුවර් නෑ.. හැකියාවක් ලැබුනොත් පාන්දර මෙහෙන් බස් එකට නගින්නම්...

නාකියා said...

මම අනුරාධපුරේ ඉදලා ගාළු ගෙට්ටුවටත් ගියා... :)
එතකොට ඔයා??????

අවශ්‍යතාවයට ඕවා බාධක වෙන සාධක නෙමේ... නැවත හිතලා බලන්න..

බැට් මෑන් said...

onna ehenam math enawa hawas wenna hari enawa..enawa kiyala kalin kiyanna deyak na ne ne..

බැට් මෑන් said...

ayyoo man dan dakke mama reg wela na ne..april 18 wenakal witharai ne :( .shik man enna kiyala hitiye

සුළඟිල්ල | pinkie said...

හැක් හැක් අපිනම් ගෙදරත් ආවා...........

Post a Comment

Back to Top