7

සිහින උළෙලේ සමරු කලාපයට ඔබගේ බ්ලොග් අඩවියත් ඇතුල් කරගන්න....

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.

පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.


1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 18 වන දින පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!

cybernewyearfestival2011@gmail.com 

G.S.Gunawardana
Skype-gsg0400
Mobile-0718309494

7 comments:

Abeetha Edirisinghe said...

මම මේල් එකක් එව්වා... හම්බ උනාද දන්නේ නෑ.....

Gune aiya said...

ලැබුනා ලැබුනා

චතුමිතු said...

චික් මං දාන්න හිටියේ 5000 එකක් ...ඉවලයි ලු නේ අෆ්ෆා..:D

Unknown said...

මට පොඩි කරුණු ටිකක් දැන ගන්න පුළුවන්ද?

1. මේක එදාට යම් කිසි මුදලකට අපිට ගන්ඩ පුළුවන්ද?
2. මේ පොත A4 size ද? A5 size ද?
3. ඇතුළු පිටු වර්ණද ? කලු සුදුද?

Anonymous said...

අඩේ අප්පා.... නංගිට මුල පිටුව දෙන්නම්කෝ.....

Anonymous said...

1. මේක මුදලකට ලබාදෙන්නනම් තවම තීරණය කරලා නෑ.
2. මේ පොත A4 ප්‍රමාණයෙන් තමයි මුද්‍රණය වෙන්නේ.
3. ඇතුල් පිටු කළු සුදු.

වර්ණා said...

එල එල. මමත් මේලක් එව්වා.

Post a Comment

Back to Top