41

මෙන්න ඇරඹුනා...... සයිබර් සිහින කුමරා/ කුමරිය තරඟයේ ලියාපදිංචිය ඇරඹුනා.....



රටේ එක එක පැතිවල ඉලා අකුරු වලින් විතරක් කතාබහ කරපු යාළුවන්ට ඇත්තටම එකතු වෙලා විනෝද වෙන්න අවස්ථාවක් ඇවිත්. ගිය අවුරුද්දේ වගේම මේ වතාවෙත් සයිබර් සිහින බක්මහා උළෙල පවත්වන්න කටයුතු කාරණා සිද්ධ වේගනයි යන්නේ. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 22 වෙනිදා වැල්ලවත්ත ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්ථාවට එකතු වෙන්න පුලුවන්කම තියෙනවා.
කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. ඔය බ්ලොග් එකේ දකුණූ පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන. අන්න ඒ අක්කගෙ රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි මෙවුව එකක් දේවි. අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න.
එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම්කරලා තියෙනවා.
ඒ අතරින් දන්නවනේ අපිට ගොඩක්ම විශේෂ තරඟය. ඔව්...සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. දැනටමත් බ්ලොග් පෝස්ට් වල, මූනු පොතේ හැමතැනම දැන්වීම් අලවලා. ආරංචි විදියට හැමෝම බලාගෙන ඉන්නේ ලියාපදිංචිය විවෘත කරනකම්.
හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්න. මේ තමයි තරඟය පැවැත්වෙන හැටි. සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙටඉදිරිපත් වීම ගැන ඔබ දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබට අවශ්‍ය එකමසුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැන ආයෙත් පොඩ්ඩක් මතක් කළොත්.....
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට කිහිපයකින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ. 
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
තරඟය ජයග්‍රහණය කරන තරුණයා සහ තරුණිය සිංහල බ්ලොග් අවකාශයේ "සයිබර් සිහින කුමරා" සහ "සයිබර් සිහින කුමරිය" විදියට අභිෂේක ලබනවා. ඒ විතරක් නෙමෙයි තෑගි බෝග රාශියකුත් එක්ක. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.

දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?

අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙපොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්නඑන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.


පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී,හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

41 comments:

Abeetha Edirisinghe said...

මේක තනිකරම කුමන්ත්‍රනයක්, මේකට සහභාගි වෙන්න මට, මාරයාට, අසේලට, වැපාට, මරණෙට, ඕනෙට, ඔබාට කිසි කෙනෙකුට බෑ.. අපිව මුලින්ම කපලා දාලා... චික්... දුකාටත් බෑ.... :D

Weni said...

මටත් සහභාගි වෙන්ඩ බෑ.වයස සීමාව නිසා කැපෙනවා.මන් එන්නෙත් නෑ සවුබර සැනකෙලියට ඔන්න !
:DD

Anonymous said...

අපෝ අභීත අයියා දැන් නාකියිනේ...... අනිත් අයත් ඒ වගේම තමයි... මේක තියෙන්නේ තරුණ තරුණියන්ට....

Anonymous said...

එන්නැතුව ඉන්න එපා අප්පා.... එතකොට පේනවා ඒක කුහකකම කියලා....

Weni said...

සයිබරයේ මැදිවියේ කුමරා කියලා එකෙක්ව තෝරන්ඩලකෝ...:DD

චතුමිතු said...

ඕක තමයි කියන්නේ අනිත් එවුන්ට වලවල් කපන්න එපා..තමනුත් කවද හරි ඒ වලටම වැටෙයි කියලා..ගිය පාර සයිබර් එකේ දී කපපු වලේ ගැඹුර තමයි ඔය.. :P

Anonymous said...

අනේ එන්නැතුව ඉන්න එපා අප්පා... කට්ටිය හිතයි කුහකකමට කියලා....

Weni said...

නෑවිත් ඉන්නෙ නෑ..මන් ඉන්නෙත් පයින් යන්ඩ පුළුවන් දුරක ඔය ග්‍රවුන්ඩ් එකට..ලේසියෙන් අපිට දිනන්න තරඟයක් දා ගන්ඩ ට්‍රයි කලේ.. :DD

Dinesh said...

ඔබා මාමා තකහනියක් ලංකාවට එන්නෙත් මේකට ඉන්න බලාගෙන.. දැන් මේක දැක්කම??

Unknown said...

මාවත් කපල දාල නේද වයසක් දාල.

එක නෙවෙයි, මොකක්ද මේ "ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න." කියල කියන එකෙන් අදහස් කරන්නෙ? ඒ විද්‍යුත් ලිපියට අපි තව ප්‍රතිචාරයක් දක්වන්න ඕන නෑනේද?

චතුර විජේකෝන් said...

හැබෑව.. හරිම අසාධාරණයි.. මං අවුරුදු 2 ක ඉඳං ප්ලෑන් කොරගෙන හිටියේ මේ පාර සිහින කුමාරයා වෙන්ට.. සික්..

වර්ණා said...

:පි

දුකා said...

ගිය පාර ආපු වෙලාවේ මගේ බඩ වැඩී කියලා මඩ ගහපු නිසා මේ සැරේ සික්ස් පැක්ස් හදාගෙන තරඟෙට ඉන්න හිතාගෙන හිටියේ . . හෙට ඉඳන් නවත්තනවා එක්සයිස් කොරන එක . . එනව ගිය පාර ආපු විදිහට තඩි පුස් ඌරෙක් වගේම . . .

@අබිය උඹව ඉතිං කුමරට තෝරන්න නම් ඇස් නෝපෙනෙන උන්ට දෙන්න වෙනව ජජ් කරන්න. . .

Anonymous said...

ඕන ඕන. එදාට ඒ අංකය මතක තියාගෙන එන එකම ප්‍රතිචාරයක්නේ...

Unknown said...

ඇතියාන්තං... මේ පාරත් නාකියො ටික කැපිලා... ;)

ItalyDilan said...

වෙනී අයියේ අපි විකට ඇදුම් තරගෙට යමු.මාත් ලෑස්ති වෙලා එන්නේ ඒකට

Unknown said...

වයස තමා ප්‍රශ්නේ....වැඩිහිටි එකක් නැද්ද....වියපත් බඹරා වගේ සීන් එකක්....

Unknown said...

අභියා මටත් කිව්වා මේ දවස්වල බිසී මොකක්ද පේශල් එකක් කරන්න ඉන්නේ කියලා...

Anonymous said...

අවස්ථාවක් ලැබුනොත් ඊලග සැරේ වැඩිහිටියන්ට පමණයි එකක් දාමු....

Weni said...

හරි ඩිලා මාත් ලෑස්තියි..අනේ මල්ලියෙ උඹේ මොලේ තමයි මොලේ..මට ඒක කල්පනාවට ආවෙ නැති හැටි !

Weni said...

මේ සැරේම දාන්ඩකො වැඩිහිටියන්ට පමනයි තරඟයක් ! අපි දැන්ම ඉඳන් ප්‍රැක්ටිස් කරන්නම් ! :DD

රුචා said...

සයිබර් කළු කුමාරය තෝරන තරගයක් තිබුන නම් මටත් ඉදිරිපත් වෙන්න තිබුන. ශික්

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

ආයුබෝවන් ඉන්න අක්කා දෙන මොකක්ද එක පිරෙවුවට මට ඊයක් ආවේ නෑනේ.. මොකක් ද අවුල...?

අනුරාධ said...

හුරු පුරුදුයි වගේ.... :D

Tharindu Eroshan Hendawitharana said...

නියමය් ,,එතකොට ඔව්වට එන්නේ නෑ,කොටින්ම තරඟ වල පැත්ත වත් බලන්නේ නෑ,,එත් වෙන හැටි දකින්න ආස අය,හොඳට බොන්න බලන් ඉන්න අය,විනෝද වෙන්න ආස අය පුරවන්න ඕන අයදුම් පත මොකක්ද ආ ???? :P

Anonymous said...

මේ සැරේ කල් මදි අයියා. ලබන සැරේ බලමු...

Anonymous said...

ඒ තරගෙත් ලබන අවුරුද්දේ කරමු. වැඩිහිටියන්ට පමණයි එකත් එක්ක...

Anonymous said...

ටිකක් ඉවසලා ඉන්නකෝ...

Anonymous said...

අර අක්කි කෙනෙක් වැදගෙන ඉන්න පින්තූරෙ එබුවාම එන එක...

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අහ්.. එහෙමනම් අවුලක් නෑ..

ඉනසපන් තව හිටපන් තව එකක් කරලා බලමු..!

මාතලන් said...

ඔය මළදානේ තියෙන් තැන මැපි එකක් දාපියව් සයිඩ් එකේ . ගොඩක් උන් මගෙන් ආහනවා.. මාර්ග විස්තරේ...

said...

මාතලන් මෙන්න තැන
http://g.co/maps/hm29x

pavithra weerapperuma said...

බොලාට තියා මටත් බැහැනේ.. :O :(

pavithra weerapperuma said...

අඩේ තව අවුරුද්දක් බලන් ඉනට වෙනවා...

jhothishalanka said...

හැක් මට මැවිලා පේනවා කට්ටිය අයිඩෙන්ටි කාඩ් පෙන්නල වයස හරි කියල තරගෙට එන හැටි.

පොඩි මෑන් said...

යකෝ නාකි තෝරවද කුමරුන්ට... ?? සිහින නාකියා කියල එකක තෝරන්න ඕනෙ එහෙනං... හෙග් හෙග්... :D

පොඩි මෑන් said...

සයිනරයේ සිහින නාකියා තෝරනවලු.... ඒකට එන්න වෙනි මාමෙ...

පොඩි මෑන් said...

යනතං 18යි මාසයයි එදාට... මම ගොඩ... :D :D

Anonymous said...

අනේ පව් පොඩි එකා....

Anonymous said...

ලබන අවුරුද්දෙවත් බලමු...

ස්කූබි ඩූ. said...

කුමරා වෙන්න කලින් අවුරුදු උත්සවෙට එන්න එපෑ..මට එන්න කියලා මෙල් එකක් ආවේ නෑනේ..එහෙම එකක් නැද්ද නැත්තම් මට ආවේ නෑද..අයියො සල්ලි

Post a Comment

Back to Top