Thursday, March 1, 2012
හැමෝමල එන්ඩෝ..... මෙන්න සයිබර් සිහින උළෙලේ ප්‍රථම තරගය ඇරඹුනා.....!!!
බක් මහ උළල තියෙන්නෙ අප්‍රේල් 22 දා... ඒත් පලවෙනි තරගය ඔන්න අද පටං ගන්නවා.... ....
කට්ටිය බලනව ඇති ඒ කොහොමද කියල... ඒ ඉතිං මෙන්න මෙහෙමයි...
මේක වුරුදු උත්සවයක් උනත් සංවිධානය වෙන්නෙ සයිබර් අවකාශය හරහා... මේකට එන්න සයිබර් අවකාශයෙ මිතුරෝ... ඉතිං මේක සාම්ප්‍රධායික අවුරුදු උත්සවයක තියෙන ක්‍රමයට ටිකක් වෙනස් අවුරුදු උත්සවයක්... ... අපේ කම රැකගෙන අලුත් දේ අරගෙන කියල අර කවුද කියනවනෙ... අන්න එහෙමයි...
බ්ලොග් අවකාශෙ උදවිය කියන්නෙ ඉතිං ලියන්න කියන්න පුලුවන් උදවියනෙ... ඒක නිසා අනිත් තරඟ වගේ නෙවෙයි මේක බොහෝ දෙනෙක්ට සහාගී වෙන්න පුලුවන්...
මෙන්න මේකයි තරගෙ...
තමන්ගෙම කියල සඳැසක් ,නිසදෙසක් , කතාවක් , චිත්‍රයක්, සිංදුවක්, නාට්‍යයි... මේ ඕනෙම දෙයක් මේ තරගය සඳහා වලංගුයි...
කරන්න තියෙන්නෙ තමන්ගෙ නිර්මාණය මේ තරගය සදහාම විවෘත මූණූ පොතේ මෙන්න මේ ගෲපියේ පලකරණ එකයි.... එක් අයෙක්ට ඕනෑම නිර්මාන සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නත් පුලුවන්..
ජයග්‍රාහකයා තෝරන්නෙ ලැබෙන වැඩිම ලයික් ප්‍රමාණය මගින්... ජයක්ග්‍රාහකයාට 22 දා බක්මහ උළෙලේදි තෑගි ලැබේවි....
එහෙනං කට්ටියට තියෙන්නෙ සයිබර් බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා සැකසූ ගෲපියට එකතුවෙලා තමන්ගෙ කියල කැමති මාද්‍යකින් නිර්මාණයක් කරල දාන එකයි.... දාල විතරක් මදි අනිත් අයගෙ නිර්මාණත් කියවල බලන්න.. මෙහි තරග කරුවනුත්... විනිසුරු මඩුල්ලත් අපිමයි....
කට්ටිය නිර්මාණ දාගෙන දින ගැන ගැන ඉන්න අවුරුදු උත්සවේට... .. දින ගනින්න ලේසිම විදිය තමයි ඊලට මේ කියන්න හදන්නෙත්... දැක්කමෙ සයිබර් සැනකෙලි බ්ලොග් එකේ දකුණූ පැත්තෙ උඩ කෙලවර... අන්න ඒ විජෙට්ටුවට දාගෙන අවුරුදු උත්සවේට පොඩි සප් එක්ක් දෙන ගමන් තමන්ටත් අවුරුදු උත්සවේට තියෙන දින ගාන මැනගන්න පුලුවන්...
මෙන්න කෝඩ් එක..
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=10,0,0,0" width="300" height="400" id="Timer" align="middle">
<param name="allowScriptAccess" value="sameDomain" />
<param name="allowFullScreen" value="false" />
<param name="movie" value="Timer.swf" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><embed src="http://www.bdnmv.com/cyber%20festival/Timer.swf" quality="high" wmode="transparent" width="300" height="400" name="Timer" align="middle" allowscriptaccess="sameDomain" allowfullscreen="false" type="application/x-shockwave-flash" pluginspage="http://www.adobe.com/go/getflashplayer" />
</embed></a></object>
දන්නෙ නැති අයට දාගන්න හැටිත් කියන්නම්...
අලුත් බ්ලොගර් ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන අයට..
ඩෑෂ් බෝඩ් එකේ Layout එකට ගිහින් එතන Add a Gadget තේරුවාම එන ලැයිස්තුවෙන් HTML/JavaScript කියන එක තෝරගන්න ඕනි. ඊට පස්සෙ Content කියන තැනට සම්පූර්ණ කෝඩ් එක කොපි කරලා සේව් කරන්න.. වැඩේ ගොඩ..
පරණ ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන අය Layout වෙනුවට Design කියන එක තෝරගන්න.. අනිත් එව්වා එහෙමමයි
මේකෙ අර 300 සහ 400 කියන අගයන් වෙනස් කරලා තම තමන්ගෙ බ්ලොග් එකට ගැළපෙන ගානට පළල උස වෙනස් කරගන්න පුලුවන්
පළල සහ උස අතර අනුපාතය 3:4 පවත්වාගැනීමෙන් කොලිටිය එසේම තබාගත පුලුවන්.... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...
එහෙනං විජිට් එකත් දාගෙන ... තරගෙට නිර්මානෙකුත් කරලා දාලා... විජිට් එකේ තියෙන දින ගානත් ගැනගෙන ඉන්න.....
අප්‍රේල් 22දෙවනිදා කට්ටියම සෙට් වෙමු...
Subscribe to:
Post Comments (Atom)

නියමයි ජයවේවා
ReplyDeleteJanapriya blog karuwanta LIKE set wenawa ban koma unath... Aluth unta podi asaadaranayak weyda kiyala hithenawa...
ReplyDeleteඒකයි බ්ලොග් එකේ තියෙන්න්නෙ නැත්තෙ... මූනු පොතේ ගෲප් එකෙයි තියන්නෙ...
Deleteජබප්ප්‍රියතාව පොඩි සීන් එකක තමයි.. ඒත් හොද නිර්මානයකින් ඒ ඔක්කොම අල්ලන්න පුලුවන්.. හැම නිර්මාණයකටම එක වගේ පබ්ලිසිටියක් දෙනවා....
ඒකට කරන්න තියෙන්නේ ලයික් දාන්න පහසුකම සලස්වද්දී ලියපු කෙනා කවුද කියලා තරඟයේ අවසානය වෙනකම් නොකියා ඉන්න එකයි . . අර කෙටි කතා තරඟයේදී කලා වගේ . .
Deleteඑකෙන්ම ;)!
ReplyDelete22 set wemu.. Like gana pala kale mage pudgalika adahasa..
ReplyDeleteJaya weewa..
ගෙදරින් අවසර ලැබුනොත් අනිවා එනවා. ඔන්න විජට් එක නං දාගන්න යන්නෙ!
ReplyDeleteකොල්ලො කෙල්ලො ටික ගජරාමෙට වැඩ වගේ......... සුභ පැතුම්..... නියම ෆන් එකක් සෙට් වෙයි වගේ.. බලමු මොකක් හරි නිර්මානෙකුත් දාන්න.... :)
ReplyDeleteම් ම් ම් විජෙට්ටුව දාගන්නකෝ . . .
ReplyDelete22 වෙනිදාට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
එනව නම් එන්නේ මේ උත්සවේ වෙනුවෙන්මයි.
අද හෙට ටිකට් බුක් කරන්න ඕන.
දවස වෙනස් වෙන්නේ නෑනේ?
ම් ම් ම් විජෙට්ටුව දාගන්නකෝ . . .
ReplyDelete22 වෙනිදාට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
එනව නම් එන්නේ මේ උත්සවේ වෙනුවෙන්මයි.
අද හෙට ටිකට් බුක් කරන්න ඕන.
දවස වෙනස් වෙන්නේ නෑනේ?
නෑ දවස ස්තීරයි.. අපි සෑහෙන දේවල් මෙහෙනුත් දැනටමත් බුක් කරල ඉවරයි.. :)
Deleteඅයියෝ...හලේ...මට එන්ඩ වෙන්නෙ නෑනේ... :(((((((((((((((((((............ එන අයට විතරද ලියන්ඩ පුලුවන්... :(((
Deleteඅවුරුදු උත්සවයට සම්බන්ද නිර්මානයක් වෙන්න ඕනද?
ReplyDeleteකැමති මාතෘකාවකින් පුලුවන්.... :)
Deleteජයවේවා ........
ReplyDeleteඔන්න මමත් දාගත්ත
විල්ලුද පුංචි දෙපා පොඩිකර ගන්න එපා
ReplyDeleteකැස්සක් තියෙනව නම් සීතල බොන්න එපා
කොල්ලෙක් ඉන්නවනම් තනියම එන්න එපා
සැණකෙලි තියෙන දාට වෙනවැඩ දානු එපා
තියෙන්නේ 22ක බව නොකිව්වා කියන්නෙපා.....
වෙළද දැන්වීමක් චූට්ටක් වෙනස් කලෙමි.සමාව භජනය කරනසේක්වා...!
ඒ කියන්නේ බට්ටි තනියම එන්නේ නැ කියන එකනේ.... කොහෝම උනහම මොකෝ අනේ දෙන්නම එහෙමනම් 22 එන්නකෝ...
Deleteබට්ටිට එන්න වෙන්නේ නෑ දේවා. වැඩේ ගැන නම් හෙන සතුටුයි. මේ උඩින් මම ලියපු එක ඕං මම මේ කණට ඇහුණට මෙතන අත ඇරපු එකක් හොදද?
Deleteකෝඩ් කැබැල්ල කෝඩ් කැබැල්ල මගේ බ්ලොග් එකේ වැඩ කරන්නේ නෑනේ අප්පා. :( මගේ බ්ලොග් එකේ වැඩ කරන්නේ නෑනේ අප්පා. :(
ReplyDeleteකෝඩ් කැබැල්ල මගේ බ්ලොග් එකේ වැඩ කරන්නේ නෑනේ අප්පා. :(
ReplyDeleteවැඩ නොකර ඉන්න නම් විදිහක් නැ යාලුවා... ආයේ ට්‍රයි කරලා බලන්න්කෝ
Deleteඑළ එළ අම්මෝ 22ට තව දවස් 51යි
ReplyDeleteනියමයි!! ජය වේවා!!
ReplyDeleteජය වේවා :)
ReplyDeleteflash ඕන නෙද මේක වැඩකරන්න????
ReplyDeleteඔව්.. ප්ලෑශ් ප්ලේයර් එක නැත්තම් කවුන්ටරය වෙනුවට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් පෙන්නාවි.. :)
Deleteඑල එල එල
ReplyDeleteඅලේ මගෙත් වැඩ නෑනෙ කවුන්ට් ඩවුන් එක :(
ReplyDeleteහුටා.. මොකක්ද අස්පට් එක කියන්න බලන්න..
Deleteවිජෙට්ටුවේ විස්තර පිටින්ම දාපු එක නම් එල....
ReplyDeleteතරගෙටනම් සහභාගි වෙන්න පුලුවන් වෙයිද මන්දා...
නියමයි.අනිවාරයෙන්ම සහබාගි වෙනවා.
ReplyDeleteඑළ එළ වැඩේ ලිස්සන ගහ තියෙනවද...ශෝටක් අරං එන්න ඇහුවේ....
ReplyDeleteඑළ එළ
ReplyDeleteඅපිට මේකට එන්න බැරිද?අපිත් සයිබර් අවකාශයෙ කස්ටිය තමා :D
ReplyDeleteමේ ඒයි.. මේ ඉරේ නාහේ ටිකක් මොක්කන් වෙලා ඇයි.... :O 2012 හින්දවද්දෑ... අවුලක්ම නෑ ඕන් අපිත් දාගත්තා.. :D
ReplyDeleteඕන් මාත් විජේට්ටුව දැම්මා ...
ReplyDelete