20

විශේෂ නිවේදනයයි - සයිබර් සිහින උළෙල නිර්මාණ තරඟය… සයිබර් අවකාශයේ සියලුම නිර්මාණ කරුවන් වෙත


 සයිබර් සිහින බක්මහ උළෙලට සමගාමිව පවත්වනු ලබන නිර්මාණ තරඟය පිළිඹඳව ඔබ සැම මේ වනවිටත් දැනුවත්වී හමාරය..  ඒ සඳහා නිර්මාණ වලින් දායකත්වය දැක්වූ ඔබ සැමට බෙහෙවින් ස්තුතී.

  නිර්මාණ තරඟයේ ගුනාත්මක භාවය නැන්වීම සඳහා සංවිධායක මණ්ඩලය විසින් ගන්නා ලද නව තරඟ කොන්දෙසි කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මේම තීරණ හේතුවෙන් කිසියම් විදිහකින් නිර්මාණ කරුවකු අපහසුතාවයකට ලක්වී ඇත්නම් ඒ පිලිඹඳව සංවිධායක මන්ඩලය සමාව ඉල්ලා සිටින අතර බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ඔබ විසින් එවනු ලබන නව නිර්මාණ මින් පසු එවිය යුත්තේ සයිබර් සැනකෙලියට අයත් නිල ඉමෙල් ලිපිනය වෙතය. [ Facebook වෙත එවන්නට එපා ]

දැනටමත් ඔබ විසින් Face book වෙත එවනු ලැබූ ඔබගේ නිර්මාණය කරුණාකර සිහින උළෙල නිල ඉමෙල් ලිපිනය වෙත යොමු කරන්න.

සිහින උළෙල ඉමෙල් ලිපිනය  - cybernewyearfestival2011@gmail.com

තරග කොන්දේසි

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය.(යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරගෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2-ඕනෑම  මාතෘකාවක් යටතේ තරග වැදිමට අවස්ථාවක් ඔබට ඇත.

3-එක් තරග කරුවෙකු විසින් එක් නිර්මාණයක් පමණක් එවිමට කටයුතු කරන්න.

4-සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

5.තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.

ඔබ සැමගේ සාධාරනත්වය සලකා බලා නිර්මාණ වලට ලයික් කිරිමක් මගින් ලැබෙන ජන්දය වෙනුවට 

නිර්මාණ තීරක මණ්ඩලයක් වෙතට යොමුකර හොඳම නිර්මාණය තෙරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ 

නිර්මාණ තීරක මණ්ඩලය ලෙස 


  • Mr.  හෂීත අබේවර්ධන 
  • Mr.  එම්.ඩීන් [ ගල්මල්  ]
  • Mr. ඩබ්. ඒ . පී.  නිශාන්ත (වැප්)






කටයුතු කරනු ඇත.

සියලූම නිර්මාණ බාරගන්නා අවසන් දිනය 15/04/2012 වේ


20 comments:

පූසා said...

කලින් තිබ්බ විදිහට වඩා මේක බොහොම හොඳ වැඩක්!

Abeetha Edirisinghe said...

මමත් කැමතියි මේ වැඩේට....

කිරිපුතා said...

මේ වැඩේ ඉස්සරලා තිබුන එකට වඩා ගොඩක් හොඳයි

අනූ said...

honda wadak..

Anonymous said...

එල එල....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

විනිශ්චය මණ්ඩලයකට භාර දෙනවා නම් භාෂාව හා සාහිත්‍යය පිලිබඳ ප්‍රාමාණික උගතුන් ඒ සඳහා සිටියොත් වඩා හොඳයි කියලයි මගේ හැඟිම් (මේ දාල ඉන්න විනිශ්චය මන්ඩලයේ මහත්වරු එහෙම අයද කියන්න මම දන්නේ නෑ , එහෙම නම් සමාවෙන්නේ ), එහෙම නොවෙනවා නම් ජනතා ඡන්දය තමයි හොඳ

ගැමියාගේ පත් ඉරුව said...

හොඳ වැඩක්.....නැත්තම් මේකත් සුපර් ස්ටාර් වගේ වෙන්න තිබුනා

කලාකාරයා said...

ඇත්තටම මේ ක්‍රමය ගොඩක් හොඳයි

Weni said...

මේ ක්‍රමය වඩා සාර්ථකයි කියලයි මටත් හිතෙන්නෙ ...

Unknown said...

ගොඩක් වටිනවා

හරී said...

මේ විදිහ සාධාරණයි... කලින් විදිහේ අඩුපාඩු ගොඩක් මම දැක්කා.. ඒවා මේ ක්‍රයේදී අවමයි...

Dinesh said...

මේ ක්‍රමේටනම් මමත් කැමතියි.. මමත් එවන්නම් නිර්මාණයක්..

Unknown said...

එළ....

චතුර විජේකෝන් said...

බහුතරයක් සාමාන්‍ය ජනතාවටත් හොඳ රසඥ්ඥතාවයක් හා භාෂා නිපුනත්වයක් තියෙන බව අපි පිළිගන්න ඕන.. මේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න අයට ඒ මට්ටමට ටිකක් උඩින් ඔය අවශ්‍යතා තියෙනවා.. මං හිතන්නේ ලැයික් සෙල්ලමට වඩා නම් මේ ක්‍රමේ දාහින් සම්පතයි.. මෙහෙම එනවා නං මාත් දාන්නම් නිර්මාණයක්.. මෙවැනි තරඟ පැවැත්වීමේ අරමුණු තුළ සහභාගීත්වය, රසඥ්ඥතාවය ඉහල දැමීම, සාහිත්‍යය කෙරෙහි ඇති නැඹුරුව වැඩි කිරීම වගේ අරමුණු මූලික වෙනවා කියලයි මට හිතෙන්නේ.. ඒ හින්දා විනිශ්චය ටක්කෙටම හරි නොගියට අවුලක් නෑ.. අනික ඔය විද්වත්ය කියන අය කොරන තේරීම් ටක්කෙටම හරි ගිහිං තියෙනවාද කියලත් ටිකක් හොයලා බැලුවා නං මං කියන කාරණේ තවත් පැහැදිලි වෙනවා..

නජාත් අක්‍රම් said...

ලයික් නැති එක නම් එල.. පට්ටයි..

chinthaka dilan said...

මරු

අරවින්ද චන්ද්‍රපද්ම said...

නිර්මාණ කියන්නේ මොන නිර්මාණද ?
කවි ?
කෙටිකතා ?
රචනා ?
චිත්‍ර ?
ඡායාරූප ?

Lahiru lakruwan said...

ඔන්න මමත් එව්ව මගෙ නිර්මණයක් තරගය වෙනුවෙන්.....

Sameera R said...

අනිවා

අනූ said...

kawda dinne?

Post a Comment

Back to Top