17

මේ අවුරුදු කාලේ..හිනා වෙයන් රාලේ..ඩිස්ප්ලේ නැති මොනිටර් එක වාගේ..ලාල..ලාල..ලා.සයිබර් යායට උඩින් අපේ අවුරුද්ද...


අපි පොඩිකාලේ කොච්චර ආසද සෙල්ලම් කරන්ඩ...දැන් එහේම නෑ කියනව නෙමෙයි....මට තාම මතකයි අම්මල තාත්තලා ඉවසන්ඩ බැරි  තැන අපට තරවටු කරනව කොච්චරවත් සෙල්ලම මයි... පොතේ පතේ වැඩක් ඇත්තේම නෑ කියල..

ඔයාලටත් මතක ඇති නොවැ...

හෑබැ ඉස්කොලේ පලවෙනි වාරේ ඉවරවෙලා ලැබෙන මුල්ම නිවාඩුව තමා අවුරුදු නිවාඩුව...

මේ කාලේට නම් ලොකු ඈයො වැඩිය බලකරන්නෑ සෙල්ලම වැඩී කියල මොකෑ අලුත් අවුරුද්ද කියන්නේ ඒයාලත් හරි හරියට සතුටු වෙන කාලයක් නොවෑ....

ඉතින් අපේ සයිබර්යායේ ඉන්න කොල්ලො කෙල්ලොත් ගියවර වගේම මෙවරත් අවුරුදු මංගල්‍යය ඉහලින් සමරන්නට තමයි මේ සුදානම.

ඒ ලස්සන මොහොත උදාකරගන්න බර කරට අරන් කටයුතු කරන ඔයාලගෙම සහුර්ධයන්ට එක් වෙන්නට ඔබත් කැමතිනම් [ සංවිධාන කටයුතු සඳහා කැමති ඔබ සැම]

එන්න...

ලබන සෙනසුරාදා ඒ කිව්වේ 2012/03/10 වෙනිදා...

සවස 2.30 ට.

විහාරමහාදේවී උද්‍යානයට.

// විහාරමහාදෙවි උද්‍යානයේ..කොළඹ නගරසභා ප්‍රරිශ්‍රය ඉදිරිපස දොරටුව අසල ප්‍රධාන බුධ්ධ ප්‍රතිමාව ඉදිරිපසට//

ගියවර සිහිනය සැබැකරවන්නට මුල්‍ය ශක්තිය දුන්න..

ඒ බරෙන් අපව නිදහස් කරපු ඔයාලට..

මේවරත් ඒබර පටවන්නට අපේ සුදානමක් නැති උනත්...

අපට ශක්තියක් වන්නට ඔබ හැමවිටම සුදානම් බව අපි දන්නව...

එසේ අපිට හයියක් වෙන්න ඔබ කැමතිනම්…… 

ඔබේ සහයොගය පොදුවෙ කමෙන්ටුවකින් හෝ..

අපේ ඊමෙල් ලිපිනයට // cybernewyearfestival2011@gmail.com //   දන්වන මෙන්...

සහොදරත්වයෙන් ඉල්ලා සිටිමු.


ඒ වගේම පොඩි උදව්වක් ඉල්ලන්න අවශ්‍ය කණ්ඩායමකුත් ඉන්නවා...


ඒ තමයි සින්ඩි පවත්වාගෙන යන අය....


ඔබගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අපේ සංවිධායක මණ්ඩලයට එක් 


කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා..... 


ඔහුගේ හෝ ඇයගේ විස්තර  cybernewyearfestival2011@gmail.com


කියන විද්‍යුත් ලිපිනයට. 


යොමු කරන ලෙසද සියළු සිණ්ඩි හිමිකරුවන්ගෙන්, 


ඉල්ලා සිටින්නේ බොහොම කාරුණිකව... 

17 comments:

පිස්සා පලාමල්ල said...

කොහේ එන්නද.. ලංකාවෙ හිටියනම් එනවා... ගිය පාරනම් විහාර මහදේවි ගිහින් හයියෝ...

ඔක්කොම සුපිරියට කටගන්න සුබ පතනවා... 22 නම් කොහොම හරි එනවා

වර්ණා said...

අයියෝ බලමු 10 එන්න කියලා 6 ද කියන්නේ... කලින් දාගත්ත වැඩක් තියෙනොනේ.. බලමුකෝ පුළුවන් උනොතින් එන්නම්, ඒ ආවේ නැතත් මම ෆුල් සපෝර්ට් එක හරිය :)

සඳකිඳුරා said...

වෙලාවට හැමෝම එන්න.අපිට ඔයාල හැමෝගෙම ශක්තිය ඕනෙ.එදාට මේ සඳකිඳුරත් ඔයාලව හමුවෙන්නම්.ජය

දුකා said...

"ගියවර සිහිනය සැබැකරවන්නට මුල්‍ය ශක්තිය දුන්න..

ඒ බරෙන් අපව නිදහස් කරපු ඔයාලට..

මේවරත් ඒබර පටවන්නට අපේ සුදානමක් නැති උනත්...

අපට ශක්තියක් වන්නට ඔබ හැමවිටම සුදානම් බව අපි දන්නව...

එසේ අපිට හයියක් වෙන්න ඔබ කැමතිනම්……

ඔබේ සහයොගය පොදුවෙ කමෙන්ටුවකින් හෝ..

අපේ ඊමෙල් ලිපිනයට දන්වන මෙන්..."

ආධාර මුදලින් කරන්න හදන දේ ගෑන් පැහැදිලි විස්තරයක් නැතුව ආධාර කරන්න කවුරුත් කැමති වෙයිද මන්දා . .

ගිය පාර නොමිලේ කෑම බීම දුන්නා . . .එනවා කියල කන්ෆර්ම් කරලා කට්ටිය ආවේ නෑ කෑම අපතේ ගියා.

ඒ නිසා නොමිලේ කෑම දෙන වැඩේට ආධාර කරන්න එහෙම නම් දෙපාරක් හිතන්න වෙනවා.
ඊට අමතර ඒවා තියෙනවාද? තෑගි? සංගීතය?

ඇයි අපි අනුග්‍රාහකයෝ සොයා ගන්න උත්සාහ නොකරන්නේ? බ්ලොගර්ස්ලට අනුග්‍රාහකයෝ සොයා ගන්න කිසි අමාරුවක් වෙන එකක් නෑ කියලයි මගේ අදහස . .

සයිබර් සැණකෙළිය said...

කැම මේසැරේ ස්ටොල් එකක් දාන්ඩයි දැනට පැලැන් කරල තියෙන්නේ. එතකොට කැමති අයට මිලක් ගෙවල පහසු මිලකට කැම ගන්ඩ පුලුවන්. මුදල් වැයවන්නේ සංගිතයට සහ තෑගි දෙන්න..අනිත් කාරනය ගාල්ලේ දුප්පත් පාසලකට එහි පන්තිකාමරයක් අලුත්වැඩියා කරදීමටත් යොජනා වෙලාතියෙනව ඔය කියන කාරනා වලට තමයි මුදල් උවමනා. සහෝට මෙලක් එවන්නම් පොස්ට් එකේ තියේන මෙල්ලුවට රිප්ලයි එකක් දාන්ඩ
දැනට මුදල් හොයාගන්න වැඩේට ලියුමක් හදලා කිහිප දෙනෙකුට යැව්වා බලමු

නජාත් අක්‍රම් said...

අඩේ.. ගාල්ලේ ඉදන් විහාර මහා දේවි එකට දුරයි නේ.. ළඟක තිබුණා නම් එනවා..

Unknown said...

22 අනිවා එනවා.....තාම ඉන්නේ සලංහන්තේ....

miduma said...

ආරධනාව නම් මරු.කොල්ලෝ කෙල්ලොත් එක්ක හැට පැන්න කඩුල්ල පෑහෙන්නේ කොහොමද ?.

දේව් ගේ අඩවිය said...

වර්ණා එනවානම් ඔය ටයිම් එක හරියට දුවන ඔරලෝසුවක් හොයාගන්න කලින්ම.... හිකිස්

සයිබර් සැණකෙළිය said...

හැට පැන්නත් හදවත තරුණයි නොවැ එච්චරයි ඔන..හික්

pavithra weerapperuma said...

හැකැ හැකැ... අක යනව නම් අද ඉදන්නම උක්කුන් ටොපි හදන්න පටන් ගන්ට හොදේ... :D

pavithra weerapperuma said...

අනේ අනිච්චන්... සෙනසුරාද ක්ලාස් නොවැ... :O

වර්ණා said...

ane bolaata mona topiyakwath genne naha me kapedi mama. eka danagannawaa sulagillo :D

නරකයා....!! said...

හුරේ මම එනවා... අවුලකට තියෙන්නේ මාව අඳුන ගනීද දන්නෙනෑ..

පවනි said...

හෙට එමි...
අනිවා ඩෙපා ය...!!!!

Unknown said...

මේක දැක්කෙ වැඩේ ඉවර වුණාම

කලාකාරයා said...

අය්යෝ කලා කාරය මෙ දවස් ටිකෙ අසනීපෙන් හිටියෙ මෙ පැත්තෙ එන්නත් බැරි උන.ඔන්න ඉතින මට පලවෙනි හමුවූමටම එන්න බැරි උනා සමා වෙන්නොන ඉතින් ,අනේ ආයෙමත් ඔය ඇත්තො සෙට් වෙනවනම් මේකෙ දාන්න,මම දිනපතා ඇවිති බලන්නම්

Post a Comment

Back to Top