16

මතකද? ......... සයිබර් සිහින බක්මහ උළෙල 2016

අවුරුදු කාලෙ ළඟ ළඟම එනවා. මාර්තු මාසෙ වෙනකොට සිංහල භාෂාවෙන් අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග් ලියන, කියවන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. පහුගිය අවුරුදු පහ තිස්සේ හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ දවසක බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය, සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වුණා. මේ අවුරුද්දෙ අවුරුදු උත්සවේ නැද්ද? මොකද මෙච්චර පරක්කු? එක එක්කෙනා අහනවා. 

නෑ... එහෙම නවත්තන්න පුළුවන් ද? මේ අවුරුද්දෙ හය වෙනි වතාවටත් සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. හැබැයි පුංචි වෙනස්කම් කීපයක් එක්ක. පළවෙනි වෙනස තමයි මේ අවුරුද්දෙ බ්ලොග්කරුවන් විතරක්ම නෙමෙයි සයිබර් සිහින බක්මහ උළෙල වර්ණවත් කරන්නෙ. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි භාවිතා කරන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට දායක වෙන්න පුළුවන්.

තව තව අළුත් වෙනස්කම් ගැන පහු පහු වෙනකොට දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් පාවිච්චි කරන හැමෝම
අපේ්‍රල් මාසෙ 30 වෙනි සෙනසුරාදා 
දිනේ වෙන් කරල තියාගන්න. වසරේ වඩාත් නිර්මාණශීලි අළුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න අදහස් කරනවා නං එදා තමයි දවස.

තවත් විස්තර එක්ක ඉදිරියේදි හමුවෙමු.... 

අපි,
අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය
බ්ලොග් අවකාශයේ මිතුරෝ
cybernewyearfestival2011@gmail.com


16 comments:

සමී said...

මොකොද මේ පාර වෙසක් එකත් අල්ලලම වගේ අවුරුදු උත්සවේ පටං අරං තියේන්නෙ :D

කොහොම උනත් සාර්තකව පවත්වන්න සුභ පතනෝ :D ජය!!!

මු.නො.ස

සමී said...
This comment has been removed by the author.
Unknown said...

බක්මහ උළෙල සිංහල සංස්කෘතියේ එක වැදගත් අංගයකි. තොරතුරු තාක්ෂන යුගයේ දිවි ගෙවන අපි සයිබර් අවකාශයේත් අපේ අනන්‍යතාවය රැක ගැනීම ප්‍රශංසනීයය

කල්‍යාණ මිත්‍ර said...

මතකයි. :)

Chandana Liyanaarchchi said...

උන්නා මලා ලොකේ මමත් එන්නද කියලා මම මේ බැළුවේ.................දවසට දෙකට චැට් කරන මගේ යාළුවන් බලන්න...

Janaranga Dewasurendra said...

බොහොම අගෙයි...අලුත් නිලධාරී මණ්ඩලය එහෙම වැඩ පටන් අරගෙන වගෙයි

නාඩියා නාඩිරත්න said...

එම්දෝ... නොඑම්දෝ.....

Praසන්ன said...
This comment has been removed by the author.
Praසන්ன said...

බලමු බලමු.

බස්සි (Yash) said...

මේ අවුරුද්දේ එන්ට වෙන්නෙ නෑනෙ. මාස ගානක ඉඳන් ප්ලෑන් කරපු ට්‍රිප් එකක් තියනෝ එදාට. දුකයි අම්බානකට!

අඟහරුවා. said...

හා. ඔන්න වෙන් කරගත්තා..

Podi Shan said...

ගොඩ කාලෙකින් බ්ලොග් ලියන්න බැරි උනා විතරක් නෙමේ බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක එකතු වෙන්නත් බැරි උනා. හැබැයි මේ පාර සයිබර් සිහින බක් මහ උලෙලට බෙල්ල ගහල ගිහත් ඔන්න මම එනවා

Unknown said...

හැමදාම එන්න ආසවෙන් හිටියත් අවුරුද්දට ගමේ ගියාම එන්න බැරි වෙනවා.මේ පාර 30 නිසා මාත් එනවා

බුබුළු

Unknown said...

වැඩේට සුභපැතුම්...

Anonymous said...

අයියෝ කලින් බැරිද මං 27 යනවා. පුලිවන් ඊට කලින් තියන්නකෝ

පවනි said...

සයිබර් සිහින උළෙල කියන්නෙ මොකක්ද?

Post a Comment

Back to Top