3

සයිබර් සිහිනය දකින්න සූදානම් ද?

අපි කලින් දවසක කිව්වා වගේම;
 සයිබර් සහෝදරත්වයේ ප්‍රේමනීය ඉසව්ව
සයිබර් සිහින බක්මහ උළෙල 2016 
2016 අප්‍රේල් මාසෙ 30 වෙනි සෙනසුරාදා උදේ 9.00 ට අපිට පුරුදු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දෙ ලැබෙන තෑගි බෝග වලත් පොඩි වෙනසක් තියේවි. එදා කිව්ව විදියටම ටිකක් වෙනස් විදියේ අවුරුදු උත්සවයක් පවත්වන්නයි සංවිධායක මණ්ඩලය සූදානම් වෙන්නෙ.

බ්ලොග්කරුවන්ගේ වැඩක් විදියට 2011 අවුරුද්දෙ පටන්ගත්ත සයිබර් සිහින බක්මහ උළෙල මේ අවුරුද්ද වෙනකොට බ්ලොග් වලින් එහාට ගිහිල්ලා ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන අයත් දායක වෙන අවුරුදු උත්සවයක් බවට පත් වෙලා. ෆේස්බුක් ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන කිහිප දෙනෙකුත්, එදා ඉඳලා සයිබර් සිහින උළෙල යථාර්ථයක් කරන්න වෙහෙසුනු සංවිධායක මණ්ඩලයේ කට්ටියත් එකතු වෙලා තමයි මේ අවුරුද්දෙ අවුරුදු උත්සවය සැළසුම් කරන්නෙ.

එහෙනං මේ කියන්න යන්නෙ කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා. එක්කෝ මේ පෝස්ට් එකේ මෙන්න මෙතන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම සයිබර් සිහින බක්මහ උළෙල නිල ඉවෙන්ට් එකේ tickets available කියන තැන ක්ලික් කරලත් ලියාපදිංචි වෙන්න පුළුවන්. අැයි තව අපේ පේජ් එකේ? ඒකෙ Book Now කියල තියන බොත්තම එබුවත් ලියාපදිංචි වෙන්න පුළුවන්.



අැතුල් වීමේ ගාස්තුව රුපියල් 250 යි. දවල් කෑම වගේම වතුර බෝතලයකුත් ඔබට නොමිලේ ලැබෙනවා. එන්න අදහසක් තියෙනවා නම් ෆෝම් එක පිරවීම වගේම ෆෝම් එක පුරවලත් එන්න විදියක් නැත්නම් දවසකට දෙකකට කලින් දැනුම් දීමත් අපේ වැඩ කටයුතු පහසු කරවනවා. ෆෝම් එක පුරවන්නෙ නැතුව එදාට එන්න හිතං ඉන්න කීප දෙනෙකුට අවස්ථාව තියෙයි. ඒත් කෑම බීම වල අඩුපාඩු වෙන්න පුළුවන් නිසා කලින් ලියාපදිංචි වෙන එක කෝකටත් හොඳයි.

මේ අවුරුද්දෙ සයිබර් සිහින උළෙල ට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය රිදම් FM. අනිත් අනුග්‍රාහක භවතුන් ගැන ඊළඟ පෝස්ට් එකේ කියන්නං. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං cybernewyearfestival2011@gmail.com කියන අපේ නිල ඊ මේල් ලිපිනයට මේලක් එවන්න. නැත්තං පේජ් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. 

තවත් විස්තර එක්ක අායෙත් පෝස්ට් එකකින් හමු වෙමු.

3 comments:

කල්‍යාණ මිත්‍ර said...

එමි.

කළුවර හීනය said...

මමත් එමි

චතුර විජේකෝන් said...

30 වැනිදාට යෙදී තිබීම.. සතුටු දායකය.. එන්නට හැකි වේවි..

Post a Comment

Back to Top