37

අවුරුදු උත්සවයට සූදානම්ද?

ඔන්න අද අප්‍රේල් පළවෙනිදා, මෝඩයින්ගේ දවසේ බ්ලොග් අවකාශයේ මිතුරෝ හදන්නේ ඔයාලව මෝඩයා කරන්න නම් නෙමෙයි. අපි කවුරුත් පුල පුලා බලා ඉන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන අළුත්ම තොරතුරු කිහිපයක් කියන්න. 

හැමෝම දන්න විදියට සයිබර් සිහින බක්මහ උළෙලේ පළමු තරඟය, නිර්මාණ තරඟය අවසන් වුනා. අවාසනාවට සමහර තරඟ ඉසව් වලට නිර්මාණ ලැබුනේ නැති නිසා ඒ තරඟ ඉසව් අවලංගු කරන්න වුනා කියලා නිර්මාණ තරඟයේ සංවිධායකයින් කියනවා. නමුත් නිර්මාණ ඉදිරිපත් වුන තරඟ වලින් ජයග්‍රහණය ලබන අය අවුරුදු උත්සවය දවසට ප්‍රකාශයට පත් කරනවා.


කීප දෙනෙක්ම ඇහුවා මොකද මේ සැරේ අවුරුදු උත්සවය ගැන සද්දයක් නැත්තෙ කියලා. දෙගිඩියාවෙන් ඉන්න එපා. පහුගිය අවුරුදු වල වගේම, සමහරවිට ඊටත් වඩා වින්දනීය සයිබර් සිහින බක්මහ උළෙලක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතිනවා. අප්‍රේල් මාසෙ 20 වෙනිදා හරියටම උදේ 9.00 ට බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙනවා. මතකයිනේ තේමාව "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 10 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. 
ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 350/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ ඒ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එදාට ඔබට ලැබෙන බව නම් සහතිකයි.


 ඒ විතරක් නෙමෙයි. මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ සමරු කලාපය මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. දන්නවනේ, මේ පාර සමරු කලාපය වර්ණයෙන් මුද්‍රිත පත්‍රිකාවක් විදියටයි සකස් වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳව සහෘද බ්ලොග්කරුවන් දැනුවත් කරන්න කැමතිනම් සමරු කලාපයේ දැන්වීමක් පළ කරන්න ඔබටත් පුළුවන්. මෙන්න තියෙනවා විස්තරය. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දැන්වීම ඔබ කැමති ආකාරයකට ලබා දීලා තියෙන ප්‍රමාණයට අනුව සකස් කරලා අප්‍රේල් 5 වෙනිදාට කලින් cybernewyearfestival2011@gmail.com අපේ ඊ මේල් ලිපිනයට එවීමයි. ඊට පස්සේ ඒ සඳහා වන ගෙවීම් සිදු කරන ආකාරය ගැන ඔබට ඊ මේල් මගින් දන්වන්න කටයුතු කරනවා.


1 - මුළු පැත්තක් - ප්‍රමාණය 290mm x 100mm - රු 5000/=
2 - පැති භාගයක් - ප්‍රමාණය 145mm x 100mm - රු 2500/=
3 - පැති කාලක් - ප්‍රමාණය 72mm x 100mm - රු 1000/=
4 - පැති ⅛ ක් - ප්‍රමාණය 72mm x 50mm - රු 500/=

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ  නිල මාධ්‍ය සහකරු වශයෙන් කටයුතු කරන්නේ බස් රේඩියෝව. මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. 


එහෙමනම් අප්‍රේල් 20 වෙනිදාට හමුවෙමු. ඊට කලින් ෆෝම් එක පුරවලා ලියාපදිංචි වෙන්න. සමරු කලාපය ගැනත් මතකයිනේ.  

 ඡායාරූප - වෙනිවැල්, ජේ ඩී, අනුෂ්ක (2013 සයිබර් සිහින බක්මහ උළෙල)

ප.ලි. - මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අනුග්‍රාහකත්වය දරන Oceanic Games ආයතනය එදින සහභාගීවන්නන්ගේ වියදම් වලින් කොටසක් ද ආවරණය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඇතුලත්වීමේ ගාස්තුව රු 200/= ලෙස සංශෝධනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කලා.

37 comments:

samakayawate said...

එළම තමා

Underwriter said...

මටනම් Exam හින්දා එන්න වෙන්නෙ නෑ අප්පා..මොනා කරන්නද......

Windika123 said...

ජය හෝ

Tharindu Abesinghe said...

20 වෙනිදට අපි එතැන....

නාඩියා නාඩිරත්න said...

ෆුල් try කරනවා 20 එන්න. බලමු සමරු කලාපෙට මොකක් හරි දෙන්නත් පුළුවන් වෙයි

වෙඩික්කාරයා said...

බොන්න මොනවද තියෙන්නෙ?????

Nimesh Gamage said...

එලස්...මමත් එනෝ ...

ආචාර්ය Weerakoon said...

මමත් එනවෝ...........

තුශානි said...

හරිම ශෝක් ...

දේව් ගේ අඩවිය said...

එන්න ඔනා. ගිය පාර ෆොම් වල නම් එන්නේ තනියමද තව කවුද එන්නේ කියලා ෆිල් කරන්න තිබුනා. මේ පාර එන හැමොටම වෙන වෙනම ෆොම් ෆිල් කරන්න ඔනද?

Aruni Kalupahana said...

නියමයි :)

සසිදු said...

එල ඈ :)

සසිදු said...

එන හැමෝටම 500ml වතුර බෝතලයක් නොමිලේ දෙනවා :D

Randunu said...

ගොඩ.. එදාට අපි එතන.....

සයිබර් සැණකෙළිය said...

ඔව්. වෙන වෙනම ෆිල් කරන්න වෙනවා.

Lahiru Palihawadana said...

එකෙන්ම එන්න ට්‍රයියක් දානවා

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) said...

එමි. (y)

චමී4යූ~chami4u said...

නාගන්නද ?

Raj said...

http://www.oceanicgames.com/ මේමගුලේ අංඩ වැඩකරන්නැලු :D

Podi Shan said...

elaz

දේව් ගේ අඩවිය said...

චමි4යු : නාගන්න 500 මි.ලි ඇති වෙයිද බන්?

සිංදුවා said...

සුපිරියි

සසිදු said...

චමිය නාන්නෙ මි.ලි 500න් වෙන්න ඇති බන්, ඒකනෙ එහෙම අහන්න ඇත්තෙ :D

අන්දරේගේ සවාරි said...

ඔන්න මමත් එනෝ මේ පාර .

දුකා said...

සුභ පැතුම් . . .!

samakayawate said...

චමියා බැන්දට පස්සේ නාන්නේ නෑ....... ඒක ෂුවර්

samakayawate said...

අනිවා වෙන වෙනම ෆිල් කරන්න

samakayawate said...

මචෝ අනුග්‍රහයට ගත්තේ තාමත් ලෝගෝවවත් ලෝන්ච් කර නැති ආයතනයක්. එම වෙබ් අඩවිය හදාගන යනවා තාම

samakayawate said...

මෙදා එන්නේ නැද්ද දුකා

thilini shalwyn (සිත්තරී) said...

අයියෝ..... නිර්මාණ තරඟෙ ඉවරද? :( :( :(

ධනා said...

බලමුකො බලමුකො

සුභ අළුත් අවුරුද්දක් හොඳේ...

ධනා said...

ඔය සමරු කලාප වැඩේ වගේ ටීශර්ට් එකක් ප්‍රින්ට් කලානම් මොකද ඈ???

duliponline said...

සපෝට් එකක් විදියට බ්ලොග්වල එල්ලගන්න කියපු විජෙට් දෙකත් මේ පෝස්ට් එකට ඇත්ලත් කලානං තවත් හොදයි නේද ???

L M said...

https://www.youtube.com/watch?feature=player_embedded&v=iSD5q7md_w4

L M said...

අපේ‍්‍රල් – මිථ්‍යාවෙන් ගැලවෙමු!

අපේ‍්‍රල් පළමුවෙනිදා ‘මෝඩයන්ගේ දිනය’ යැයි නම් කරන ලද්දේ බටහිර ජාතීන් විසිනි. විජාතික ආක‍්‍රමණයන්ට ගොදුරු වීමෙන් පසු පෙරදිග රටවල් හරහා ද මේ මතය ශීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත විය. දැන් පෙරදිග – අපරදිග වෙනසක් නැතිව සියල්ලෝ ම මෝඩයන්ගේ දිනය සමරති.

බටහිර ජාතීන් මේ දිනය අපේ‍්‍රල් මාසයට ම යොදා ගැනීමට හේතුවක් තිබෙන්නට ඇත. ඒ හේතු කෙසේ වෙතත් ශී‍්‍ර ලාංකික බහුතරයක් ද මේ මාසය මෝඩයන්ට ගැළපෙන මාසයක් බවට පත්කරගෙන ඇත්තේ දෛවෝපගත ලෙසකට ය.

අපේ‍්‍රල් මාසය ඇරඹෙන්නේ ම මුසාවන්ගෙනි. ඒ බටහිර මතයට ගරු කරන්නට ය. එය කොතරම් නම් දුරදිග ගොස් තිබේ ද යත්, ගල් පැළෙන බොරුබේගල්වලින් අන්‍යයන් රැවටීම කී‍්‍රඩාවක් යැයි සලකන මට්ටමට ම අප ජාතියක් වශයෙන් මානසිකව පිරිහී ගොසිනි. අපසරණ ගිය ශාස්තෘන් වහන්සේ සත්‍යවාදී බව ගරු කළ බවත්, සත්‍යවාදීව ම වැඩ සිටි බවත් බහුතරය වන බෞද්ධයනට අමතක ය.

මාසයේ මැද භාගය අප වෙන්කරන්නේ කාලිංග මාඝගේ මතයට ගරු කරන්නට ය. ඔහු අප මත බලෙන් පැටවූ හින්දු අවුරුද්ද, සිංහලයෝ ‘අපේ අවුරුද්ද’ යැයි සලකා දින ගණනාවක් පුරා සමරති; කිසිදු පැකිළීමක් නොමැතිව සුරාසූදුවෙහි නියැලෙති. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ සුරාවෙන් වැළකීම ගිහියන්ගේ නිත්‍ය ශීලයට පනවා වදාළ බව බහුතරයකට අමතක ය; මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගැනීම අකුසල ධර්මයක් යැයි වදාළ බව ද අමතක ය.

මතකයේ තබා ගත යුතු, නිතර නිතර ආවර්ජනය කළ යුතු දෙය සහ මුලින් ම අමතක කොට දමා, කුණු මාළු හිස තබාගෙන හිස මුදුන පිරිසිදු යැයි සිතා ගත් ජාතියක් බවට අප පත්ව අවසන් ය. ඉස්සා අශූචි හිසේ තබා ගෙන සිටිය දී තමන් ශුද්ධ යැයි කියන්නා සේ ම සිංහලයන් ද දැන් දැන් අනුන්ගේ කුණු තමන්ගේ උරට ගෙන සිටිය දී ම, ‘‘අප ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගා ඇත්තෙමු” යැයි පවසමින් සිටී.

අපට අනන්‍ය වූ සංස්කෘතියක් පැවති බව සැබෑවකි. ඒ සංස්කෘතිය, බුදුදහමෙන් අප ලද ශික්ෂණයේ මෙහෙයවීමෙන් ගොඩනගා ගත්තකි. දහමට අනුව දිවි ගෙවූ අව්‍යාජ මිනිසුන්ගේ මානූෂීයභාවයන් තුළින් ඒ සංස්කෘතිය පන්නරය ලැබී ය. ඒ හැරුණු කොට මෙවන් වූ මෝඩකම් අපේ ‘හෙළ බොදු සංස්කෘතිය’ තුළ වූයේ නැත.

ඒ උදාරතර සංස්කෘතියට මඟ පෙන්වූ සම්මා සම්බුදු දහම දැනුදු අප අතර ජීවමාන ය. පදනම නො ගිලිහී තිබෙන නිසාවෙන්, සංස්කෘතික මළගම ගැන දුක්වන්නට පළමු කළ යුත්තක් අප සතු ය. ඒ අන් කිසිවක් නො ව, අපේකම පණ නැගූ බොදු පදනම තුළ යළිත් වරක් අපේ වංශකථාව ලියා තැබීම ය.

එය සිදු නො වන තාක්, කාමයන් නම් වූ කුරුලූ වැද්දාගේ දැලෙන් මිදී යන්නට අසමත් වූ පිරිසක් ලෙසින් අපත් මේ කාම ලෝකයේ විජ්ජාවන් සතුටින් පිළිගෙන, මෝඩකම්වලින් පිරීගත්, මිථ්‍යාවෙන් වැසීගත් ජීවිතය දුගතිය කරා යොමු කරවන බව නිසැක ය.

අන්ධභූතෝ අයංලෝකෝ
තනුකෙ’ත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තෝ’ව
අප්පෝසග්ගාය ගච්ඡති

මේ ලෝක සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරුවෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලූ වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියෙ උපදින්නෙ ටික දෙනයි.

(ධම්මපදය – ලෝක වර්ගය)

චමී4යූ~chami4u said...

අපේ පැත්තේ වතුර හිගයි නෙවැ...:D ,

Kalanakaj said...

(y)

Post a Comment

Back to Top