4

සයිබර් සිහිනය එළිවෙන්නේ හෙටයි

        ඔන්න සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය24  කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ?

           අවසාන වශයෙන් ඔයාලට මතක් කල යුතු කරුණු කිහිපයක් තියනවා, එ් ටික මතක් කරන්නයි මේ සූදානම.

(1) මීට සුළු මොහොතකට පෙර බක්මහ උළෙල සදහා ලියාපදිංචි වීමට තිබූ ෆෝම් එක වසා දමනු ලැබූ අතර මේ වන විට ලියාපදිංචි වී සිටින සියලුම දෙනාහට තහවුරු කිරීමේ ලිපි යවා අවසන් කර අැත.තහවුරු කිරීමේ ලිපිය ලැබුනු සියළු දෙනාම එහි අැතුලත් අංකය මතක තබාගෙන අා යුතුය.ලියාපදිංචි වීමට නොහැකි වූ අයෙකු සිටීනම් හෙට දින බක්මහ උළෙලට අැතුළුවීමේ දොරටුවේදී ලියාපදිංචි විය හැක.

(2) බක්මහ උළෙලට සහභාගීවන්නන් අවි අායුධ හා මත්පැන් ගෙන එ්මෙන් වැලකිය යුතුය.කිසියම් කරුණක් මත පිරිසක් ගැටුම් අැති කරගතහොත් ඔවුන් උත්සව භූමියෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවන බව මතක් කර සිටිමි.

(3) පස්වරු 5.00 ට අපගේ වැඩසටහන් අවසන් කල යුතු බැවින් නියමිත වෙලාවට (පෙ.ව. 9.00) උත්සවය ආරම්භ කිරීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. පෙරවරු 8.00 සිට ඔබට උත්සව භූමියට පිවිසිය හැකිය.

(4) උත්සව භුමියට පැමිණීමට නොදන්නා කෙනෙකු වෙතොත් ඔවුන් සදහා මාර්ග විස්තරය පහතින් දක්වා අැත.

කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

කියන්න තියන දේවල් ඔච්චරයි, එහෙනම් හෙට සයිබර් සිහින බක්මහ උළෙලේදී හමුවෙමු.

4 comments:

සුදීක said...

හොරණ පාරේ එන අය කොහුවල බහින එක අපරාදේ එයාලට බහින්න හොඳම තැන තමයි පාමංකඩ හන්දිය. එතනින් ඩබ්.ඒ. සිල්වා මාවතේ වැල්ලවත්ත පැත්තට ඇවිදගෙන ඇවිත්, දකුණට හැරෙන්න තියෙන පීටර්සන් ලේන් එකේ එන එක. ගූගල් මැප් එකේ පාමංකඩ කියලා ටයිප් කළාම පේනවා. පීටර්සන් ලේන් එකේ ගියාම කුරේ පාක් ඒකට යන්න පුළුවන්. නැත්නම් බස් තුනක යන්න වෙනවා. මේ ටික පයින් යන්නත් පුළුවන්. තුන්රෝද රියක යන්නත් පුළුවන්.

HSBC කියනවට වඩා සැවෝයි සිනමාහල කීවානම් හොඳයි.

සුදීක said...

AIS එක පේන දුර තමයි මේ කොළඹ හොරණ පාරත්, ගාලු පාරත් යා කරන වබ්.ඒ. සිල්වා මාවත තියෙන්නේ.

සුදීක said...
බස්සි (Yash) said...

එල යැ! ෆෝම් එක පිරෙව්වෙ නෑ කියල මතක් උනේ දැන්. ඒක අවුලක් වෙන එකක් නෑනෙ?

Post a Comment

Back to Top