23

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකට මොකද වුනේ?

කෝ මේ පහුගිය දවස් වල යනවා කිව්ව "බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක"ට මොකද වුනේ කියල කීපදෙනෙක්ම ඇහුව. ඒ විතරක් නෙමෙයි බ්ලොග් ලියන කියවන හැමෝම ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙමෙයිනේ. 


මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.  බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන ජූනි මාසේ යමු කියලා යෝජනා වුනාට පස්සේ යෝජනා කීපයක්ම ආවා මේ වැඩේ ටිකක් පස්සට දාමු කියලා. ඒ නිසා ජූනි 15 ගමන අවලංගු කරලා ටික දවසක් පහුවෙලා යන්නයි අවසානයට තීරණය වුනේ. දැන් ඔන්න ඒ දවස උදාවෙන්නයි යන්නේ.

ජූලි මාසේ 27 තමයි දවස. කලින් පෝස්ට් එකේ කියපු විදියටම අපේ කට්ටිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් සුපුරුදු රූමස්සල වෙරළ තීරයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.

 

හැබැයි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. (කලින් පුරවපු අය පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ) 



      

වෙනත් සුහද හමු වලදී පැමිණීම තහවුරු කරනවාටත් වඩා මෙවර
ඔබේ පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය වෙන්නේ අපේ ගමනට අවශ්‍ය බස් රථ සහ ආහාර ඇනවුම් කරන්න වෙන්නේ මේ පෝරමයේ සඳහන් විස්තර වලට අනුව වීම නිසයි.

27 වෙනිදාට අපිට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා දෙන්න අනුෂ්ක ලක්මාල් සහ රිද්ම කසුන් සුදානමින් ඉන්නවා.


එහෙනම් ජූලි 27 වෙනිදා දිනය වෙන් කරලා තියාගන්න. 
මතකයිනේ.... බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන....

23 comments:

සඳ වෙන් වී said...

අයියේ බොන්න දෙනවද ........?

Abeetha Edirisinghe said...

යකෝ මගේ ගෝලයෝ දෙන්නම මෙතනද? එතකොට 27 උඹලා දෙන්නා නැතුව මීමුරේ වහන්න වෙනවද? නිවාඩු කලින් දාල පලයව් බොලව්....

උන් දෙන්නම එනවනම් මමත් එනවා ඉතින්....

janith said...

නිවාස අඩස්සියේ බැවින් පැමිණීමට නොහැක

Kenji @ මැලේ said...

ගමන සාර්ථක වේවා''''''! ....................................

Bunny said...

:D :D මං දන්නෙත් නෑ මගේ නම තියෙනවා මේකෙ. ආතල්ම වැඩේ කියන්නෙ ඔක්කොම කරලා ඉවර වෙලා තමා ලිංක් එක දුන්නෙ. හාහාහා :D

සමී said...

එන්න පුලුවන් වගේ ඒ දවසෙ නම් ^_^

එල ද බ්‍රා මෙන්ඩා said...

මට පංති එන්න බෑ.

Raj said...

යමං...............

samakayawate said...

ඒ මක්කැයි මලයා...

samakayawate said...

එළස් එළස්

Yasantha Hennayake said...

මම එමි.
(ප.ලි: එනකන් විශ්වාස නොකිරීම වඩා හොඳය)

මැලේ රාළ said...

මමත් එනවා

නිහිංසා said...

මෙන්න සුබ පැතුම්..... ගමනට....

අරුණ හෙට්ටිආරච්චි said...

සයිබර් ෆෙස්ටිවල් එකෙත් ෆෝම් එක පුරවන්නේ නැතුව ඇවිත් කරගත්ත හරිය ඇතිය. ඒ හිංදා ආවත් නැතත් ෆෝම් එක නම් පුරවනවාය.

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මේ වතාවේ එන්නට උත්සහා ගන්නවාය,
ඒත් මේසන් බාස්ලාගේ කථා වැඩිපුර විස්වාසයට ගන්නා අය අමාරුවේ වැටෙනවාය.

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

තව කාරණයක්,
ඇය් අප්පා මුහුද ගාවටම ගිහිනුත් දවල් කෑමට මාළු නැත්තේ

Peter Jerome Thisarana said...

මාත් සැට්වෙන්න ආසයි අනේ.එන්න පුලුවන්ද ?

Peter Jerome Thisarana said...

මචෝ ඕං මාත් එනෝ ......

Peter Jerome Thisarana said...

අහියෝ මාත් එනෝ ..............

janith said...

රිසන් බිමත් කම මන් හිතන්නේ

බලමුකෝ එන්න උපරිම උත්සහය දරන්නම් .

සිරාගෙ කාමරේ said...

ශිෂ්‍යත්වෙටද ?

සිරාගෙ කාමරේ said...

බොහොම සතුටුදායක දවසක් වේවා ! බනියා වැඩේ කරනවා නම් නැගලම යයි...

දේව් ගේ අඩවිය said...

කටාර් වල සිට තාම බස් රුමස්සලට ධාවනය නොකරන බැවින් ඒමට අපහසු බැව් කනගාටුවෙන් වුවත් දැනුම් දෙමි..

අපි ආවත් වැඩකුත් නැහැනේ.

Post a Comment

Back to Top