22

ස්තුතියි...! නැවත හමුවෙමු...!

සයිබරයේ සිහින උළෙල, සයිබර් සිහින බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් අද දවස පුරා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. සයිබර් සිහින උළෙල වංශකතාවේ සිවුවන සිහින උළෙල වූ මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ බ්ලොග් සුහද හමුව බවට පත්විය. 


සෑම වසරකම මෙන් ජනවාරි මාසයේ සිට කොටසින් කොටස සැලසුම් වූ සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කලහ. ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමි වෙයි. විශේෂයෙන්ම ඕෂනික් ගේම්ස් ආයතනය මගින් දැක්වූ සහයෝගය නොවන්නට බ්ලොග්කරුවන්ගේ ටී ෂර්ට් එකත්, මෙවර සයිබර් සිහින උළෙලේ බොහෝ අංගයනුත් සිහිනයක්ම වීමට ඉඩ තිබිනි. ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ Laydeez ආයතනයටත්, මූල්‍ය අනුග්‍රහයන් දැක්වූ බ්ලොග් සහෘදයන්ටද, සජීවි විකාශන කටයුතු සිදුකල බස් රේඩියෝවටද  බ්ලොග් අවකාශයේ ස්තුතිය හිමි වේ.

ඒ සියල්ලටමත් වැඩියෙන් අද උදේ පාන්දර සිට, ඇතැම් විට ඊයේ සිට බොහෝ දුරබැහැර ගෙවාගෙන සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණ වෙහෙසකර උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ අපගේ සිහිනය සැබෑවක් කරන්නට දායක වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. ඉතා ජනප්‍රිය, පැරණි බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම පළමුවරට මෙවර සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණීම අපට විශාල ශක්තියක් විය.

"අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිනිස" බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කල සයිබර් සිහින බක්මහ උළෙල මෙලෙසින් නිමාවට පත්වන්නේ මිහිමත රෝපනය වූ මිතුදම් සදාතනික මතකයන් බවට පත් කරවමිනි. මේ සහෝදරත්වය සදා බ්ලොග් අවකාශය බබලවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.


යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු.

දයාබර ඔබට ස්තුතියි...!

22 comments:

Anonymous said...

සුබ පැතුම්...

සමී said...

ජය!!! හැමෝටම ස්තූතියි!!! :)

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

Alchemist said...

මෙවන් හමුවක් සංවිධානය කළ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය..... ඇත්තෙන්ම සතුටු වුනා...

නාඩියා නාඩිරත්න said...

ජය!!

අටම්පහුර said...

කියන්න වදන් නැ හැගුම් හිතේ ගොලුවෙලා
හදුනා දේන්න බැ හිත මගේ ඔබට පහදලා

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) said...

මෙ‍ය සංවිධානය කල සංවිධායක මණ්ඩලය ඇතුලු සියළු දෙනාට හදපිරි ප්‍රණාමය.

samakayawate said...

එළ

එල ද බ්‍රා මෙන්ඩා said...

ඇවිත් ගියා..ඒක සොදුරැ දිනයක්

Lahiru Palihawadana said...

පට්ට පට පට... ඇඩෙනවා තනි ඇහැට...

Nimesh Gamage said...

සහෝදරත්වය විනෝදය පිරි සොදුරු දවසක් ලබාදුන් ඔබ සියල්ලට ස්තුති වේවා !!

ධනා said...

(y)

Skyman125 said...

ඇල්කෙමියාගේ මාර පරාජය.....

vicharaka said...

පේනවා නේද කොට්ටපොරේට ආව ලොකුම බයගුල්ලෝ දෙන්නගේ හැටි. කොහෙද, දෙකක් දෙන්නම් හත් අට දෙනෙකුට කියලා හිතනකොටම, රසිකයා කිව්වනේ තරග විනිශ්චය කරන්න කියලා. නැත්තං ගහන්නේ මම එකෙක් දෙන්නෙක් උඩින්ම ගිහින් දියවන්නාවට වැටෙන්ඩ.

එල ද බ්‍රා මෙන්ඩා said...

කතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියි.

සසිදු said...

යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු :)

Manasindiviyata said...

ස්තුතියි සංවිධානය නාලීන් අයියා අැතුලු ඔබ සැමට.

FOOBAR 101 said...

ekenma ayemath dawasaka hamu wemu

janith said...

යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු

samakayawate said...

යකෝ මේ සයිට් එකට පබ්ලිසිටියක් දෙන්න වෙනවා මොකෙක්වත් බලන්නේ නැ වගේනේ දැන්

sAm (සෑම්) said...

ජය වේවා !

සයිබර් සැණකෙළිය said...

නලීන් අයියේ, කමෙන්ට් මොඩරේෂන් දාලා තිබුනේ ඒකයි.

Post a Comment

Back to Top