9

ලබන ඉරිදා මේ වෙලාවට...

මේ දවස් වල සයිබරය පුරාම කතා බහ වෙන්නේ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. ඔන්න ලබන ඉරිදා මේ වෙලාව වෙනකොට අපි හැමෝම ඉන්නේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ. කඹ ඇදීම, කොට්ටා පොරය, ජන ගායනා, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම වගේ තරඟ ඉසව් ගණනාවක් එදාට පවත්වන්න මේ වෙනකොටත් සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.


හැබැයි ඔබ තවමත් ලියාපදිංචි වෙලා නැත්නම් අද හෙටම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. ඊට පස්සෙ ඔයාලට ලියාපදිංචි කිරීමේ ඊ මේල් එකක් ලැබේවි. තවමත් ඒ ඊ මේල් එක නොලැබුණු අයට 15 වෙනිදා වෙනකොට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා බියක් ඇති කරගන්න එපා. ඔබ 15 වෙනිදා වෙනකොට ලියාපදිංචි වුනොත් ඔබ එදාට වැය කරන රුපියල් 200 වගේ තුන් හතර ගුණයක වටිනාකමක් ඔබට ලැබෙනවා කියන එකත් මතක් කරන්න ඕන.

 දන්නවනේ, මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙල සඳහා බස් රේඩියෝ මාධ්‍ය දායකත්වය ලැබෙනවා. හැබැයි මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙලේ පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ Ocenic Games ආයතනය. ඔවුන් ශ්‍රී ලංකාවේ අළුතින්ම බිහි වන ආයතනයක් ලෙස අපට දක්වන සහයෝගය කොහෙත්ම අමතක කරන්න බැහැ. 

මෙන්න ඕෂනික් ගේම්ස් ලාංඡන. මේවා ඔබේ දෑසට හුරුද බලන්න.





 අපගේ අනුග්‍රාහක භවතුන් වෙනුවෙන් මෙන්න මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් එය ඔවුන් වෙනුවෙන් දක්වන විශාල අනුග්‍රහයක් වේවි. 
<object width="280" height="125" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/ocnc.swf"></object>

ඒ විතරක් නෙමෙයි. තවත් ආරංචියක් කියන්න තියෙනවා. මෙදා අවුරුද්දේ සයිබර් සිහින කුමරිය බවට පත්වෙන තරුණියට රුපියල් 2500 ක් වටිනා මෙන්න මේ ආභරණ කට්ටලය පිරිනමන්න Laydeez සූදානමින් ඉන්නවා.


බලමුකො කව්ද මේ තෑග්ග දිනාගන්න වාසනාවන්තිය කියලා. 

ඒ විතරක් නෙමෙයි. මෙදා සැරේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් මීමුරේ හොලිඩේ රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව මීමුරේ සුන්දර ගම්මානයේ දින දෙකක් ගත කරන්න අවස්ථාව ලබාදෙන්න සූදානමින් ඉන්නවා. කව්ද කැමති තමන්ගේ ශක්තිය උරගා බලන්න?

එහෙම නම් තව සතියකින් හමුවෙමු.

එතෙක් බ්ලොග් අවකාශයේ මිතුරෝ ප්‍රාර්ථනය, ලබන්නා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා...! යන්නයි.

9 comments:

samakayawate said...

අපට බැයිද අවුරුදු කුමරිය තරගෙට ඉන්න

සසිදු said...

අපිට හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා :)

සසිදු said...

නලින් අයියෙ, බොරු කොණ්ඩයක් දාගෙන, රෙද්දයි හැට්ටෙයි ඇදල පපුව ටිකක් කෙල්ලෙක් වගේ පේන්න පුම්බල ආවනම් දිනන්න බැරි කමකුත් නෑ ;)

හැලපයා said...

වැඩක් නෑ සසිඳු ඕකා කෙට්ටු වැඩියි බඩවැල වගේ.

Shammi said...

කුමරිය වෙන්න නම් කෝමත් බෑ, මෙදා සැරේ ඉදිරිපත් වෙන්නවත් බැරිවෙයි එද්දි 3පහු වෙන නිසා :D
සුබ අලුත් අවුරුද්දක් වේවා එතකන් ^_^

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) said...

එමි…… ඔබ සැමටත් සුබ නව වසරක් වේවා……!!

නාඩියා නාඩිරත්න said...

අඩේ අවුරුදු කුමාරයාට මොකුත් නැද්ද??

සයිබර් සැණකෙළිය said...

හරකුන්ට වැඩබැදිය යුතු බැවින් කොමෙන්ට් මොඩරේශන් මෙවුවා කරනල ලද බවට කරුනාවෙන් සලකන්න

Buddhi said...

පෝරමය පුරවන්නෙ නැතුව එන්න බැයිද?

Post a Comment

Back to Top