30

ලහි ලහියේ සැළසුම් වෙන බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යයේ අළුත්ම වගතුග

ඔන්න හැමෝම දන්න විදියට මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මතකයිනේ, අපි ගිය සතියේ පොඩි මත විමසුමක් කලා කොහෙද මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල පවත්වන්න වඩාත් සුදුසු කියන එක තීරණය කරන්න. ඔන්න ඔබේ වැඩි ඡන්දයෙන් තේරිලා තියෙන්නේ  
"බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය" 
අනුව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල ප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, කාටත් නිවාඩු දවසේ උදේ 9.00 ඉඳලා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒක එහෙම වුනාට තව සංවිධාන කටයුතු රාශියක් සිදුවෙමිනුයි පවතින්නේ. අපි කලින්ම කිව්වනේ, අපට ඔබගේ සහය අවශ්‍යයි කියලා. ඔන්න දැන් ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන තරඟ ලයිස්තුව.ඔබට මතක නම් මේ තරඟ යෝජනා කලෙත් ඔබමයි. ඉතින් සයිබර් සිහින උළෙල දවසට මේ තරඟ ඉසව් වලින් එකක් හරි කිහිපයක් හරි සංවිධානය කරලා පැවැත්වීමේ වගකීමත් ඔබට භාරගන්න පුළුවන් නම් මේ ඩොක් එකේ ඔබේ විස්තර සඳහන් කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් සංවිධායක මණ්ඩලය විසින් සපයාවි. ඔබට කරන්න තියෙන්නේ එදා දවසේ නියමිත වෙලාවට ඒ අංගය සංවිධානය කරලා පවත්වන එක විතරයි. 

ඒ විතරක් නෙමෙයි, හැම අවුරුද්දෙම මේ තරඟ ඉසව් වල තෑගි වලට දායකත්වය සපයන්නේත් දයාබර ඔබ විසින්. ඔබට පුළුවන් මේ අවුරුද්දෙත් ඒ සඳහා දායක වෙන්න. ඒ සඳහාත් ඔබ කරන්න ඕන අර කලින් දක්වලා තියෙන ඩොක් එකට ගිහින් අදාල තැන ඔබේ විස්තර සටහන් කරන එකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඔබව අමතා වැඩිදුර විස්තර දැනුම් දේවි.


 ඔන්න මේ අවුරුද්දේ තවත් අළුත් වැඩක් කරන්නයි හදන්නේ. නිවේදන කටයුතු වලට දායක වෙන්න කැමති, නිවේදන කුසලතා තියෙන යොවුන් බ්ලොග්කරුවෙක් නම් ඔබට පුළුවන් මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ නිවේදන කටයුතු භාරගන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔබ සතුව තියෙන කුමක් හෝ මයික්‍රෆෝන් එකක් (හෙඩ් සෙට් එකේ, ලැප්ටොප් එකේ වැනි) භාවිතා කරලා අවුරුදු උත්සවයේ ඕනෑම තරඟ ඉසව්වක් පිළිබඳව තත්පර 30 ක හඬ ගොණුවක් සකස් කරලා අපට එවන්න. දන්නවනේ ඊ මේල් ලිපිනය cybernewyearfestival2011@gmail.com. ඊ මේල් එකේ ටයිටල් එක විදියට "සයිබර් සිහින උළෙල 2014 - නිවේදන කටයුතු" කියලා සඳහන් කලොත් එය අපට පහසුවක් වේවි. අතරින් හොඳම කටහඬ දරන හතර දෙනා ප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා නිවේදන කටයුතු මෙහෙයවාවි.මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන බස් රේඩියෝවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ. ඔබ හොඳ දක්ෂතා පෙන්නුවොත් බස් රේඩියෝවට සම්බන්ධ වෙන්න බැරි වෙන එකකුත් නෑ.

අනිත් වැදගත්ම දේ සමරු කලාපය. හැම අවුරුද්දෙම වගේමේ අවුරුද්දෙත් සමරු කලාපය ලහි ලහියේ සකස් වෙමින් පවතිනවා. ඔබ යෝජනා කරපු ආකාරයටම වර්ණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සමරු කලාපයක් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ ව්‍යාපාරය, ඔබේ බ්ලොග් අඩවිය අනෙකුත් බ්ලොග්කරුවන් අතරට ගෙනියන්න සමරු කලාපය මහඟු පිටුවහලක් වේවි. සූදානමින් ඉන්න. මිළ ගණන් ළඟදීම දැනගන්න ලැබේවි.

සයිබර් සිහින බක්මහ උළෙල 2014
අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස


30 comments:

FOOBAR 101 said...

:D :D :D api enow :D

Shehan Senadheera said...

OK....

Kavindu Narathota said...

මේ පාර මාත් එන්න උත්සාහා කොරන්නම් කෝ :D

දේව් ගේ අඩවිය said...

කාවද සම්බන්ද කරගන්න ඔනා කරන්නේ...

සයිබර් සැණකෙළිය said...

තරඟ ඉසව් හරි තෑගි හරි සම්බන්ධව නම් (ඉහලින් දක්වලා තියෙන) මෙන්න මේ ෆෝම් එකට ගිහින් ඔබේ විස්තර ඇතුලත් කරන්න. ඊට පස්සේ ඊ මේල් මගින් වැඩි විස්තර දන්වනවා.
https://docs.google.com/spreadsheet/ccc?key=0Al5N9SJCITpmdEExaEpfQ1B6NndxTk5HWS1BbHc4VlE&usp=sharing#gid=0
වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධව cybernewyearfestival2011@gmail.com ලිපිනයෙන් විමසන්න පුළුවන්.
ස්තුතියි.

samakayawate said...

එළටම තියනවා... එපමණයි. ලිපයේ අකුරුත් නිවැරැදි වුණානම් මරේ මරු.. මේ කිව්ව එක ඒ තරම් ගණන් ගන්න එපා.

FOOBAR 101 said...

වරෙන් හරිද තො , අවෙ නති නම් උස්සන් එන්නෙ

Nimesh Gamage said...

මමත් එන්න හිතන් ඉන්නෝ ...

නාඩියා නාඩිරත්න said...

බලමු බලමු....

Unknown said...

මාත් මේ පාර නම් එනවා මයි

Shammi said...

පෝස්ටුව දුටුව වග කියන්නට පැමිණියෙමි
එන නොඑන වග පසුව දැනුම් දෙමි.. :3

pavithra weerapperuma said...

:3

vicharaka said...

එන්න නම් ආසයි. බයයි.

Anonymous said...

අල්ලපුවත්තේ නේද අපිත් එනෝ ... :)

Raj said...

මේපාර දාලා තියෙන සටන්පාඨය නම් මරු අප්පා // සයිබර් සිහින බක්මහ උළෙල 2014
අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස //

අපි බ්ලොග් පොස්ට් said...

:)

සමී said...

එන්න බලනව මේ පාර නං සුවර්ම නෑ :/

ආචාර්ය Weerakoon said...

එකෙන්ම එනෝ

ෂා වදන් said...

එන්න ඕන මේ පාරත් ..

ඉවාන් පවුලූශා said...

බයම නම් දුවත් එක්කං එන්න විචාරක මහත්තයෝ .. :D

වීපොකුරෙ වීයා said...

ඇයි එක්කෙනෙක් දෙන්නවම එක්කන් එන්නකෝ..!

samakayawate said...

එහෙනං ඒ පැත්තට එන්නං බොන්න එහෙමත් කරදරයක් නැනොවැ..

සසිදු said...

මොකාගෙන් නැතත් ඔය ඉවාන් කියන ගෙම්බගෙන්නම් පරිස්සම් කරගන්න වෙනව විචාරකතුමෝ :D

සසිදු said...

උබ කන පලාගන්නැතුව වරෙන් ඈ :D

ධනා said...

වල බැසීමේ ක්‍රීඩාව නැද්ද???

kumaraya said...

මටත් ඉතින් .. ටිකක් විතර ලඟයි වගේ .. එන්න තමයි හිතුවේ ...

vicharaka said...

කූඩුවක දාලා අරන් එන්නම්.

vicharaka said...

මෙන්න මේ ඉසව්ව එකතු කරන්න පුලුවන්ද බලන්න. හමුදාවේදී මේක හඳුන්වන්නේ 'මරු දණ්ඩේ මාරි කෑම' කියලා. මෙහෙමයි කරන්නේ. පොළොවට අඩි හතක් අටක් උඩින් ශක්තිමත් තිරස් දණ්ඩක් ආධාරක කණු දෙකක් මත සවි කරනවා. තරගකරු/කාරිය උඩ පැන එක අතකින් දණ්ඩේ එල්ලෙන්න ඕනේ. ඊට පස්සේ අත මාරු කරන්න දෙන්නේ නැහැ. විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් ලොකු මාරි බිස්කට් පෙට්ටියක් විවෘත කර, තරග කරුට පහසුවෙන් අත දාලා බිස්කට් ගන්න පුළුවන් ගානට ඔසවා අල්ලාගෙන ඉන්නවා. තරගකරුට එක වරකට ඕනෑ තරම් බිස්කට් ගණනක් අතට ගන්න පුළුවන්. හැබැයි කෑල්ලක් හරි බිම වැටුනොත් තරගකරු දැවීයනවා. තරගකරුට කරන්න තියෙන්නේ, වැඩිම බිස්කට් ගණනක් කෑමයි. කෑවා කියලා ගණන්ගන්නේ කාලා ගිල්ලාට පසුවයි. වතුර හෝ වෙනත් කිසිදු දියරයක් බොන්න බැහැ.

අරුණ හෙට්ටිආරච්චි said...

වැල්ලවත්තේ එකට වෝට් දෙක තුනක් මමම දැම්මා. හයියෝ සල්ලි :/

ඉවාන් පවුලූශා said...

අඩෝ වල් සසිඳුවා ....!

Post a Comment

Back to Top