skip to main
|
skip to sidebar
බ්ලොග් අවකාශයේ මිතුරෝ
Home
Posts RSS
Comments RSS
Edit
Pages
නිවස
අපි ගැන
ව්‍යවස්ථාව
මහා සභා රැස්වීමේ වාර්තාව
වාර්ෂික වාර්තාව - 2012/2013
මූල්‍ය වාර්තාව
අප සමග සම්බන්ධ වන්න
Mar
25
2013
65
හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න සුදානම....
ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ විස්තර...
බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන,
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම
2013 සයිබර් සිහින බක්මහ උළෙල ,
අප්‍රේල් මාසෙ 21 වෙනිදා
( කාටත් පහසු නිවාඩු ඉරිදා දවසෙ)
උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු,
මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී
පැවැත්වෙනවා.
උත්සවය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය - අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත, Buzz Radio මිතුරන්ගෙන්
උළෙලට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 200ක ප්‍රවේශ පතක් නිකුත් කෙරෙන අතර, සහභාගි වන සැමටම දිවා ආහාරය සහ සමරු කලාපයේ පිටපතක් ලබා දෙන්න දැනටමත් සංවිධායක මණ්ඩලය තීරණය කරලයි තිබෙන්නෙ. සමරු කලාපයේ ඔබගේ දැන්වීමක් පලකරවා ගැනීමට කැමති අය මාර්තු 31 වෙනිදට කලින් අපිට ඊමේල් එකක් එවන්න.
cybernewyearfestival2011@gmail.com
තරඟ ඉසව් බොහෝමයක් ඔබ වෙනුවෙන්ම අපි නිර්මාණය කරලා තියෙනවා. සුපුරුදු විදිහටම කණාමුට්ටි බිඳීම මෙවරත් තියෙනවා ඔන්න. බඩගිනිකාරයන්ගේ තරඟය වන බනිස් කෑමේ ඉසව්වට මෙවරත් සෑහෙන දෙනෙක් එයි කියලා අපි හිතනවා. අවුරුදු උත්සවයේ නැතිවම බැරි අලියාට ඇහැ තැබීම සහ සැඟවුණ අමුත්තා හෙවීමත් මෙවර බක්මහ උළෙලේ විශේෂ තැනක් ගනී කියලා අපි හිතනවා.
වේගය ගැන හැමදාම බැනුම් අහන අන්තර්ජාලයේ වේගවත්ම තරුණයා හා තරුණිය හොයන්න මෙවරත් මීටර් 100 කාන්තා පිරිමි තරඟ දෙකම ඔන්න තියෙනවා. දෙන්නෙක් එක්ක තුන් පා දුවන්නත් තමන්ගෙම උස ඇති කෙනෙක්ව හොයා ගන්න. ඇයි යෝගට් කැවීමේ තරඟයත් මේ පාර තියෙනවා. බැලුම් පුපුරවන්න කැමති අය දැන්මම පුහුණුවීම් පටන් ගන්න.
වසරේ සමබරම කෙනා තෝරන්න, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දුවන තරඟය මෙවරත් තියෙනවා. සංගීත තොප්පි තරඟය සහ කඹ ඇඳීම මේ පාරත් අවුරුදු උත්සවයේ සතුට සමගිය වැඩි කරයි කියලා හිතනවා.
ඒ එක්ක හඳුන්වා දෙන අලුත්ම තරඟ ඉසව්ව තමයි ජන ගායනා තරඟය. දැන්ම ඉඳන්ම පුරුදු වුණොත්, හොඳම ජන ගායනවාව ඉදිරිපත් කරන්න පුළුවන් වේවි ඔබට එදාට.. ඔබේම ලේඛන හැකියාවන් මැන බලන නිර්මාණ තරඟයේ ප්‍රතිඵලත් සිහින උළෙල දවසෙම ලබා දෙන්න සංවිධායක මඩුල්ල කටයුතු කරනවා.
බ්ලොග් අවකාශයේ මිතුරෝ ටී ෂර්ට් එක අවුරුදු උත්සවයට සමගාමීව නිර්මාණය කෙරෙනවා. ඉන් ලැබෙන ආදායමක් වෙතොත් එය, යොදවන්නේ 2013 වසරේ ඉදිරියට කිරීමට නියමිත සමාජ සත්කාරයටයි.
ඔබත් ටී ෂර්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඉක්මනට මේ ෆෝරම් එක පුරවන්න.
කොලර් සහිත සුදු පාට ටී ෂර්ට් එකක බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරපු ටී ෂර්ට් එකක් තමයි නිර්මාණය වෙන්නේ.
කට්ටියම බලාගෙන ඉන්න දෙයක් අපි අතින් කියවුණේ නෑ නේද? හරි හරි අපි දන්නවා.. 2013 සයිබර් සිහින කුමරිය සහ කුමරු මෙවරත් අභිෂේක ලබනවා. ඒ සඳහා තරඟයට ඉදිරිපත්වෙන්න පුලුවන් වයස අවුරුදු 30 ට අඩු අවිවාහක ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට.
ඔබ තරඟයට ඉදිරිපත් වෙනවා නම් මේ අයැදුම්පත පුරවන්න.
උත්සවයට එන හැමෝම,
සංවිධායක මණ්ඩලයේ පහසුව පිණිස මෙම අයැදුම් පත පුරවන්න
. එය කළමානාකාරීත්වයට මනා රුකුලක් වේවි.
මහර ගම තරුණ සේවා සභා පිටියට එන විදිහ
කොළඹ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහින් 138 බස් එකක නැගල මහරගම නගරයෙන් බහින්න. වෙන පළාත් වලින් එන අයට මගපෙන්වීමක් ඉදිරියේදී කරනවා.
තැන හොයාගන්න හරි ලේසි.
View Larger Map
එහෙ
නම්
, ඔබ හැමෝම එයි කියලා අපි මග බලාගෙන ඉන්නවා.
බ්ලොග් ලියන අය, කියවන අය, ලියන්න හිතාගෙන ඉන්න අය, ලියලා ඇති වෙලා ඉන්න අය, පරණ අය, අලුත් අය...
සයිබර් ලෝකයේ ලොකු පොඩි හැමෝම
ලයික් වලින් කමෙන්ට් වලින් මිදිලා, ඇත්තටම කතා කරන සුන්දර දවසක් දකිමු.
රට ගිය ඇත්තොත්, අවුරුද්දට ගම රට එන්න දැන්ම ටිකට් බුක් කරන්න.
පරණ තරහ මරහ තිබුණා නම් ඒ ඔක්කොම අමතක කරලා,
2013 සිහින බක්මහ උළෙලෙදි අපි හැමෝම අලුත් වෙමු.
ඊට කලින් මෙන්න මේ බොත්තම ඔබල සයිබර් සිහින උළෙලේ විජට් එක ඔයාලගේ බ්ලොග් එකෙත් එල්ලගන්න. ඒක ඔයාලගේ බ්ලොග් එක කියවන අයට හොඳ පණිවිඩයක් වගේම සයිබර් සිහින උළෙල ගැන හොඳ ප්‍රචාරයක් වෙයි.
හෝ HTML/JavaScript විජේට්ටුව මගින් බ්ලොග් එකට ඇතුල් කිරීමට
<a href="http://cyberfestival.blogspot.com/2013/03/newyear2013.html"> <object type="application/x-shockwave-flash" data="https://dl.dropbox.com/u/105123722/2013cyberfestival.swf" width="230" height="300"><param name="allowscriptaccess" value="always"></param><param name="menu" value="false"></param><param name="wmode" value="transparent"></param></object></a>
<br /> <a href="http://cyberfestival.blogspot.com/2013/03/newyear2013.html"> <object type="application/x-shockwave-flash" data="http://www.ruwanranganath.com/2013cyberfestival.swf" width="230" height="300"><param name="allowscriptaccess" value="always"></param><param name="menu" value="false"></param><param name="wmode" value="transparent"></param></object></a><br />
මේ සැරේ සයිබර් සිහින උළෙලට ශ්‍රමයෙන් උදවු කරන්න කැමති තරුණ බ්ලොග්කරුවන්ටයි මේ ආරාධනය. ඔබේ විස්තර සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග අපට ඉක්මනට ඊමේල් කරන්න.
cybernewyearfestival2011@gmail.com
එහෙනං අප්‍රියෙල් මාසේ 21 වෙනි ඉරිදට හදිගැහෙමු...
Mar
10
2013
21
කට්ටියම ලෑස්තියි නේද? අවුරුදු උත්සවේ ළඟ ලඟම එනවා...
ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්න 2013 අවුරුද්දේ
"සයිබර් සිහින බක්මහ උළෙල"
ළඟ ලඟම එනවා.
දවස මතකයිනේ.
අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....
තැන.....
හැමෝටම යන්න එන්න පුළුවන් තැනක්...
මහරගම ජාතික තරුණසේවා සභා
ක්‍රීඩාංගනය
වෙලාව....
උදේ 9.00 ට...
"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013
පරණ කට්ටියයි අලුත් කට්ටියයි හැමෝම එදාට ඇවිත් ඉඳියි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.
සියලු පහසුකම් සහිතව ක්‍රීඩා පිටිය වෙන් කරලා දුන්නේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ මිලින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට බ්ලොග් අවකාශයේ මිතුරෝ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
එදාට ඇවිත් විතරක් මදි. ඊට කලින් කරන්න දේවල් ටිකකුත් තියනවා.
පලවෙනි එක තමයි
නිර්මාණ තරඟය
. නිර්මාණ භාරගැනීම මේ මාසේ (මාර්තු) 15 වෙනිදායින් අවසන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඔබේ නිර්මාණය එවන්න.
ඊළඟ කාරණය තමයි අනුග්‍රහය දැක්වීම. මේ වෙනකොටත් සමහර තෑගී වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන්න අපේ සහෝදර බ්ලොග්කරුවන් කැමැත්ත පලකරලා තියනවා. නමුත් තවදුරටත් සයිබර් සිහින උළෙලට සහයෝගය දක්වන්න ඔබට පුළුවන්. මුදලින් සහ ශ්‍රමයෙන්.
ඒ වගේම
සමරු කලාපය
ට දායකත්වය ලබා දෙන්නත් පුළුවන්. ඒකට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 30 වෙනිදා වෙනකම් විතරයි. ඔබගේ දායකත්වය ලබාදෙන්න කැමැත්ත පළකරපු අයට සංවිධායක මණ්ඩලයෙන් ඊමේල් ලිපියක් ලැබුනේ නැත්නම් අපගේ නිල ඊමේල් ලිපිනයට ඊයක් එවන්න.
cybernewyearfestival2011@gmail.com
අවසාන වශයෙන් අලුත්ම කාරණය. ඒ තමයි මෙවර සයිබර් සිහින උළෙලට සමගාමීව ටී ෂර්ට් එකක් මුද්‍රණය කරන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියනවා. කොලරය සහිත
සුදු පාට
ටී ෂර්ට් එකේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ලාංඡනය මුද්‍රණය කරන්න තමයි අදහස් කරන්නේ. එකක් සඳහා රුපියල් 1000 කට අසන්න මුදලක් වැය වේවි.
නමුත් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අවම වශයෙන් 50 දෙනෙක්වත් ටී ෂර්ට් මිලදී ගන්නවානම් විතරයි. ඒ නිසා ඔබත් ටී ෂර්ට් එකක් මිලදී ගැනීමට අදහස් කරනවානම්
මේ ෆෝරමය පුරවල ඔබේ කැමැත්ත පලකරන්න.
ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා සහ සයිබර් සිහින උළෙලට දායකත්වය ලබා දෙන්න කැමතිනම් ඒ ගැනත් බ්ලොග් අවකාශයේ මිතුරෝ නිල ඊමේල් ලිපිනයට ඊයක් මගින් දැනුම් දෙන්න.
cybernewyearfestival2011@gmail.com
එහෙනම් අප්‍රේල් 21 වෙනිදට හමුවෙමු. ලෑස්ති වෙලා ඉන්නකෝ... ඔය සයුරෙන් එතෙර ඉන්න කට්ටිය දැන්මම ටිකට් වෙන්කරගත්තොත් හොඳයි නේද....?
Subscribe to:
Posts (Atom)
About Me
සයිබර් සැණකෙළිය
View my complete profile
සයිබර් සිහින බක්මහ උළෙල
Blog Archive
►
2019
(3)
►
April
(1)
►
March
(2)
►
2017
(1)
►
December
(1)
►
2016
(5)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
2015
(8)
►
October
(1)
►
July
(1)
►
April
(3)
►
March
(2)
►
February
(1)
►
2014
(11)
►
July
(2)
►
May
(2)
►
April
(4)
►
February
(3)
▼
2013
(12)
►
December
(4)
►
November
(1)
►
April
(2)
▼
March
(2)
හැංගි හැංගි වෙස් බැඳලා එළිපිට නටන්න සුදානම....
කට්ටියම ලෑස්තියි නේද? අවුරුදු උත්සවේ ළඟ ලඟම එනවා...
►
February
(2)
►
January
(1)
►
2012
(14)
►
November
(1)
►
October
(1)
►
August
(1)
►
April
(3)
►
March
(5)
►
February
(2)
►
January
(1)
►
2011
(12)
►
September
(1)
►
April
(2)
►
March
(6)
►
January
(3)
මාතලන්ගේ සින්ඩිය
බ්ලොග් අවකාශයේ මිතුරෝ
දුටු සතුටු
1
9
1
9
8
1
http://cyberfestival.blogspot.com/. Powered by
Blogger
.
අපට උදව් කරන සින්ඩිකේටර්
අප සමග සම්බන්ධ වන්න
Name
Email
*
Message
*