86

සැරසේන්.... 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය..ට..!!!



හැමෝටම මතක ඇති පහුගිය දවස් වල පොඩි කතාබහක් ගියා බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සැළසුම් වෙනවා කියලා. හැබැයි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියන්නැහේ...... ඔන්න වෙස්බැඳලා, ප්‍රැක්ටිස් කරලා, ලස්සනට සැළසුම් කරපු  නැට්ටුවා එළියෙ නටන්න පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නෙ.
             
                      2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහන...... ඩෙං කුටු තක දෙං....
                     
                     අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්ථකාලය සඳහා පොත් පරිත්‍යග කිරීම.....

                        
                    
 සයිබර් සිහින උළෙලට සමගාමීව සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කිරීම පහුගිය අවුරුද්දේ පළවෙනි සයිබර් සිහින උළෙලේ ඉඳලා සිද්ධ වෙන දෙයක්. 2011 අවුරුද්දේ සයිබර් සිහින උළෙල සැළසුම් වෙනවත් එක්කම ඒ වෙනකොට අසනීප තත්වයෙන් හිටපු ඉලන්දාරියා (දිළුම්) වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස ඇතිවුනා. 
                   
                    දිළුම්ට සවන් ලබාදීම වෙනුවෙන් බ්ලොග්කරුවන් ඒකරාශී වුනා. ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල වෙන්වුනේ ඔහු වෙනුවෙන්. නමුත් 2011 මැයි මාසෙ දවසක ඉලන්දාරියා සදහටම ලෝකයෙන් සමුගත්තා. ඒත් ඔහු වෙනුවෙන් ඒකරාශී වුන බ්ලොග්කරුවන් වෙන් වුනේ නෑ. දිළුම්ගේ තුන් මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිණවීම සිදු කලා.
                   
                  ඒ කණ්ඩායම නැවත වරක් එකතු වුනේ ජෙරූෂා පුංචි දුවට කර්ණශංඛ බද්ධයක් කරන්න. නැවත වරක් මුදල් හොයාගෙන 2012 ජනවාරි මාසෙදි ඇයට සවන් ලබාදෙන්න ලංකාව තුල සහ ලංකාවෙන් පිටත ඉන්න අපේ කට්ටිය සමත් වුනා. මතකයිනේ මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල දවස පුරාම ඇය අපත් සමග හිටියා. ඒ වෙනුවෙන් ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල සංවිධානය කරපු දුකා, වැප්, අභීත, මගේ මරණය ඇතුළු කණ්ඩායම ලොකු කැපකිරීමක් කළා.

                2012 සයිබර් සිහින උළෙල බොහොම සාර්ථකව අවසන් කරපු අපි ආයෙත් සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කරන්නට. ලංකාව පුරාම විසිරිලා ඉන්න අපේ බ්ලොග් සහෘදයන් මේ වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කලා. 
                 
                  අවසාන වශයෙන් ඉතිරි වුන යෝජනා තුනකින් හිස් අහස බ්ලොග් අඩවිය ලියන සඳරු සහෝදරයා ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක කරන්න බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අප සතුව තිබෙන මුදල් වඩාත් ඵලදායි ලෙස යොදවන්න පුළුවන් මොන ව්‍යපෘතියද කියන එක බොහොම පැහැදිලිව අද්‍යනයක් කලාට පස්සේයි.

                     අම්පාර   දිස්ත්‍රික්කයේ  උහන  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ කියන ගමේ තමා ගලහිටියාගොඩ මධ්‍ය මහා  විද්‍යාලය පිහිලා තියෙන්නේ . අම්පාර නුවර පාරේ කිමි 25 විතර ගියාම ගලහිටියාගොඩට යන්න පුළුවන්. කැළයෙන් වට වුනු පුංචි ඉස්කෝලයක් වුනාට මේ පාසල මධ්‍ය මහා   විද්‍යාලයක් නිසා උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යයාව 650ක් විතර වෙනවා. ඒ වගේමයි මේ පාසලේ උසස්පෙළ , සාමන්‍ය පෙළ සාමාර්ථ බොහොම ඉහලයි . දැනට මේ පාසලේ පුස්ථකාල ගොඩනැගිල්ලක් සහ රුපියල් 5000ක් පමණ වටිනා පොත්පත් තියෙනවා. නමුත් ඒ පොත් ප්‍රමාණය උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලකට කොහෙත්ම ප්‍රමාණයවත් නැහැ.
  
 

   ඒ නිසයි 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 

"දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!

 කියන තේමාවෙන් මේ විදියට ආරම්භ කරන්නේ.

                               බ්ලොග් අවකාශයේ සුහදශීලි මිනිසෙක් විදියට හැම කෙනෙක්ගේම ආදරය දිනාගෙන ඉඳලා අපි අතරින් වෙන්වුනු ඔබ්සවර්හෙවත් සනත් විජේවර්ධන මහත්මයා සහ ගිය අවුරුද්දේ අප අතරින් වෙන් වුනු ඉලන්දාරියා සිහිපත් කරලා ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත් මේ සමාජ සත්කාර වැඩසටහනේ තවත් අරමුණක්.

                               සයිබර් සිහින උළෙලට මුල්‍ය ශක්තියෙන් හයියක් වුන ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙන් අපිට ලැබුණු රුපියල් 60000 ක මුදලක් මේ වෙනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල ශාඛාවේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල සපයගන්න සම්බන්ධීකරණ ශක්තියෙන් සහයොගය දුන්න ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවිය ලියන අභීත සහෝදරයාත්, ටෙලිකොම් ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙවෙලාවේ මතක් කරන්න ඔන. [ඉහත ගිනුම් විස්තරය බලන්න]

                               දැන් බ්ලොග් ලියන කියවන අය කල්පනා කරනවා ඇති අපි කෙහොමද මේකට දායක වෙන්නේ කියලා. ආකාර දෙකකට ඔබට මේ කටයුත්තට දායක වෙන්න පුළුවන්. 

පළවෙනි ආකාරය තමයි පොත් පත් පරිත්‍යයාග කිරීම.

          පාසල් දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්.[දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ ඒ සඳහා සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. අළුත් පොත් වගේම හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත් වුනත්  පරිත්‍යයාග  කරන්න පුළුවන්. ඒවා භාර දෙන්න මෙන්න මේ යාලුවන්ට කතාකරන්න

අපේ දකුනු පලාතේ යාලුවො කතාකරන්න පොඩිමැන්ට
  0719586007
නුවර පැත්තේ යාලුවො කතාකරන්න   "චතුමිතු" චතුරිකාට
  0771482301
කුරුණැගල පැත්තේ යාලුවො කතාකරන්න "දේවට
  0717500878 / 0775348789
හැටන් ඇතුළු නුවර එළියේ අවට යාලුවො කතාකරන්න චම්ලිට
  0777832854
කොළඹ සහ අනේක් ඔනෑම යාලුවෙක් කතාකරනවනම් 

Raj - 0773002262


යසන්ත - 0717479824 / 0722337770

බිම්සර -  0777453909

අවශ්‍යනම් ඊමෙල් ලිපිනය මෙන්න


cybernewyearfestival2011@gmail.com

අනිත් ආකාරය තමයි මුදල් ආධාර ලබා දීම. 

                පොත් පරිත්‍යයාග කිරීමේ වැඩසටහනට මුදලින් ආධාර කරන්න කැමතිනම් ඔබට පුළුවන් ඕනෑම මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ "NSB" ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරණ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න.අපේ විදෙස් රටවල මිතුරන්ට ලේසි වෙන්න මෙන්න NSB SWIFT Code : NSBALKLX. ඒ මුදල් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් බැර කරනවා නම් ලොකු හයියක්. මොකද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙන් පොත් මිලදී ගන්න ඒ මුදල් යොදවන්න.ගිනුමට ඔබ මුදල් තැන්පත් කලේ නම් අපගේ ඊමෙල් ලිපිනයට ඒ බව දන්වන්න

පහලින් තිබෙන ඛෙතය ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර සමාජ සත්කාර වැඩසටහන ප්‍රචලිත කිරිමට ඔබත් දායක වන්න

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="200" width="180"></embed>

එහෙමනම්... පටා....න් ගමු....

බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 2012....

දැනුමැති සමාජයක් උදෙසා පොතක්  පරිත්‍යයාග  කරමු..!

අම්පාර ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ පුස්ථකාලය ගොඩනගමු....!

හෙට ලොව දිනන පරපුරක් තනන්නට දායක වෙමු...!

86 comments:

Amila Chathuranga said...

ඇත්තටම වටිනා වැඩක්...ඈත ගම් වල ඉන්න දක්ෂ දරුවන්ට ලෝකය දකින්නට නෙත් විවර කරදීම විශාල පිනක්...මාත් ඒ සඳහා මා ළඟ ඇති පොත් පත් වලින් දායක වීමට මඟ බලා සිටිනවා....

Rajitha Abeysinghe said...

හොද වැඩක්.මුදලින් ආධාරයක් කරන්නම්

Weni said...

මේක අපේ බ්ලොග් හරහා ප්‍රචාරය කරන්න විජට් එකක් වගේ හදලා දෙන්න..
කොළඹ සංවිධාන වැඩ වලට අවශ්‍ය සහායක් තියේ නම් කියන්න ඕනි වෙලාවක හැකි අයුරින් අපි ලෑස්තියි..

සයිබර් සැණකෙළිය said...

ඒ පිළිබඳව ඉදිරියෙදි දැනුවත් කරන්නේමි

සයිබර් සැණකෙළිය said...

ස්තුතී දෙන සපොර්ට් එකට නොවැරදීම

The Modern Patriot said...

වෙනී අයියගේ යෝජනාව ගොඩක් හොදයි. ඒක ඉක්මනටම ක්‍රියාත්මක කලොත් වඩාත් හොද ප්‍රථිපල ගන්න පුළුවන්.

හිස් අහස said...

මගේ යෝජනාව පිලිගත්ත එක ගැන මට තියෙන්නේ කියන්න බැරි තරම් ලොකු සතුටක් . මමත් පොත් ටිකක් එකතු කරලා මේකට පොඩි සප් එකක් දෙන්නම් ..

Lancelot said...

උසස් පෙල විද්‍යා අංශයේ පන්ති තියෙනව නම් මටත් පුලුවන් පොත් ටිකක් දෙන්න ..... එහෙම නැත්නම් ඉතින් මුදල් පරිත්‍යගයක් තමයි ........ මට කියන්න පුලුවන්ද ඒ ඉස්කෝලේ උ/පෙ විද්‍යා පන්ති තියෙනවද කියල ?

අරුණ හෙට්ටිආරච්චි said...

හොද වැඩක්. පොත් සහ පොත් කඩ සමග මගෙත් සබදකම් තියේ. ඒ නිසා පොත් වලින් නම් මටත් සපෝට් එක දෙන්න පුළුවන්. :))

සයිබර් සැණකෙළිය said...

දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ ස්තුතී ඔබට

Sumith Niriella said...

ඉතාම හොද වැඩක්, හැකි පමණින් සහයෝගය ලබාදෙමි......

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට

Anonymous said...

අපි උත්සාහ කරමු ඒක කරන්න.

සයිබර් සැණකෙළිය said...

ඔබේ කැපවීම අගයමි

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට

MR. KING said...

මගෙ සප් එකත් නොවරදවාම දෙනවා....

සල්ලි නං සල්ලි
පොත් නම් පොත්.

සයිබර් සැණකෙළිය said...

ස්තුතී සහෝ

Kannangara said...

කොළඹදී කෙරෙන්න තියෙන වැඩ වලට සහයෝගයක් අවශ්‍ය නම් දන්වන්න. (පොත් ප්‍රවාහනය වගේ) කොහොමත් මුදල් ආධාරයක් කරනවා.

රාමා said...

මුදලින් සහයෝගයක් දෙන්නම්..

Unknown said...

මගෙනිත් පොත් කිහිපයක්.....

වර්ණා said...

නියම වැඩක්. මම පොත්ප්‍රදර්ශනයට යන්නට හිතාගෙන සිටින නිසා එඉදී පොත් මිලට ගැනීමට අදහස් කරමි

වර්ණා said...

මුදල් ආධාරයක්‌ කිරීමටද කැමැත්තෙමි :) නියම වැඩක්.

අවතාර් said...

watina wadak ! Weni ayyage adahasath wadagath deyak.

Prasad said...

දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යයාග කරමු..!

බොහෝම අපූරු අදහසක්.. අනිවා සහයෝගය!!
ජය!!!

jhothishalanka said...

ඉතා හොද අගය කල යුතු වැඩක්.සයිබර් සැණකෙළියට පැමිනිය නොහැකි වුවත් කෙසේ හෝ ආධාරයක් කරන බවට පොරොන්දු වෙමි.

Unknown said...

අගෝස්තු ලංකාවට එනවා..රාජ්ට කෝල් එකක් දෙන්නං....

Anith Kona said...

කියවන්න්න ලැබෙන වෙලාව අඩු නිසා මෙවැනි දේ මග හැරෙනවා. ස්තුතියි මේ ගැන කිව්වට. නියමයි !

සංකල්ප said...

මුදලින් තමා ආධාර කරන්ඩ වෙන්නේ

නාඩියා නාඩිරත්න said...

අනිවා සපෝට් එක දෙනවා!!!අපේ කැම්පස් එක පැත්තෙනුත් කරන්න පුළුවන් දෙයක් තිබ්බොත් කරන්නම්!

තරියා said...

මගේ උපරිමය මේ සදහා..
ජයවේවා!!!!!!!!!

සූස්ති ගුණේ said...

බ්ලොග් අවකාශයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම විකුණමින් මුදල් වංචාකල පුද්ගලයෙකු ගැන වාර්තා පිට පිටම එලිදරව්වී ඇති බැවින්, කරුණාකර 2012 , 2011 වසර වල සවිස්තර ගිනුම්වාර්තාවක් හා ශේෂපත්‍රයක් ප්‍රසිද්ධ කරනවානම් අගනේය. මුදල් හෝ වෙනත් දායකත්වයක් කරන අයගේ දායකත්වය පුද්ගලික ව්‍යාපාර ගොඩගැනීමට නොව අදාල කාර්යට පමණක් යෙදවුනු බව සැකහැර දැනගැනීම ට හැකිවිය යුතුය.

සයිබර් සැණකෙළිය said...

වර්ථමාන මුදල් තත්වය පිළිබඳව ඉහල ගිනුම් විස්තරයේ දැනටමත් සඳන් කර තිබෙන අතර මෙම සමාජ සත්කාරයේන් පසු සියලූම ගිනුම් දත්තයන් ඉහත සබැඳියෙහි පලකරන බව අවධාරනයෙන් ප්‍රකාශ කරමි. ඔබගේ කැපවීමට ස්තුතී

සයිබර් සැණකෙළිය said...

වැඩිවිස්තර සඳහා ව්‍යස්ථාවෙහි ගිනුම් තොරතුරු පිළිබඳ ඇමුනුම කියවන්න ස්තුතී

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබගේ කැපවීමට

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට...

සයිබර් සැණකෙළිය said...

ස්තුතී....

සයිබර් සැණකෙළිය said...

එළ..

සයිබර් සැණකෙළිය said...

වෙනි අයියාගේ අදහස පිළිබඳව කටයුතු කරමින් ස්තුතී

සයිබර් සැණකෙළිය said...

ජය...

සයිබර් සැණකෙළිය said...

ස්තුතී ඔබට...

Raj said...

එළ මචං

සයිබර් සැණකෙළිය said...

එළ..

kumaraya said...

මටත් පුලුවන් වෙයි පොත් කීපයක් ලබා දෙන්න.

Unknown said...

අගය කලයුතු වැඩක් අනිවර්යේම සහයෝගය දෙනවා

The තරුවා said...

සෑහෙන්න වටින වැඩක්...අනිවා සහයෝගය දෙනවා..

sAm (සෑම්) said...

අගය කරමි.. අපගේ සහයෝගය.. !!

මෙවන් කාර්යයකට මුල් වූ සැමට පිං !

Shammi said...

මාත් උසස් පෙළ කරේ කලා අංශයෙන්,පොත් ටික සේරම තියා ගත්තා මං පොත් වලට ආස නිසා, හැබැයි දැන් ඒ ඔක්කම මං දෙනවා මෙයාලට,,, :)
හොද වැඩක්,දිගටම කර‍‍ගෙන යමු..

duliponline said...

ෆයිනල් බැලන්ස් එකක් විතරක් පෙන්නුවාට මදි නේද ????

සයිබර් සැණකෙළිය said...

ව්‍යපෘතියට ලැබෙන මුලු මුදල සමගින් පසුව ගිනුම් වාර්ථාවක් ඉදිරිපත් කරන්වා සහෝ

duliponline said...

ඒ උත්තරේ ප්‍රමානවත් නෑ නේද ???

www.ceylonlanka.info said...
This comment has been removed by the author.
www.ceylonlanka.info said...

www.ceylonlanka.info pix 160 x 40 වගේ ප්‍රමාණයේ බැනර් එකක් හදලා දුන්නොත් මට පුළුවනි එක මගේ මේ වෙබ් සයිට් එකේ පල කරන්න e mail me

pavithra weerapperuma said...

මම නම් උසස් පෙළෑ කරන්නෙ කලා අංශයෙන් නෙවෙයි.. ඒත් සාමාන්‍ය පෙළ පොත් පත් ඇති.. මං බිම්සරයාට දෙන්නම්.. :)

Anonymous said...

කරුණාකරල පසුගිය අවුරුද්දෙ එකතු කරපු සල්ලි වලට මොකද වුනේ කියන එක පැහැදිලි වෙන්න පූර්ණ වාර්තාවක් පබ්ලිශ් කරන්න බැරි ඇයි? ඔක්කොම එවට link දාන එකේ PDF ෆයිල් එකකකට දෙකකට ලින්ක් දාන එක ලොකු වැඩක්ද?

ඉහත ගිනුම් විස්තරය බලන්න කියල කොලපාටින් අකුරු දාල, එතන link එකක්වත් නෑ! කොහෙද ගිනුම් විස්තරය ??

ඔය හැටදාහ (60,000 -LKR) ගැනත් එක එක කතා තියෙනවා. ටෙලිකොම් එකෙන් දුන්නෙ ලක්ෂයක් කියලත් කතාවක් යනවා. විශේෂයෙන් මතබේදයට තුඩු දුන් පුද්ගලයෙක් මුදල් සම්බන්ද කටයුතු වලට මැදිහත් වෙලා තියෙන කොට සල්ලි එකතු කරපුව සහ වියදම් වල පාරදෘශ්‍යබාවය වැදගත්!

ටෙලිකොම් එකෙන් මෙච්චර මුදලක් දුන්නා කියල ලියවිල්ලක් කවුරුවත් දැක්කද??

Unknown said...

මෙවන් සමාජ සත්කාරක සේවා සදහා දායක වීමට පෞද්ගලිකවම මා ඉතා කැමැත්තක් දක්වමි. ඒනිසාම ඔබගේ කටයුත්තට දායකත්වය දෙන්නම්.

(විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න. එවිට මෙවන් ව්‍යායාම අති සාර්ථක වනවා ඇත. මන්ද සමාජ සේවා කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැනි අනතුරු දායක ක්‍රියාවක් බැවින.)

ස්තුතියි...ජය...!

සයිබර් සැණකෙළිය said...

අප බ්ලොග් අඩවියේ ඉහලින්ම තිබෙන ප්‍රධාන තීරුපිටු අතර තිබෙන ගිනුම් විස්තරයට ඇතුළු පසු ඔබගේ ගැටළු විසඳෙනු ඇත. ඔබගේ කැපවීමට අපගේ ප්‍රණාමය

saku said...

හොඳ වැඩක්, ඇති සාර්ථක කරගන්න සුභ පැතුම් !

අංකල් මයා | Mr. Uncle said...

බොහොම හොද වැඩක් දරුවෝ. ඇත්තටම අපේ බ්ලොග් කෑලිවල එල්ලන්න පුළුවන් දැන්වීමක් හැදුවොත් හොදා.කිසිම විදියක උදව්වක් කරන්න අපහසු කෙනෙකුට පුළුවන් නෙව ප්‍රචාරයක් දීලා හරි සම්මාදන් වෙන්න.

අංකල් මයා | Mr. Uncle said...

සමාජ සේවා කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැනි අනතුරු දායක ක්‍රියාවක් +++++++++

Unknown said...

එල වැඩක් මචෝ අනිවා උදව කරනවා මේ වගේ වැඩ දිගටම කරන යන්න ඒ වගේම බ්ලොග් වල ගොඩක් දැනුම තියෙන අය ඉන්නවා ඒ අය එකතු වෙලා දුර පැති වල ගුරුවරු නැති පාසල් වලට සම්මන්ත්‍රණ පවත්වන වැඩ පිළිවෙලක් පටන් ගත්තොත් මොකෝ අඩුම ගැනේ it පැත්තෙන් වත

-HacKrisH- said...

මේ වගේ වැඩකට හෙල්ප් නොකර ඉන්න බැහැනෙව. මාත් මේ හොඳ වැඩේට සහයෝගය දෙන්නම්.

MW Team said...

උතුම් සමාජ සද්කාරයක් ලෙස අපි ද සිතන්නෙමු.හැකි අයුරින් මුදල් ආධාරයක් කරන්නෙමු.මාතර අපි කවදත් මේවට කැමතියි... ජය වේවා!!

ඉන්දික උපශාන්ත said...

කිසිදු විනිවිද භාවයකින් තොර ගිණුම් විස්තරයක්. ඇත්තටම එහි කිසිදු ගිණුම් විස්තරයක් නැත. අනික බැංකු ගිණුමට අභීතගේ ලිපිනය යොදා ගත් හේතුව පැහැදිලි කල හැකිද?

සයිබර් සැණකෙළිය said...

බ්ලොග් අවකාශයේ කලින් කරන ලද සියලුම වැඩ සටහන් වලදි අදාල කරගත් ලියකියවිලි වලට ඇතුලත් කර තිබුනේ එම ලිපිනයයි. ආදායම් වියදම් පිළිබඳව සවිස්තරාත්මක සටහනක් වි‍යපෘතිය අවසානයේදි ඔබටද බලාගත හැකිවනු ඇත දැනට ලැබි ඇති මුදල් සහ ටෙලිකොම් ආයතනය ඔස්සේ ලැබුන මුදල් සම්බන්ද තොරතුරු දැනටමත් ප්‍රසිධ්ද කොට ඇත. මෙම බ්ලොග් අඩවියේ ඉහලින් ඇති ව්‍යවස්ථාව පිළිබඳ අනු තීරුව බලන්න ගිනුම් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරිමක් එහි සටහන්ව ඇත ස්තුතී

ඉන්දික උපශාන්ත said...

"සංගමය සඳහා ලැබෙන අරමුදල් පරිත්‍යාග සහ ආධාර වෙනුවෙන් ගරු භාණ්ඩාගාරික තැන විසින් ලිඛීත සටහන් කාලීනව සංගමය වෙත ඉදිරිපත් කලයුතුව ඇත."

මෙම වගන්තියට සහ "ආදායම් වියදම් පිළිබඳව සවිස්තරාත්මක සටහනක් වි‍යපෘතිය අවසානයේදි ඔබටද බලාගත හැකිවනු ඇත" යන තර්කයට අනුව පසුගිය සයිබර් උළෙලෙහි ආදායම් වියදම් වාර්ථාවක් ඉදිරිපත් කල යුතු නොවන්නේද? එසේ නොමැතිනම් මෙම "කාලීන" යන්න අර්ථ දක්වන්න.

jayantha colombage said...

සාධු සාධු සාධු...ඉතාමත් මහඟු ප්‍රජාසත්කාරයක් මේ වැඩසටහන...එමෙන්ම කර්මය කර්මඵලය අදහන කෙනෙකුට හිතපහදවාගෙන පින් කුසල් රැස් කරන්නත් අවස්ථාවක් මෙය...මම අනිවාර්යයෙන්ම මේ සඳහා මගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වෙනවා පමණක් නොව අවස්ථාව ලැබේ නම් ඒ ගමනටත් සහභාගී වෙනවා..ඔබට තෙරුවන්ගේ අනන්ත බලයෙන් ශක්තියෙන් මේ සද්ක්‍රියාව
කිරීමට වීරිය ධෛර්යය ලැබේවා

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

"ඒ වෙනුවෙන් ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල සංවිධානය කරපු දුකා, වැප්, අභීත, මගේ මරණය ඇතුළු කණ්ඩායම ලොකු කැපකිරීමක් කළා"

මේ ලිපිය ලියපු කෙනා "දිළුම් වෙනුවෙන් අපි සහ ජෙරූෂා" ගැන සම්පූර්ණ විස්තරය දන්නේ නැතුව මේක ලිව්වද? එහෙම නැති නම් කාගේ හරිඋවමනාවක් ඉටු කරන්න සැබෑව සඟවලා ලිව්වද?

ඇත්තෙන්ම "දිළුම් වෙනුවෙන් අපි සහ ජෙරූෂා" වඩසටහනේ විෂාලම කාර්‍යභාරය කලේ දුමී හෙවත් දුෂාන් කරවිට සහ ඔහුගේ සංගීත සගයෝ . . .

රෑ නිදි මරාගෙන ප්‍රැක්ටිස් කරලා, පවුලේ අය එක්ක ගත කරන්න තියෙන නිවාඩු දවසේ එක එක තැන් වල පැදුරු පාර්ටි දාලා රෑ එලිවෙනකම් සිංදු කියලා ප්ලේ කරලා තමයි ඔවුන් මුදල් හෙව්වේ . . .

මේ නම් සඳහන් කරපු අනෙක් අය කල දේවල් ඔවුන් කල දේවල් එක්ක ගත්තොත් හහිම පොඩු දේවල් . .

සාමූහික වැඩකදී කවුද වැඩිය කලේ කවුද අඩුවෙන් කලේ කියන එක අදාල නෑ තමයි . . .

ඒත් සයිබර් අවකාෂය ගැන විශාල වැටහීමක් තියෙන කෙනෙක් ලිව්ව වගේ තියෙන මේ ලිපියේ "දිළුම් වෙනුවෙන් අපි සහ ජෙරූෂා" වෙනුවෙන් කැපවුනු මූලිකම පිරිස අමතක කල එක නම් විශාල වැරැද්දක් . .

නජාත් අක්‍රම් said...

එකෙන් ම.. මාත් වැඩේට සෙට් වෙනෝ..

සයිබර් සැණකෙළිය said...

පසුගිය වැඩවල සාරංශයක් පමනයි ඉහලින් ලියවෙලා තියෙන්නේ පහුගිය වැඩගැන යම්කිසි දැනුවත් කිරිමක් සිදුකිරිම පමනයි කලේ සාරංශයක් දාන පදනමේ ඉඳලයි ඒවා ලිව්වෙ අපේ අරමුන මේපාර කරන ව්‍යපෘතිය පිළිබඳව බ්ලොග් සමාජය දැනුවත් කිරිමයි ස්තුතී ඔබට

සචිත් said...

අපෙනුත් ෆුල් සප් එක හොදේ

පුබුදුවා said...

හොද වැඩක් ඇත්තටම

විළාප said...

ජයවේවා!!! පනුච්චිත් ඉන්නවා...

KC said...

අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා

Anonymous said...

ඉතාම ප්‍රශංසනීය උත්සාහයකි. ස්තුතියි.

බට්ටා said...

අපොයි.. බ්ලොග් පැත්තෙ වැඩිය එවෙන්නෙ නැති එක නං අවුලක් වේගෙන එන පාටයි.. පුලුවන් තරමින් උපරිම සහයෝගය ඉක්මනටම දෙන්නම්.. ඔබා මාම වෙනුවෙන් දෙයක් වෙනකං බලාගෙන හිටිය.. හොඳම වැඩක්..

Unknown said...

ාා

චතුර විජේකෝන් said...

හොඳ වැඩක්.. මාත් උදවු කරන්න කැමතියි..

Kasun said...

බොහොම හොද පින් අතේ වැඩක්. මමත් අනිවාර්යයෙන්ම උදව් කරනවා.

සිරාගෙ කාමරේ said...

මේ කාර්යය සර්වප්‍ර‍කාරයෙන්ම සාර්ථක වේවා !

සුදීක said...

අවසාන මොහොතේ රාජ්ගේ අතට පොතක් ගෙනිහින් දුන්නා. යන්න බැරි වීම දුකක්.

හිස් අහස said...

අම්පාර උහන ගලහිටියාගොඩ පාසලට බ්ලොග් අවකාශයේ මිතුරෝ කළ මේ උදවුව මට කරපු උදවුවක් වගෙයි මට දැනෙන්නේ .හිතට දැනෙන සතුටට කියන්න වචන නෑ ... මේ කටයුත්තට දායක වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි !...බොහොම ලස්සට වගේම සාර්ථකව වැඩේ නිමා වුණා ..

Migara said...

නිමා වුනා කියන්නේ මේක ඉවරයි ද?

Mahesh B Dahanyake| මයියා | බුනා said...

එල කිරි හොද වැඩක්

Post a Comment

Back to Top