ඉතිං ඊට පස්සෙ....
ඔන්න ගිය අවුරුද්දෙ පටන් කිසි හැල හොල්මනක් නැතුව ජරා වාසවෙලා තිබුණ සයිබර් සැණකෙළිය බ්ලොගේ මකුණුදැල් කඩල පාවිච්චියට සුදුසු තත්වෙට ගේන්න සයිබර් ශ්‍රමදානයක් තිබුනනෙ.. හතර වටෙන්ම කට්ටිය ඇවිත් වැඩේට ෆුල් සප් එක දුන්නා... දැන් මේක ආයෙ තියෙන්නෙ ඔය බැබළි බැබළි... ඉතිං ඊට පස්සෙ මොකද වෙන්නෙ.... ??
දැන් ඉතිං ශුද්ධ පවිත්‍ර කරල අරගත්තෙ නිකන් නෙවෙයි... ඊට පස්සෙ වෙන වැඩේ තමයි මේ කියන්න යන්නෙ..අර කලිනුත් කිවුව එක්ක දඩාර ආතල් එකක් ගන්න කරණ දඩාර වැඩක් .....
ඔන්න එහෙනම් සයිබර් ශ්‍රමදානයට ෆුල් සප් එක දුන්න අයගෙ පුණ්‍යකර්මය හේතුකොටගෙන දඩාර වැඩේ නිලවශයෙන් ප්රකාශකොරන්නයි මේ සූදානම...
මොකද්ද මේ දඩාර වැඩේ...
ඔවු ගොඩක් දෙනා හිතපු විදියට සයිබර් වාසී සියලු දෙනාගෙ මහා සිහිනය...
"සයිබර් සිහින බක්මහ උලල 2012"
කාලයක ඉදල කණින් කොනින් ඇහුණ විදියටම 2012 අවුරුද්දෙ බක් මාසයේ 22 වන ඉරිදා දිනයේදි උදෑසන 9.00 සිට හවස 4.00 දක්වා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ පවත්වන්න සියල සූදානම්....
සුපුරුදු අවුරුදු ක්‍රීඩා රැසක් එක්ක නුපුරුදු නව අවුරුදු ක්‍රීඩාත් එදාට තියෙනවා.....
තව මේ පාර සයිබර් සැනලෙකෙළිට සමගාමීව සමාජ සේවා සත්කාරෙකුත් ක්‍රියාත්මකයි...
එහෙනම් අප්‍රේල් 22 දාට තියෙන සියලුම වැඩ-පල පැත්තකට දාල රැකි-රක්ෂා වලින් නිවාඩු අරගෙන, පිට-රට ඉන්න අය අවුල්-වියවුල් ලිහාගෙන පවුල්-පන්සල් පිටින් සයිබරයෙ යහළු-යෙහෙළියො මුණගැහිලා කතා-බස් කරලා දැන-අඳුනගෙන විහිළු-තහළු කරලා විනෝද වෙන්න සැදී -පැහැදී සිටින්න...
මෙකී-නොකී සියලුම වැඩ-කිඩ වල වත-ගොත අද-හෙටම තවත් පෝටුවකින්.......!!!
මේ බ්ලොගය තමන්ගෙ බ්ලොග් රෝලට දාගන්නත් අමතක් කරන්න එපා.....!!!
Subscribe to:
Post Comments (Atom)
38 comments:
මම නම් එනවො.. :D :D :D
හරි මම එනවා දැන් ඉදන්ම රෙඩි
චික්.. මේකටත් එන්න බැරි වෙනවා නේ.කරුමේ බං අපේ..
දැනටමත් සුදානමින්.. :D :D :D
සයිබර් සිහින බක්මහ උලෙල තෙක් අප නොයිවසිල්ලෙන්.... :D
පට්ට පට්ට මම එනවෝ.......................
අපි එනවා... ජය වේවා!!!
ඔන්න අපි එනවා.... මග බලාගෙන ඉන්නේ එන්න... සමාජ සත්කාරෙට දායක වෙන්නේ කෝමෙයි අයියා....?
elaz
හලේ මම එක......:P
ජයවේවා කිව්වා එහෙනම්! උපරිමයෙන්ම කරමු....
ගියවතාවෙ ආපු ප්‍රමානයේ හෝ ඊට වැඩි ප්‍රමානයක් පිරිස ආවොත්, මම දන්න විදියට කුරේ පාක් එකේ පැවිලියන් එක ඉඩ මදි.
ඒත් මම ්නිවා එනව :D
ජයවේවා එහෙනං අපිත් එදාට එනවා...!!!
ජය වේවා!!! අපි එනවා.....
~~**දඟ මල්ල**~~~
අපිත් එනෝ!;)
අනිවා අපිත් එකෙන්ම එනවා ඈ.......
බලමුකෝ එන්න..
ජයවේවා, ඉරිදා කොහොමත් එකෙන්ම නිවාඩු :D
එළ එළ මමත් නිවාඩු දාලාම එනවා වැඩේට....දැං ඔය වැඩේට වියහියදං එහෙම කොහොමද....ඒවත් ඊලඟ පෝස්ටුවේ දාන්න...
සාදු සාදු සාදු
මෙදාකපේ නම් මොන මක් කරලා හරි අපිත් එනෝ.....
කොහොම හරි එන්න තමා හිතාගෙන ඉන්නෙ .......
ජය වේවා...ෆට්ට ෆට්ට
FB එකේ ඉමේජ් එක දැක්කම මම හිතුවේ එන්න බැරි දවසක තමයි සෙට් වෙන්නේ කියල..එකේ තිබ්බේ 8 වගේ නේ ?
ජය හෝ.......
ඇයි එතකොට..අපිත්..මාත්..එනවො..හැමොම එන්ඩො....
බලමු කොහොමහරි එන්න ට්‍රයි කරනවා!
මමත් එනවෝ...
මමත් එනවෝ...
ටැග් එක ගළවගෙනම??????
ජය වේවා!! අපිත් එනෝ.............
ට්‍රයි කරමින්....
එකෙන්ම එතන ඉන්නවා....හි හි හි
ඔන්න අපිත් එනෝ...
ලංකාවේ හිටියොත් අනිවා එනවා
හලේ මේ පාරත් ඇවිල්ලා හමාරයි....
මම තාම පොඩි එකෙකි.... කොබළ එන්න බැරිය.... :(
ආවට තියන තැන හොයා ගන්න බැරි උනෝත් තමා වැඩේ වෙන්නේ
කොහොම හරි එන්න ඕන
ගියපාර එක පොටෝස් වලින් විතරයි නේ බැලුවේ
මේ ලැර එකවත් සියැසින් දැක බලා ගන්න ඕන
::O
ආ..මේ සැරේ නම් එනවාමයි..:D
මොනවා නැතත් බනියගේ මංගල සීනුවේ සද්දේ අහන්න එන්නම වෙනවා නේ
Post a Comment