13

සයිබර් සිහින බක්මහ උළෙල පසු සටහන...

සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙලා සති දෙකක් ගත වෙන්න තියෙන්නේ තවත් දින දෙකයි. ඒ වුනාට තවමත් බොහෝ දෙනෙක් සයිබර් සිහින බක්මහ උළෙල ගැන කතාබහ කරනවා. මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහෘද බ්ලොග්කරුවන් 175 දෙනෙක් සහභාගී වුනා. පිටියේ තරඟ ඉසව් 20 ක් සහ ඉසව් 9 කින් යුත් නිර්මාණ තරඟයක් පැවැත්වුනා. 


බොහොමයක් බ්ලොග් අඩවි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්ට් පළ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.
01) රනා ලියන බ්ලොග්
02) අපේ ඉසව්ව
03) බස්සිගේ නවාතැන
04) බ්ලොග් 360
05) ෂම්මිගේ සිහින ක්ෂිතිජය
06) අටම්පහුර
07) අඟහරු අඩවිය
08) සංකල්පනා - කුරුළුත් එක්ක ආදරෙන් 
09) හිරු නැති හෝරාව
10) ලියන්නා
11) නිමේෂය
12) නිමේෂ්ගේ ඩිජිටල් සටහන 
13) සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශය 
14) නාඩියාගේ නාඩි
15) තහනම් අඩවිය 

ඔය අතරේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුනේ පින්තූර ඇල්බම් වලට. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.
01) ගයනි දික්කුඹුර
02) තිසර මධුවන්ත (සිහින)
03) අනුෂ්ක ලක්මාල්
04) ලිෂාන් පුවක්ඕවිට
05) ගයාන් තාරක
06) දේවක සඳරුවන්
07) චාමර නුවන්දික 
08) ඔනෙල් කරුණාරත්න 
09) නිමේෂ් නිෂාර 

මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පළ වූ පුවත් වාර්තා කිහිපයක් මේ.

 01) දිනමිණ පුවත්පත
 02) ගොසිප් ලංකා නෙට්

තවත් මේ වගේ බ්ලොග් පෝස්ට්, පින්තූර ඇල්බම් ඇති. මේ තියෙන්නේ අපට හමුවුන කීපයක් පමණයි.

හැම අවුරුද්දකම බ්ලොග් අවකාශයේ මිතුරෝ සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය සහෘද බ්ලොග්කරුවන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. මෙන්න මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය වාර්තාව. 



ඕෂනික් ගේම්ස් වෙත අප ලබා දුන් බිල්පත් වල වටිනාකම සඳහා ඉහත රු 266,000 අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම එම බිල්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා සංවිධායක මණ්ඩලය සතුව පවතිනවා. මෙම අත ඉතිරි මුදල ඉදිරි වැඩසටහන් වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුමේ තැන්පත් කිරීමට නියමිතයි. 

අවසාන වශයෙන් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූ දයාබර ඔබ සැමට සංවිධායක මණ්ඩලය සිය ස්තුතිය පුද කර සිටිනවා.

තවත් සුවිශේෂී ඉසව්වක් සමග නොදුරු අනාගතයේදී මුණගැසෙමු...!

අපි "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ"

13 comments:

නාඩියා නාඩිරත්න said...

එකම පවුලේ අපේ උන්ගේ අවුරුද්ද! :)

ෂා වදන් said...

අනිවා ...හමුවෙමු ... කොට ඇද්ද එවුන්ට ප්‍රණාමය ..

අඟහරුවා. said...

අනිවාර්යේන්ම හමු වෙමු..... මගේ අඩවියත් ලැයිස්තුවට එකතු කරාට ස්තුතියි..

chamara said...

ඇත්තටම හුගක් වටිනා උත්සවයක් සංවිදානය කළා වගේම එකේ අවසානයත් හරියටම කරලා තියෙනවා කට්ටිය.
ස්තුත්යි..

පුළුවන් කෙනෙක් පොස්ට් නිමේෂය කියල දාල තියෙන ලින්ක් එක මන් පහලින් දාන ලින්ක් එකට මාරු කරනවද, මේක උඩ ක්ලික් කරාමයි දැක්කේ nimeshayak.tk කියන මගේ කස්ටම් ඩොමේන් එක ඊයෙන් එක්ස්පයර් වෙලා.දැන් එක ක්ලික් කරාම ඇඩ් ගොඩක් තමයි ඕපන් වෙන්නේ....

අලුත් ලින්ක් එක - http://nimeshayak.blogspot.com/2014/04/blog-post21.html

vicharaka said...

ස්තුතියි. බොහොම ස්තුතියි. නැවත හමුවෙමු.

Manasindiviyata said...

බෙහෙවින් අගය කරමි.

Unknown said...

හරිම සතුටුයි. ඇත්තට ම විනිවිද ව වැඩේ කරලා තියෙනවා. පළමුවෙන් ම ඔබේ කාර්යය වෙනුවෙන් අපේ උපහාරය. දෙවනුව නැවත නැවතත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදාට අපි අනිවා එනවා................................

සිරාගෙ කාමරේ said...

තොපිලා ආයෙම මුලිච්චි වෙන දවසකවත් හමු වෙන්න බලමු...ජය වේවා !

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

නැවත හමුවෙමු ගේට් එකකින්

Unknown said...

නැවතත් හමුවෙමු දෙසැම්බර් :)

චමී4යූ~chami4u said...

ජයවේවා ...!!!

Raj said...

ක්‍රිඩාපිටියේ වෙන්කිරිම් සඳහා සමාජික ගිනුමෙන් ලබාගත් මුදල ලැබීම් යටතේ මෙහි සඳහන් විය යුතුයි නේද...?

සයිබර් සැණකෙළිය said...

සාමාජික ගිණුමෙන් ලබාගක් මුදල ඕෂනික් ගේම්ස් වෙතින් ආපසු පියවා ඇති නිසා එලෙස ලබාගත් මුදල නැවත බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුමට බැර කරනු ලබනවා. එය තාවකාලිකව ලබාගත් මුදලක් පමණයි.

Post a Comment

Back to Top