19

මේ සැරේ අවුරුදු උත්සවේ තියෙන්නෙ කොහෙද?

ඔන්න අපි ඊයෙ පෙරේදා කිව්වා වගේ එළඹෙන අප්‍රේල් මාසෙ 20 වැනිදා මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. මෙදා සැරේ අවුරුදු උත්සවයේ බොහෝ දේවල් තීරණය කරන්න උදව් වුනේ දයාබර ඔබ. සමරු කලාපය කෙසේ විය යුතුද? නිර්මාණ තරඟයට ඇතුලත් විය යුතු අංශ මොනවාද? සිහින බක්මහ උළෙලේ පවත්වන තරඟ අංශ මොනවාද? කියන කාරණා වලදි ඔබගේ යෝජනා බොහොමත්ම වැදගත් වුනා.

මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල තියන්න වඩාත්ම සුදුසු කොතනද කියලා තීරණය කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට කරන්න තියෙන්නේ අප විසින් තෝරාගත් පහත දැක්වෙන ක්‍රීඩාංගන දෙක අතරින් ඔබට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, එහෙමත් නැත්නම් ඔබ වඩාත් කැමති ක්‍රීඩාංගය පහලින් දක්වලා තියෙන ෆෝම් එකේ සලකුණු කරන එකයි.

01. බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය
කොළඹ කොටුවේ ඉඳලා එනවා නම් 103,170,171,190, 144 ඕනෑම බස් එකක නැගලා බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව - බොරැල්ල 174 බස් එකේ බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්. 170,171,190 බස් වල එන අයට කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්. ගාළු පාරෙ එන අයට කොල්ලුපිටියෙන් 177 බස් එකේ ඇවිත් රාජගිරියෙන් බැහැලා 174 බස් එකේ නගින්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්.ගාල්ල අධිවේගී මාර්ගයේ එන අයට සහ හයිලෙවල් පාරේ එන අයට කොට්ටාවෙන් 174 බස් එකේ නැගලා බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්.මේ තියෙන්නෙ සිතියම


View Larger Map


02. වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය
මේ 2012 අවුරුදු උත්සවය පවත්වපු ක්‍රීඩාංගනය. මේ තියෙන්නේ එතනට එන විදිය එදා මේ බ්ලොග් අඩවියේ පළ කරපු ආකාරය.
 
කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.


View Larger Map

දැන් කරන්න තියෙන්නේ මේ තැන් දෙකෙන් වඩාත් සුදුසු තැන මෙන්න මේ ෆෝම් එකේ සලකුණු කරන එකයි.





ඔබේ ප්‍රතිචාර මේ සිකුරාදා, ඒ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා උදේ 8.00 ට කලින් ලබා දෙන්න. ඒ අනුව ඔබ වඩාත්ම කැමති ක්‍රීඩාංගනය අපි අවුරුදු උත්සවය වෙනුවෙන් වෙන් කරනවා.

සයිබර් සිහින බක්මහ උළෙලේ මූලික කටයුතු වලට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක්ම තිබෙනවා. සූදානමින් ඉන්න. ඉදිරියේදී විස්තර දැනගන්න ලැබෙයි.

19 comments:

pavithra weerapperuma said...

කුරේ කුරේ

සසිදු said...

අපිටනම් කොයිකත් එකයි, දකුනු පැත්තෙ ඈයො ගැන හිතල කුරේ එකට වෝට් කරනවා... :)

sAm (සෑම්) said...

වැඩි දෙනෙක්ට අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දීමට මේක වැඩිපුර ෂෙයාර් කරන්න..

ජය වේවා..

Lahiru Palihawadana said...

කොහේ තිබුනත් එනව..

Raj said...

කියල තියෙන විදිහට සහභාගී වෙන්නන්ට වැඩීයම පහසු කූරේ ක්‍රිඩාංගනය කියන එකයි මගේ අදහස.... හැබැයි ඔකේ තිබ්බ ෆැවිලියන් දෙකෙන් එකක් කඩා වැටුනනේව සුළඟක් ආපු වෙලේ දැන් හදලද කියන්න නම් මම දන්නෑ හොයල බැලුවද ? එක පාරක් අපි අවුරුදු උත්සවය ඔකේ තිබ්බා නේව ඉතින් වෙනසකටත් එක්ක බුද්ධදාස එකේ තියනවද කියන එකත් කල්පනා කොලාට කමක් නෑ මහිතේ නමුත් පැමිනිම ධනාත්මක වෙන විදිහක් සලකාබැලීමත් වටිනව නේද ?

වැප් said...

කුරේ රේ රේ

Skyman125 said...

එලද බ්‍රා කිව්වලු... බ්‍රා අඳින්නෙ නැති කෙල්ලන්ට පහසු තැනක් කොහෙ වුනත් කමක් නෑ...

…බයි ද වේ... මම කෝට්ටේ රාජධානියේ වැසියෙක් බැවින්ද, ලැවිනියා එකට ලඟ බැවින්ද, බුද්ඪ්දාස එකට චන්දය දුන්නෙමි....

රාජ් said...

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය

නජාත් අක්‍රම් said...

අපිට කොහෙත් එකයි හරිය!! :P :P

අටම්පහුර said...

එව්වා කොහෙද , මහර මර්වින් සිල්වා ක්‍රීඩාංගනය

Anonymous said...

හි හි

Unknown said...

ගම්පහ මල් වත්ත අවුල්ද .. මම පොඩි නිසා තනියම එන්න දෙන එකක් ලෑ ඇත .. -_-

අරුණ හෙට්ටිආරච්චි said...

අන්න ඒකෙ තිබ්බොත් පැනලා එන්නේ අපි

ජිංජි බිරිස් said...

ඕනි ඔළු ගෙඩියක තියපන්

Unknown said...

කොහොම උනත් මම ඔය තැන් දෙකම දන්නෑ...අවුරුදු පහකින් කොළඹ පැතත දැක්කෙත් නැහැ..කළුතර ඉඳන් යන, පාරවල් දන්න තුන්දෙනෙක් ඉන්නවානම් ප්‍රවහන පහසුුකම් නොමලේම දෙන්න පුලුවන්..!!

FOOBAR 101 said...

කොහෙ උනත් එකයි :D

Unknown said...

කොහේහරි හම්බවෙන්න ඔනී

කෝරලේ මහත්තයා said...

පැලවත්තේ හොඳයි

අරුණ හෙට්ටිආරච්චි said...

වැල්ලවත්තේ එකට වෝට් දෙක තුනක් මමම දැම්මා. හයියෝ සල්ලි :/

Post a Comment

Back to Top