50

සයිබර් සිහින බක්මහ උළෙල මේ පාර තියෙනවාද?

හැම වසරකම බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ ආදරණීය දායකත්වයෙන් පැවැත්වෙන, සහින සයිබර් බක්මහ උළෙල පිළිබඳව දැන් ඔබට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ.. හැම වසරක ලෙසින්ම මෙවරත් එය ඒ අයුරින්ම උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. මේ සූදානම් වෙන්නෙ පළමු වැනි වෙඩි මුරයට..

              2014 අප්‍රේල් මාසෙ 20 වැනිදා ඉරිදා දවස

වෙන කිසිම වැඩක් දා ගන්න නම් එපා. එදාට තමයි මෙවර සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ.තියෙන තැන හෙට අනිද්දට දැනගන්න ලැබේවි.

සයිබර් සිහින බක් මහ උළෙළට සමගාමිව මෙවරත් පැවැත්වෙන නිර්මාණ තරඟය ඔබ හැමටම විවෘතයි. මේ තරඟ අංශ පවත්වන්න කියලා යෝජනා කලේ ඔබමයි. ඒ නිසා හොඳ තරඟයක් දැකගන්න ලැබේවි.

මෙන්න මෙවර තරඟය ගැන සම්පූර්ණ විස්තරය

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතු වන අතර මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ නවයක් (9) යටතේ පවත්වනු ලැබේ.

- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ

- කෙටිකථා

- ගද්‍ය රචනා

- විචාර ලිපි

- චිත්‍ර

- ඡායාරූප

- ගී පද මාලා

- සිනමා විචාර

- කාටුන්

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ සියල්ලටම ඉදිරිපත්විය හැකිය.

5. සෑම අංශයකින්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සයිබර් සිහින බක්මහ උළෙලේදී සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2 සහ 3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ නිල බ්ලොග් අඩවියේ පළ කරනු ලැබේ.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇති බව සලකන්න.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඬුල්ල සතු වේ.

8. අතින් ගෙනැවිත් දෙන නිර්මාණ හැර අනෙකුත් සියළුම නිර්මාණ මෙන්න මේ පෝරමය මගින් ඉදිරිපත් කරන්න පුළුවන්.

9. චිත්‍ර, කාටුන් සහ ඡායාරූප ගෙනැවිත් භාර දීමට හෝ තැපෑලෙන් එවීමට අවශ්‍ය අය වෙතොත් ප්‍රදීප් ගුණරත්න, අංක 88/1, වල්පොල , මුල්ලේරියාව නව නගරය යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය හැකි අතර ඊට පෙර පහත අංක වලට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන්න. 0772099578, 0713556165.

10. චිත්‍ර - මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  18 X 14,

ඡායාරූප කඩදාසිය    :- දිලිසෙන හෝ මැට් කඩදාසි (ඕනෑම කැමරාවකින් ලබාගත් නිර්මාණ වලංගු වේ. ඡායාරූපය පිළිබඳ තොරතුරු ඡායාරූපය සමග ඉදිරිපත් කල යුතුය. උදා: Date taken and location, Dimensions, Camera, ISO, Flash (used or not used), Exposure)

ප‍්‍රමාණය     :- අඟල් 10 × 12

කාටුන් මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  10 X 12

ගද්‍ය රචනා, විචාර ලිපි සහ සිනමා විචාර මුද්‍රිත වචන 3000 කට නොවැඩි විය යුතුය.

11. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මාර්තු 25 වෙනිදා බව සලකන්න.

12. ඔබේ පහසුව සඳහා චිත්‍ර, කාටුන් සහ ඡායරූප වල මෘදු පිටපත් (Sofr copy) පෝරමයට යොමු කරන්නේ නම්, ඒවා ඇගයීමේදී මුද්‍රිත පිටපත් ලෙස ලැබෙන නිර්මාණද සමඟ එකම කැටගරියෙහි ලා ඇගයෙන බවද කරුණාවෙන් සලකන්න.

..............................................




දැන් එහෙම නම් පටන් ගන්නයි තියෙන්නෙ ලහි ලහියේ තරඟ වදින්න...


සිංහල අවුරුද්දෙන් පසුව එළඹෙන අප්‍රේල් 20 වැනිදා...එහෙම නම් කට්ටිය ආයෙත් හමුවෙනවා.. දැන්මම රට රට වල ඉන්න අය නිවාඩු ගන්න දින තීරණය කරගෙන සූදානම් වුණොත් හොඳයි.. 

ඔබ කැමති නම්, සයිබර් සිහින බක්මහ උළෙලට ඔබේ විශේෂ අනුග්‍රහය ලබා දෙන්න. එය විද්‍යුත් ලිපියකින්(cybernewyearfestival2011@gmail.com) අපට දන්වන්න..

පවත්වන තැන, වෙලාව, එන විදිහ, සමරු කලාපය , තරඟ, තරඟ අනුග්‍රහ , මාධ්‍ය අනුග්‍රහ, සහභාගි වීමේ පෝරම සියල්ලම ගැන පිළිවෙලින් පස්සෙන් පස්සට තොරතුරු ලැබෙන තුරු ඉවසගෙන ඉන්න.නිවේදන කටයුතු වලට උනන්දුවක් දක්වන අයත් කටහඬ එහෙම හදාගෙන සූදානමින් හිටියොත් හොඳයි.

තවම කස පුපුරන්න පටන් ගත්තා විතරයි.!! මේ පාර බොහෝ දේවල් වෙනස් වන්නට නියමිතයි කියලයි ආරංචිය... අවධානෙන් ඉන්න..!!






50 comments:

Shammi said...

හැරෙන්නවත් ලැබුනෙ නැහැනේ බීච් පාර්ටිය ඉවරවෙලා.. :3
ලබන මාසේ ඉවරවෙලාම තාත්තාගෙන් පර්මිෂන් ගන්නවා.. අප්‍රේල් 20, අපේ තාත්තාගේ උපන් දිනේ.. :3

නාඩියා නාඩිරත්න said...

ඔය බලපන්කො! :/ 20 වැඩක් දා ගත්තා ගිය සතියේ! :'(

Anonymous said...

අයියෝ..............මං ටිකට් ගත්තා ගිය සතියේ .. මාර්තු 10 ඇවිත් අප්‍රියල් 16 ආපහු එන්න ,, කලින් දන්නවනම් ,,පරක්කු වෙලා එන්න තිබ්බා, :(

සසිදු said...

යකෝ මුල් 3න්දෙනාම එන්න බෑ කියල, සික් :/

Unknown said...

මේකටවත් එන්න බලමු.නිවාඩු කියන්නෙ ලේසි දෙයක් නෙමේ . .

සුදු මහත්තයා said...

ඊලඟ අවුරුද්දේ එන්නම් ^_^ මෙදා පාර බෑ -_-

Lahiru Palihawadana said...

බලමු බලමු... එන්න හෙන ට්‍රයියක් දාන්නම්

සහෝදර said...

ට්‍රයි ට්‍රයි එන්න හිතන් ඉන්නෙ :)

Anonymous said...

බොරු නොකියා හිටහන් බන් ... :v

Anonymous said...

නියමයි ... පාර්ටි දෙකයි ... :)

වැව් ඉස්මත්ත said...

හුහ් හුහ් හා......

Nimesh Gamage said...

එලස්..එහෙනම් ඔන්න 20 අයින් කරා..

samakayawate said...

මේ තියෙන්නේ ලෙසටම....

vicharaka said...

දුවන පනින තරග වලට සහභාගී වෙන්න මම තවම 'ලා බාල වැඩි නිසා' හිතේ සහ ගතේ හයියෙන් කලයුතු තරගයක් කියලා දෙන්නම් උළෙල ආසන්න වුනාම. ගැහැණු පිරිමි කාටත් තනි තනිව සටන් වදින්න පුළුවන්. තුවාල වෙන්නේ නැහැ.

දිනූෂගේ අඩවිය said...

කොහෙද තියෙන්නේ???????????

සයිබර් සැණකෙළිය said...

පාටි වලට කව්ද අකමැති? හැම මාසෙම තිබුනත් එයි.

සයිබර් සැණකෙළිය said...

ඔය බොරු.

සයිබර් සැණකෙළිය said...

තව සතියක් පස්සට දාගන්න උත්සහ කරන්න. අමතක නොවෙන අත්දැකීමක් වේවි.

සයිබර් සැණකෙළිය said...

ඔය කිව්වට එදාට එයි. බැඳීම් කොහොමද අමතක කරන්නේ?

සයිබර් සැණකෙළිය said...

දැන්ම තියා ලෑස්ති වුනොත් එන්න පුළුවන් වෙයි.

සයිබර් සැණකෙළිය said...

එන්න එන්න. එක දවසක් ආවා කියලා ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.

සයිබර් සැණකෙළිය said...

ට්‍රයිය එපා. එන්න.

සයිබර් සැණකෙළිය said...

ට්‍රයිය එපා. එන්න.

සයිබර් සැණකෙළිය said...

හුහ් හුහ් හා......

සයිබර් සැණකෙළිය said...

අයින් කරා???? එතකොට අවුරුදු උත්සවේ 21 ද?

සයිබර් සැණකෙළිය said...

කියලා වැඩක් නෑ...

සයිබර් සැණකෙළිය said...

//'ලා බාල වැඩි නිසා'// ඇයි තරඟ තියෙන්නේ 60 ට වැඩි අයටද?

සයිබර් සැණකෙළිය said...

කොළඹ තමයි තියෙන්නේ. හරියටම කොතනද කියලා සතියක් ඇතුලත කියන්නම්.

Anonymous said...

මං මෙදා ගත්ත ටිකට් එක ෆ්ලෙක්ෂිබල් නැහැ මං කෝල් කරලා බැලුවා ,, ආයේ ඉතින් තව අවුරුදු 2 කින් වගේ තමයි ..කට්ටිය මඩ ගහගද්දී තමයි බලන්න වෙන්නේ

සිරාගෙ කාමරේ said...

සිරිලංකාවට එන්න අදහසකුත් තියෙනවා...හරියටම කියන්න බෑ...සියලු කටයුතු සාර්ථක වේවා කියා ඉත සිතින් පතනවා....

සසිදු said...

අවුරුදු 2ක්? :o එදාට කියහන් මනුස්පය එන්න දෙන්නෑ කියල :P

samakayawate said...

දැන්ම තරගයේ විස්තර සංවිධායක මණ්ඩලයේ අයට කිව්වොත් එය සංවිධානයට පහසුයි. ඒ ගැන විස්තර මගේ මේලට හෝ දාන්න. එවිට එම විස්තර සංවිධායක මඩුල්ලට දැමිය හැකියි විචාරක

The තරුවා said...

ඒ...මේ...මේ සැරේ එද්දි බොඩි ආමර් එහෙම ඕනිද දන්නෑ නේද ඈ.. :3 :D

නාඩියා නාඩිරත්න said...

ඇත්ත.. :(

Unknown said...

මේ පාර නම් නොමලොත් එමි

අටම්පහුර said...

ෆ්ලෙක්ෂිබල් නැත්තං ඕක ඉරලා විසිකරපං , වෙන එකක් ගනිං , 16 එනවා කියලා සීයව අන්දපං , 26 පලයං

අටම්පහුර said...

නිදහසේ දෙකක් දාගන්ඩ පුලුවං තැනක තියමු

අටම්පහුර said...

අපෝ එහෙනං මං එන්නේ නැ

දුකා said...

නිවාඩු ගන්න වෙන්නේ නෑ පුතාගේ ඉස්කෝලේ නිවාඩුව ලැබෙන්නේ ජුනි නිසා මට නිවාඩු ඇප්ලයි කරන්න වෙන්නේ ඒ කාලෙම තමයි . .
එනිවේ මගේ සුභ පැතුම් . . .

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

නියමයි මම පහළව ලංකාවේ..!!

Unknown said...

මැක්සා .. ආයිත් සෙට් වෙමු .. මේ පාරත් පොඩිම එකා මං .. :D

Anonymous said...

:D

Shammi said...

එන්නෙ නැත්තෙ නෑ බොල, :D තාත්තාව සේප් කරගන්න බලන්නම් :3 ඒ නිසා වර :D

චතුවී said...

නිදකින් .. එකෙක්වත් එන්ව කියල නෑනේ .. ඔක්කොම බලන්නම් තමයි

Windika123 said...

එමි

Podi Shan said...

එන්ඩ තමයි හිතන් ඉන්නෙ ඈ

Abeetha Edirisinghe said...

ayyo... ayye,, aparadhene.....

Abeetha Edirisinghe said...

එමි. බලමි. යමි.

Aruni Kalupahana said...

හයියෝ දැන් දැක්කේ :(

Post a Comment

Back to Top