2011 අවුරුද්දෙ ඉඳලා හැම අවුරුද්දකම මේ වගේ දවස් කීපයක් අපේ මතකයට එකතු වෙනවා. එහෙම එකතු වෙන්න අවකාශ සලසන්නේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සහෘද එකමුතුව. "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය" කියන තේමාව පෙරදැරිව බ්ලොග් අවකාශයේ මිතුරෝ විවිධාකාරයේ සුහද හමු පවත්වනවා. එහි ප්‍රධානම හමුව විදියට සැලකෙන්නේ "සයිබර් සිහින බක්මහ උළෙල". ඒ වගේම මෙවැනි එකමුතුවක් ඇති වෙන්න මූලික කාරණයක් වුන "සමාජ සත්කාර වැඩසටහනකුත්" සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා මේ වසරේ නැති වුනත්. මේ දක්වා අපි ආපු ගමන් මග ඉහල තියෙන අපි ගැන කියන ටැබ් එකට ගියොත් කියවන්න පුළුවන්.
ඉතින් මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඔබට. විස්තර කරලා කිව්වොත් එළඹෙන 2014 අවුරුද්දේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සුක්කානම බාර අරගෙන අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයේ බැඳීම් වර්ධනය කරන්න දායක වෙන්න කැමති ඔබට. පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන තවත් මේ වගේම මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්...... මෙන්න මේ ෆෝම් එක දෙසැම්බර් 31 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න.
බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් වැඩ ටිකක් එක්ක හමු වෙමු. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.
යන්න කලින් අපි අන්තිමට හමුවුන දවසේ මතකයන් ටිකක් ගැන ඔත්තුවක් දෙන්නයි මේ හදන්නේ.
මෙන්න පින්තූර ඇල්බම්.
01. ජනරඟ
02. සිහින
03. බනී 01
04. බනී 02
05. වෙනිවැල් 01
06. වෙනිවැල් 02
07. යසන්ත
08. දේවා
09. අයේෂා 01
10. අයේෂා 02
11. තරුවා
12. සසිඳු 01
13. සසිඳු 02
(සමූහ ඇල්බම් දමා ඇති නිසා එකම ඇල්බම් එක තැන් දෙකක ටැග් වී තිබිය හැක)
බ්ලොග් පෝස්ට්
01. ලියන්නා
02. සිතැඟියාව
03. තහනම් අඩවිය
04. හත්පෙති මල
05. අටම්පහුර
06. මුදියා නොහොත් සමියා
07. සිතුවිලි හන්තාන
08. සසිඳු
09. බොර දියක ඉඳුවර
10. දේව්ගේ අඩවිය
11. සුවිසැරිය
12. අඟහරු අඩවිය
13. නදී නිම්නය
14. ඇවිද්ද පය
වීඩියෝ
03. ගයාන් තාරක
04. අනුෂ්ක ලක්මාල්
05. සුවිසැරිය
06. ගෙම්බාගේ ගීතය
පත්තරේ විස්තරේ
01. දිනමිණ
මේ දන්න ටික. තව තියෙනවා නං කමෙන්ට් කරන්න. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් නායකත්වයක් එක්ක හමුවෙමු.
සුබ නත්තලක්....! සුබ අළුත් අවුරුද්දක්....!
24 comments:
බ්ලොග් අවකශයෙ මිතුරන්ට තවත් ඉදිරියට යෑමට ශක්තිය ලබෑව...
සුක්කානම භාර ගන්න පුලුවන් සෙට් එකක්ම දැක්කා බීච් පාටි එක දවසේ ... ඔවුන් අනිවා මේක භාරගනියි
පට්ට ආ !! ඔක්කොම මෙතන තියනවා !!
පට්ට පට පට.ඔක්කොම එකම තැන තියෙනවා,එන්න බැරි උනාට මේ ටික ඔක්කොම බැලුවම දල අවබෝධයක් ගන්න පුළුවන් උනා :D
බ්ලොග් අවකාශයේ මිතුරෝ දිනේවා :)
ඉදිරියටම යමු.
2013 ගෙට්ටු ඔක්කොටම අපි ආවා එහෙනං ඈ... ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ජය!!! :)
යන්තම් 2013ට සෙට් වුනා. නියමයි.
සුභ නත්තලක්...! සුභ අළුත් අවුරුද්දක්...! සියළුම බ්ලොග් අවකාශීය මිතුරන්ට
සියල්ල එකම වහලක් යටින්. මෙන්න මේවා තමයි හොඳ වැඩ කියන්නේ
ෂා...නියමයි....සේරම ටික එකට තියෙනවා. ඒක නම් හරි වැදගත්.......
සියල්ල එක තැන! නියමයි! ලබන අවුරුද්දේ නෙවේ ඊළඟ අවුරුද්ද වෙද්දී මගේ විභාග කටයුතු ඉවර නිසා සුක්කානම බාර ගන්න පුළුවන් තත්වෙක මම ඉඳීවි...
ජය පතනවා... ^_^
සුභ පතනවා ....
කෝ බන් මම දාපු පොඩි මඩ පාර? උඹලට බැරි නම් මමම ලින්ක් එක දාගන්න.
මඩ නෑ ගල් නෑ නියම රාත්තල.. සතුටට සත පහක්..!
ඒක දැක්කෙ දැන්. ලයිස්තුව ලියනකොට දැනගෙන හිටියෙ නෑ.
WISH YOU ALL THE BEST...
අපිත් සහයෝගය දෙනවා ඉදිරි වැඩ කටයුතු වලට, මගේ පෝස්ට් ටිකත් දැම්මාට ස්තූතියි :)
සුබ වේවා.... ජයෙන් ජය.....
2014 අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථක වේවා
පරණ දෙවල් බලලා අලුත් අවුරුද්දේ අලුත් විදිහක වැඩක් කරන්න පොදු අරමුනක් ගැන හිතන්න ගටක් තියෙන තරුණ කෙල්ලො කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා පට්ට ආතල් එකක් ලබන අවුරුද්ද පුරාවටම දෙයි කියල මටත් හිතෙනවා. ඉතින් මුලඉඳන් අගටම ගේමක් දෙන්ඩ පුලුවන් පට්ට සෙට් එකක්.. අලුත්වෙලා තියෙන විහාරමහදේවි පාර්ක් එකට අලුත් විදිහට සෙට්වෙලා වැඩක් දෙයි කියන එක තමයි මගේත් එකම පැතුම ජය..!!!
හික්ස් තරුණයි කිව්වට වයසින් පරණ වෙච්චි තරුණ හිත් තියන ඔන කුක්කෙකුට කික්කියකටත් ඔව්වට සෙට්වෙන්න තහංචි නැතුවැති මහිතේ හික්ස්..!!
මොකද ඔයා හික්ස් හික්ස් ගාන්නෙ...නත්තලට බීපුවා කටින් එනවද ? :D
අඩොව්.. :D
ඇ ඇ .. එළනේ ඇ ..
මෙවර සිහින බක්මහ උළෙල නැද්ද? තොරතුරු දන්වන්න..ස්තූතියි
Post a Comment