වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?
සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.
ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙ. ඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙ. ඉතිං දැන් අපි දිගටම වැඩ.
මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.
එසේ නම් සුන්දර සාදයේ ආරාධනාව................................. ඔබ හැමටමයි
ලෝගෝව නිර්මාණය ලිෂාන් පුවක්ඕවිට ගෙනි
|
පුංචි අය වගේ ආසා ද වැලි සෙල්ලම් කරන්න, මුහුදෙ නාන්න, විනෝද වෙන්න, එකිනෙකා හඳුනා ගන්න, කතා බහ කරන්න , ගී ගයන්න, නටන්න ......... ඒ වගේම පොටෝ උන්මාදයටත් තව තව දේවල් හුඟක් දේවල් වලටත් හොඳම තැන වෙරළ තීරය.. ඒ නිසාමයි මෙවර අපි Beach Party සංකල්පයට ගියෙ... ඔබ වෙනුවෙන්ම.
ලංකාව දූපතක් තමයි.., රට වටේම වෙරළ තීරයකුත් තියනවා ... ඒත් අපි හැමෝටම එකම මොහොතක එකතු වෙන්න පුළුවන් එක තැනක් ඕනෙ කරන නිසා, හැමෝටම පහසු වෙන්න අපි ගල්කිස්ස ප්‍රදේශය තෝරා ගත්තා.
ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia ) වල තමයි මේ උත්සවය සංවිධානය කෙරෙන්නෙ. විශේෂයෙන්ම සනීපාරක්ෂක පහසුකම් සහ උත්සවය සඳහා පැමිණෙන ගැහැණු ළමයින්ගේ ආරාක්ෂාව තහවුරු කළ හැකි ස්ථානයක් ලෙස මෙතැන හඳුන්වන්න පුළුවනි.
නත්තල් කාලෙ හැමතැනම උත්සවනෙ. හැමෝටමත් උත්සව. මේකත් ඉතින් ජීවිතයට අමතක නොවන වටිනා කියන සරණකෙළියක්. ඒ නිසාම සොඳුරු යාළුවො රැසක් සමඟ නත්තල් කාලය පටන් ගන්න ඔබට අවස්ථාවක් දෙන්න අපි හිතුවා. ඒ නිසාමයි මේ සොඳුරු Beach Party ය දෙසැම්බර් 21 වෙනිදා තියන්නට සංවිධායක මණ්ඩලය තීරණය කළේ.
උදෑසන 8 වෙනකොට ඔබ ජෝ ජෝ ගෙ නවාතැනට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, නිල වශයෙන් මේ සොඳුරු සැණකෙළිය සවස 4 ට නිමා වෙන නිසා, දුර බැහැර සිටින ඔබට කරදරයක් නැතුව ගෙදර යන්නත් පුළුවන්. කැමති නම් රාත්‍රිය ගෙවෙනතුරු රැඳෙන්නත් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, හැමෝටම එකතු වෙලා කළ හැකි ක්‍රීඩා කිහිපයකුත් අපි සංවිධානය කරන්න බලාපොරොත්තු. ඒ ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.
කෑමට බීමට සහ ස්ථානය මිලදී ගන්න වගේම, අවශ්‍ය අනෙක් වියදම් පියවා ගන්න රු 350 ක ප්‍රවේශ පතක් නිකුත් කරනවා.
ඉතින් සතුටු වෙන්න.. යාළුවො හඳුන ගන්න.. ඒ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයට එන්නෙ මෙන්න මේ විදිහට..
වැඩි විස්තර හදිස්සි නම්, මේ අයට පුංචි call එකක් දෙන්න.
නලීන් දිල් රුක්ෂ - 0777 210 068
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
රසික නානායක්කාර - 0718 252 735
අසංක සෙනෙවිරත්න - 0779 060 830
එහෙමනම්.. 2013 දෙසැම්බර් 21 වෙන කිසිම වැඩක් යොදා ගන්න එපා. එදාට උදේ 8 ඉඳන් මුලු දවසම.. ගල්කිස්සෙ මුහුදු තීරයේ සයිබර් සිහින රජ කරවමු.. තව හොඳ හොඳ තොරතුරු සහ වැදගත් දේ පසුවට..
මෙන්න මෙතනට ගිහින පැමිණිම තහවුරු කරන්න.
46 comments:
නුවර ඉදන් එන කස්ටිය පොඩ්ඩක් අත උස්සන්ඩෝ
වෙලාවටම අපි එතන :3
අම්මටසිරි ඇඩෙනවා දාලා... නයිට ගහමු නයිට ගහමු.
බෝඩිමේ බුදියනවා... නැත්තන් ස්ටේෂන් එකේ බුදියනවා... ඕවත් වැඩද? ^_^
වෙලාවට අපි ඔතන :))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න ඉස්සුවා.....:)
එනෝ එනෝ......ගිය සැරේ මිස් වෙච්ච එකටත් එක්ක මේ සැරේ නම් අනිවා එනෝ.......
ඇඬුනට කමක් නෑ කොහොමහරි වරෙන්....
එහෙනම් අපිත් එනවා
ඇහුවට තරහා ගන්න එපා. මටම කියලා බොලොක්කයක් නැති උනාට මමත් කාගෙ කාගෙත් ඒවා නිතර කියවන කෙනෙක්. මටත් අවසරද දන්නැ ඔය පැත්තට එන්න
..
අපිට නම් ඉතින් කිවත් නොකිවත් එනවා.... අපි අදුනන අය කිප දෙනෙක් වත් ඉදිවිනේ....
නංගි පිටේ එහෙම එන්න එපා ඔන්න
අනිවා එන්න බ්ලොග් ලියන කියවන හැමොටමයි මේ ඇරියුම.
ජය පතනවා වැඩේට ....
උඹ කවුද බං
එහෙනං එදාට හමුවෙමු.
අපිට ඉතින් ෆොටෝ වීඩියෝ ,,එක එක්කෙනාට වෙච්ච වැඩ තමයි බලන්න වෙන්නේ යන කට්ටියගේ බ්ලොග් පෝස්ට් වලින් සුබ පැතුම්
මාත් එනවෝ
බොහොම සන්තෝෂයි...මේ වැඩේ අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කොරනවා...රට පැන්න අපිට බලාගන්න ෆොටෝ වැල අමුණන තුරු ආශාවෙන් බලාගෙන ඉන්නෙ...
ඉස්සර මම බොරැල්ලෙ වැඩ කරන කාලෙ ඔය කියන තැන තමයි අපේ උපන් දින සැමරුම් ගත්තෙ...ඒ හරියෙ වෙරළ තීරයත් ලස්සනයි...
අලේ මමත් එනෝ.... මගේ පොඩි එකා කට්ටිය බලා ගන්නවදෝ
නලීන්......කණගාටුයි සහ ඊරිසියයි.......මොනවා කරන්නද.....උඹලාට ඔය වෙනුවෙන් ආධාරයක් කරන්න ඕනනම් කොහොමද කරන්නේ? තොපි බීපියවු.
නෑවිදින් කොහොමද? අපි එනවා!!!! ;) ;) :) දැන් අහපියව් අපි කිව්වේ?? ;) :) &*^&*%&$
බීපියව්,මල ඉරිසියාවයි යකෝ,වැඩේට සුබ පතනවා.
බොහොම ස්තුතියි අරූ..... ආධාරයක් කළ හැකි විදිය ප්‍රදීප් මෙතැනට දමාවි. මෙයින් අපට මුදල් ඉතිරියක් වුණොත් එය අපි සමාජ සත්කාරක වැඩසටහනට එකතු කරනවා.
ඔබේ නාමය එදිනට අපගේ මුවග නිති රැදේවි
කස්ටියටම සුභපතනව. අපිටත් හරියන්න ෆන්එක ගන්න කට්ටිය නැතෑ!
අර චූටි නංගියා එක්කද ?
අපි ඒ ගැන සවිස්තරාත්මක පෝස්ට් එක ඉදිරි සතියේ පළ කරන්නම්. ස්තුතියි මිත්‍රයා.
මමත් එනෝ අරුත් එනෝ :D
මන්නම් කට ඉස්සරකරගෙන්නේ නැතුවා..ගියපාර එන්නත් බැරිවුනා නෙව
අපි පයින් එන්නෙමු... ඇමති මණ්ඩලෙත් බහිනවයි කිව්වේ... ^_^
ඔන්න එහෙනම් මේ පාර අපිත් එනෝ...ඉස්ඉස්සෙල්ලාම තමයි අපිනම් සෙට් වෙන්නෙ ඔන්න..ෆන් එකක් ගමු එහෙනම්..
අනිව මමත් එකෙන්ම එනව... සෙට් වෙමු එදාට කැරකෙන්න.....
එන්න තිබ්බා නම් මරු ඒත් කොහිද අපිට විභාගේ නෙව.... :'( ජොලි කරලා බුකියේවත් පින්තූරයක් දාපල්ලා අපිට බලන්න එක්ක....
මාත් හෙනම් එන්නම් !!
හැමදාම මිස් වෙනව ඇරෙන්න එන්නනං වෙන්නෑ මටනං... කරුමෙ...
මාතර ඉඳල එන අය අත උස්සන්ඩෝ...
@ සරමයි , පනිට්ටුව ( වැඩිපුර ඉන්දියාවකුයි ) රෙඩි කරමින්.
මාත් එනෝ...
ඉරිසියා කරකර ඉන්න
gd work :)
මාත් එනෝ..
ඒත් මනෝ ...
වැඩේට අපෙනුත් සුබ පැතුම්...
mata anna wenne ne machanla sorry. elaga para set wemu. ravindra.
http://sl-it-help.blogspot.com/
අයියෝ ඔයා බැදල ද?
බලමු....
එනෝ එනෝ ...
මමත් එනවා ... හැබැයි මාව හලන්න එපා ඇ .. පොඩියි කියල ... :/ :)
Post a Comment