86

සැරසේන්.... 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය..ට..!!!



හැමෝටම මතක ඇති පහුගිය දවස් වල පොඩි කතාබහක් ගියා බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සැළසුම් වෙනවා කියලා. හැබැයි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියන්නැහේ...... ඔන්න වෙස්බැඳලා, ප්‍රැක්ටිස් කරලා, ලස්සනට සැළසුම් කරපු  නැට්ටුවා එළියෙ නටන්න පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නෙ.
             
                      2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහන...... ඩෙං කුටු තක දෙං....
                     
                     අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්ථකාලය සඳහා පොත් පරිත්‍යග කිරීම.....

                        
                    
 සයිබර් සිහින උළෙලට සමගාමීව සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කිරීම පහුගිය අවුරුද්දේ පළවෙනි සයිබර් සිහින උළෙලේ ඉඳලා සිද්ධ වෙන දෙයක්. 2011 අවුරුද්දේ සයිබර් සිහින උළෙල සැළසුම් වෙනවත් එක්කම ඒ වෙනකොට අසනීප තත්වයෙන් හිටපු ඉලන්දාරියා (දිළුම්) වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස ඇතිවුනා. 
                   
                    දිළුම්ට සවන් ලබාදීම වෙනුවෙන් බ්ලොග්කරුවන් ඒකරාශී වුනා. ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල වෙන්වුනේ ඔහු වෙනුවෙන්. නමුත් 2011 මැයි මාසෙ දවසක ඉලන්දාරියා සදහටම ලෝකයෙන් සමුගත්තා. ඒත් ඔහු වෙනුවෙන් ඒකරාශී වුන බ්ලොග්කරුවන් වෙන් වුනේ නෑ. දිළුම්ගේ තුන් මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිණවීම සිදු කලා.
                   
                  ඒ කණ්ඩායම නැවත වරක් එකතු වුනේ ජෙරූෂා පුංචි දුවට කර්ණශංඛ බද්ධයක් කරන්න. නැවත වරක් මුදල් හොයාගෙන 2012 ජනවාරි මාසෙදි ඇයට සවන් ලබාදෙන්න ලංකාව තුල සහ ලංකාවෙන් පිටත ඉන්න අපේ කට්ටිය සමත් වුනා. මතකයිනේ මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල දවස පුරාම ඇය අපත් සමග හිටියා. ඒ වෙනුවෙන් ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල සංවිධානය කරපු දුකා, වැප්, අභීත, මගේ මරණය ඇතුළු කණ්ඩායම ලොකු කැපකිරීමක් කළා.

                2012 සයිබර් සිහින උළෙල බොහොම සාර්ථකව අවසන් කරපු අපි ආයෙත් සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කරන්නට. ලංකාව පුරාම විසිරිලා ඉන්න අපේ බ්ලොග් සහෘදයන් මේ වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කලා. 
                 
                  අවසාන වශයෙන් ඉතිරි වුන යෝජනා තුනකින් හිස් අහස බ්ලොග් අඩවිය ලියන සඳරු සහෝදරයා ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක කරන්න බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අප සතුව තිබෙන මුදල් වඩාත් ඵලදායි ලෙස යොදවන්න පුළුවන් මොන ව්‍යපෘතියද කියන එක බොහොම පැහැදිලිව අද්‍යනයක් කලාට පස්සේයි.

                     අම්පාර   දිස්ත්‍රික්කයේ  උහන  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ කියන ගමේ තමා ගලහිටියාගොඩ මධ්‍ය මහා  විද්‍යාලය පිහිලා තියෙන්නේ . අම්පාර නුවර පාරේ කිමි 25 විතර ගියාම ගලහිටියාගොඩට යන්න පුළුවන්. කැළයෙන් වට වුනු පුංචි ඉස්කෝලයක් වුනාට මේ පාසල මධ්‍ය මහා   විද්‍යාලයක් නිසා උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යයාව 650ක් විතර වෙනවා. ඒ වගේමයි මේ පාසලේ උසස්පෙළ , සාමන්‍ය පෙළ සාමාර්ථ බොහොම ඉහලයි . දැනට මේ පාසලේ පුස්ථකාල ගොඩනැගිල්ලක් සහ රුපියල් 5000ක් පමණ වටිනා පොත්පත් තියෙනවා. නමුත් ඒ පොත් ප්‍රමාණය උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලකට කොහෙත්ම ප්‍රමාණයවත් නැහැ.
  
 

   ඒ නිසයි 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 

"දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!

 කියන තේමාවෙන් මේ විදියට ආරම්භ කරන්නේ.

                               බ්ලොග් අවකාශයේ සුහදශීලි මිනිසෙක් විදියට හැම කෙනෙක්ගේම ආදරය දිනාගෙන ඉඳලා අපි අතරින් වෙන්වුනු ඔබ්සවර්හෙවත් සනත් විජේවර්ධන මහත්මයා සහ ගිය අවුරුද්දේ අප අතරින් වෙන් වුනු ඉලන්දාරියා සිහිපත් කරලා ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත් මේ සමාජ සත්කාර වැඩසටහනේ තවත් අරමුණක්.

                               සයිබර් සිහින උළෙලට මුල්‍ය ශක්තියෙන් හයියක් වුන ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙන් අපිට ලැබුණු රුපියල් 60000 ක මුදලක් මේ වෙනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල ශාඛාවේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල සපයගන්න සම්බන්ධීකරණ ශක්තියෙන් සහයොගය දුන්න ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවිය ලියන අභීත සහෝදරයාත්, ටෙලිකොම් ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙවෙලාවේ මතක් කරන්න ඔන. [ඉහත ගිනුම් විස්තරය බලන්න]

                               දැන් බ්ලොග් ලියන කියවන අය කල්පනා කරනවා ඇති අපි කෙහොමද මේකට දායක වෙන්නේ කියලා. ආකාර දෙකකට ඔබට මේ කටයුත්තට දායක වෙන්න පුළුවන්. 

පළවෙනි ආකාරය තමයි පොත් පත් පරිත්‍යයාග කිරීම.

          පාසල් දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්.[දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ ඒ සඳහා සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. අළුත් පොත් වගේම හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත් වුනත්  පරිත්‍යයාග  කරන්න පුළුවන්. ඒවා භාර දෙන්න මෙන්න මේ යාලුවන්ට කතාකරන්න

අපේ දකුනු පලාතේ යාලුවො කතාකරන්න පොඩිමැන්ට
  0719586007
නුවර පැත්තේ යාලුවො කතාකරන්න   "චතුමිතු" චතුරිකාට
  0771482301
කුරුණැගල පැත්තේ යාලුවො කතාකරන්න "දේවට
  0717500878 / 0775348789
හැටන් ඇතුළු නුවර එළියේ අවට යාලුවො කතාකරන්න චම්ලිට
  0777832854
කොළඹ සහ අනේක් ඔනෑම යාලුවෙක් කතාකරනවනම් 

Raj - 0773002262


යසන්ත - 0717479824 / 0722337770

බිම්සර -  0777453909

අවශ්‍යනම් ඊමෙල් ලිපිනය මෙන්න


cybernewyearfestival2011@gmail.com

අනිත් ආකාරය තමයි මුදල් ආධාර ලබා දීම. 

                පොත් පරිත්‍යයාග කිරීමේ වැඩසටහනට මුදලින් ආධාර කරන්න කැමතිනම් ඔබට පුළුවන් ඕනෑම මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ "NSB" ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරණ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න.අපේ විදෙස් රටවල මිතුරන්ට ලේසි වෙන්න මෙන්න NSB SWIFT Code : NSBALKLX. ඒ මුදල් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් බැර කරනවා නම් ලොකු හයියක්. මොකද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙන් පොත් මිලදී ගන්න ඒ මුදල් යොදවන්න.ගිනුමට ඔබ මුදල් තැන්පත් කලේ නම් අපගේ ඊමෙල් ලිපිනයට ඒ බව දන්වන්න

පහලින් තිබෙන ඛෙතය ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර සමාජ සත්කාර වැඩසටහන ප්‍රචලිත කිරිමට ඔබත් දායක වන්න

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="200" width="180"></embed>

එහෙමනම්... පටා....න් ගමු....

බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 2012....

දැනුමැති සමාජයක් උදෙසා පොතක්  පරිත්‍යයාග  කරමු..!

අම්පාර ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ පුස්ථකාලය ගොඩනගමු....!

හෙට ලොව දිනන පරපුරක් තනන්නට දායක වෙමු...!

Back to Top