56

සිහින බක්මහ උළෙල 2011

ජීවිතේ අපිට උදා කර ගත නොහැකි යැයි සිතෙන සිතුවිලි සැබෑ වෙන්නෙ නොසිතූ වෙලාවක... බ්ලොග් ලියන කියවන, සින්ඩි පවත්වාගෙන යන, මූණුපොතේ ජීවත් වෙන, කොටින්ම කියනවනම් අන්තර් ජාලය ජීවිතේ කරගත්ත අපි, මූණට මූණ හම්බෙන්නයි යන්නේ....... ඇත්තටම ලංකාවේ අන්තර්ජාලය තුලින් හඳුනාගෙන මූනු පොතේ, ගූගල් බස් එකේ යහළුවෝ වෙච්ච, එකිනෙකාගෙ බ්ලොග් වල පාඨකයො වෙච්ච, අපේ සුන්දර සයිබර් ජීවිතයට ඊටත් එහා දෙයක් එකතු කරන්නයි අපි මේ වෑයම් කරන්නේ.......


අපේ හිතට නැගිච්ච සුන්දර හීනය සැබෑ කරගන්න අපි එකව නැගිටලා ඉන්නවා.... ඒ වගේම මේ අදහස කියපු ගමන් මේ බරෙන් අපිව නිදහස් කරන්නත් කට්ටියක් එක්වෙලා ඉන්නවා.... මේ කට්ටියත් කියන ගමන් ඔයාලගෙන් සහයෝගය අවශ්‍ය අයුරුත්, අපේ මේ සිහින උළෙලේ විස්තරත් කියන්න තමයි අපි මේ හදන්නෙ....


ඉස්සෙල්ලම කියමුකො මොකක්ද මේ වැඩේ කියලා.... මේක බක්මහ උළෙලක් සමගමීව යන මිතුරු හමුවක්.. සුහඳ හමුවක් කියන්නත් පුළුවන්...


 දිනය                            2011 අප්‍රේල් මාසේ (බක් මහේ) තුන් වෙනිදා...


වෙලාව                          උදේ 09.30 ඉදන් හවස 03.30 වෙනකන්...
                 
පැවැත්වෙන්නේ             තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ...


වැඩේ වෙන්නේ මෙහෙමයි.... උදේ 9.30 වෙද්දි එකතු වෙන අපි පොල්තෙල් පහනක් පත්තු කරලා, තම තමන්ගෙ ආගම් සිහි කරලා සිහිනය සැබෑ කර ගන්න ආරම්භ කරනවා.... සාමාන්‍ය බක් මහ උළෙලක පවතින ක්‍රීඩා කිහිපයක්ම පවත්වන්න තීරණයක් අරන් තියෙන්නෙ 2011 වසරේ ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශයේ වෙසෙන සිහින කුමරා වගේම සිහින කුමරියද තෝරා ගනිමින්... ඇත්තෙන්ම මේ මොහොත අපි ඔක්කොටම මතකයේ රැදෙන මොහොතක් වේවි.... ක්‍රීඩා අවසන් වෙලා පස්වරු දෙකට ආරම්භ වන ඩීජේ සංගීතයට තාලෙට පාද තියන්න අපි ඔක්කොම එකතු වෙමු....  ඒ වෙලාව අපි වෙන් කරලා තියෙන්නෙ උදේ වරුවෙ මූණ බලලා හිනාවෙලා, අහක බලා ගත්තු නොදන්න කට්ටිය අදුර ගන්න....  තමන්ව අදුන්වලා දුන්නාම.. "අයියෝ..මේ ඔයාද?" කියන විශ්මිත හඬ ඔබේ දෙසවන් පුරා රැව් දේවි.... 


මේ අදහස දාපු ගමන් අපිට සහයෝගය පලකලා සතර දෙසින්.. ඒ අය ගැනත් නොලිව්වොත් මේක ලොකු අඩුවක්... මෙන්න අපේ සිහිනය සැබෑ කරන්නට ශක්තිය දුන්න කට්ටිය... නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ හවුල්කරු රවි අයියා රුපියල් 25000.00ක්, ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභියා 15000.00ක්, බ්ලොග් පාඨකයෙක් ලෙස අපට හිතවත් සුලෝචනා රුපියල් 5000.00ක්, හඳ ගී පොත ලියන තිස්ස අයියා 5000.00ක්, කට කහන කතා ලියන දුමියා 5000.00ක්, දුකාගෙ බ්ලොග් එක ලියන සුභාශ් 5000.00ක්, ඩුබයි වට්ටක්ක ලියන පුතා 5000.00ක්, කාලිංග'ස් බ්ලොග් ලියන කාලිංග ඇතුලත්මුදලි රුපියල් 5000.00ක්, ගූගල් බස් සංසදේ රුපියල් 5000.00ක්, හා පිස්සගේ පලාමල්ල ලියන පිස්ස රුපියල් 3000.00 කුත් අපිට සහයෝගෙට ලබාදීලා තියෙනවා... ඒ හැමටම අපේ හඳපිරි ස්තූතිය මේ වෙලාවෙ අපි පිරිනමනවා... මෙය කියවන ඔබටද ආයතනික වශයෙන් හෝ පුද්ගලික වශයෙන් ලබාදිය හැකි අනුග්‍රාහකත්වයන් වේ නම් ඒ සඳහා අපව අමතන මෙන්ද කාරුණිකව ඉල්ලමු.


ඒ වගේම පොඩි උදව්වක් ඉල්ලන්න අවශ්‍ය කණ්ඩායමකුත් ඉන්නවා... ඒ තමයි සින්ඩි පවත්වාගෙන යන අය. අප්‍රේල් පස් වෙනිදා වෙනකන් මේ බ්ලොග් එක මගින් පළ කරන ලිපි අඩුගනනෙ සතියක්වත් උඩින් තියලා දෙන්න පුළුවන්නම් අපිට කරන ලොකු උදව්වක්.... ඒ වගේම අපි ඉදිරියේදී නිකුත් කරන්න සැරසෙන බැනර් එකත් සින්ඩි වල දර්ශණය කිරීමට කටයුතු කරන ලෙසද අපි ඔබෙන් කාරුණිකව ඉල්ලමු. ඒ වගේම ඔබගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අපේ සංවිධායක මණ්ඩලයට එක් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.. ඔහුගේ හෝ ඇයගේ විස්තර cybernewyearfestival2011@gmail.com කියන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසද සියළු සිණ්ඩි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ බොහොම කාරුණිකව... ඔබගේ නියොජිත මහතෙක් හෝ මහත්මියක් අප සංවිධායක මණ්ඩලයට පැමිණි විගස මෙහි දකුණු පස ඔබගේ සින්ඩියද මෙම සිහිනයේ නිළ සින්ඩියක් ලෙස අපි දර්ශණය කරමු.


අපේ සහෘද හිතවතුනි.... මේ සිහිනෙට අයිතිකාරයෝ නැත... මේ සද්කාර්යය අපේ වැඩකි.. ඔබේ වැඩකි... ඔබ හැමෝම මෙහි අයිතිකරුවන්ය... වටින්නේ ඔබේ සහභාගිත්වයයි... රුපියල් 100.00ක් වැනි සුළු මුදලක් ඔබෙන් අය කරන්නට තීරණය කරන්නේ ඊට වඩා කිහිප ගුණයක පහසුකම් ඔබ වෙත ලබා දීමේ අරමුණෙනි.... ඒ නිසා මේ ගැන ප්‍රචාරය කිරීම ඔබට භාරයි... අපි ඉදිරි කාලයේදී මෙහි බැනර් ඔබට ලබා දෙමු.. ඒවා තම බ්ලොග් වල ප්‍රචාරය කිරීමත් හැකි පමණ මිතුරන් මෙහී එක් රොක් කිරීමත් ඔබට භාරය.. මෙම බ්ලොගය ෆලෝ කිරීම තුලිනුත් ඔබගේ රීඩරයට මෙය ඇතුලත් කර ගැනීම තුලිනුත් දක්වන සහයෝගය අපේ සිහිනය සැබෑ කිරීමට ඔබ ලබා දෙන තවත් රුකුලක්..


අවසානයේ ඔබේ අදහස් පහත දුරකථන අංක වලට දැන්විය හැක...


0714449162      අභීත
0718689555      නිශාන්ත
0773652592      අසංක


විද්‍යුත් ලිපිනය    cybernewyearfestival2011@gmail.com


මෙන්න මූණු පොත.... මෙන්න අවුරුදු උත්සවය

56 comments:

miuranga said...

එලම කිරි... මමත් එනවා පුල් සප් එකක් දෙන්නම්

හසී said...

ජය වේවා....!

Anonymous said...

මෑක්සා....අපේ වෑයම සාර්ථක වීමට නම් ඔබගේ කාරුණික පෑමිණිම අපිට බොහො සෙයින් වෑදගත්...

Shaminda Ekanayaka said...

එල එල.

දුමී said...

නියමෙනුත් නියමයි. මේ සිහිනය උපරිම විදිහට මල් පල දරත්වා කියලා හදපිරි සුභ පැතුම් මගෙන්...!

සෑම අවුරුද්දකම මේ විදිහටම එකතු වෙන්න මේක පුළුවන් විදිහට යෝධ පියවරක් වේවා කියලත් පතන්නම්...!

~ChAnDiKa~ said...

මැක්සා වැඩක්.. අපි ෆුල් සපෝර්ට්!!!!! තව කවුද එන්නේ?

නිශ් said...

එළ එළ සතුටුයි එදා buzz එකේ පළවෙනි කොමෙන්ට් එක ලියද්දි මම හිතුවෙ නෑ මේ තරම් දුර යයි කියලා.

දුකා said...

නියමයි.

මෙන්න මගේ ත් උනුසුම් සුභ පැතුම්.

අර දුමියත් කිව්ව වගේ මේක එක පාරක් කරලා අතහැරලා දාන වැඩක් නොවී වාර්ෂිකව සියලු බ්ලොග් කරුවන්ගේ සුභ සිද්දිය සහ පැවැත්ම වෙනුවෙන් මෙහෙවරක් කල හැකි ලොකු සංවිදානයක මොලාරම්භය වේවා කියාත් පතමි.

priyantha said...

මැක්සා..
අපිත් එනවා....
ජයශ්‍රී!!!!!!!!!!!!

Anonymous said...

හැබෑ වෙන හීනයක් දැක්කමද කොහෙද?
හාප්පොච්චියේ . . .
ඒකත් මේ දවසට දෙකට ඔක්කොම වැඩ ඉවරයි වගේ නෙව.
එලම කිරි ආ........

Rachintha Jayawardhana said...

සිරා සිරා... සුබ වේවා!

-HacKrisH- said...

ජයවේවා!!! එල එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

Unknown said...

අපේ වෑයම සාර්ථක වීමට නම් ඔබගේ කාරුණික පෑමිණිම අපිට බොහො සෙයින් වෑදගත්...

අපිත් එනවා....

prinzezsj said...

අපිත් එනවා....

හදපිරි සුභ පැතුම් මගෙන්...!

DK said...

maxxaa!

රෙහාන් said...

මගෙන් සුබ පැතුම්.. ඔන්න මගේ බ්ලොග් එකෙත් දැම්ම :)

හා පැටික්කි (MS) said...

ජය හෝ.....!!!! ලු......

අභි අයියා වැඩි වැඩියෙන් මෙවැනි හීන දකීවා....!!!!!!

Rajitha Abeysinghe said...

පිස්සු හැදෙයි.අපිට නොකිව්වත් හොයාගෙන එනවා.අපිවත් ගන්නවා නේද?:හික්ස් ,සල්ලි කවද්ද,කොහොමද එවන්නේ.එදාට පුලුවන්නම් අපිට සින්හල බ්ලොග්ගර්ස් ටී ශර්ට් ගන්න විදිහක් ලැහැස්ති කරන්න හොදේ.

Praසන්ன said...

ජය ‍වේවා...!

C0de BlUe said...

ජය ‍වේවා... , ඔන්න අපිත් එනෝ!

පූසා said...

elazzzzz

Lishan Puwakovitage said...

මේක මර කිව්වට පස්සේ දැනගත්තේ.., එල එල ජය වේවා..!

BLOG ගඩොල් said...

නියමයි, උපරිමයි, අනගිභවනීයයි

Ravi said...

දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ,හපොයි, මට මතක නැහැනෙව මෙහෙම දෙයක් පොරොන්දු උනාය කියල, ඔය කාපු බීපු වෙලාවකද කියවෙච්චි දෙයක්ද මංදා, හරි ජංජාලයක් නෙව වෙන්ඩ යන්නෙ,

කොහොමින් කොකොහොමින් හරි කාරියක් නැහැ හොඳ වැඩක් නෙව කෙරෙන්ඩ යන්නෙ,දැං මෙහෙමවත් කොරමු, ඔය සංවිදායක මංඩලේ ඔය ගාණ එකතු කොරල දාන්ඩ, හරිය,පස්සෙන් පහු මයෙ අතට කීය කීය හරි ලැබෙන ආකාරෙට ටික ටික ගෙවල දාඤ්ඤං, එහෙම හොඳා නෙවද? දැං මේ වෙච්චි අලකලංචියට වෙන මක් කොරන්ඩද?

Abeetha Edirisinghe said...

මටත් කියවිලා නොවැ රවි අයියෙ ඔහොම කතාවක්... :D

හිස් අහස said...

එලම කිරි .. ඕන සප් එකකට අපිත් ඉන්නවා .

ජය වේවා !!

Madhawa Habarakada said...

එන්න හිතන් ඉන්නව. නමුත් කියන්න බෑ නෙ ඉදිරි මාස 2කහමාරට මොනවා වෙයිද කියල.
ඉතසිතින්ම සුභ පතනවා මේ උත්සවයට.

Anonymous said...

ELA ELA APITH ENNA BALANNAM

Unknown said...

ඔන්න අවකාශ සිංඩියෙනුත් උණසුමි සුභ පැතුමි අපි ඔන්න දැන්වීමකුත් හදල දාල ඔයාලගෙ බිලොග් එකට link කලා http://awakasha.com

රනා said...

මගේ අඩවියෙනුත් සුභ පැතුම් SBU 1ke get 1ක දවසෙම අපේ ඉස්කෝලෙ අපේ බැච් පාටිය වැටුනු නිසා එන්න බැරි උනා,මෙ event 1කට අනිවා සෙට් වෙනව,ජය වේවා!!!

සංජු said...

මමත් එනෝ..............

Ishara ( DarKneT ) said...

එන්න උත්සාහ කරනවා , තියෙන තැනත් මැප් එකකින් වගේ දැම්මනම් හොදයි නෙද ?

dinesh said...

පිස්සු පීකුදුනෙ.ගොඩ බහින දවස්.ටිකක් පරක්කු උනා.මාත් එනවෝ.........

kumaraya said...

ඒක හොඳයි ... බ්ලොග් ලියන , කියවන එවුන් ඔය විදිහට කාලෙන් කාලෙට මුන ගැහිල ... කතා පොජ්ජක් දාගන්න එක කොයි තරම් හොඳද ....
[අර වෙරි වෙන ජාති එහෙමත් ගෙනෙයිද දන්නෙ නෑ නේද ...?]

පිස්සා පලාමල්ල said...

ඔන්න ඉතින් මාත් එනවා...

කට්ටියම එකතු වෙමු හීනේ ලස්සනට සෑබෑ කර ගන්න.

නෙරංජි සුලක්ඛනා said...

අපිත් පුළුවන් සහයෝගය උපරිමයෙන් දෙනවා.

මලිති said...
This comment has been removed by the author.
මලිති said...

මමත් එන්න නම් ආසයි....:( ආවා නැතා ලස්සනට වැඩේ කෙරෙන්න කියලා සුබ පතනවා:)

෴ හසියා ෴ said...

ආයෙත් අහල....අපිත් ඕනි සප් එකක් දෙන්න ලෑස්තියි....!!!

Wimukthi Senanayake said...

http://www.akasaya.com/Bak_Maha.html

෴ මල් සුවඳක් ෴ said...

අනේ ශෝක්...
පිස්සු හැදෙන ජීවිතෙ එක දවසක් හිනා වෙන්න....
(සල්ලි දෙන්නෙ කොහොමද කියල කියනවද...?)
මමත් එනව...

විකී said...

මෙව්වට නැති ගැමියො මොකටද ආයිබොවං.

Anonymous said...

ලාංකීය බ්ලොග් කියවනයේ දැන්විමක් අපි දාන්නම් ඔයා මට ඉ-මේල් කරන්න nadun226@gmail.com ස්තුතිය මේක හොද වැඩක් සුභ පැතුම්.

Anonymous said...

මිට පොඩ්ඩකට කලින් කරපු කැත වැඩේ තොප දනි. අපිට අපේ කාල කාගෙන මෙවාට *ක දිමට උවමනාවක් නැත. නමුත් සියල්ලෝම එකතු වි කරන වැඩක් නිසා අපිද help එකක් තොපට කිරිමට ගිය විට තොප අපිට පෙන් වු ප්‍රතිචාරය අප සත් සුදක් සේ දුටිමි. තොප මේ කරන්න යන වැ‍ඩේ කෙල වෙලාම පල කියා මම සිතින් සිතමි.

සයිබර් සැණකෙළිය said...

@෴ ෴෴ මල් සුවඳක් ෴෴෴
ඔබ අහන්නේ ආධාර මුදල් ගැනද? එදින අය කියරිම ගැනද?

Anonymous said...

ela kiri wedak ,

Anonymous said...

මගෙනුත් සුබ පැතුම්.........

Anonymous said...

පොඩි අදහසක් මේක මේ හැමෝම එකතු වෙලා කරන වැඩේ හැමෝටම මතක් වෙන විදියට අපි වෙබ් අඩවියක් හදන්න බැරිද ? අවුරැදු උත්සවයේදි ගත්ත ජායාරැප එහෙම ඒ වෙබ් දාන්න පුලුවන්නේ. එතකොට මේ කොයි කාටත් අලුතින් අන්තර්ජාලයට බ්ලොග් වලටත් අපු කෙනෙකුට බලාගන්න පුලුවන් වැඩක් වෙයි නේද ? මම හොස්ටින් අරගෙන දෙන්නම් ඔයාලා කැමතිනම් මේ වැඩේට.

බණ්ඩාර said...

හොද වැඩක්. සුභ පැතුම් !!

Abeetha Edirisinghe said...

උඩ කෝපයෙන් සිටින ඇනෝ වෙත,

නොදැනුවත්ව හෝ අපෙන් වරදක් උනානම් සමාව යදිමු. ප්‍රශ්ණයක් ඇත්නම් නිරාකරණය කර ගැනීම සදහා 0714449162 අමතන මෙන් ඉල්ලා සිටිමු. මෙම උළෙල නිසා කිසිවකු හෝ සිත රඳවා ගනීනම් අපේ උත්සහයේ අගය අඩුවන බව අපේ හැඟීමයි.. එබැවින් කරුණාකර කෙළින්ම අප අමතන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.

Unknown said...

එලම වැඩක් වගේ. ජයවේවා..

Hasitha Gunasinghe said...

යන යන තැන තැන ජය ජය වේවා

Dayal Bathee said...

හොඳ වැඩක් . තවත් හොඳ වෙන්න පොඩි වැඩකට යෝජනාවක්.

ගංවතුරෙන් අනාතවූවන් වෙනුවෙන් යමක් කරන්න. අඩුම තරමින් එහෙම පෙන්නන්න ඔබෙි උත්සවය වඩාත් අර්ථවත් වෙිවි.

වික්‍රමරත්න said...

නියමයි.. අපිත් එනවා..

හෙලවදන ගැන said...

aniwa enawa ban aniwa

pubudu nawarathna said...

api enawa

Post a Comment

Back to Top