සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙනකොටම බොහෝ දෙනෙක් අැහුවෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. මේ සුභාරංචිය ඒ ගැන. ඔන්න බ්ලොග්කරුවන්ගේ ඊළඟ සුහද හමුව ලහි ලහියේ සූදානම් වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි දකුණු පළාතෙ අපිට හුරු පුරුදු පැත්තක.
ඔබට මතක නම් 2012 අවුරුද්දෙ ජනවාරි මාසෙ 7 වෙනිදා සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන අපේ කට්ටිය ගාල්ල රූමස්සල වෙරළ තීරයේදි හමුවුනා. පොඩිමෑන්, අනුෂ්ක, ජනරඟ ඇතුළු දකුණේ අපේ කට්ටිය ඒ කටයුත්ත බොහොම ලස්සනට සැලසුම් කරල තිබුනා.
ඔන්න මෙදා පාර බ්ලොග් ගෙට්ටුව තියන්න හදන්නෙ එතන. සුපුරුදු රූමස්සල වෙරළ තීරයේදි. දකුණෙ කට්ටිය ඒ පැත්තෙන් එකතු වෙද්දි කොළඹ සහ අනිත් පළාත් වල උදවිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් ගාල්ලට යන්නයි බලාපොරොත්තුව.
කට්ටිය මොකද කියන්නේ? දැනට යොදාගෙන තියෙන දිනය ජූනි මාසෙ 15 වෙනි ඉරිදා. ගමනාගමනයට සහ කෑම බීම වෙනුවෙන් යම් මුදලක් වැය කරන්න සිදු වේවි. ඒ ගැන විස්තර පසුව කියන්නම්.
කොහොම වුනත් එදා දවස බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක ගතකරන්න කැමති අයගේ සංඛ්‍යාව මේ වැඩේ සැළසුම් කරද්දි අපිට ගොඩක් වටිනවා. ඒ නිසා හැමදාම වගේ මෙන්න මේ පෝරමය පුරවන එක අපට පහසුවක් වේවි.
එහෙමනම් වැඩි විස්තර එක්ක ඉදිරියේදී හමු වෙමු.
තවත් කාරණයක්. මේ කටයුත්ත සාර්ථක කරගන්න නම් අපේ දකුණු පළාතෙ සහෘද බ්ලොග්කරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මේ කටයුත්තට ක්‍රියාකාරීව දායක වෙන්න දකුණු පළාතේ පදිංචි ඔබ කැමතිනම් සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි.
2012 ගාල්ල ගෙට්ටුවේ ඡායාරූප - අපේ ඉසව්ව සහ දේව්ගේ අඩවිය බ්ලොග් අඩවි වලින්.
May
25
2014
33
May
2
2014
සයිබර් සිහින බක්මහ උළෙල පසු සටහන...
බොහොමයක් බ්ලොග් අඩවි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්ට් පළ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.
01) රනා ලියන බ්ලොග්
02) අපේ ඉසව්ව
03) බස්සිගේ නවාතැන
04) බ්ලොග් 360
05) ෂම්මිගේ සිහින ක්ෂිතිජය
06) අටම්පහුර
07) අඟහරු අඩවිය
08) සංකල්පනා - කුරුළුත් එක්ක ආදරෙන්
09) හිරු නැති හෝරාව
10) ලියන්නා
11) නිමේෂය
12) නිමේෂ්ගේ ඩිජිටල් සටහන
13) සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශය
14) නාඩියාගේ නාඩි
15) තහනම් අඩවිය
ඔය අතරේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුනේ පින්තූර ඇල්බම් වලට. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.
01) ගයනි දික්කුඹුර
02) තිසර මධුවන්ත (සිහින)
03) අනුෂ්ක ලක්මාල්
04) ලිෂාන් පුවක්ඕවිට
05) ගයාන් තාරක
06) දේවක සඳරුවන්
07) චාමර නුවන්දික
08) ඔනෙල් කරුණාරත්න
09) නිමේෂ් නිෂාර
මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පළ වූ පුවත් වාර්තා කිහිපයක් මේ.
01) දිනමිණ පුවත්පත
02) ගොසිප් ලංකා නෙට්
තවත් මේ වගේ බ්ලොග් පෝස්ට්, පින්තූර ඇල්බම් ඇති. මේ තියෙන්නේ අපට හමුවුන කීපයක් පමණයි.
ඕෂනික් ගේම්ස් වෙත අප ලබා දුන් බිල්පත් වල වටිනාකම සඳහා ඉහත රු 266,000 අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම එම බිල්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා සංවිධායක මණ්ඩලය සතුව පවතිනවා. මෙම අත ඉතිරි මුදල ඉදිරි වැඩසටහන් වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුමේ තැන්පත් කිරීමට නියමිතයි.
අවසාන වශයෙන් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූ දයාබර ඔබ සැමට සංවිධායක මණ්ඩලය සිය ස්තුතිය පුද කර සිටිනවා.
තවත් සුවිශේෂී ඉසව්වක් සමග නොදුරු අනාගතයේදී මුණගැසෙමු...!
අපි "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ"
Subscribe to:
Posts (Atom)