13

ගම්පහ බ්ලොග් ගෙට්ටුව. ඔබත් එන්න....

සිංහල බ්ලොග්කරණය ආරම්භ වෙලා එච්චර කාලයක් ගත නොවුනට දවසින් දවස අලුත් බ්ලොග් අන්තර්ජාලයට එකතු වෙනවා. ඒ අතරේදී ඉස්සර ඉඳල බ්ලොග් ලියපු අයත් තම තමන්ගේ ගං පළාත් වලට වෙලා බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියාගන ඉන්නවා. ඔහොම ඉන්න කට්ටිය අනිත් අය ලියන ඒවා කියවල ඒ අයත් එක්ක යාලු මිත්‍රකම් ඇතිකර ගන්නවා. මේ විදියට බ්ලොග්කරණය හරහා එකතුවෙන කට්ටියට ඇත්තටම එකතු වෙලා කතාබහ කරන්න, විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න ඕන කියල හිතල සමහර උදවිය සුහද හමු සංවිධානය කරනවා.



ඔබට මතකද ගිය අවුරුද්දේ ගාල්ලේ තිබුන බ්ලොග් ගෙට්ටුව? නමුත් ඊට පස්සේ බ්ලොග් සුහද හමුවක් සංවිධානය උනේ නැහැ. සමහර විට "සයිබර් සිහින උළෙල" අවසන් වෙනවත් එක්කම සිද්ධ වුන ඔබා මාමගේ සමුගැනීමත් එකට හේතු වෙන්න ඇති. අන්තිමට අපි හමුවෙලා කතාබහ කරලා විනෝද වුනේ ගිය අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා "සයිබර් සිහින උළෙල" දවසේ. 

ඔන්න කාලෙකට පස්සේ ගාල්ලේ ගෙට්ටුවට සහභාගී වුන කට්ටිය, "සයිබර් සිහින උළෙල"ට ආපු කට්ටිය ගත කරපු සුන්දර දවස වගේම දවසක් අයෙත් උදාවෙන්නයි යන්නේ. ගම්පහ පැත්තේ ඉන්න සෑම්, සිරා සහ අටම්පහුර එකතුවෙලා බ්ලොග් සුහද හමුවක් සංවිධානය කරලා. 


දවස ජනවාරි 27 වෙනිදා. තැන ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. තව හරියටම දවස් 7කින්. වෙලාව උදේ 9.00 ඉඳල හවස 3.00 වෙනකම්. දැනටමත් 100කට ආසන්න පිරිසක් සුහද හමුවට සහභාගී වෙන බව තහවුරු කරලලු. අලුත් යාලුවෝ අඳුනගන්න, පරණ යාළුවන්ට හම්බවෙලා කතාබහ කරන්න, හැම කෙනෙක්ටම විනෝද වෙන්න පුළුවන් අමතක නොවෙන දවසක් ලබාදෙන්න සියලු කටයුතු සංවිධානය වෙනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. එදාට "බස් රේඩියෝ" එහෙ ඉඳල සජීවී විකාශයක් පවත්වනවාලු. බ්ලොග් ලියන කියවන අය වෙනුවෙන් කෙරෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හැමකෙනෙක්ටම ආරාධනා කරනවා.



මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝර්ම් එක පුරවල තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. ඊට පස්සේ තියෙන්නේ එදාට නොවැරදීම එන එක. 

අපි එන්නේ කොහොමද? බය වෙන්න එපා. මෙන්න මේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ඔයාලට උදව් කරයි.

ගාල්ල - ගයාන් සම්පත් (ගුණෙ අයියා) 071 - 8309494
නුවර  - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල  - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර    - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර   - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199

කොළඹ සහ වෙනත් ප්‍රදේශ - 

ප්‍රදීප් චන්දන (ප්‍ර‍දීප්ගේ පිටුව) - 077- 2099578 / 071 - 3556165




සංවිධායකයින් අමතන්න අවශ්‍ය වුවහොත් මෙන්න නොම්බර

සංජීව සිරිවර්ධන (සිරා)  071 - 8043915
සමින්දික ශ්‍රීමන්ත (සෑම්)  077 -2271618

කොළඹට එන කට්ටිය 27 වෙනිදා හරියටම උදේ 7.00ට කොටුව දුම්රිය ස්ථානයට එන්න. ඇවිල්ල කොටුවේ 'ට'යන්න යටින් ඉන්නකෝ. ගාල්ලෙන් සහ මාතරින් පිටත් වෙන අය පාන්දරම පිටත් වෙන කෝච්චියක ආවොත් කොළඹ කට්ටිය කොළඹින් පිටත්වෙන්න කලින් එන්න පුළුවන් වෙයි.
නුවර, කුරුණෑගල, අනුරාධපුරේ ඉඳල එන අයට පාන්දර පිටත් වෙන දුම්රියක ගම්පහට එන්න පුළුවන්. ඔන්න මේ සැරේ අම්පාරේ ඉඳලත් කට්ටිය එනවා.



ඒ කොහොම උනත් උදේ 8.30 වෙනකොට හැමකෙනෙක්ම ගම්පහ දුම්රිය ස්ථානයට ඇවිත් ඉඳී කියල සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. මෙන්න දුම්රිය කාලසටහන.
එතන ඉඳල උද්‍යානයට කට්ටියව එක්කගන යන්න සංවිධායක මණ්ඩලේ කෙනෙක් එතනට ඇවිත් ඉඳී. මොකක් හරි ගැටළුවක් තියනවනම් සංවිධායක මණ්ඩලේ කෙනෙක්ට කතා කරන්න.  තමන්ගේ පැත්තෙන් එන කට්ටියට එකතුවෙන්නේ කොහොමද කියල ඉහලින් තියෙන අංක වලට කතා කරලා දැනගන්න.

එහෙනම්, 27 වෙනිදට හම්බවෙමු. අනිත් අයටත් දැනගන්න මේ ලෝගෝ එක ඔයාලගේ බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන්න.

තවත් මතක් කිරීමක්.... අවුරුද්දට ලංකාවට එන්න ඉන්න අයයි, ලංකාවේ ඉන්න ගොඩක් කාර්යබහුල අයයි අප්‍රේල් මාසේ තුන්වෙනි සතිය නිදහස්ව තියාගන්න. මේ පාරත් "සයිබර් සිහින උළෙල" තියනවා.
Back to Top