24

අළුත් අවුරුද්දට සැරසෙමු...!

ඔන්න ඉතිං අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් උදාවෙන්නයි හදන්නේ. හැම අවුරුද්දක්ම වගේ මේ අවුරුද්දත් ගෙවිලා ගියා. මේ අවුරුද්දෙ වුන දේවල් ලබන අවුරුද්ද වෙද්දි අමතක වෙලා අළුත් දේවල් අපේ මතකයේ තැන්පත් වේවි. හැබැයි මේ අවුරුද්දේ බ්ලොග් ලියන කියවන අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති දවස් තුනක් තියෙනවා. ඒ තමයි ජනවාරි 27, අප්‍රේල් 21 සහ දෙසැම්බර් 21. ඒ විවිධ තැන් වල ඉන්න, රට රට වල සේවය කරන සිංහල බ්ලොග්කරුවන් එකට එකතු වෙලා කතාබහ කරලා විනෝද වුනු දවස් තුනක්. 


2011 අවුරුද්දෙ ඉඳලා හැම අවුරුද්දකම මේ වගේ දවස් කීපයක් අපේ මතකයට එකතු වෙනවා. එහෙම එකතු වෙන්න අවකාශ සලසන්නේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සහෘද එකමුතුව. "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය" කියන තේමාව පෙරදැරිව බ්ලොග් අවකාශයේ මිතුරෝ විවිධාකාරයේ සුහද හමු පවත්වනවා. එහි ප්‍රධානම හමුව විදියට සැලකෙන්නේ "සයිබර් සිහින බක්මහ උළෙල". ඒ වගේම මෙවැනි එකමුතුවක් ඇති වෙන්න මූලික කාරණයක් වුන "සමාජ සත්කාර වැඩසටහනකුත්" සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා මේ වසරේ නැති වුනත්. මේ දක්වා අපි ආපු ගමන් මග ඉහල තියෙන අපි ගැන කියන ටැබ් එකට ගියොත් කියවන්න පුළුවන්.

ඉතින් මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඔබට. විස්තර කරලා කිව්වොත් එළඹෙන 2014 අවුරුද්දේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සුක්කානම බාර අරගෙන අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයේ බැඳීම් වර්ධනය කරන්න දායක වෙන්න කැමති ඔබට. පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන තවත් මේ වගේම මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්...... මෙන්න මේ ෆෝම් එක දෙසැම්බර් 31 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න. 


බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් වැඩ ටිකක් එක්ක හමු වෙමු. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.

යන්න කලින් අපි අන්තිමට හමුවුන දවසේ මතකයන් ටිකක් ගැන ඔත්තුවක් දෙන්නයි මේ හදන්නේ.

මෙන්න පින්තූර ඇල්බම්.
01. ජනරඟ 
02. සිහින 
03. බනී 01 
04. බනී 02 
05. වෙනිවැල් 01 
06. වෙනිවැල් 02
07. යසන්ත 
08. දේව
09. අයේෂා 01 
10. අයේෂා 02 
11. තරුවා 
12. සසිඳු 01
13. සසිඳු 02 
(සමූහ ඇල්බම් දමා ඇති නිසා එකම ඇල්බම් එක තැන් දෙකක ටැග් වී තිබිය හැක)

බ්ලොග් පෝස්ට්
01. ලියන්නා
02. සිතැඟියාව 
03. තහනම් අඩවිය
04. හත්පෙති මල 
05. අටම්පහුර  
06. මුදියා නොහොත් සමියා 
07. සිතුවිලි හන්තාන 
08. සසිඳු 
09. බොර දියක ඉඳුවර 
10. දේව්ගේ අඩවිය 
11. සුවිසැරිය 
12. අඟහරු අඩවිය
13. නදී නිම්නය 
14. ඇවිද්ද පය 

 වීඩියෝ


03. ගයාන් තාරක
04. අනුෂ්ක ලක්මාල්
05. සුවිසැරිය
06. ගෙම්බාගේ ගීතය

පත්තරේ විස්තරේ
01. දිනමිණ
මේ දන්න ටික. තව තියෙනවා නං කමෙන්ට් කරන්න. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් නායකත්වයක් එක්ක හමුවෙමු. 

සුබ නත්තලක්....! සුබ අළුත් අවුරුද්දක්....!
40

ස්තූතියි...!!!

නිමාවිය එ දවස
තියාගනු මතකය
සිනාවක පෙරමග
හැමදාම ඉමු අප....

2013 වසරේ වැඩ නිමා කරමින්.. මෙන්න වාර්ෂික වාර්තාව සහ මූල්‍ය වාර්තාව

උදේ ඉඳන්, සොඳුරු වැල්ලක... මිතුරන් සමඟ එක්වීමූ.. හඳුනා ගතිමු.රැඳුණු. කෙළි සෙල්ලම් කළෙමු.. සතුටු වුණෙමු. පැමිණි , එන්නට කැමැතෙන් සිට එන්නට බැරිවුණු හැමට ස්තුතියි..
 මිහිරි මතක එක්කම දැන් අපි සමුගනිමු.. 
 බක් මහට යළි හමුවනු පිණිස..


පැහැදිළි සේයාරූ ලැබෙන තුරු

සිහින සාදය හෙටයි

 ඉතින් හෙටයි ඒ උඳුවප් 21
ඔබ පැමිණිය යුතු සුන්දරම දිනය..
අපි බලා සිටිනවා සියලු මිතුරන් දැක ගන්න
සාමාජික අංක ඇතත් නැතත් හෙට එන්න..
ඔබ සයිබරයේ සිහින ලියන්නෙක් නම්
ඔබට හෙට ගල්කිස්සේ වෙරළ තීරය විවෘතයි..
ජො ජෝ ස් ප්ලේස් වෙතට එන හැටි.. 
නොදන්නවා නම්, සිතියම බලන්න
සාමාජික අංකය අමතක නම්.... මෙතනට යන්න.. 

හෙට දවසේ පාර එහෙම වැරදුණොත්, මේ අයට අමතන්න.

දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
 


හරියටම හෙට උදේ 9 ට... ගල්කිස්ස ජො ජෝස් ප්ලේස් වෙරළට එන්න..

නිල මාධ්‍ය අනුග්‍රහය... හැමදාමත් වගේ බස් රේඩියෝ.. සංවිධානය  බ්ලොග් අවකාශයේ මිතුරෝ


ඕනෑ කරන සියලු තොරතුරු දැනගන්න... මෙතනින්





30

සිහින සාදයට තව දවස් 18 යි.

එන්න එන්නම, දවස් කිට්ටු වෙනවා. දැන් හැමෝම ලහි ලහියෙ Cyber Mega Beach Party ගැන තොරතුරු විමසන්න පටන් අරන්. මේ වෙනකොට සහභාගීත්ව පෝරමය පුරවපු හැම කෙනකුටම අපි සහභාගිත්ව අංකයක් යවලා තියෙන්නෙ. පෝරමය පුරවා එය නොලැබුණා නම්, ඔබේ දත්ත වල වරදක්.

ඉතින් අපි ලබා දුන් අංකය එදිනට මතක තියාගෙන එන්න පුළුවන් නම්, ඉතා වේගයෙන් ලියාපදිංචි කටයුතු කරගන්න පහසු වෙනවා. ඔබේ පැමිණීම ඉතාම වටිනවා. ඒ නිසාම එනවා නම් මේ දින කිහිපය ඇතුළෙ සහභාගිත්ව පෝරමය පුරවන්නට ආරාධනා කරනවා.

හරියටම උදෑසන 9 වෙනකොට නිල වශයෙන් උත්සවයේ කටයුතු ඇරඹෙනවා. ඒත් දුර බැහැර ඉඳන් එන යාළුවො වෙනුවෙන් අපි උදෑසන 10 වෙනතුරු කල්වේලා ලබා දෙනවා. සවස 3 ට උත්සවයේ නිල සමාප්තිය සටහන් වෙනවා. එහෙමයි කියලා කවුරුත් දුවන්න ඕනෙ නෑ.. දවස පුරාම වෙරළ අයිති අපිට. Party එකෙන් අනතුරුව සුන්දර ගිනිමැල සාදයකුත් පැවැත්වෙන බව වටින් ගොඩින් ආරංචියි.

ඔබ මින් පෙර බොහෝ සයිබර් උත්සව වලට ගිහින් ඇති. හැබැයි මේ උත්සවය, ඒ උත්සව වල නැති විවිධාංග කිහිපයක් මේ උත්සවයට එකතු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඇවිත්ම බලන්න.

ඉතින් වැඩි විස්තර දැන ගන්න, සයිබර් අවකාශයේ නිල රේඩියෝව වන බස් රේඩියෝ සමඟින් නිරන්තරව රැඳී ඉන්න.

21 වෙනිදා ගල්කිස්සෙ ජො ජො ස් ප්ලේස් වෙත එන්න ඇඟිලි ගනින්න.


ඔබේ සාමාජික අංකය මෙතනින් බලා ගැනීමට හැකියාව දැන් ලැබී තිබෙනවා. මෙතන ඔබගේ අංකය නැති නම්, නුඹ පෝරමය පුරවා නැති අතර එය පිරවීමට මතක තබා ගන්න. දෙවරක් පිරවීම අනවශ්‍යයි.


Back to Top