30

බ්ලොග් අවකාශයේ මිතුරෝ ඉදිරි වසරේ නියමුවන් ඔබද....?

සිංහල බ්ලොග්කරණය.... ඒ තරම්ම අළුත් දෙයක් නෙමෙයි. තමන්ගෙ හිත් වල මැවෙන කවි, කතා, අත්දැකීම්, දැනුම අන්තර්ජාලයේ ලියා පල කිරීම ආරම්භ වුනේ සිංහල යුනිකේත භාවිතයට පැමිණි මුල් කාලයේදිමයි. පොතක පතක, එහෙමත් නැත්නම් කඩදාසි කෑල්ලක ලියන්න පුරුදු වෙලා හිටපු දේවල් පරිගණකය ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඇහින් දැකපු නැති, කතා කරලා නැති කෙනෙක්ට හරි කියවන්න පුළුවන් විදියට පල කරන්න ලැබීම නිර්මාණකරනයේ යෙදුන අයට ගොඩක් වටිනා දෙයක් වුනා. තවත් සමහර උදවිය තමන් දන්න දේ කවදාවත් හම්බවෙලා නැති අයට නිර්ලෝභීව බෙදලා දුන්නා.

දවසින් දවස සිංහලෙන් පල වෙන බ්ලොග් අඩවි ප්‍රමාණය වැඩි වෙද්දි විවිධ සුහද හමු, සාකච්ඡා, සංගම් බිහිවෙන්න පටන්ගත්තා. ඒ අතරතුර පරිගණක තිරය මත මැවෙන අකුරු වලින් පමණක් හඳුනාගෙන හිටපු බ්ලොග්කරුවන් තත්‍ය ලෝකයේදී හමුවෙන්න, කතාකරන්න විතරක් නෙමෙයි පෙම්බඳින්නත් පටන්ගත්තා. ඔය විදියට දවසින් දවස පළල් වුනු සිංහල බ්ලොග් අවකාශය තුල බ්ලොග් අවකාශයේ මිතුරෝ බිහිවෙන්නේ 2011 අවුරුද්දෙ මුල්කාලෙ.



2011 සයිබර් සිහින උළෙලත් එක්ක ආරම්භ වුනු මේ සහෝදරත්වය දිළුම්ට සවන් ලබාදීමේ ඉඳලා ජෙරූෂා දියණිය සුවපත් කිරීම දක්වා සුවිශාල සමාජ මෙහෙවරක් කරන්නට සංවිධානය වුනා. එදා ආරම්භක සංවිධායක මණ්ඩලය ඒ වෙනුවෙන් කළ කැපකිරීම් තුලින් පන්නරය ලබමින් තවත් සුහද හමු ගණනාවක් ඒ වසර තුල පවත්වා අන්‍යොන්‍ය සහෝදරත්වය වර්ධනය කරගන්නට තරම් අපේ බ්ලොග්කරුවන් ශක්තිමත් වුනා.

ඊට පස්සෙ 2012 ජනවාරි මාසෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ තවදුරටත් ඉදිරියට යන්න පටන්ගත්තා. පැරණි කණ්ඩායමේ සහයෝගයෙන් හා තම කණ්ඩායම තුල පැවති කැපවීම හා අධිෂ්ඨානය තුලින් “විශ්වයක් මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනීය කූටප්‍රාප්තිය - සයිබර් සිහින උළෙල 2012 ලොව පුරා විසිරුණු බ්ලොග්කරුවන් හා එක්ව අති සාර්ථකව පවත්වන්නට 2012 සංවිධායක මණ්ඩලයට හැකි වුනා.



ටික කාලයක නිහැඞියාවකට පස්සෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ “දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!” කියන තේමාවෙන් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ තමයි අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයට පුස්තකාල පොත් ලබාදීමේ වැඩසටහන. සිංහල බ්ලොග් අවකාශයේ ඔබ්සවර් - සනත් විජේවර්ධනයන් සිහිපත් කරමින් ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලයට පොත් 500කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරිමත් එක්ක 2012 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික වැඩසටහන් අවසන් වෙන්නේ අළුත් අවුරුද්දෙ අළුත් කණ්ඩායමක නායකත්වය ඔස්සේ ඉදිරියටත් ගමන් කරන්නට අවශ්‍ය වටපිටාව සකසා දෙමින්.



පසුගිය වසර මුළුල්ලේ Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.



ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.


පසුගිය දෙවසර තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිංහල බ්ලොග්කරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් ඉදිරි වසරේ නවමු වැඩසටහන් සංවිධානය කරමින් පවත්වන්නටත් ඔබට හැකිනම් අප සොයන්නේ ඔබයි.



සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?



එහෙමනම් ඔබේ තහවුරුකිරීම ලැබෙනකම් බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාගෙන ඉන්නවා....
14

බුද්ධිමය තිළිණයට පරිත්‍යාගශීලී වූ ඔබ සැමට බෙහෙවින් ස්තුතීයි....!!




දිනය 22-04-2012
           
            සිංහල බ්ලොග් කරුවන්ගේ අවුරුදු උළේල දෙවෙනි වරට පැවැත්වුනේ මේදාය...ඔබට මතක ඇති බොහෝ රචකයන් වගේම පාඨකයන් හමුවූ ඒදිනය තවත් අතීතයේ මතක සටහන් අතර නොමැකෙන එක් සටහනක්...

දිනය 02-08/2012
         
            නිමිත්තක්වු අවුරුදු උළේලින් පැන නැගුන බ්ලොග් මිතුරන්ගේ තෙවන සමාජ සත්කාරය " දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යග කරමු .....! " පුරා තෙමසක කාලයක් අප සැවොම එක්වී කැපකල වචනයේ……..ශ්‍රමයේ...කාලයේ...ධනයේ... ප්‍රතිඵලය.............!!



දිනය 20-10-2012
        
          ඈත නැගෙනහිර උතුරු වැව්ගම්පත්තුවේ ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ කුඩා දූදරුවන්ගේ ළමා ලොකය කල එළි කල නොමැකෙන තවත් අතීත සිහිවටනයක් බවට පත්වීය………….!



වර්ථමාන කලබලකාරි දැඩි තරඟයෙන් මිදිගත් අව්‍යාජ ගති ලක්ෂණයන් අතින් අතිශය පොෂණය වූ ගති සිත් ඇති ඇදුරු මඩුල්ලකින් සැදුම්ලත් ගලහිටියාගොඩ පාසල කර්කෂ පොලොවක් සමග ගැටෙන භෞතික සම්පත් වලීන් හීන වු...... එමැ විදුහල් දරු කැල ලැබූ මහර්ඝ සම්පතකි. එවන්වු දරු කැලක් දැනුමින් වඩ වඩා පොෂණය කරලීමට ඔබ සැම දැක්වූ දායකත්වයට බෙහෙවීන්ම ස්තුතී වන්තවෙමු....මන්ද ඔබගේ කැපවිම නොතිබෙන්නට මෙවන් මහඟු සත් ක්‍රියාවක්  අතීතයේ නොමැකෙන පිටු අතර නො ලියවෙන බැවිනී.....!



එමෙන්ම බ්ලොක් කරුවනට නිරන්තරයෙන් නිහඬවූ සේවයක යෙදෙන සියලූම සින්ඩිකෙටයන්ටද ස්තුතී වන්ත වෙමු

 එ පමනක් නොව සයිබරයේ සජිවීව සිට අප අතරින් වෙන්ව ගිය සනත් විජේවර්ධනයන් ආදරණීය ඔබා මාමා අනුස්මර්ණය කිරිමට ද අප පසු බටවූයේ නැත බ්ලොග් මිතුරන් අතර ඔබා නාමය රැව් දෙන්නා සේම ඈත වැව්ගම් පත්තුවේත් සනත් විජේවර්ධනයන් නොමැකෙන සිහිවටනයක් වනු ඇත.......!


ප/ලි

2012 සමාජ සත්කාරයේ ගිනුම් වාර්ථාව සවිස්තරාත්මකව

සමාජ සත්කාරය පිළිඹඳ තවත් තොරතුරු මෙතැනින්



86

සැරසේන්.... 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය..ට..!!!



හැමෝටම මතක ඇති පහුගිය දවස් වල පොඩි කතාබහක් ගියා බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සැළසුම් වෙනවා කියලා. හැබැයි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියන්නැහේ...... ඔන්න වෙස්බැඳලා, ප්‍රැක්ටිස් කරලා, ලස්සනට සැළසුම් කරපු  නැට්ටුවා එළියෙ නටන්න පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නෙ.
             
                      2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහන...... ඩෙං කුටු තක දෙං....
                     
                     අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්ථකාලය සඳහා පොත් පරිත්‍යග කිරීම.....

                        
                    
 සයිබර් සිහින උළෙලට සමගාමීව සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කිරීම පහුගිය අවුරුද්දේ පළවෙනි සයිබර් සිහින උළෙලේ ඉඳලා සිද්ධ වෙන දෙයක්. 2011 අවුරුද්දේ සයිබර් සිහින උළෙල සැළසුම් වෙනවත් එක්කම ඒ වෙනකොට අසනීප තත්වයෙන් හිටපු ඉලන්දාරියා (දිළුම්) වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස ඇතිවුනා. 
                   
                    දිළුම්ට සවන් ලබාදීම වෙනුවෙන් බ්ලොග්කරුවන් ඒකරාශී වුනා. ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල වෙන්වුනේ ඔහු වෙනුවෙන්. නමුත් 2011 මැයි මාසෙ දවසක ඉලන්දාරියා සදහටම ලෝකයෙන් සමුගත්තා. ඒත් ඔහු වෙනුවෙන් ඒකරාශී වුන බ්ලොග්කරුවන් වෙන් වුනේ නෑ. දිළුම්ගේ තුන් මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිණවීම සිදු කලා.
                   
                  ඒ කණ්ඩායම නැවත වරක් එකතු වුනේ ජෙරූෂා පුංචි දුවට කර්ණශංඛ බද්ධයක් කරන්න. නැවත වරක් මුදල් හොයාගෙන 2012 ජනවාරි මාසෙදි ඇයට සවන් ලබාදෙන්න ලංකාව තුල සහ ලංකාවෙන් පිටත ඉන්න අපේ කට්ටිය සමත් වුනා. මතකයිනේ මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල දවස පුරාම ඇය අපත් සමග හිටියා. ඒ වෙනුවෙන් ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙල සංවිධානය කරපු දුකා, වැප්, අභීත, මගේ මරණය ඇතුළු කණ්ඩායම ලොකු කැපකිරීමක් කළා.

                2012 සයිබර් සිහින උළෙල බොහොම සාර්ථකව අවසන් කරපු අපි ආයෙත් සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කරන්නට. ලංකාව පුරාම විසිරිලා ඉන්න අපේ බ්ලොග් සහෘදයන් මේ වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කලා. 
                 
                  අවසාන වශයෙන් ඉතිරි වුන යෝජනා තුනකින් හිස් අහස බ්ලොග් අඩවිය ලියන සඳරු සහෝදරයා ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක කරන්න බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අප සතුව තිබෙන මුදල් වඩාත් ඵලදායි ලෙස යොදවන්න පුළුවන් මොන ව්‍යපෘතියද කියන එක බොහොම පැහැදිලිව අද්‍යනයක් කලාට පස්සේයි.

                     අම්පාර   දිස්ත්‍රික්කයේ  උහන  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයට අයිති ගලහිටියාගොඩ කියන ගමේ තමා ගලහිටියාගොඩ මධ්‍ය මහා  විද්‍යාලය පිහිලා තියෙන්නේ . අම්පාර නුවර පාරේ කිමි 25 විතර ගියාම ගලහිටියාගොඩට යන්න පුළුවන්. කැළයෙන් වට වුනු පුංචි ඉස්කෝලයක් වුනාට මේ පාසල මධ්‍ය මහා   විද්‍යාලයක් නිසා උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යයාව 650ක් විතර වෙනවා. ඒ වගේමයි මේ පාසලේ උසස්පෙළ , සාමන්‍ය පෙළ සාමාර්ථ බොහොම ඉහලයි . දැනට මේ පාසලේ පුස්ථකාල ගොඩනැගිල්ලක් සහ රුපියල් 5000ක් පමණ වටිනා පොත්පත් තියෙනවා. නමුත් ඒ පොත් ප්‍රමාණය උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලකට කොහෙත්ම ප්‍රමාණයවත් නැහැ.
  
 

   ඒ නිසයි 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 

"දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!

 කියන තේමාවෙන් මේ විදියට ආරම්භ කරන්නේ.

                               බ්ලොග් අවකාශයේ සුහදශීලි මිනිසෙක් විදියට හැම කෙනෙක්ගේම ආදරය දිනාගෙන ඉඳලා අපි අතරින් වෙන්වුනු ඔබ්සවර්හෙවත් සනත් විජේවර්ධන මහත්මයා සහ ගිය අවුරුද්දේ අප අතරින් වෙන් වුනු ඉලන්දාරියා සිහිපත් කරලා ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත් මේ සමාජ සත්කාර වැඩසටහනේ තවත් අරමුණක්.

                               සයිබර් සිහින උළෙලට මුල්‍ය ශක්තියෙන් හයියක් වුන ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙන් අපිට ලැබුණු රුපියල් 60000 ක මුදලක් මේ වෙනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාල ශාඛාවේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල සපයගන්න සම්බන්ධීකරණ ශක්තියෙන් සහයොගය දුන්න ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවිය ලියන අභීත සහෝදරයාත්, ටෙලිකොම් ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙවෙලාවේ මතක් කරන්න ඔන. [ඉහත ගිනුම් විස්තරය බලන්න]

                               දැන් බ්ලොග් ලියන කියවන අය කල්පනා කරනවා ඇති අපි කෙහොමද මේකට දායක වෙන්නේ කියලා. ආකාර දෙකකට ඔබට මේ කටයුත්තට දායක වෙන්න පුළුවන්. 

පළවෙනි ආකාරය තමයි පොත් පත් පරිත්‍යයාග කිරීම.

          පාසල් දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්.[දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ ඒ සඳහා සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. අළුත් පොත් වගේම හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත් වුනත්  පරිත්‍යයාග  කරන්න පුළුවන්. ඒවා භාර දෙන්න මෙන්න මේ යාලුවන්ට කතාකරන්න

අපේ දකුනු පලාතේ යාලුවො කතාකරන්න පොඩිමැන්ට
  0719586007
නුවර පැත්තේ යාලුවො කතාකරන්න   "චතුමිතු" චතුරිකාට
  0771482301
කුරුණැගල පැත්තේ යාලුවො කතාකරන්න "දේවට
  0717500878 / 0775348789
හැටන් ඇතුළු නුවර එළියේ අවට යාලුවො කතාකරන්න චම්ලිට
  0777832854
කොළඹ සහ අනේක් ඔනෑම යාලුවෙක් කතාකරනවනම් 

Raj - 0773002262


යසන්ත - 0717479824 / 0722337770

බිම්සර -  0777453909

අවශ්‍යනම් ඊමෙල් ලිපිනය මෙන්න


cybernewyearfestival2011@gmail.com

අනිත් ආකාරය තමයි මුදල් ආධාර ලබා දීම. 

                පොත් පරිත්‍යයාග කිරීමේ වැඩසටහනට මුදලින් ආධාර කරන්න කැමතිනම් ඔබට පුළුවන් ඕනෑම මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ "NSB" ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරණ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න.අපේ විදෙස් රටවල මිතුරන්ට ලේසි වෙන්න මෙන්න NSB SWIFT Code : NSBALKLX. ඒ මුදල් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් බැර කරනවා නම් ලොකු හයියක්. මොකද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙන් පොත් මිලදී ගන්න ඒ මුදල් යොදවන්න.ගිනුමට ඔබ මුදල් තැන්පත් කලේ නම් අපගේ ඊමෙල් ලිපිනයට ඒ බව දන්වන්න

පහලින් තිබෙන ඛෙතය ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර සමාජ සත්කාර වැඩසටහන ප්‍රචලිත කිරිමට ඔබත් දායක වන්න

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="200" width="180"></embed>

එහෙමනම්... පටා....න් ගමු....

බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන 2012....

දැනුමැති සමාජයක් උදෙසා පොතක්  පරිත්‍යයාග  කරමු..!

අම්පාර ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ පුස්ථකාලය ගොඩනගමු....!

හෙට ලොව දිනන පරපුරක් තනන්නට දායක වෙමු...!

12

ඔබ සැමට......



සිහින උළේලට සහභාගී වූ ඔබටත්....


මුල්‍ය ශක්තියේන් දායකවු සැමටත්...


ශ්‍රමයෙන් කැපවු හැමොටමත්..


නිල මාධ්‍ය ශක්තියෙන් බස් රෙඩියොවටත්..


ප්‍රචාරනයෙන් දායක වූ සියලූම සින්ඩි වලටත්...

එකී මෙකී නොකී සියලූ දෙනාටමත්...


බෙහෙවින් ස්තූතී.

!!!
30

කට්ටියම එන්ඩෝ.... අපේ අවුරුදු උත්සවේ පටන්ගන්නයි යන්නේ....




ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ හතර වටේ ඉන්න බ්ලොග් ලියන කියවන හැමෝම බලාගෙන උන්න අපේ හීනය, සයිබර් සිහින බක්මහ උළෙල පටන්ගන්න හරියටම තියෙන්නේ අපේ එක අතක තියෙන ඇඟිලි ගානටත් අඩු දවස් ගනනක්. අප්‍රියෙල් 22 වෙනි ඉරිදා අපි හැමෝටම මතක හිටින දවසක් බවට පත්කරන්න ඔයා මේ ලිපිය කියවන මේ මොහොතෙත් අපේ සංවිධායක මණ්ඩලය වෙහෙස මහන්සි වෙනවා. විශේෂයෙන්ම තරඟ, තෑගි, සමරු කළාපය, කෑම බීම මේ හැමදෙයක්ම ලහි ලහියේ සූදානම් වෙනවා. ඉරිදා උදේ පාන්දරින්ම වැල්ලවත්තට එන්න දත කට මැදගෙන සූදානම් වෙලා ඉන්න ඔයාලව පිළිගන්න කුරේ ක්‍රිඩාංගනය බොහොම ආසාවෙන් සැදී පැහැදී ඉන්නවා කියලයි ආරංචිය.

ලෝකෙ තැන් තැන් වලට වෙලා පරිඝණක ඉස්සරහ ඉඳගෙන ලියපු, අනිත් අය ලියන දේවල් කියවපු, අපිට හිතෙන දේවල් ලියලා එයාලව දිරිමත් කරවපු හැම කෙනෙක්ටම ඇත්තටම හම්බ වෙලා කතාකරන්න, හිතවත්කම් අළුත් කරගන්න සූදානම් කරපු මේ ලස්සන දවස තවත් ලස්සන කරන්න විනෝද ක්‍රීඩා රාශියක් සැළසුම් කරලා.




 බනිස් කෑම, යෝගට් කැවීම වගේ කන බොන තරඟ වගේම කණා මුට්ටිය බිඳීම, අලියට ඇහැ තැබීම, සැඟවුන අමුත්තා වගේ සාම්ප්‍රදායික අවුරුදු  ක්‍රීඩා  රාශියකුත් පැවැත්වෙනවා. ඇයි අපි මාස ගනනක ඉඳලා ඊමේල් වලින්, මූනුපොතේ, ගූගල් වල වගේම බස් රේඩියෝ එකෙත් කතාබහ කරපු සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තරඟය... ඒකත් පවත්වන්න සියළු කටයුතු සූදානම්. එදාට සිහින කුමරා කුමරිය වෙන්න හිතාගෙන ඉන්න අයට ෆේෂල් එකක් එහෙම දාගන්න දැන් කාලෙ හරි ඔන්න. ලේසි පහසු වැඩක්යැ බ්ලොග් අවකාශයේ සිහින කුමරා නැත්නම් කුමරිය විදියට අභිෂේක ලබන එක,සයිබර් සිහින කුමරා, කුමරිය තරගෙට ඉදිරිපත් වෙන්න එහෙම ඉන්නවානම් මෙන්න මේක* පුරවන්නකෝ. ඔය අතරෙදි බොහොම සාමකාමීව මීට මාසෙකට විතර කලින් පටන්ගත්ත ඔන්ලයින් තරඟයේ ප්‍රතිඵලත් එදාට එලිදක්වනවලුනේ.


බැළුම් පිපිරවීම, තුන් පා දිවීම, සංගීත තොප්පි තරඟය, මීටර් 100, සැඟවුන පෙට්ටියේ රහස ආදී මෙකී නොකී විනෝද  ක්‍රීඩා  වලට සහභාගී වෙන්නත් ඒවා බලලා රසවිඳින්නත් ඔයාලා එන්න ඕන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට. 


කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).  

මේ ටික කිව්වේ නොදන්න අයට. ගහ දන්නා අයට කොළ කඩාපාන්න ඕනේ නෑනේ.

එහෙනම් 22 වෙනිදා උදේ 9.00ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදි හමුවෙමු. 

පොඩ්ඩක් ඉන්න....... 

දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව

තවම සයිබර් සිහින උළෙලට ලියාපදිංචි වෙලා නැත්නම් මේ වම් පැත්තේ වැඳගෙන ඉන්න අක්කා කෙනෙක්ගේ පින්තූරෙ උඩ ක්ලික් කලාම ලැබෙන මෙව්වා එක පුරවලා දීලා යන්න. අප්‍රියෙල් 18 වෙනකන් රෙජිස්ටර් වෙන්න පුලුවන්

මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා. 

ඒ වගේම අපේ සමරු කලාපයට සම්බන්ධ වෙලා අවුරුදු උළෙලට ශක්තියක් වෙන්ඩ කැමති බ්ලොග් සහෘදයින්ට මෙන්නම් මේ පාරේ ගියහම තොරතුරු දැනගෙන... අපව දැනුවත් කරන්නත් පුලුවනි 18 වෙනිදා වෙනකම්.

එසේම ගියවර මෙන් මෙවරද සියලූම අයවැය තොරතුරු විනිවිද භාවයකින් යුක්තව ඔබ සියලු දෙනා වෙත ඉදිරිපත්කරන අතරම.දැනට යොජනාවෙලා තියෙන  සමාජ සේවා ව්‍යාපෘතීන් න් අපගේ ශක්ති ප්‍රමානයෙන් කලහැකි ව්‍යාපෘතීය සයිබර් සිහින උළෙල පැවැත්වෙන අවස්ථාවෙදී ඔබ සැමගේ සහභාගීත්වයේන් තීරණය කිරිමටද බලාපොරොත්තු වෙනවා.

ඒවගේම වැදගත්ම කාරනය මත්පැන් මත්ද්‍රව‍ය ක්‍රිඩාංගනය ඇතුලට ගෙන ඒම සම්පූර්නයෙන්ම තහනම්.


දිවා ආහාරය සඳහා ඔබගෙන් රුපියල් 100 ක් වැනි සුලු මුදලක් පමනක් අය කරනු ලැබේ...

හරි ඔන්න අපි හැමොම අප්‍රියෙල් 22 දා උදේ 9 ට සයිබර් සිහින උළලේදි මුනගැහෙමු...





7

සිහින උළෙලේ සමරු කලාපයට ඔබගේ බ්ලොග් අඩවියත් ඇතුල් කරගන්න....

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.

පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.


1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 18 වන දින පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!

cybernewyearfestival2011@gmail.com 

G.S.Gunawardana
Skype-gsg0400
Mobile-0718309494
41

මෙන්න ඇරඹුනා...... සයිබර් සිහින කුමරා/ කුමරිය තරඟයේ ලියාපදිංචිය ඇරඹුනා.....



රටේ එක එක පැතිවල ඉලා අකුරු වලින් විතරක් කතාබහ කරපු යාළුවන්ට ඇත්තටම එකතු වෙලා විනෝද වෙන්න අවස්ථාවක් ඇවිත්. ගිය අවුරුද්දේ වගේම මේ වතාවෙත් සයිබර් සිහින බක්මහා උළෙල පවත්වන්න කටයුතු කාරණා සිද්ධ වේගනයි යන්නේ. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 22 වෙනිදා වැල්ලවත්ත ක්‍රීඩාංගනයට පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්ථාවට එකතු වෙන්න පුලුවන්කම තියෙනවා.
කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. ඔය බ්ලොග් එකේ දකුණූ පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන. අන්න ඒ අක්කගෙ රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි මෙවුව එකක් දේවි. අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර දක්වන්න.
එදාට පැවැත්වෙන තරඟ ගැන ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම්කරලා තියෙනවා.
ඒ අතරින් දන්නවනේ අපිට ගොඩක්ම විශේෂ තරඟය. ඔව්...සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. දැනටමත් බ්ලොග් පෝස්ට් වල, මූනු පොතේ හැමතැනම දැන්වීම් අලවලා. ආරංචි විදියට හැමෝම බලාගෙන ඉන්නේ ලියාපදිංචිය විවෘත කරනකම්.
හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්න. මේ තමයි තරඟය පැවැත්වෙන හැටි. සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන් ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක් මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙටඉදිරිපත් වීම ගැන ඔබ දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබට අවශ්‍ය එකමසුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
තරඟයේ මූලික නීති රීති කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැන ආයෙත් පොඩ්ඩක් මතක් කළොත්.....
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට කිහිපයකින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ. 
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
තරඟය ජයග්‍රහණය කරන තරුණයා සහ තරුණිය සිංහල බ්ලොග් අවකාශයේ "සයිබර් සිහින කුමරා" සහ "සයිබර් සිහින කුමරිය" විදියට අභිෂේක ලබනවා. ඒ විතරක් නෙමෙයි තෑගි බෝග රාශියකුත් එක්ක. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න එපා.

දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?

අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙපොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්නඑන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.


පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී,හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Back to Top