සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...





ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර.
කලින් කිව්වා වගේ ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. 


අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා
උදේ 8.30 පටන් රෑ වෙනකං....

හැමෝටම පුරුදු තැන...

වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේ දී...

සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා...

මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 24 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. 

ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. එදාට ඔයා එක්ක තව කවුරුහරි එනවනං ඒ අයටත් වෙන වෙනම ෆෝර්ම් එකක් පුරවන්න.

වැල්ලවත්ත HSBC එකට ටිකක් ඉදිරියෙන් තියන Fredrica පාරේ මීටර් 200ක් විතර ගිහින් වමට හැරුනම ක්‍රීඩාංගණයට ඇතුළුවන දොරටුව තියනවා. 


එහෙනං 27 වෙනිදාට හමුවෙමු. 
0

සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය 2019

බක් මහ උළල තියෙන්නෙ අප්‍රේල් 27 වෙනිදා... ඒත් පලවෙනි තරගය ඔන්න අද පටං ගන්නවා.... ....

ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...

මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් සහ සඳැස්)
කෙටිකථා


cybernewyearfestival2011@gmail.com කියන "බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.

මේ නිර්මාණ ඒ ඒ ක්ෂේත්‍ර වල දැනුමැති සහෘද විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 27 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.....
නිර්මාණ බාරගන්න අන්තිම දවස අප්‍රේල් 18 වෙනිදා.....

එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2019" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා.

මෙන්න තරංග කොන්දේසි....

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය.

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.

5. අංශ දෙකෙන්ම පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.


ඔන්න අද ඉඳලම නිර්මාණ බාරගන්නවා......
0

දෙවසරක විරාමය නිමා කරන්නට එන්න...

අළුත් අවුරුද්දට තව තියෙන්නෙ හරියටම මාසෙකටත් අඩු කාලයක්. මීට අවුරුදු කීපෙකට ඉස්සර අන්තර්ජාලය පාවිච්චි කරන අය, විශේෂයෙන්ම බ්ලොග් සහ ෆේස්බුක් එකේ ලියන, ඒ ලියපු ඒවා කියවන අය මේ කාලෙ වෙනකොට දකින දකින තැන කතා කරන්නෙ 'සයිබර් සිහින බක්මහ උළෙල' ගැන. 2016 අවුරුද්දෙන් පස්සෙ අවුරුදු දෙකක්ම විවිධ හේතු නිසා සයිබර් සිහින බක්මහ උළෙල තියන්න ලැබුණෙ නෑ. හැබැයි ඔන්න මේ පාර බක්මහ උළෙල මේ වෙනකොට ලහි ලහියේ සූදානම් වෙනවා. 




බ්ලොග් ලියන අය, බ්ලොග් කියවන අය, ෆේස්බුක් එකේ ලියන අය, ඒ ලියන ඒවා කියවන අය හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් ලස්සන දවසක්....

අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා
උදේ 8.30 පටන් රෑ වෙනකං....

හැමෝටම පුරුදු තැන...
වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේ දී...
ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. සයිබර් සිහින කුමරා, සයිබර් සිහින කුමරිය වෙන්න කැමති අය සූදානම් වෙලා ඉන්න. ඒ ගැන විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දැනගන්න පුළුවන්. සමරු කලාපයේ තමන්ගේ දැන්වීමක් පළ කරගන්න හරි, තෑගි වලට අනුග්‍රහයක් දක්වන්න හරි කැමති කෙනෙක් ඉන්නවා නං cybernewyearfestival2011@gmail.com කියන ඊ මේල් ලිපිනයට පණිවිඩයක් එවන්න. නැත්තං අපේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවන්නත් පුළුවන්.


එහෙනං....,

අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා උදේ 8.30 ට හමුවෙමු

0

සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...

මීට අවුරුදු 7 කට කලින් 2011 දි ආරම්භ වුණ සයිබර් සිහින බක්මහ උළෙල ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්ම සයිබර් meetup වලින් එකක්. ඇත්තටම ඒ කාලෙ තිබුණු විශාලම එක. ඉතිං ටිකෙන් ටික කාලය ගත වෙලා අවුරුදු 6 ක් ම සයිබර් සිහින බක්මහ උළෙල ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න අවස්ථාව ලැබුණා. 

2017 අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙලට පොඩි විරාමයක් තිබ්බ නිසා 2018 අවුරුද්දෙ කලින්ටත් වඩා ඉහළින් සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සැළසුමක් තියෙනවා. තියන්නෙ කොහෙද? කවදද? මොනවද කරන්නෙ කියල තවම තීරණය කරල නෑ.

ඔයාටත් හිතෙනව නං මේ පාර මේ වගේ දෙයක් සයිබර් සිහින බක්මහ උළෙලේ වුණොත් හොඳයි කියල හිතෙනවනං ආයෙ හිත හිත ඉන්නෙ නැතුව සයිබර් සිහින උළෙල සංවිධානය කරන්න එකතු වෙන්න. තියෙන්න ඕන සුදුසුකම් තමයි 01) සිංහල බ්ලොග්කරුවෙක් වීම 02) මේ වෙනුවෙන් කැප වෙන්න තියෙන කැමැත්ත. 

වැඩේ වෙන්නෙ මෙහෙමයි. මේ සති අන්තයේ (30) වෙනිදා හවස්වරුවෙ අපි ඉස්සෙල්ලම කොළඹදි හම්බවෙනවා. ඉතුරු කතා බහ ඔක්කොම එදාට. නිකං හරි මේ වැඩේට දායක වෙලා යමක් කරන්න පුලුවන් කියල හිතෙනව නං මෙන්න මේ ෆෝම් එක පුරවල ලියාපදිංචි වෙන්න. අපි ඊ මේල් මගින් කියන්නං තැනයි වෙලාවයි. 

එහෙනං මේ අවුරුද්දෙ අලුත්ම විදියෙ සයිබර් සිහින බක්මහ උළෙලක් එක්ක එකතු වෙමු.

0

2016 සයිබර් සිහින උලෙළ - අය වැය වාර්තාව



සුපුරුදු පරිදි 2016 අවුරුදු උත්සවය බොහෝ දෙනෙකුගේ සහබාගීත්වයෙන් පසුගිය 30 වෙනි ‍දින වැල්ලවත්ත කූරේ  ක්‍රීඩාංගනයේ දි පැවැත්වුණි. එහි අයවැය වර්තාව සහ අනුග්‍රහක දායකත්වය පහත පරිදි වෙයි

අනුග්‍රහක දායකත්වය
1. අන්කොමන් හෝම්සි
2. සිලෝන් බිස්කට් සමාගම
3. ටෙක් සිටි - වවුචර්
4. සමන්මල් - වව්චර්
5. සූදික - වව්චර්
6. රන්දිකා රණවීර/සමරතුංග මහත්මිය/අජිත් ධර්මකීර්ති/තරංගනී රොෂිකා/සුමිත් කළනසිරි/ බුක්යර්බුක් - පොත්
7. නිලංකා - එටිසලාට් මග් සහ ටිෂර්ට්
8. ලිෂාන් - ටිකට් පත්
9. ගයාන් ගුණව්ධන - බැනර්

2016 ඡායාරූප
1. තිසර 
2. ලිෂාන්
3. දර්ශන
4. මාරයා
5. ඔන්ල්
6. සසිඳු

2016 චලනචිත්‍ර
1. ගයාන් 
2. නලින්   නලින්

පැමිණි ඔබට සැමට ස්තුතියි නැවත 2017 මුන ගැසෙමු

‍සයිබර් සිහින මේ අදහස කාගේද?

2016  වසරේ ඔබේ අදහස තවමත් පහතින් දක්නට නොලැබේ නම් දැන්ම මෙතනට ගොස් ඔබේ අදහස හා පැමිණිම ස්තීර කරන්න.

1 මේ සැරේවත් අලුත් ගෑනු ලමයි ටිකක් බැස්සොත් හිටං. අඩු ගානෙ රෙඩ් බුල් නංගිල හරි කමක් නෑ. කෑල්ලක් නැති අපිට ලෑල්ලත් සැපයි මල්ලි :P ඒකයි එන්නෙ
2 වෙන මොනවටද ඉතිං...සයිබරයේ මිතුරන් මහපොළොවේ දී මුණ ගැසීම මිසක...
3 බ්ලොග් ලියන මිතුරන් හමුවීමට.
4 හැමදාම එන නිසා. :P
5 උඹලව බලල යන්න....
6 පත්තෙර්න් දැක්කා, එන්න හිතුනා
7 1. Blog 1k tibba nisa
2. Enna kiyala tiyena nisa
3. Mata oni nisa
4. Yaluwo innawada balanna
Obata sathutuy da dan?
8 aluth yaluwo haduna ganna.. parana yalukan wadi diunu karaganna.. sathuthu wenna.. hithata realx akak ganna.. 
9 ආතල් එකට
10 සුන්දර දවසක් Cyber යාළුවන් සමග ගත කිරීමට
11 යකෝ අපිනේ මේක පටං ගත්තේ... :D
12 කලින් පාර වල ආපු හේතුවම තමා අයියාහ්!!  මෝඩ කම :3
13 සයිබර් අවකශයේ මිතුරන් හඳුනාගෙන ඉදිරියට වඩා යහපත් සමාජ ක්‍රියාකාරීත්වයක්  සඳහා දායක වීමට
14 ගෙදර ඉදලා එපා වෙලා කියපං 
15 වැස්සක් එනවා වැස්සක් එනවා පස්සේ කියන්නං
16 කට්ටිය සෙට්වෙලා ආතල් එකක් ගන්න
17 මිතුරන් වසරකට වරක් හමුවී විනෝද වීමට ඇති අවස්ථාව නිසා
18 මිතුරු මිතුරියන් හමුවීමට ඇති කැමැත්ත නිසා
19 කලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවීම සඳහා...
20 To Enjoy :) 
21 සයිබර් අවකාශයෙන් හදුනා ගත් මිතුරන් සැබැවින් හමුවීමට ;)
22 මිතුරු මිතුරියන් හමුවීම සහ ක්‍රීඩා කිරීම සදහා
23 යාලුවො  ටිකේ මූණ බලාගන්න ;)
24 New experience 
25 මෙේ තෙෙවැනි වර . සුහදත්වය වර්ධනය කරගනැනීමට
26 hemadama ena mama ithin me parath newith kohomada..?? :)
27 With the recomendation of Uchitha Pathum I'd like experience this event
28 ape sahodara mithuran samaga ekvi aurudu samaranna.
29 winoda veemaya. yahaluwan haduna ganeemata
30 To hangout with people.
31 :D :D :D mage yaaluwo okkoma eeke inna nisaa....aayeth eelaga paara awurudu enakam balagena inna bari nisaa :D :D <3
3

6 වෙනි වරටත් මෙවරත් - සිංහල අවුරුදු

2011 වසරේදි අභිත එදිරිසිංහගේ අදහසත් අනුව මුල් වරට ආරම්භ කල සයිබර් සිහින බක් මහ උලෙළේ සයවන දිග හැරුම මෙම මස 30 වන දින වැල්ලවත්ත කුරේ පිට්ටනියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදාන්ම් කර අවසන්ය. මේවන විටත් ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳ සිටින ආයතන හා පුද්ගලයන් පහත පරිදි වෙයි. ඔබත් අපට සහායක් දැක්වීමට කැමති නම් අපව අමතන්න. ඒ සඳහා දක්වන සහයෝගය මුදල්මය හෝ තරඟයක් සඳහා තෑග්ගක් වුවද විය හැක

1. අන්කොමන් හෝම්ස් - http://uncommonhms.com/

2. සමන්මල් මාතර http://www.samanmal.com/ 
3. Ceylon Biscuits Limited http://www.muncheelk.com/

2011 වසරේ සිට ගන්නා ලද සමූහ චායාරූප වල ඔබ සිටින්නේ කුමන වර්ෂ වලද යයි හොඳින් බලන්න 2016 වසරේ සමූහ චායාරූය මග නොහැරගැනීම සඳහා මෙම පෝරමය දැන්ම පුරවන්න. පෝරමයේ ඔබ 100 වැන්නාද  ද, 125ද, 150ද, වන්නේ නම් ඔබට වටිනා තැග්ගක හිමිකරුවෙක් හෝ හිමිකාරියක් විය හැක. (කොන්දේසි සහිතයි)


පහත විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවියේ පලකරමින් අපිට නොමද සහායක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
<a href="http://cyberfestival.blogspot.com/"> <object type="application/x-shockwave-flash" data="http://syndi.lankeeya.lk/2016cyberfestival.swf" width="230" height="300"><param name="allowscriptaccess" value="always" /><param name="menu" value="false" /><param name="wmode" value="transparent" /></object></a>




2011

2012

2013

2014

2015

3

සයිබර් සිහිනය දකින්න සූදානම් ද?

අපි කලින් දවසක කිව්වා වගේම;
 සයිබර් සහෝදරත්වයේ ප්‍රේමනීය ඉසව්ව
සයිබර් සිහින බක්මහ උළෙල 2016 
2016 අප්‍රේල් මාසෙ 30 වෙනි සෙනසුරාදා උදේ 9.00 ට අපිට පුරුදු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දෙ ලැබෙන තෑගි බෝග වලත් පොඩි වෙනසක් තියේවි. එදා කිව්ව විදියටම ටිකක් වෙනස් විදියේ අවුරුදු උත්සවයක් පවත්වන්නයි සංවිධායක මණ්ඩලය සූදානම් වෙන්නෙ.

බ්ලොග්කරුවන්ගේ වැඩක් විදියට 2011 අවුරුද්දෙ පටන්ගත්ත සයිබර් සිහින බක්මහ උළෙල මේ අවුරුද්ද වෙනකොට බ්ලොග් වලින් එහාට ගිහිල්ලා ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන අයත් දායක වෙන අවුරුදු උත්සවයක් බවට පත් වෙලා. ෆේස්බුක් ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන කිහිප දෙනෙකුත්, එදා ඉඳලා සයිබර් සිහින උළෙල යථාර්ථයක් කරන්න වෙහෙසුනු සංවිධායක මණ්ඩලයේ කට්ටියත් එකතු වෙලා තමයි මේ අවුරුද්දෙ අවුරුදු උත්සවය සැළසුම් කරන්නෙ.

එහෙනං මේ කියන්න යන්නෙ කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා. එක්කෝ මේ පෝස්ට් එකේ මෙන්න මෙතන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම සයිබර් සිහින බක්මහ උළෙල නිල ඉවෙන්ට් එකේ tickets available කියන තැන ක්ලික් කරලත් ලියාපදිංචි වෙන්න පුළුවන්. අැයි තව අපේ පේජ් එකේ? ඒකෙ Book Now කියල තියන බොත්තම එබුවත් ලියාපදිංචි වෙන්න පුළුවන්.



අැතුල් වීමේ ගාස්තුව රුපියල් 250 යි. දවල් කෑම වගේම වතුර බෝතලයකුත් ඔබට නොමිලේ ලැබෙනවා. එන්න අදහසක් තියෙනවා නම් ෆෝම් එක පිරවීම වගේම ෆෝම් එක පුරවලත් එන්න විදියක් නැත්නම් දවසකට දෙකකට කලින් දැනුම් දීමත් අපේ වැඩ කටයුතු පහසු කරවනවා. ෆෝම් එක පුරවන්නෙ නැතුව එදාට එන්න හිතං ඉන්න කීප දෙනෙකුට අවස්ථාව තියෙයි. ඒත් කෑම බීම වල අඩුපාඩු වෙන්න පුළුවන් නිසා කලින් ලියාපදිංචි වෙන එක කෝකටත් හොඳයි.

මේ අවුරුද්දෙ සයිබර් සිහින උළෙල ට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය රිදම් FM. අනිත් අනුග්‍රාහක භවතුන් ගැන ඊළඟ පෝස්ට් එකේ කියන්නං. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං cybernewyearfestival2011@gmail.com කියන අපේ නිල ඊ මේල් ලිපිනයට මේලක් එවන්න. නැත්තං පේජ් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. 

තවත් විස්තර එක්ක අායෙත් පෝස්ට් එකකින් හමු වෙමු.

16

මතකද? ......... සයිබර් සිහින බක්මහ උළෙල 2016

අවුරුදු කාලෙ ළඟ ළඟම එනවා. මාර්තු මාසෙ වෙනකොට සිංහල භාෂාවෙන් අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග් ලියන, කියවන හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. පහුගිය අවුරුදු පහ තිස්සේ හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ දවසක බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය, සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වුණා. මේ අවුරුද්දෙ අවුරුදු උත්සවේ නැද්ද? මොකද මෙච්චර පරක්කු? එක එක්කෙනා අහනවා. 

නෑ... එහෙම නවත්තන්න පුළුවන් ද? මේ අවුරුද්දෙ හය වෙනි වතාවටත් සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. හැබැයි පුංචි වෙනස්කම් කීපයක් එක්ක. පළවෙනි වෙනස තමයි මේ අවුරුද්දෙ බ්ලොග්කරුවන් විතරක්ම නෙමෙයි සයිබර් සිහින බක්මහ උළෙල වර්ණවත් කරන්නෙ. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවි භාවිතා කරන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට දායක වෙන්න පුළුවන්.

තව තව අළුත් වෙනස්කම් ගැන පහු පහු වෙනකොට දැනගන්න පුළුවන් වෙයි. කෝකටත් බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් පාවිච්චි කරන හැමෝම
අපේ්‍රල් මාසෙ 30 වෙනි සෙනසුරාදා 
දිනේ වෙන් කරල තියාගන්න. වසරේ වඩාත් නිර්මාණශීලි අළුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන්න අදහස් කරනවා නං එදා තමයි දවස.

තවත් විස්තර එක්ක ඉදිරියේදි හමුවෙමු.... 

අපි,
අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය
බ්ලොග් අවකාශයේ මිතුරෝ
cybernewyearfestival2011@gmail.com


16

හනික වරෙව් කොල්ලනේ/කෙල්ලනේ... මෙන්න මෙහෙ වරෙව්....

හැමදාම මතක් කරන විදියට අවුරුදු පහක් තිස්සේ සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන කියවන අයගේ නවාතැන වෙච්ච අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ හය වැනි අවුරුද්දටත් පිවිසෙන්නයි සූදානම් වෙන්නෙ. අළුතින් බ්ලොග් ලෝකයට එකතු වෙන සහෝදර සහෝදරියන් එහෙම ඉන්නවනං බලයි මේ මොකක්ද කියලා. අපි කලින් අවුරුදු වල කරපු දේවල් මොනවද කියල දකුණු අත පැත්තෙ තියෙන පරණ බ්ලොග් පෝස්ට් කියෙව්වාම දැන කියාගන්න පුළුවන්. 

මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ 2011 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දකම බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සහෝදර සහෝදරියන්ගේ දාඩිය මහන්සියෙන්. ඉතිං මේ අවුරුද්දෙත් සංවිධායක මණ්ඩලයට එකතු පාදා වෙලා තමන්ගේ ශ්‍ර‍මය දායක කරන ගමන් තමන්ගෙ ජීවිතයට අළුත් අත්දැකීම් සහ කුසලතා ගොන්නක් එකතු කරගන්න කැමති නම් මේ අවස්ථාව ඔබට.
හැබැයි එකක්... මේ අවුරුද්දෙ අපි බ්ලොග්කරුවන්ට විතරක් බ්ලොග් අවකාශයේ මිතුරෝ වැඩසටහන් සීමා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. බ්ලොග් ලියන්නෙ කියවන්නෙ නැති වුනත් ෆේස්බුක් ගෘෘප්, පේජ් වල සාමාජිකයන් සහ ඇඩ්මින්වරුන්ටත් මේ අවුරුද්දේ බ්ලොග් අවකාශයේ මිතුරෝ විවෘතයි.

කරන්න තියෙන්නෙ අපි පහුගිය කාලෙ කරපු කියපු දේවල් බලල, අපේ ව්‍යවස්ථාව, මූල්‍ය ප්‍ර‍කාශන එහෙම කියවලා අළුත් අවුරුද්දේ මේ වැඩේ කරගෙන යන්න තමන් සූදානම් කියල හිතෙනවනං පහළ තියෙන ෆෝම් එක පුරවන එක විතරයි. ඊට පස්සෙ අපි නොවැම්බර් පළවෙනිදා උදේ 10.00 ට විතර කොළඹදි හමුවෙලා ඉස්සරහට කරන්න ඕන දේවල් තීරණය කරමු.
විශේෂයෙන්ම අළුතින් බ්ලොග්කරණයට පිවිසුන නංගිල මල්ලිල ඉන්නවනං එයාලටත් පුළුවන් සංවිධායක මණ්ඩලයට එකතු වෙන්න. හැබැයි මේ වැඩේ වගකීමෙන් කරන්න පුළුවන් කියල හොඳ ආත්ම විශ්වාසයක් තියෙන අය විතරයි. ඔයාලට අවශ්‍ය සහයෝගය, මගපෙන්වීම දෙන්න අත්දැකීම් තියෙන පහුගිය අවුරුදු වල මේ කටයුතු සංවිධානය කරපු බොහෝ දෙනෙක් සූදානමින් ඉන්නවා. ඒ නිසා බය නැතුව වැඩේට බහිමු.

හැමෝටම හැම දේම කරන්න බැරිවෙයි. අපි පුළුවන් විදියට වැඩ බෙදාගෙන කරමු. තමන් භාරගන්න වැඩේ හරියට කරල 2015/2016 අවුරුද්ද බ්ලොග් අවකාශයේ ස්වර්ණමය අවුරුද්ද කරන්න පුළුවන් කොල්ලො කෙල්ලො ටිකක් මේ වැඩේට එකතුවෙයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා.
එහෙනං අළුත් අවුරුද්දෙ අළුත් වැඩක් කරමු....

0

චාපා සොයුරියගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතමු...!

2015 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන චාපා උමයංගි සොයුරියගේ ආදරණීය මෑණියන් ඊයේ (14) සවස අභාවප්‍රාප්ත වූ බව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගයෙන් යුතුව සහෘද බ්ලොග්කරුවන් වෙත දැනුම් දී සිටියි.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි එතුමිය පසුගිය කාලය පුරාම වරින් වර මහරගම ජාතික පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටියාය. චාපා සොයුරිය මෙවර සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීමට සිය පූර්ණ දායකත්වය ලබා දුන්නේද මවගේ සියලු ප්‍රතිකාරමය කටයුතු කරගෙන යන අතරතුරදීය.

දැනට එතුමියගේ දේහය පිළියන්දල - සුවාරපොළ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (18) දින සවස 3.00 ට සිදු කිරීමට නියමිතය.

අවමංගල්‍ය නිවස පිළියන්දල - මොරටුව පාරේ සුවාරපොළ හන්දියට පැමිණ සුවාරපොළ හන්දියෙන් දම්පෙ පාරේ මීටර් 100 ක් පමණ යනවිට හමුවේ. පිළියන්දල සිට මොරටුව බස් රථයේ පැමිණෙන්නේ නම් බස් ගාස්තුව රුපියල් 8/= කි. ත්‍රීරෝද රථයක ගමන් කරන්නේ නම් ගාස්තුව රුපියල් 70/= පමණ වේ.

දීර්ඝ කාලයක සිට බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සාමාජිකාවක වන චාපා සොයුරිය වෙත බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගය පළ කර සිටිමු. 

ඇයගේ ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

ඔබට හැකි ආකාරයෙන් අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වන ලෙස දයාබර බ්ලොග් සහෘද ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම අවමංගල්‍යය හේතුවෙන් ජූලි 26 දිනට යෙදී තිබූ බ්ලොග් අවකාශයේ මිතුරෝ වාර්ෂික චාරිකාව කල් දමා ඇති අතර නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
8

ස්තුතියි...!







අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය, ෴ බ්ලොග් අවකාශයේ මිතුරෝ වන අපි ෴ සිංහල බසින් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන්ගේ "මහා මංගල්‍යය" යන විරුදාවලිය ලත් සයිබර් සිහින බක්මහ උළෙල අඛණ්ඩව පස් වන වරටත් සාර්ථකව පවත්වා නිමකරන්නට සමත්වීමු. 

2011 අප්‍රේල් 03 වන දින හෙන්රි පේද්‍රිස් පිටියෙන් පටන් ගත් ගමන මේ තරම් දුරක් එනු ඇතැයි ඒ සඳහා දායක වූ ආදරණීය බ්ලොග් සහෘදයින් එදා සිතන්නට නැතිව ඇති. එහෙත් ඒ ආරම්භකයින්ටත්, එදා මෙදා තුර ඒ සඳහා කැප වී කටයුතු කල සහෘද බ්ලොග්කරුවන්ටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ සිය කෘතවේදීත්වය පළ කර සිටියි. 


පෙර වසර වලදී මෙන්ම 2015 වසරේ සයිබර් සිහින බක්මහ උළෙල ද සිව් මසක මෙහෙයුමක් විය. ජනවාරි මාසයේ ආරම්භ වන මූලික සාකච්ඡා වල සිට තවත් සතියකින් දෙකකින් මූල්‍ය සාරාංශය ඉදිරිපත් කරන මොහොත දක්වා මෙම ක්‍රියාදාමය ඇදී යයි. එහිදී උළෙල සැළසුම් කිරීම, මූල්‍ය දායකත්වයන් ලබාගැනීම, බ්ලොග්කරුවන් ලියාපදිංචි කිරීම, ආහාර පාන සහ තෑගි සූදානම් කිරීම ආදී කටයුතු රැසක් සිදු වේ. ඒ සඳහා නිරන්තර සහයෝගය ලබා දෙන්නේ ආදරණීය බ්ලොග් සහෘදයන්ය. සයිබර් සිහින බක්මහ උළෙල අවසන් ව හෝරා කිහිපයක් ගත ව ඇති මේ මොහොතේ ඔවුන් සිහිපත් කිරීම සංවිධායක මණ්ඩලයේ යුතුකමයි.

මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට මූල්‍ය දායකත්වයන් ලබා දුන් දේවක සඳරුවන් සොයුරා සහ නෙළුම් යාය සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය දැක්වූ Laydeez, චානක ඉලෙක්ට්‍රිකල්ස් - නාවල, සෙන්ට්‍රල් රිකවරීස් - රාජගිරිය සහ රිද්ම කසුන් මහතා ඇතුලු යමං ගෘෘප් කණ්ඩායමටත් බ්ලොග් අවකාශයේ මිතුරෝ ආදර ස්තුතිය පුද කර සිටියි.

එමෙන්ම සයිබර් සිහින බක්මහ උළෙල සඳහා නිල මාධ්‍ය දායකත්වය නිරතුරුව ලබා දෙමින් හා ශබ්ද විකාශන පද්ධති සපයමින් සහයෝගය දක්වන Buzz Radio කණ්ඩායමට ද අපගේ හද පිරි ස්තුතිය පිරිනමනු කැමැත්තෙමු. බස් රේඩියෝවත් බ්ලොග් අවකාශයත් අතර බැඳීම දිනෙන් දින වර්ධනය වේවායි ද ප්‍රාර්ථනා කරමු.

පසුගිය කාලය මුලුල්ලේම වරින් වර විමසමින් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටු කර දුන් හා අද දින (19) උදෑසන සිට පැමිණ විය යුත්ත විමසා බලා ඉටුකරමින් තරඟ සංවිධානය ඇතුලු සියලු කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ටද සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමිවෙයි.


සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බොහෝ දුර බැහැර සිට පැමිණ තරඟ වලට සහභාගී වූ සහ කරදර අඩුපාඩු දරාගනිමින් සියලු කටයුතු වලදී සහයෝගය දැක්වූ අද පැමිණි දයාබර ඔබ නොවන්නට අපගේ මෙම ව්‍යායාමය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. එබැවින් අද දින පැමිණි 100 ක් පමණ වූ සහෘද බ්ලොග්කරුවනි, බ්ලොග් අවකාශයේ මිතුරෝහි අවංක ආදර ස්තුතිය ඔබට පිරිනමමු. 

එමෙන්ම සයිබර් සිහින උළෙල සදාතනික සිහිවටනයක් කරනු පිණිස දිනය ඡායාරූපගත කල බ්ලොග් සහෘදයින්ටත්, නිවේදන කටයුතු වලින් දායක වූ ජනරඟ හා දුලාන් සොහොයුරන්ටත්, නන් අයුරින් දායක වූ සැමටත් ස්තුති කිරීමට ද අප මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම ඔබ ලබාගත් ඡායාරූප පළ කරන ෆේස්බුක් ඇල්බම් සහ බ්ලොග් පෝස්ට් වල ලින්ක් අපගේ නිල ෆේස්බුක් ඉවෙන්ට් එකේ පළ කරන ලෙසත්, ඒවා සියලු දෙනාටම නැරඹිය හැකි (view--> Public) ලෙස සකස් කරන ලෙසත්, ඔබ හැර වෙනත් මිතුරන් ටැග් කිරීමෙන් වලකින ලෙසත්, දයාබර කැමරා ශිල්පීන්ගෙන් හා නරඹන්නන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. සියළුම ඇල්බම්/ බ්ලොග් පෝස්ට් වල ලයිස්තුවක් පසුගිය වසර වලදී මෙන්ම ඉදිරියේදී මෙම බ්ලොග් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා ඇත.

මේ අවසන් දවස නොවේ. මීට වඩා සුන්දර සයිබර් සිහින බක්මහ උළෙලක් ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඊට පෙර තවත් බොහෝ බ්ලොග් සුහද හමු සැළසුම් වනු ඇත. ඉදින්, අපි එදාට යලිත් මුණගැසෙමු. එතෙක්....
ඔබට ස්තුතියි....!
4

සයිබර් සිහිනය එළිවෙන්නේ හෙටයි

        ඔන්න සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය24  කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ?

           අවසාන වශයෙන් ඔයාලට මතක් කල යුතු කරුණු කිහිපයක් තියනවා, එ් ටික මතක් කරන්නයි මේ සූදානම.

(1) මීට සුළු මොහොතකට පෙර බක්මහ උළෙල සදහා ලියාපදිංචි වීමට තිබූ ෆෝම් එක වසා දමනු ලැබූ අතර මේ වන විට ලියාපදිංචි වී සිටින සියලුම දෙනාහට තහවුරු කිරීමේ ලිපි යවා අවසන් කර අැත.තහවුරු කිරීමේ ලිපිය ලැබුනු සියළු දෙනාම එහි අැතුලත් අංකය මතක තබාගෙන අා යුතුය.ලියාපදිංචි වීමට නොහැකි වූ අයෙකු සිටීනම් හෙට දින බක්මහ උළෙලට අැතුළුවීමේ දොරටුවේදී ලියාපදිංචි විය හැක.

(2) බක්මහ උළෙලට සහභාගීවන්නන් අවි අායුධ හා මත්පැන් ගෙන එ්මෙන් වැලකිය යුතුය.කිසියම් කරුණක් මත පිරිසක් ගැටුම් අැති කරගතහොත් ඔවුන් උත්සව භූමියෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවන බව මතක් කර සිටිමි.

(3) පස්වරු 5.00 ට අපගේ වැඩසටහන් අවසන් කල යුතු බැවින් නියමිත වෙලාවට (පෙ.ව. 9.00) උත්සවය ආරම්භ කිරීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. පෙරවරු 8.00 සිට ඔබට උත්සව භූමියට පිවිසිය හැකිය.

(4) උත්සව භුමියට පැමිණීමට නොදන්නා කෙනෙකු වෙතොත් ඔවුන් සදහා මාර්ග විස්තරය පහතින් දක්වා අැත.

කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

කියන්න තියන දේවල් ඔච්චරයි, එහෙනම් හෙට සයිබර් සිහින බක්මහ උළෙලේදී හමුවෙමු.
3

කිරි ඉතිරේවා නව වසරේ


          ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර.

         ඔයාල හැමෝම දැනටමත් දන්නවා ඇති මෙවර
සයිබර් සිහින බක්මහ උළෙල කවදා කොතැන පවත්වනවාද යන්න වග, ඒත් මේ මතක් කිරීම සයිබර් සිහින බක්මහ උළෙල පිළිබද නොදන්නා කෙනෙකු වෙතොත් ඔහු හෝ ඇය වෙනුවෙන්මයි.මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන දිනය හා වේලාව වෙන්නෙ අප්‍රියල් මස 19වෙනි ඉරිදා උදේ 9ට, පවත්වන ස්ථානය ගැන කියනවනම් ගොඩක් අයට හුරු පුරුදු තැනක තමයි අපි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්නේ, ඒ කියන්නෙ 2012 සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වූ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණය.කුරේ ක්‍රීඩාංගණයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහලින් තියන ගූගල් මැප් එකේ තියනවා කුරේ ක්‍රීඩාංගණය පිහිටා තිබෙන ස්ථානය.

View Larger Map

       වැල්ලවත්ත HSBC එකට ටිකක් ඉදිරියෙන් තියන Fredrica පාරේ මීටර් 200ක් විතර ගිහින් වමට හැරුනම ක්‍රීඩාංගණයට ඇතුළුවන දොරටුව තියනවා.19 වෙනිදා එනකොට සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි උනාම ඔයාලට ලැබුනු අංකයත් මතක තියාගෙන එන්න.එදිනට බක්මහ උළෙලට ඇතුලත් වීමේදී රු200ක් ගෙවා ප්‍රවේශපතක් මිලදී ගැනීමට සිදුවන අතර එදිනට ඔබට දිවා ආහාරය හා හවසට කෙටි කෑම වේලක් නොමිලේ සපයනු ලැබේ.


       පසුගිය වසර වලදී මෙන්ම මෙවරත් දිවීම, කණා මුට්ටි බිදීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමරා හා කුමරිය වැනි තරග ඉසව් රාශියක් පැවැත්වේ.2015 සයිබර් සිහින අවුරුදු කුමරා හට වටිනා ජංගම දුරකථනයක් හා වටිනා ටීෂර්ට් එකක් ලබාදෙන අතර අවුරුදු කුමරිය හට ලේඩීස් වෙතින් ලබාදෙන ත්‍යාග පාර්සලයක් හා රයිස් කුකරයක් ලබාදෙන බව විශේෂයෙන් මතක් කල යුතුයි.ඊට අමතරව පිරිමි දිවීමේ තරගය සදහා විදුලි පංකාවක්, ගැහැණු දිවීමේ තරගය සදහා රයිස් කුකරයක්, කණා මුට්ටි බිදීම සදහා විදුලි පංකාවක්, බනිස් කෑමේ තරගය සදහා ගෑස් කුකරයක්, බැලුම් පිපිරවීම සදහා ගෑස් කුකරයක් හා අනෙකුත් තරග සදහාද මින් පෙර කිසිදු
සයිබර් සිහින බක්මහ උළෙලක ලබා නොදුන් ඉතා වටිනා ත්‍යාග රැසක් ජයග්‍රාහයන් හට ලබාදෙන බව මතක් කිරීමට කැමතියි.

     තවමත් ඔබ සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි වී නැතිනම් දැන්ම පහතින් දක්වා තිබෙන ෆෝම් එක පුරවා ලියාපදිංචිවන්න.


      එසේම සයිබර් සිහින බක්මහ උළෙල ගැන ඔබේ මිතුරන් දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මුහුණු පොතේ ෂෙයාර් කරන මෙන් හා සයිබර් සිහින බක්මහ උළෙල සදහා නිර්මාණය කරන ලද විජට්ටුව ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කරගන්නා මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.විජට්ටුව සදහා ආදල කෝඩ් එක පහතින් දක්වා ඇත.

<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/2015cyberfestival.swf"></object>

     වෙනදා මෙන්ම මෙවරත් සයිබර් සිහින බක්මහ උළෙලේ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ බස් රේඩියෝව බවත් මතක්කල යුතුමයි.එමෙන්ම ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වූයේ නෙළුම් යාය සංවිධානය, නාවල චානක ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය, රාජගිරියේ සෙන්ට්‍රල් රිකවරීස් ආයතනය, රිද්ම කසුන් මහතා හා දේවක සදරුවන් මහතාය.ඔවුන් සියලු දෙනාම මෙහිදී ස්තූතිපූර්වකව මතක් කල යුතුය.එසේනම් අප්‍රියල් 19 වෙනිදාට හමුවෙමු.
6

සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර

       මේ මාසෙ 1 වෙනිද අපි ඔබට අවස්ථාවක් ලබාදුන්නා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සුදුසු දිනයක් යෝජනා කරන්න කියල, ඉතින් ඔයාල ඒ යෝජනා කරපු දිනයන් වලින් මාර්තු 3න් වැනිදා නැත්තන් ඊයෙ දවස වනවිට වැඩි දෙනාගේ කැමැත්ත වෙලා තිබුනු දිනය "අප්‍රියල් 19"වෙනිදා තමයි සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත්තෙ සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.
      ඊලගට ඔයාලට ප්‍රශ්නයක් ඇති දිනය කිව්වට පවත්වන ස්ථානය කිව්වෙ නෑනෙ කියල, මේ කියන්න යන්නෙ ඒ ගැන තමා.මෙවර බක්මහ උළෙල පවත්වන ස්ථානය අපිට බොහොම හුරුපුරුදු ස්ථානයක්, ඒ මොකද කියනවනම් අපි 2012 වසරේ බක්මහ උළෙල පවත්වපු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයම තමා මෙවරත් තෝරාගත්තේ 2015 සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.

      මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා අප්‍රියල් 19වෙනිද සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගි වෙන සියඵදෙනාම මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 18 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න.


ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 200/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි.

      වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහල තියන සිතියමේ තියනවා කුරේ ක්‍රීඩාංගනය පිහිටා තියන ස්ථනය


View Larger Map
  
සයිබර් සිහින බක්මහ උළෙලේ තවත් අලුත් තොරතුරු රැසක් සමගින් ඉක්මනින් හමුවෙමු.
 

කවදාද හොද?

     අවුරුද්දත් කිට්ටු වේගෙන එනව, ඒත් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන කිසිම ආරංචියක් නැත්තෙ ඇයි කියල ඔයාල බලනවා ඇති.මේ කියන්න යන්නෙ ඒ ගැන තමයි.මේ වන විටත් සංවිධායක මණ්ඩලය බක්මහ උළෙලට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.පසුගිය බක්මහ උළෙලවල් වලදී බක්මහ උළෙල පවත්වන දිනය සංවිධායක මණ්ඩලය තීරණය කලත්, මෙවර පොඩි වෙනසකටත් එක්ක බක්මහ උළෙල පවත්වන දිනය තීරණය කරන්න අවස්ථාව ඔයාලට දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ බොහොම පහසු දෙයක්, පහල තියන ෆෝම් එකේ බක්මහ උළෙල පැවැත්වීමට වඩාත් සුදුසුයි කියල ඔයාලට හිතෙන දිනය තෝරා සබ්මිට් කරන්න.


       ඒ වාගේම තවත් කිවයතු තවත් දෙයක් තියනවා, බක්මහ උලෙල සදහා ත්‍යාග වලින් හෝ මුල්‍යමය අනුග්‍රහයක් ලබාදීමට ඔබ කැමතිනම් ඒ පිළිබද සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීම සදහා cybernewyearfestival2011@gmail.com යන අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න.
 එහෙනම් සයිබර් සිහින බක්මහ උළෙල පිළිබද අලුත්ම විස්තර සමගින් ඉක්මණින්ම හමුවෙමු.
12

සයිබර් සිහින බක්මහ උළෙල 2015


       බ්ලොග් අවකාශයේ මිතුරෝ සහෘද සංසදය විසින් 2011 වසරේ සිට වාර්ෂිකව පවත්වන "සයිබර් සිහින බක්මහ උළෙල" 5වන වරටත් මෙම වසරේ අප්‍රියල් මස තුලදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් මේ වන විටත් අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටිනවා.එම කටයුතු සංවිධානය කිරීම සදහා සයිබර් සිහින බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලයට එක් වීමට බ්ලොග් ලියන කියවන ඔබටත් දැන් අවස්ථාවක් උදාවී තිබෙනවා.පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන බක්මහ උළෙල සාර්ථක කරගැනීමට දායක වෙලා සොදුරු මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්.මෙන්න මේ ෆෝම් එක පෙබරවාරි 25 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න.

 
      බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.
6

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකේ අලුත්ම විස්තර

දැන් අපි හැමෝම දන්නවනේ මේ 27 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන ඉරිදා දවසේ බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක ඔගනයිස් කරලා තියනවා කියන එක. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අයට ඊමේල් එකක් ලැබිල ඇති. කීපදෙනෙක්ම ගමන් වියදම බැංකුවේ තැන්පත් කරලත් ඉවරයි. ඒ වුනාට කාටත් දැනගන්න මෙන්න විස්තරේ.

ට්‍රිප් එක යන බස් එක ජුලි 27 වෙනිදා උදේ 6 ට මාලබේ නගරයට එනවා. එතනින් බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, හරහා කොටුව දුම්රිය ස්ථානයට එනවා. උදේ 6.30 ඉඳල 7.00 වෙනකං බස් එක එතන තියනවා. ඊට පස්සේ 138 බස් මාර්ගය ඔස්සේ කොට්ටාවට ගිහින් එතනින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. කොටුව දුම්රිය ස්ථානයට හරි බස් එක යන ගමන් මාර්ගයේ තැනකට හරි ඇවිත් ඔබට ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. 


බස් එකේ ගමන යන අයට බස් ගාස්තු සහ කෑම වියදම වශයෙන් රුපියල් 800/= ක මුදලක් වැය වෙනවා. ඒ මුදල හෙට දවස ඇතුලත ලංකා බැංකුවේ ජාඇල ශාඛාවේ අංක 75995235 දරන A.L.S.N. Amarashinge (සසිඳු නිර්මාල්) මහතාගේ ගිණුමට තැන්පත් කරලා එහි රිසිට්පත අපට ඊමේල් කලොත් ඒක සංවිධාන කටයුතු වලට විශාල පහසුවක්. (මේ බව ලියාපදිංචි වුන අයට ඊමේල් මගින් දන්වලයි තියෙන්නේ). ඒ වගේම තමන් ගමනට සම්බන්ධ වෙන තැන ගැනත් ඊමේල් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. 

ගමන් ගාස්තුව හෙට දවසේ තැන්පත් කරන්න අපහසු නම් ඒ බවත් ගමනට සම්බන්ධ වන ස්ථානයත් සඳහන් කරලා ඔබ ගමනට සහභාගී වන බව තහවුරු කිරීමේ ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ගාල්ලට එන අය උදේ 8.30 වෙද්දී ගාල්ල බස් නැවතුම්පල අසලට ආවොත් ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අය ආහාර සඳහා රුපියල් 300 ක මුදලක් ගෙවන්න වෙනවා. කොහොම වුනත් ගාල්ලට එන අයත් ඔබගේ පැමිණීම ඊමේල් මගින් තහවුරු කරනවානම් අපිට පහසුවක්.

ගමන අවසන් කරලා හවස 5.30 - 6.00 වෙනකොට අපි ආපහු කොළඹ කොටුවට එනවා. ඒ නිසා ගෙදර යන්න පරක්කු වෙන එකක් නෑ.
එහෙමනම් 27 වෙනිදට හමුවෙමු.
නිල ඊමේල් ලිපිනය - cybernewyearfestival2011@gmail.com
ෆේස්බුක් ඉවෙන්ට් එක - https://www.facebook.com/events/1455674778022140
23

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකට මොකද වුනේ?

කෝ මේ පහුගිය දවස් වල යනවා කිව්ව "බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක"ට මොකද වුනේ කියල කීපදෙනෙක්ම ඇහුව. ඒ විතරක් නෙමෙයි බ්ලොග් ලියන කියවන හැමෝම ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙමෙයිනේ. 


මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.  බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන ජූනි මාසේ යමු කියලා යෝජනා වුනාට පස්සේ යෝජනා කීපයක්ම ආවා මේ වැඩේ ටිකක් පස්සට දාමු කියලා. ඒ නිසා ජූනි 15 ගමන අවලංගු කරලා ටික දවසක් පහුවෙලා යන්නයි අවසානයට තීරණය වුනේ. දැන් ඔන්න ඒ දවස උදාවෙන්නයි යන්නේ.

ජූලි මාසේ 27 තමයි දවස. කලින් පෝස්ට් එකේ කියපු විදියටම අපේ කට්ටිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් සුපුරුදු රූමස්සල වෙරළ තීරයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.

 

හැබැයි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. (කලින් පුරවපු අය පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ) 



      

වෙනත් සුහද හමු වලදී පැමිණීම තහවුරු කරනවාටත් වඩා මෙවර
ඔබේ පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය වෙන්නේ අපේ ගමනට අවශ්‍ය බස් රථ සහ ආහාර ඇනවුම් කරන්න වෙන්නේ මේ පෝරමයේ සඳහන් විස්තර වලට අනුව වීම නිසයි.

27 වෙනිදාට අපිට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා දෙන්න අනුෂ්ක ලක්මාල් සහ රිද්ම කසුන් සුදානමින් ඉන්නවා.


එහෙනම් ජූලි 27 වෙනිදා දිනය වෙන් කරලා තියාගන්න. 
මතකයිනේ.... බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන....
33

ඊළඟට මොකද වෙන්නෙ?

සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙනකොටම බොහෝ දෙනෙක් අැහුවෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. මේ සුභාරංචිය ඒ ගැන. ඔන්න බ්ලොග්කරුවන්ගේ ඊළඟ සුහද හමුව ලහි ලහියේ සූදානම් වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි දකුණු පළාතෙ අපිට හුරු පුරුදු පැත්තක.

ඔබට මතක නම් 2012 අවුරුද්දෙ ජනවාරි මාසෙ 7 වෙනිදා සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන අපේ කට්ටිය ගාල්ල රූමස්සල වෙරළ තීරයේදි හමුවුනා. පොඩිමෑන්, අනුෂ්ක, ජනරඟ ඇතුළු දකුණේ අපේ කට්ටිය ඒ කටයුත්ත බොහොම ලස්සනට සැලසුම් කරල තිබුනා.

ඔන්න මෙදා පාර බ්ලොග් ගෙට්ටුව තියන්න හදන්නෙ එතන. සුපුරුදු රූමස්සල වෙරළ තීරයේදි. දකුණෙ කට්ටිය ඒ පැත්තෙන් එකතු වෙද්දි කොළඹ සහ අනිත් පළාත් වල උදවිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් ගාල්ලට යන්නයි බලාපොරොත්තුව.

කට්ටිය මොකද කියන්නේ? දැනට යොදාගෙන තියෙන දිනය ජූනි මාසෙ 15 වෙනි ඉරිදා. ගමනාගමනයට සහ කෑම බීම වෙනුවෙන් යම් මුදලක් වැය කරන්න සිදු වේවි. ඒ ගැන විස්තර පසුව කියන්නම්.

කොහොම වුනත් එදා දවස බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක ගතකරන්න කැමති අයගේ සංඛ්‍යාව මේ වැඩේ සැළසුම් කරද්දි අපිට ගොඩක් වටිනවා. ඒ නිසා හැමදාම වගේ මෙන්න මේ පෝරමය පුරවන එක අපට පහසුවක් වේවි.

 

එහෙමනම් වැඩි විස්තර එක්ක ඉදිරියේදී හමු වෙමු. 

තවත් කාරණයක්. මේ කටයුත්ත සාර්ථක කරගන්න නම් අපේ දකුණු පළාතෙ සහෘද බ්ලොග්කරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මේ කටයුත්තට ක්‍රියාකාරීව දායක වෙන්න දකුණු පළාතේ පදිංචි ඔබ කැමතිනම් සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි.

2012 ගාල්ල ගෙට්ටුවේ ඡායාරූප - අපේ ඉසව්ව සහ දේව්ගේ අඩවිය බ්ලොග් අඩවි වලින්.
Back to Top